Red Bull ශ්‍රී ලංකා දැවැන්ත සංගීත අත්දැ­කීම | සිළුමිණ

Red Bull ශ්‍රී ලංකා දැවැන්ත සංගීත අත්දැ­කීම

භාතිය ජය­කොඩි, සන්තුෂ් වීර­මන්, ළහිරු පෙරේරා සහ නාද්රෝ වාදන වෘන්දයේ නිර්මාතෘ, රඛිත රුවන් වික්‍ර­ම­රත්න සමඟ Red Bull ශ්‍රී ලංකා, වසරේ දැවැන්ත සංගීත අත්දැ­කීම Red Bull ශ්‍රී ලංකා, වසරේ දැවැන්ත සංගීත අත්දැ­කීම සඳහා වේදි­කාව සකසා තිබේ. භාතිය, සන්තුෂ්, ළහිරු සහ රඛිත මෙම ප්‍රසං­ගයේ කොට­ස්ක­රු­වන් වීම සතු­ටට කරු­ණක් වන අතර පොප්, බයිලා සහ ෆෝක් ෆියු­ෂන් (folk fusion) යන ප්‍රභේද තුනක් නියෝ­ජ­නය කරන තරුණ සංගී­ත­ඥ­යන් සිව් දෙනෙකු හඳුන්වා දීමේ අද­හ­සින් එය සංක­ල්ප­ගත කර ඇති අතර, මෙම ශ්‍රී ලාංකේය සංගීත දැවැ­න්ත­යන් සමඟ එකම වේදි­කා­වක ඔවුන් රඟ දක්වනු ඇත. දෙසැ­ම්බර් 14 වන දින Red Bull විසින් පොප් කාණ්ඩ­යෙන් යොහානි සහ සුහ­යිල්, බයිලා කාණ්ඩයේ මිනුර සහ ෆෝක් ෆියු­ෂන් (folk fusion) කාණ්ඩ­යෙන් ශෂික හඳුන්වා දෙනු ලබන අතර, ඔවුන් සිව්දෙ­නාම ජන­ප්‍රිය භාතිය, සන්තුෂ්, ළහිරු සහ රඛිත සමඟ රත්ම­ලාන ස්ටයින් මැදි­රි­යේදී එකම වේදි­කා­වක රඟ දක්වනු ඇත.

Comments