LOLC ෆිනෑන්ස් ප්‍රවේ­ශය පුළුල් කර­මින් මොර­ටුව ශාඛාව විවෘත වෙයි | සිළුමිණ

LOLC ෆිනෑන්ස් ප්‍රවේ­ශය පුළුල් කර­මින් මොර­ටුව ශාඛාව විවෘත වෙයි

මූල්‍ය විස­ඳුම් ඉදි­රි­පත් කිරීමේ මෙරට පුරෝ­ගාමී ආය­ත­නය ලෙස නම් දැරූ ගනු­දෙ­නු­ක­රු­වන්ගේ පහ­සුව වැඩි­දි­යුණු කිරීම උදෙසා නවීන තාක්ෂ­ණය යොදා­ගන්නා LOLC ෆිනෑන්ස් ජන­තාව සවි­බ­ල්‍ගැ­න්වීමේ ප්‍රදී­ප­ස්ථ­ම්භ­යක් වෙමින් බිම් මට්ටමේ ව්‍යව­සා­ය­ක­යන්, කුඩා හා මධ්‍ය පරි­මාණ කර්මාන්ත ක්ෂේත්‍රය සහ ඉහළ මට්ටමේ ආය­ත­නික විධා­ය­ක­යන් දක්වා ප්‍රවේශ වී සිටී.

දැන් ශ්‍රි ලංකාවේ විශා­ල­තම බැංකු නොවන - මූල්‍ය ආය­ත­නය වන LOLC ෆිනෑන්ස් ජාති­යට සේවය සැල­සීමේ උව­ම­නාව උදෙසා ප්‍රවේ­ශය තව­දු­ර­ටත් පුළුල් කර­මින් සිය නව­තම ශාඛාව මොර­ටු­වේදී විවෘත කරනු ලැබීය. මොර­ටුව, ඉඩම, ගාලු පාරේ අංක 256 දරන ස්ථානයේ පිහිටි නව ශාඛාව විවෘත කිරීමේ අව­ස්ථා­වට LOLC ෆිනෑන්ස් ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී මොන්ටිනී වර්ණ­කුල මහතා ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගී විය.

සමා­ර­ම්භක අව­ස්ථාව ඇමතූ ප්‍රධාන විධි­යක නිල­ධාරි මොන්ටිනී වර්ණ­කුල මහතා, “ආර්ථි­ක­මය වශ­යෙන් දීප්ති­මත්, ක්‍රියා­කාරී මොර­ටුවේ නව ශාඛාව විවෘත කිරීම සැබැ­වින්ම ක්‍රමෝ­පාය පිය­ව­රකි. LOLC ෆිනෑන්ස් මූලෝ­පාය පිය­ස­ට­හන් දිව­යින පුරා විශා­ල්‍ ­ග­නු­දෙ­නු­කාර ජාල­යක් වෙත සේවය සැල­සීම සඳහා ව්‍යාප්තව පවතී. ජන­තාව වෙත ගොස් පහසු ප්‍රවේ­ශ­යක් සල­ස­මින්, ඔවුන්ගේ මූල්‍ය අව­ශ්‍යතා අනුව හොඳින්ම ගැළ­පෙන මූල්‍ය විස­ඳුම් පෙළක් ලබා­දීම නිසා LOLC ෆිනෑන්ස් අද ජනතා හද­වත් තුල්‍ ­ම­නාව තහ­වුරු වී තිබේ“

Comments