DFCC බැංකුව සහ මාල­දි­ව­යිනේ Cyprea විශා­ල­තම ණය පහ­සු­කම ලබා­දෙයි | සිළුමිණ

DFCC බැංකුව සහ මාල­දි­ව­යිනේ Cyprea විශා­ල­තම ණය පහ­සු­කම ලබා­දෙයි

DFCC බැංකුව පසු­ගිය දිනක මාල­දි­ව­යිනේ පැර­ණිම සහ ශක්ති­මත්ම සමා­ගම් අත­රින් එකක් වන Cyprea සමූහ ව්‍යාපා­රය සමග විශේෂ හවු­ල්කා­රී­ත්ව­ය­කට එළ­ඹිණි. එම හවු­ල්කා­රී­ත්වය යටතේ මේ වන­විට ද්විවා­රික ද්විපා­ර්ශ්වීය කාලීන ණය ක්‍රම­යක් සහ වෙළඳ මූල්‍ය හා ඇප­කරු සේවා­වක් හඳුන්වා දී ඇති අතර, මෙය DFCC බැංකුව මේ දක්වා ලබා දුන් විශා­ල­තම ණය පහ­සු­කම ලෙස සැලකේ.

Cyprea සමූහ ව්‍යාපා­රයේ දැනට පව­තින ණය සඳහා ප්‍රති­මූල්‍ය සම්පා­ද­න­යක් ලෙස සහ එහි ප්‍රධාන ප්‍රාග්ධන ආයෝ­ජන හා ඒ සම්බන්ධ විය­දම් ආව­ර­ණය කිරීමේ ක්‍රම­යක් ලෙස මෙම කාලීන ණය පහ­සු­කම හඳුන්වා දී ඇත. එම සමූහ ව්‍යාපා­රයේ මේ වන­විට වේග­යෙන් දියුණු වෙමින් පව­තින බල­ශක්ති සහ සංචා­රක ව්‍යාපාර අංශ තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට හැකි­වන ආකා­ර­යට මෙය සැල­සුම් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි. 1978 වර්ෂ­යේදී ආරම්භ කරන ලද Cyprea සමූහ ව්‍යාපා­රය මේ වන­විට මාල­දි­ව­යිනේ විශා­ල­තම සහ ඉහ­ළම පිළි­ගැ­නී­මක් සහිත සමා­ග­මක් බවට පත්වී තිබේ.

Comments