සම්පත් බැංකුවේ ශුද්ධ පොලී ආදා­යම 2019 පළමු මාස නව­යේ­ 13.4%කින් ඉහ­ළට | Page 2 | සිළුමිණ

සම්පත් බැංකුවේ ශුද්ධ පොලී ආදා­යම 2019 පළමු මාස නව­යේ­ 13.4%කින් ඉහ­ළට

2019 සැප්තැ­ම්බර් 30න් අව­සන් මාස නවය සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදා­යම, 2018 අනු­රූප කාල­සී­මා­වේදී වාර්තා කළ අග­යට සාපේ­ක්ෂව 13.4% ක ඉහළ වර්ධ­න­යක් වාර්තා­ක­රන ලදී. සමා­ලෝ­චිත කාල­ච්ඡේ­දය තුළ­දී­ණය හා අත්ති­කා­ර­ම්වල මන්ද­ගාමී වර්ධ­නය, අක්‍රීය ණය වල වැඩි­වීම සහ පැවති අනෙ­කුත් බාහිර පාරි­ස­රික තත්ව­ය­න්හ­මුවේ එය සැල­කිය යුතු ප්‍ර­ති­ඵ­ල­යක් විය.

2019 සැප්තැ­ම්බර් 30 අව­සන් මාස නවය සඳහා බැංකුව වාර්තා කරන ලද අප­හා­යන අය­කි­රීම් හා බදු­ව­ලට පෙර මෙහෙ­යුම් ලාභය රුපි­යල් බිලි­යන 25.6 වූ අතර එය 2018 අනු­රූපී කාල­සී­මා­වට වඩා 5.2%ක වැඩි­වී­මකි. එසේ වුවද, 2019 සැප්තැ­ම්බර් 30න් අව­සන් මාස නවය තුළදී බදු පෙර ලාභය 2018 අනු­රූපී කාල­සී­මා­වේදී වාර්තා කළ රුපි­යල් බිලි­යන 12.6 සිට රුපි­යල් බිලි­යන 10.4 දක්වා පහත වැටිණි. එම බදු පෙර ලාභයේ 17.4%ක අඩු­වීම සඳහා ප්ර ධාන වශ­යෙන්ම අප­හා­යන අය­කි­රීම් වල 22% ක වැඩි­වීම හා මූල්‍ය සේවා මත බදු 50%කට­ආ­සන්න ප්‍රමාණ­ය­කින් ඉහල යාම බලපා ඇත. 2019 මුල් මාස නවය තුලදී මූල්‍ය සේවා මත බදු රුපි­යල් බිලි­යන 4.8 දක්වා වැඩිවූ අතර ඊට ප්‍ර­ධාන සාධ­කය වූයේ­ රු­පි­යල් බිලි­යන 1.6ක් වූ ණය ආපසු ගෙවීමේ බද්දයි. කෙසේ­වෙ­තත්, 2019 මුල් මාස නවය සඳහා බදු පෙර ලාභයේ අඩු­වීම 2019 පළමු අර්ධ වර්ෂයේ වාර්තා වූ අග­යට වඩා අඩු අග­යක් විය.

Comments