ලංකා විදුලි (පෞද්ග­ලික) සමා­ගම myLECO යෙද­වුම සහ ඇම­තුම් මධ්‍ය­ස්ථා­නයක් | සිළුමිණ

ලංකා විදුලි (පෞද්ග­ලික) සමා­ගම myLECO යෙද­වුම සහ ඇම­තුම් මධ්‍ය­ස්ථා­නයක්

සීමා­ස­හිත ලංකා විදුලි (පෞද්ග­ලික) සමා­ගම (LECO), නූතන ජංගම දුර­ක­තන සන්නි­වේ­දන තාක්ෂ­ණ­යට අනු­රූ­ප­වන ලෙස තම පාරි­භෝ­ගික සේවා පහ­සු­කම් පුළුල් කර­මින් “මයි ලෙකෝ යෙද­වුම” (myLECO app) සහ ඇම­තුම් මධ්‍ය­ස්ථා­නය (Call Centre) හඳු­න්වා­දීම පසු­ගිය දා උත්ස­වා­කා­ර­යෙන් සිදු කෙරිණ.

Android හා IOS යන සුහුරු දුර­ක­තන (Smart Phones) මාදිලි දෙව­ර්ගය සඳ­හාම ගැල­පෙන ආකා­ර­යට නිර්මා­ණය කර ඇති මෙම myLECO app බාගත කර ඕනෑම විටෙක ලංකා විදුලි (පෞද්ග­ලික) සමා­ගම සමග සම්බන්ධ වී තම පාරි­භෝ­ගික සේවා අව­ශ්‍යතා ඉටු­කර ගැනීමේ අව­ස්ථාව මෙම LECO බල ප්‍රදේ­ශ­යට අයත් පාරි­භෝ­ගි­ක­යින්ට ලැබී ඇත. මෙම යෙද­වුම මගින් පාරි­භෝ­ගි­ක­යින්ට ලැබෙන පහ­සු­කම් අතර, විදුලි බිල්පත් ගෙවීම, විදු­ලිය අත්හි­ටු­වීම් සම්බන්ධ තොර­තුරු ලබා­ගත හැකි­වීම, කෙටි පණි­විඩ (SMS) මගින් සිදු කරන දැනු­ම්දීම්, සිය බිල්පත් ඉති­හා­සය, ගෙවීම් හා හිඟ මුදල් සම්බන්ධ තොර­තුරු සහ මනු කිය­වීම් දැන­ග­ත­හැකි වීම ආදිය වෙයි.

Comments