ආර්ථි­කව දියුණු ජන­තා­වක් බිහි කිරීමයි අපේ වෑය­ම | සිළුමිණ

ආර්ථි­කව දියුණු ජන­තා­වක් බිහි කිරීමයි අපේ වෑය­ම

 

• කොළඹ ව්‍යාපා­රික සංග­මය පිළි­බඳ යම් හැඳි­න්වී­මක් කළ හැකිද?

අප කොළඹ තොග සහ සිල්ලර වෙළෙ­ඳාම ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියා­කා­ර­ක­ම්වල නිරත වී සිටින සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන්ගේ එක­මු­තු­ව­කින් සැදුම් ලත් සංග­ම­යක්. අපේ සංග­මය අද වන විට රටේ දිස්ත්‍රික්ක 25ම නියෝ­ජ­න­යක් සහි­තව සුළු හා මධ්‍ය පරි­මාණ විවිධ සංවි­ධාන 39ක සාමා­ජි­ක­යන් සමඟ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළඹ කට­යුතු කර­නවා. ඒ නිසා දැන් අපේ සංගම‍යේ සාමා­ජි­ක­යන් ප්‍රමා­ණා­ත්ම­කව 2,65,000ක් විතර වෙනවා.

• ඔවුන් වෙනු­වෙන් ඉදි­රි­යේදී ක්‍රියා­ත්මක කරන විශේෂ වැඩ­ස­ට­හන් තිබෙ­න­වාද?

ඔව්. අප දැන­ට­මත් ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ බිඳ­වැ­ටීම් වළක්වා ඉදි­රි­යට ඒමට ව්‍යාපා­රි­ක­යන්ට අවශ්‍ය වටා­පි­ටාව සැක­සී­මට, ඒ වගේම ව්‍යාපා­රි­ක­යන්ගේ දියු­ණුව උදා කිරී­මට, ඔවුන්ගේ සුබ­සා­ධ­නය ඉහළ නැංවී­මට පම­ණක් නොවේ; ව්‍යාපා­රි­ක­යන්ට ඉහළ පිළි­ගැ­නී­මක් ලැබී­මට හැකි තත්ත්ව­යක් රටේ ඇති කිරී­මට කට­යුතු කර­මින් සිටි­නවා.

• ඔබ සංග­මය විශාල අර­මුණු සංඛ්‍යා­වක් ජය ගැනී­මට සූදා­නම් බව යි පෙනෙන්නේ...

ඇත්ත­ටම අපේ රටේ ආර්ථි­කයේ කොඳු­නා­ර­ටිය සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රික ප්‍රජාව කියා කතා­වක් තිබෙ­නවා. එය ඇත්ත කතා­වක්. ඒත් සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­යක ප්‍රජාව බල­ගැ­න්වී­මට ලැබෙන ප්‍රමු­ඛ­තාව කියන තරම් සුන්දර නැහැ. ඒ නිසා අප වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන්ම සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­යක අංශය රටේ ආර්ථි­කයේ කොඳු­නා­ර­ටිය බවට පත් කිරී­මට පිය­වර ගනි­මින් ඉන්නේ. මෙහිදී ඉතා වැද­ගත් කරු­ණක් වන්නේ රජ­යත්, ව්‍යාපා­රික අංශ­යත් එකට එක්කොට වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­වට නැංවී­මයි.

• දැනට එසේ ක්‍රම­වේ­ද­යක් රටේ ක්‍රියා­ත්මක වන්නේ නැද්ද?

නැහැ කියන්න බෑ. ඒත් සැල­කිය යුතු මට්ට­මක ඉහළ පිළි­ගැ­නී­මක් ඇතිව රජ­යත්, ව්‍යාපා­රික අංශත් එකට බැඳුණු වැඩ­පි­ළි­වෙ­ළක් නැති බවයි අපට පෙනෙන්නේ. මං උදා­හ­ර­ණ­යක් කිය­න්නද? අපේ රටේ කොත­රම් ප්‍රමා­ණ­යක් සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් සිටි­න­වා­දැයි රජයේ සංඛ්‍යා­ලේ­ඛන නැහැ. ව්‍යව­සා­යක අංශ­වල සංඛ්‍යා­ලේ­ඛ­න­යක් නැහැ. මේක විශාල අඩු­පා­ඩු­වක්. ඒ නිසා පළ­මුව අප රජයේ අනු­ග්‍ර­හය යටතේ මේ රටේ දැනට සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් කොප­මණ සිටි­න­වා­දැයි සොයා බැලී­මට, ඔවුන්ගේ ලේඛ­න­යක් සකස් කිරී­මට කට­යුතු කර­නවා.

• එය කරන්නේ කෙසේද?

සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් සියලු දෙනාට හැඳු­නු­ම්ප­තක් හඳු­න්වා­දී­මට පිය­වර ගන්නවා. මේ සඳහා රජයේ පූර්ණ අනු­ග්‍ර­හය අප බලා­පො­රොත්තු වනවා. අපට ව්‍යාපා­රි­ක­යකු හඳු­නා­ගැ­නී­මට නම් එක්කො ලියා­ප­දිංචි ව්‍යාපාර සහ­තික අවශ්‍ය කර­නවා; නැත්නම් බැංකු ගිණුම් පරීක්ෂා කරන්න සිදු වනවා. ඒවා ඉදි­රි­පත් කිරී­මෙන් පම­ණයි දැනට සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යකු ලෙස කෙනකු හඳු­නා­ගැ­නී­මට පුළු­ව­න්කම තිබෙන්නේ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.

අප අපේ රටේ සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ට අලු­තෙන්ම CBA Rewards නමින් කාඩ්ප­තක් හඳු­න්වා­දී­මට සූදා­නම්. මෙම කාඩ්ප­තින් අපේ රටේ ඉහළ පෙළේ සමා­ගම් සහ තවත් ව්‍යාපා­රික ආය­තන ගොන්න­කින් භාණ්ඩ මිල දී ගැනී­මේදී 10% සිට 30% දක්වා වට්ටම් හිමි වන විශේෂ වර­ප්‍ර­සා­ද­යක් අප සංග­මයේ සාමා­ජි­ක­යන්ට සලසා දීමට සූදා­නම්. දැනට අප සාකච්ඡා කර­ගෙන යන පරිදි ආය­තන 230ක ප්‍රමා­ණ­ය­කින් භාණ්ඩ මිල දී ගැනී­මේදී මේ වට්ටම් පිරි­නැ­මී­මට සූදා­නම්ව සිටි­නවා.

• ඊට අම­ත­රව තවත් විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්ම­කද?

ඔව්. අප අපේ සංග­මයේ සාමා­ජි­ක­යන්ට රක්ෂ­ණා­ව­ර­ණ­යක් හඳු­න්වා­දී­මට පිය­වර ගන්නවා. අපේ සංග­මයේ සාමා­ජි­ක­යන්ට රු. ලක්ෂ 10ක ජීවි­තා­ව­ර­ණ­යක් එයින් දීමට බලා­පො­රොත්තු වනවා. හදිසි අන­තු­ර­කදී යම් කර­ද­ර­යක් වුණොත් ලක්ෂ 17 1/2ක වන්දි­යක් දීම­ටත්, ආබා­ධිත තත්ත්ව­යක් ඇති වුණොත් ලක්ෂ 5ක රක්ෂ­ණා­ව­ර­ණ­යක් හා මුළු පවු­ල­ටම රෝහල් ගාස්තු වශ­යෙන් රු. ලක්ෂ­යක රක්ෂ­ණා­ව­ර­ණ­යක් සැල­සී­ම­ටත් සැල­සුම් කොට තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම සාමා­ජික අව­ම­ඟු­ල­කදී රු. ලක්ෂ­යක මුද­ලක් දීමට සූදා­නම්.

• මේ සඳහා සාමා­ජි­ක­ය­න්ගෙන් රක්ෂණ වාරික මුදල් අය කිරී­මක් සිදු කර­න­වාද?

නැහැ. ඇත්ත­ටම රක්ෂ­ණ­යට කියා මුදල් අය කිරී­මක් කරන්නේ නැහැ. වස­ර­කට අපේ සාමා­ජි­ක­යන්ගේ සාමා­ජික ගාස්තු වශ­යෙන් රු. 5,000ක් එකතු කර­නවා. එයින් තමයි මේ සියලු පහ­සු­කම් අපේ සාමා­ජි­ක­යන්ට සල­ස­න්නට බලා­පො­රොත්තු වන්නේ.

• කව­ර­දාද මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­වට නැංවෙන්නේ?

ඇත්ත­ටම අප මේ වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ දැන­ට­මත් අග්‍රා­මාත්‍ය හා මුදල් ඇමැති මහින්ද රාජ­පක්ෂ මහතා සමඟ ඒ වගේම සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­යන් නඟා සිටු­වීම සහ කර්මාන්ත ඇමැති විමල් වීර­වංශ මහතා වාගේම පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා සම­ඟත් සාකච්ඡා කොට තිබෙ­නවා. ඒ අනුව දෙසැ­ම්බර් මස මැද සති­යේදී මේ වැඩ­පි­ළි­වෙළ ජාති­යට තිළිණ කිරී­මට අප සූදා­නම්. මේ ජාතික වැඩ­පි­ළි­වෙළ වටිනා එකක්. අප ඊටත් වඩා වටිනා තව දෙයක් සිදු කිරී­මට සූදා­නම්.

• ඒ කුමක්ද?

රටේ වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තුමා සිය මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යෙන් එළි­දැක්වූ සෞභාග්‍ය දැක්ම වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ අප කරුණු අධ්‍ය­ය­නය කළා. එය අපේ රටට ගැළ­පෙන රටේ ආර්ථි­කය දියුණු කිරී­මට අත්‍ය­වශ්‍ය මඟ­පෙ­න්වී­මක් සල­සන ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙ­ළක්.

ඒ නිසා එය සාර්ථක කර­ගැ­නී­මට අපට හැකි අයු­රින් උදවු කිරී­මට අප තීර­ණය කළා වැඩ­පි­ළි­වෙළේ අන්ත­ර්ගත රැකියා කේන්ද්‍රීය තරුණ ව්‍යව­සා­යක පර­පු­රක් බිහි කිරී­මට පාසල් අධ්‍යා­ප­නය ලබන කාලයේ පටන් අපේ රටේ දූද­රු­වන් සූදා­නම් කිරීම, ඊළ­ඟට උසස් අධ්‍යා­ප­නය ලබන විට හා ඉන් පසු නව ව්‍යව­සා­ය­ක­යන් ලෙස ව්‍යව­සා­ය­ක­යන් හඳු­න්වා­දීම කළ යුතු යැයි කියා තිබෙ­නවා. එය ඉතා වටිනා දෙයක්. ඒ සඳහා අපත් රජ­යට සහාය දීමට සූදා­නම්. නව තාක්ෂ­ණය, නවෝ­ත්පා­දන ආර්ථික ක්‍රියා­කා­ර­කම්, රජය හා පෞද්ග­ලික මැදි­හත් වීම මත හවු­ල්කා­රිත්ව ව්‍යාපෘති ලෙස වැඩි­වැ­ඩි­යෙන් කළ යුතුයි.

• මේ වන විට රටේ ව්‍යාපාර හා ආර්ථික ක්ෂේත්‍ර­වල යම් බිඳ­වැ­ටී­මක් තිබෙ­නවා නේද?

ඔව්, එය සම්පූර්ණ ඇත්ත කථා­වක්. ඒත් අපට නව ජන­ප­ති­ව­රයා සමඟ පිබි­දුණු ‍මනස­කින් ඉදි­රි­යට යෑමට අව­ස්ථාව උදා වී තිබෙ­නවා. මේ වන විට නව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආර්ථික ප්‍රති­පත්ති පිළි­බඳ විශ්වා­සය තබා කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ නැඟී­මක් සිදුව තිබෙ­නවා. අලු­තින් ආයෝ­ජන පැමි­ණේ­යැයි විශ්වා­ස­යක් ගොඩ­නැඟී තිබෙ­නවා. උදා­හ­ර­ණ­යක් වශ­යෙන් ගත හොත් කොළඹ කොටුව පා වන වෙළෙඳ සංකී­ර්ණයේ කඩ­කා­මර 105ක් තිබුණා. ඉන් 96ක්ම වැහිලා. කොළඹ ගෝල්ඩ් සෙන්ටර්හි ව්‍යාපාර බිඳ­වැ­ටිලා. ලෝක වෙළෙ­ඳ­පොළ තුළ ව්‍යාපාර බිඳ­වැ­ටිලා. මේවායේ පුන­ර්ජී­ව­යක් ඇතිව නැඟී සිටී­මට ඇරඹී තිබෙන බවක් පෙනෙ­නවා. අද වන විට කොළඹ කොටුව - පිට­කො­ටුව ව්‍යාපාර සියට සිය­කින් වෙළෙ­ඳාම වැඩි කර­ගෙන තිබෙ­නවා. සැම අංශ­ය­කම ව්‍යාපා­රික කට­යුතු නැඟී­මක් දක්නට ලැබෙ­නවා. අප මේ තත්ත්වය තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කර­ගත යුතුයි.

• රට පුරා ව්‍යාපා­රි­ක­යන් සමඟ සම්බන්ධ වීමට නව තාක්ෂ­ණය යොදා­ගැ­නී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­න­වාද?

ඔව්. අප ඇත්ත­ටම CBA APP එකක් අලු­තෙන් හඳුන්වා දෙනවා. කොළඹ අද දවසේ තොග වෙළෙ­ඳාමේ දත්ත සැණින් රට පුරා ඕනෑම ව්‍යාපා­රි­ක­ය­කුට දැන­ගැ­නී­මට මේ ඇප් එක මඟින් කට­යුතු සූදා­නම් කර තිබෙ­නවා. එය ඉතාම සාධ­නීය ලක්ෂ­ණ­යක්. පැය 24 පුරා අව­දි­යෙන් සිටි නග­ර­යක් ලෙස වෙළෙ­ඳා­මට කොළඹ සූදා­නම් කිරීම නව රජයේ බලා­පො­රො­ත්තු­වයි. එය සාර්ථක වන්නට නම් ව්‍යාපා­රි­ක­යන් ද නව තාක්ෂ­ණ­යෙන් නව දැනු­මෙන් සන්නද්ධ විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය මූලික යටි­තල පහ­සු­කම් අප මනාව සම්බ­න්ධී­ක­ර­ණය කර ලබා­දෙ­නවා.

• අපේ රටේ නිෂ්පා­ද­ක­යන්ට තම නිෂ්පා­දන අන්ත­ර්ජා­තික වෙළෙ­ඳ­පො­ළට යොමු කිරී­මට ඔබ සංග­ම­යට මඟ පෙන්වා­දී­මක් කළ හැකිද?

අපි අපේ රටේ නිෂ්පා­ද­ක­යන්ට කෘෂි­කා­ර්මික වේවා, කාර්මික වේවා, සේවා අංශයේ ‍වේවා ඕනෑම අය­කුට තමන්ගේ නිෂ්පා­දන පළා­ත්ව­ලින් කොළ­ඹ­ටත් කොළ­ඹින් ලෝකයේ සෙසු‍ ­වෙ­ළෙ­ඳ­පොළ වෙත­ටත් යොමු කිරී­මට හැකි අන්ත­ර්ජා­තික වැඩ­පි­ළි­වෙ­ළක් වෙ‍ළෙඳ­පො­ළක් ලබා­දී­මට කට­යුතු කළ යුතුයි. එහිදී අප අපේ නිෂ්පා­ද­ක­යන් ‍ලෝකය සමඟ සම්බන්ධ කිරී­මට රජයේ අමා­ත්‍යාංශ ආය­තන සමඟ පෙර නොති­බු­ණ­ටත් වඩා සම්බ­න්ධී­ක­ර­ණ­යක් ගොඩ­නැ­ඟී­මට මුල් වෙනවා. මෙහිදී තවත් එක් දෙයක් කිව යුතුයි.

• ඒ මොකක්ද?

අප අපේ රටේ ව්‍යාපා­රි­ක­යන් රටින් පිට වෙළෙ­ඳ­පොළ වෙත යොමු කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට ලෝකය පෙන්වා දිය යුතුයි.

ඒ අර­මු­ණින් ලංකා බැංකුව හා එක්ව අපේ ව්‍යාපා­රි­ක­යින්ට ට්‍රැවල් කාඩ් පතක් හඳු­න්වා­දී­මට කට­යුතු කර­නවා. මේ තුළින් බැංකු­ව­ටත් අපේ ව්‍යාපා­රි­ක­යා­ටත් දෙදෙ­නා­ටම සම-සම ජය­ග්‍ර­හණ ලැබෙන ලෙස පිය­වර ගැනී­මට හැකි වනවා.

• ඔබ සංග­මයේ නාය­ක­ත්වය දරන්නේ කවු­රුද?

නව­ලෝක සමූහ ව්‍යාපා­රයේ සභා­පති ආචාර්ය ජයන්ත ධර්ම­දාස, ජන­ශක්ති සමා­ගම් සමූ­හයේ චන්ද්‍රා ෂාෆ්ටර්, ඊශ්ව­රන් බ්‍රදර්ස්හි ගනේෂ් මැති­තුමා, ජෙෆ්රි ජෙම්ස් සමා­ගම් සමූ­හයේ ජෙෆ්රි මහතා අපේ අනු­ශා­ස­ක­යන්. ඒ වගේම අපේ සංග­මයේ සභා­පති ආචාර්ය වෙන්ක­තී­ශ්ව­රන්, භාණ්ඩා­ගා­රික මහේෂ් අල­වත්ත. සියලු ජාතීන්, ආග­මි­ක­යන් අපේ සංග­මයේ සාමා­ජි­ක­යන්. එය අපට ලොකු ශක්ති­යක්. මෙය තවත් පුළුල් කිරී­මට අප බලා­පො­රොත්තු වනවා.

• එය කරන්නේ කෙසේද?

දැනට අප රටේ ව්‍යාපාර සඳහා වැඩි-වශ­යෙන් තරුණ ප්‍රජාව එක් කර­ගත යුතුයි. ඒ වගේම උතුරු, නැඟෙ­න­හිර ප්‍රදේ­ශ­වල ව්‍යව­සා­ය­ක­යන් හා ව්‍යාපා­රි­ක­යන් දකුණේ ව්‍යව­සා­ය­ක­යන් හා ව්‍යාපා­රි­ක­යන් සමඟ සම්බන්ධ කර­ගැ­නී­මට අන්‍යෝන්‍ය වශ­යෙන් ඒකා­බ­ද්ධව, සම­ඟි­යෙන් ව්‍යාපාර සිදු කිරී­මට කට­යුතු කරන තැනට පෙළ­ගැ­ස්ස­වී­මට අප බලා­පො­රොත්තු වනවා.

එම­ඟින් උතුරු, නැඟෙ­න­හිර, දකු‍ණු, බට­හිර කියා කිසිදු වෙන­සක් නැතිව, ආර්ථි­කව දියුණු, සෞභාග්‍ය සම්පන්න රටක්, ජන­තා­වක් බිහි කිරී­මට අඩි­තා­ලම දැමීම අපේ වෑය­මයි.

Comments