ආබාධ සහිත දරු­වන්ට අත්වැ­ලක් වීමට 2020 ජන­වා­රි­යේදී ‘ආයති’ | සිළුමිණ

ආබාධ සහිත දරු­වන්ට අත්වැ­ලක් වීමට 2020 ජන­වා­රි­යේදී ‘ආයති’

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරු­වන් සඳහා වන ජාතික මධ්‍ය­ස්ථා­නය වන ‘ආයති’ 2020 වසරේ ජන­වාරි මාස­යේදී විවෘත කිරී­මට මේ වන­විට සැල­සුම් කර ඇත. සංස්කෘත භාෂා­වට අයත් වච­න­යක් වන ‘ආයති’ යන්නෙහි අර්ථය වන්නේ ‘බලා­පො­රො­ත්තුව’ යන්නයි. ආබාධ සහිත දරු­වන්ට ඔවුන්ගේ ජීවිත වල මුල් කාලයේ සිටම අත්වැ­ලක් වෙමින් ඔවුන්ට බාධක ජය­ග­නි­මින් තම ජීවිත සාර්ථක කර­ගැ­නී­මට මග­පෙ­න්වීමේ දීර්ඝ­කා­ලීන, තිර­සාර ව්‍යාපෘ­ති­යක් ලෙස මෙය දියත් කර තිබේ.

විශේ­ෂ­යෙන්ම ආබාධ පිළි­බ­ඳව සමා­ජය තුළ ඇති දුර්මත බිඳ­දැ­මී­ම­ටද ආයති භාරය කට­යුතු කරනු ඇති අතර, 2020 වර්ෂයේ ආර­ම්භයේ සිට ආයති මධ්‍ය­ස්ථා­නයේ සේවා­වන් නොමිලේ ලබා­දී­මට කට­යුතු සැල­සුම් කර තිබේ.

ආයති මධ්‍ය­ස්ථා­නය ඉදි­කි­රීම සඳහා වැය­වුණු රු. මිලි­යන 550 ක මුදල පිරි­න­මන ලද්දේ ආයති භාරය විසිනි. ආයති භාරය යනු කැල­ණිය විශ්ව විද්‍යා­ලය, හේමාස් හෝල්ඩින්ස් සමා­ගම සහ මාස් හෝල්ඩින්ස් සමා­ගම අතර ඇති­ක­ර­ගන්නා ලද, රාජ්‍ය හා පෞද්ග­ලික හවු­ල්කා­රීත්ව ව්‍යාපෘ­ති­යකි. හේමාස් හෝල්ඩින්ස් සමා­ගම, මාස් හෝල්ඩින්ස් සමා­ගම, රොෂාන් මහානාම පද­නම සහ කැල­ණිය විශ්ව විද්‍යා­ලය මෙම ව්‍යාපෘ­තියේ මූලික අර­මු­දල් දාය­ක­යන් ලෙස එක්වී ඇත.

ශ්‍රව්‍ය විද්‍යා පහ­සු­කම් සප­යන ලද්දේ රොටරි සමා­ජය විසිනි. තවද මහ­ජන බැංකුව, පීපල්ස් ලීසිං සමා­ගම, ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, ගුණ ජය සතුට පද­නම වැනි පාර්ශ්වද මෙම උතුම් මෙහෙ­වර සඳහා දායක වී ඇත. ඒ සඳහා තමන්ට හැකි පම­ණින් දායක වන මෙන් ආයති භාරය සමස්ත ශ්‍රී ලංකා­වා­සී­න්ගෙන් ඉල්ලා සිටී.

ආයති භාරයේ ගිණුම් අංකය: 84904435 (ලංකා බැංකුව- Personal Branch)

ඩය­ලොග් දුර­ක­ථන මගින් දායක වීම සඳහා (රු. 2500/- දක්වා) : Donate (හිස්තැ­නක්) Ayati (හිස්තැ­නක්) මුදල සඳ­හන් කර 366 ට SMS පණි­වි­ඩ­යක් යොමු­ක­රන්න.

Comments