අධිසුඛෝ­ප­භෝගී නිවාස සංකී­ර්ණය ලෙස Prime Grand - Ward Place අභි­ෂේක ලබයි | Page 2 | සිළුමිණ

අධිසුඛෝ­ප­භෝගී නිවාස සංකී­ර්ණය ලෙස Prime Grand - Ward Place අභි­ෂේක ලබයි

දේපළ වෙ‍ෙළ­ඳාම් ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමු­ඛ­යින් වන ප්‍රයිම් සමූ­හයේ ප්‍රධා­න­තම සහ සුපි­රි­තම නිවාස ව්‍යාපෘ­තිය වන Prime Grand - Ward Place මෙරට විශි­ෂ්ට­තම අධි සුඛෝ­ප­භෝගී නිවාස සංකී­ර්ණය ලෙස ‍තෙවන Asia Property Awards හිදී අභි­ෂේක ලබයි. මෙම සම්මාන උලෙළ බැංකොක් හි ඇතීනී හෝට­ල­යේදී පසු­ගිය නොවැ­ම්බර් 22 වනදා පැවැ­ත්විණ. ‍මේ සඳහා ආසි­යානු පැසි­ෆික් කලා­පයේ දේපළ වෙළ­දාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආරා­ධි­ත­යින් 500කට අධික පිරි­සක් සහ­භාගි වූහ. මෙම සම්මාන උළෙ­ලට සම­ගා­මීව දේපළ වෙළ­දාම් ක්ෂේත්‍රයේ ප්‍රමු­ඛ­යින් සඳහා PropertyGuru Asia Real Estate Summit යනු­වෙන් දෙදින සමු­ළු­වක් ද පැවැ­ත්විණ.

සුපිරි ජීවි­ත­යක් ගත කිරීම සඳහා බොහෝ දෙනා අපේක්ෂා කරන කොළඹ 7, වෝඩ් පෙදෙ­සෙහි අංක 64 දරණ ලිපි­නයේ පිහිටි Prime Grand - Ward Place අධි සුඛෝ­ප­භෝගි නිවාස ව්‍යාපෘ­තිය වඩා ගෞර­ව­නීය දිවි පැවැ­ත්මක සංකේ­ත­යකි. කොළඹ 7 හි පිහිටි උසම ගොඩ­නැ­ගිල්ල ලෙස ඉදි­වන මෙම නිවාස ව්‍යාපෘ­තිය 2021 දෙසැ­ම්බර් මාසයේ නිම කිරී­මට අපේ­ක්ෂිත ය. මේ වන­විට මෙහි ඉදි­කි­රීම් සිදු­වන අතර එහි 31 වන මහල ඉදි­වෙ­මින් පවතී. Prime Grand - Ward Place හි ඉදි­කි­රීම් සිදු­ක­රනු ලබන්නේ ප්‍රමු­ඛ­තම ශ්‍රී ලාංකික ඉදි­කි­රීම් සමා­ග­මක් වන MAGA ඉංජි­නි­ය­රින් සමා­ගම විසිනි. එම සමා­ග­මෙහි දක්ෂ ඉංජි­නේ­රු­ව­රුන් සහ ඉදි­කි­රීම් කාර්ය මණ්ඩ­ලයේ කාර්ය­ක්ෂ­ම­තාව නිසා අපේ­ක්ෂිත සැල­සුම් ගත කාල­යට වඩා මාස 3කට පෙර මෙහි ඉදි­කි­රීම් නිම කෙරෙ­මින් පව­තියි.

Comments