හැරී­පෝ­ටර් තොප්පි­යෙන් බිහි වූ රොබෝ­ටික් හපන්නු | සිළුමිණ

හැරී­පෝ­ටර් තොප්පි­යෙන් බිහි වූ රොබෝ­ටික් හපන්නු

ව නිපැ­යුම් ක්ෂේත්‍රයේ රන් සල­කු­ණක් සලකුණු කර­මින් ලංකා­වට කීර්ති­යක් අත් කර­දී­මට පසු­ගිය දා ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ව්‍යව­හා­රික විද්‍යා පීඨයේ පරි­ග­ණක විද්‍යා අධයනාං­ශයේ සිසු පිරි­සක් සමත් වූහ. ඒ පසු­ගිය නොවැ­ම්බර් මස 26 සිට 29 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ මැඩි­රිඩ් නුවර පැවති ජාත්‍ය­න්තර රොබෝ­ටික් තර­ඟා­ව­ලි­යෙන් ප්‍රථම ස්ථානය දිනා­ගැ­නී­මත් සම­ඟය. මේ තර­ගය සඳහා යුරෝ­පය, ආසි­යාව සහ ඇම­රි­කාව නියෝ­ජ­නය කරන විශ්ව­වි­ද්‍යාල රැසක සිසු සිසු­වි­යන් සහ­භාගි වී සිටි අතර එහිදී තියුණු තර­ඟ­ය­කින් අන­තු­රු­වය. ඒ ඔවුන් විසින් නිර්මා­ණය කළ හැරී­පෝ­ටර් තෝපි­ය­ටය. මෙහි විශේ­ෂ­ත්වය වන්නේ සම්පූ­ර්ණ­යෙන්ම පරි­ග­ණක දත්ත ඇසු­රින් ක්‍රියා­ත්මක වන හිස් වැසු­මක් වීමයි.

මෙම හිස්වැ­සුම පැලඳ සිටින අයෙකු අස­ලට කවුරු හෝ පුද්ග­ල­යකු පැමි­ණි­ය­හොත් ඒ බව මෙම තොප්පිය පැළඳ සිටින පුද්ග­ල­යාට, තොප්පිය තුළ සවි කර ඇති සංවේ­දක මගින් දැනුම් දෙයි. මෙය ඔවුන් නිර්මා­ණය කර ඇත්තේ ‘ඔටි­සම්’ රෝගය වැළඳි ඇති දරු­වන් වෙනු­වෙනි. මන්ද මේ දරු­වන් සමා­ජ­ශීලී නොවන අතර ඔවුන් අනෙක් දරු­වන් සමඟ කතා කිරී­මට බියක් දක්වති. නැති නම් අක­මැති බවක් දක්වති. මෙම හිස්වැ­සුම මඟින් එවැනි දරු­වන්ට ‘ඔටි­සම්’ රෝගී තත්ත්වය වැළඳී ඇත්ද නැද්ද යන්න නිවැ­ර­දිව අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි­යාව ලැබේ. එම රෝගී තත්ත්ව­යෙන් පෙළෙන දරු­වන් මෙම තොප්පිය පැළඳ සිටී­මෙන් ඔවුන්ගේ මොළයේ නියු­රෝන වෙත යොමු කෙරෙන උත්තේ­ජන මඟින් අනෙක් දරු­වන් සමඟ සාමාන්‍ය පරිදි සතු­ටින් ගත කිරී­මට හැකිය. ඒ සඳහා මේ තුළ නිමවා ඇති පරි­ග­ණක ක්‍රියා­කා­රී­ත්වය උප­කාරී වේ.

මේ අපූරු නිර්මාණ කාර්යය සිදු කර ඇත්තේ අදීස ගම්ම­න්පිල, අසේල විජේ­සිංහ, ටෙහානි වන්නි­ආ­රච්චි, විරාජි අම­ර­ජීව, දොවිනි ජය­සිංහ යන විද්‍යා­ර්ථීන් පස්දෙ­නාය. ඔවුන්ට මේ සඳහා මඟ හසර විවර කර දී ඇත්තේ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ව්‍යව­හා­රික විද්‍යා­පී­ඨයේ පරි­ග­ණක විද්‍යා අධ්‍ය­නාං­ශයේ ආචාර්ය රවින්ද්‍ර ද සිල්වා මහ­තාය. අප මේ පිළි­බ­ඳව ඔහු ගෙන් විම­සී­මක් කළෙමි.

ටෙහානි වන්නි­ආ­රච්චි
අදීස ගම්ම­න්පිල
විරාජි අම­ර­ජීව

ජාත්‍ය­න්තර මට්ටමේ අත්දැ­කිම්

“ ව්‍යව­හා­රික විද්‍යා­පී­ඨයේ පරි­ග­ණක විද්‍යා අධ්‍ය­නාං­ශය තුළ අපි හියු­මන් රොබර්ට් ඉන්ට­ර්රැ­ක්ෂන්(Human Robot Interaction) කියල පාඨ­මා­ලා­වක් පව­ත්වා­ගෙන යනවා. එම­ඟින් ලබා­දෙන අධ්‍ය­න­යන් පිළි­බ­ඳව දරු­වන්ගේ දක්ෂ­තා­වය හැකි­යාව උරගා බලන්නේ විභාග පව­ත්වන ආකා­ර­යට ප්‍රශ්න පත්‍ර ලබා දීලා නෙමෙයි. ඔවුන් මෙතෙක් අධ්‍ය­නය කළ දේ ප්‍රායෝ­ගික ක්‍රියා­කා­ර­කම් ලෙස එළි­දැ­ක්වීම මඟින්. එය සාමූ­හි­කව සිදු­කළ හැකියි. මේ කණ්ඩා­ය­මත් මුලින් මෙවැනි දෙයක් කළොත් හොඳයි ද කියල මගෙන් විමසා සිටියා. ඒ අනුව ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය උප­දෙස් මා ලබා දුන්නා. ඒ අනුව ඔවුන් මෙම මැජික් තොප්පිය නිර්මා­ණය කළා. ඔවුන් කිසිදු අයු­ර­කින් ලංකාවේ විශ්ව­වි­ද්‍යා­ල­වල සිදු­වන අධ්‍ය­න­යන් පිළි­බ­ඳව අව­ධා­නය යොමු නොකර එම්.අයි.ටී (Massachusetts Institute of Technology ) හා ස්ටැන්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලය (Stanford University) වැනි තාක්ෂ­ණික අධ්‍යා­ප­නික ආය­ත­න­වල සිදු කෙරෙන අධ්‍ය­න­යන් පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරී­මට පෙළ­ඹ­වීම නිසයි ඔවුන් මෙවැනි නිර්මා­ණ­යක් කිරී­මට පෙළ­ඹුනේ. ජාත්‍ය­න්තර මට්ට­මට යන්න නම් අප තරඟ කළ­යුත්තේ මේ ආය­තන සමඟ බව මා ඔවුන්ට ඒත්තු ගැන්වුවා. ඒ විදි­යට පසු බිම සකස් කළ නිසා ඔවුන්ට මේ විදියේ අද­හ­සක්ට යන්න හැකි­යාව ලැබුණා. මේ අද­හස ඔවුන් තුළින්ම ආපු එකක්.

මායා­කාර තොප්පිය

මේ යන්ත්‍රය වැඩ කරන්නේ සංවේ­දක (Sensor) ආධා­ර­යෙන්. මේ මායා­කාර තොප්පිය සංවේ­දක ආධා­ර­යෙන් අදාළ අවස්ථා අඳු­න­ගෙන කතා කර­නවා. හැරී පෝටර් කතා­වෙදි අපි දකින්නේ ඇනි­මේ­ස­න්ව­ලින් කරපු මායා­කාර තොප්පි­යක්. නමුත් මෙය දරු­වන් යථා­ර්ථ­යක් බවට පත් කර තිබෙ­නවා. එහි සිදු­වන ආකා­ර­ය­ටම මෙහි චල­න­යන් සහ හඳුනා ගැනීම් සිදු­ව­නවා.

අපි මේ නිර්මා­ණය කරලා ඉන්ට­ර්නැ­ෂ­නල් කොන්ෆ­රන්ස් ඇන්ඩ් සෝෂල් රොබ­ටික්ස් (International Conference on Social Robotics) කියල ලෝකයේ ඉතාම ඉහළ පිළි­ගැ­නී­ම­කට ලක්වන ස්පාඤ්ඤයේ පැවැ­ත්වෙන අංක එකට තියෙන රොබෝ­ව­රුන්ගේ තර­ග­යට ඉදි­රි­පත් කළා. ඒ තර­ගය සඳහා ලොව දියුණු රට­වල් 50 ක ඉල්ලුම් පත්‍ර අසූ­වක් පමණ ඉදි­රි­පත් කර තිබුණා. අව­සන් වට­යෙදි අප පළමු දහ­දෙ­නාගේ වට­යට ආවා. ඊට පස්සේ ඔවුන් අපට ආරා­ධනා කළා, අපේ නිර්මා­ණය එළි­ද­ක්වන්න කියලා. ඒ අනුව මේ සඳහා දායක වුණු දරු­වන් පස්දෙ­නාම ස්පාඤ්ඤ­යට ගියා. ඔවුන් තමන්ගේ ඒ නිර්මා­ණය ඉදි­රි­පත් කරලා අව­සා­නයේ ප්‍රථම ස්ථානය ලබා­ගෙන ලංකා­වට ආවා.

මේ නිසා ලෝකයේ අප පිළි­බ­ඳව එත­රම් අව­බෝ­ධ­යක් නැති රට­වල් පවා අපේ රට ගැන දැන ගත්තා. ඔවුන් ලෝක සිති­යමේ ලංකාව කියන රට තියෙන්නෙ කොහෙද කියල බලන්න පවා යොමු වී තිබෙ­නවා. ඒ නිසා මෙය මේ රටට විශාල කීර්ති­යක් අත කර­දුන් කාර­ණ­යක් වුණා.

කොහො­මද මේ තර­ඟ­යට ඉදි­රි­පත් වුණේ? මේ කට­යුතු සඳහා මුදල් හොයා­ගත්තේ කොහො­මද? ආදී වශ­යෙන් ඒ සඳහා ඉදි­රි­පත් වූ වෙනත් රට­වල විශ්ව­වි­ද්‍යාල දරුවෝ අපේ දරු­ව­න්ගෙන් ප්‍රශ්න කර තිබුණා. මේ සඳහා බෙහෙ­වින්ම බැල­පෑවේ දරු­වන් තුළ තිබුණු උන­න්දුව හා කැප­වී­මයි.

ඒ වගේම ලෝකයේ මේ ක්ෂේත්‍ර­යෙන් ඉතාම ඉහ­ළට පැමිණ තිබෙන විශ්ව­වි­ද්‍යා­ල­වල නිර්මාණ අධ්‍ය­න­යන් පිළි­බ­ඳව හොඳ අධ්‍ය­න­යක මේ අය නිරත වු නිසා. මේ ජය­ග්‍ර­හ­ණ­යට හේතු­වත් එයයි.

ප්‍රායෝ­ගික ගැටලු

මේ නිර්මාණ සඳහා අවශ්‍ය තාක්ෂ­ණික උප­ක­රණ ගෙන්වා ගැනීම ඉතාම දුෂ්කර කාර්ය­යක් බවට පත් වුණා. අධ්‍යා­ප­නික කට­යු­ත්ත­කට වුණත් අපි මේවා ගෙන්වන්න විශාල බදු මුද­ලක් ගෙවන්න ඕන. අනෙක් අතට මේ උප­ක­රණ ගෙන්වන ව්‍යාපාර ලංකාවේ නැති තරම්. ටෙන්ඩර් එකක් දාන තැන ඉඳල මේ සඳහා අපට අවශ්‍ය උප­ක­රණ ගෙන්වන්න මාස හය හතක් ගත­වෙ­නවා. නමුත් ජපා­නය වගේ රට­වල සති­යක් ඇතු­ළත මේවගේ උප­ක­රණ ගෙන්වා ගැනීමේ පසු­බිම නිර්මා­ණය වී තිබෙ­නවා. ඉතාම සාම්ප්‍ර­දා­යික ආකා­ර­ය­ටයි තව­මත් අපේ රට තුළ මේ ක්‍රියා­ව­ලිය සිදු වන්නේ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. අත්ති­කා­රම් මුද­ලක් ලබා ගත්තත් පොඩි ගාණක් තමයි අපට ලැබෙන්නේ. නමුත් ඒ බඩු­වල මිල ඉතා ඉහ­ළයි. සම­හර මොර්ටර් රුපි­යල් 80,000ක් පමණ වෙනවා. නමුත් ගැට­ලුව තියෙන්නේ ඒ ප්‍රති­පා­දන ලබා ගන්න ක්‍රම­යක් මේ අධ්‍යා­පන ක්ෂේත්‍ර තුළ නිර්මා­ණය වී නැති වීමයි. ලෝකයේ වෙනත් රට­වල මෙවැනි අධ්‍ය­න­ය­න්වල නිර­ත­වන දරු­වන්ට වෙනත් රට­වල එවැනි ක්ෂේත්‍ර දැක බලා­ගන්න ශිෂ්‍යත්ව හෝ ප්‍රති­පා­දන ලබා­දෙ­නවා. නමුත් ලංකාවේ එහෙම තත්ත්ව­යක් සකස් වී නැහැ. එහෙම යනව නම් තමන්ගේ පුද්ග­ලික විය­ද­මින් තමයි යන්න ඕන. ඒක කොයි­ත­රම් ප්‍රායෝ­ගි­කද කියන ප්‍රශ්නය මෙතැ­නදි මතු වෙනවා. බොහෝ­විට විශ්ව­වි­ද්‍යා­ල­යට පැමි­ණෙන්නේ අඩු ආදා­යම් ලාභි පවු­ල්වල දරු­වන්. ඒ නිසා ඒ පිළි­බ­ඳව අධ්‍යා­පන ක්ෂේත්‍රයේ වග­කි­ව­යුතු පාර්ශ්ව­යන් අධ්‍යා­පන ප්‍රති­පත්ති සැක­සී­මේදී අව­දා­නය යොමු කර­නව නම් ඒක රටට විශාල ආයෝ­ජ­න­යක් බවට පත් කර ගන්න පුලු­වන්.

මෙවැනි නව නිර්මාණ කිරී­මේදි අපේ දරු­වන්ට තිබෙන ප්‍රධාන ගැට­ලුව තමයි දරන්න වෙන පිරි­වැය සොයා ගැනීම. මේ නිර්මා­ණ­යෙදී වුණත් එක ශිෂ්‍ය­යකු සඳහා පම­ණයි ප්‍රති­පා­දන ලැබී තිබුණේ. නමුත් ඔවුන්ට මේ පිළි­බ­ඳව තිබුණු ආසාව නිසා ඔවුන් තමන්ට හැකි අයු­රින් මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රති­පා­දන සොයා ගත්තා. නමුත් මේ අයට යම් අනු­ග්‍ර­හ­යක් ලැබෙ­නව නම් තව තවත් ඉහළ නිර්මාණ රටට ලෝක­යට හඳුන්වා දීමට පුළු­වන්. නූතන ලෝක­යත් එක්ක ඉදි­රි­යට යන්න නම් මේ නව තාක්ෂ­ණික දැනුම අත්‍යා­ව­ශ්‍යයි. අපට මානව සම්පත් තිබෙ­නවා. ඒ මානව සම්පත් රටට වැඩ­දා­යක ලෙස යොදා­ගන්න අවශ්‍ය කරන පරි­ස­රය තවම අප රට තුළ නිර්මා­ණය වී නැහැ. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. අනික අපි දරු­වන්ට කරන ලොකු අසා­ධා­ර­ණ­යක් ඔවුන්ගේ පරි­ක­ල්ප­නය සීමා කරන එක. දරු­වෙක් ප්‍රශ්න­යක් ඇසූ­විට ගුරු­ව­රයා ඒයට පිළි­තුර දන්නේ නැත්තම් ඊට පිළි­තුරු සොයා­යා­මට දරු­වාට උදව් කළ යුතුයි. දරු­වන්ට නිද­හසේ හිතන් කට­යුතු කරන්න පරි­ස­ර­යක් නිර්මා­ණය කරන්න ඕන. එහෙම වුණොත් තමයි දරු­වන් අලු­තින් හිතන්න පටන් ගන්නේ.‍.....“ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ව්‍යව­හා­රික විද්‍යා­පී­ඨයේ පරි­ග­ණක විද්‍යා අධ්‍ය­නාං­ශයේ ආචාර්ය රවින්ද්‍ර ද සිල්වා මහතා පව­ස­න්නේය.

කොත­රම් බාධා පැමි­ණි­යද මේ දරුවෝ මේ අසීරු කාර්ය අත්හලේ නැත. තමන් ලැබූ ජය­ග්‍ර­හ­නය පිළි­බ­ඳ­ව­අ­දීස ගම්ම­න්පිල පැහැ­දිලි කළේ මේ අයු­රිනි.

“පළමු වසරේ ඉඳන්ම සර් අපට ඉගැ­න්නුවේ මැස­චු­සෙට්ස් තාක්ෂණ ආය­ත­නය, ස්ටැන්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලය වගේ තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ල­වල සිදු­වන දේ පිළි­බ­ඳ­වයි. මොකද අපි ලංකාවේ කරන සම­හර දේවල් දියු­ණුයි කියල කිව්වට ඒක ජාත්‍ය­න්තර මට්ට­මින් බලද්දි සාමාන්‍ය දේවල්. ජාත්‍ය­න්තර සිසුන් එක්ක ඒ වගේ දෙයක් අපි කළාට අලුත් තැනක නෙමෙයි අපි ඉන්නේ.මැස­චු­සෙට්ස් තාක්ෂණ ආය­ත­නය, ස්ටැන්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලය වගේ තැන්වල අලුත් නව නිපැ­යුම් සිදු කර­නවා. ඒවා අධ්‍ය­නය කරල තමයි අපි අපේ අධ්‍ය­නය ඉදි­රි­පත් කළේ. ඉතිං පළමු වසරේ ඉඳන්ම මේ හුරුව අපට ඇති වුණා. ජපා­නයේ තාක්ෂ­ණික ආය­ත­න­වල වැඩ කරල රවීන්ද්‍ර සර්ට තිබුණු පළ­පු­රුද්ද නිසා ඒ අය රොබෝ තාක්ෂ­ණය මිනි­ස්සුන්ගේ අව­ශ්‍ය­තා­ව­යන් වෙනු­වෙන් යොදා­ගන්නේ කොහො­මද? කියල හිතන්න පුරුදු කළා. එහෙම හිතද්දි ‘ඔටි­සම්’ කියන රෝගී තත්ත්වය අද ලෝක ව්‍යාප්තව තිබෙන ගැට­ලු­වක් බව අපට පෙණුනා. ‘බ්‍රේන්වේව්’ හෙවත් මොළයේ තරංග සම්බ­න්ධ­යෙන් ගොඩක් දේවල් ඒ දව­ස්වල පළවී තිබුණා. උදා­හ­ර­ණ­යක් විදි­යට බ්‍රෙන් සෙන්ස් මඟින් ඩ්‍රොන් යානා පාල­නය කරන ව්‍යාපෘති ජන­ප්‍රිය වුණා. අපිත් කල්පනා කළා මොනව හරි ඒ වගේ අප­ටත් කරන්න පුලු­වන්ද කියලා. ඒක හිසට දමන දෙයක් වෙන්නත් ඕන. ඒ වගේම මැජික් වගේ ආක­ර්ෂ­ණීය දෙයක් වෙන්නත් ඕන. එහෙම හිතද්දි තමයි ‘හැරී­පෝ­ටර්’ තොප්පිය හොඳයි කියල හිතුනේ. ඒවි­දි­යට තමයි මේක අවුට් පුට් එකක් විදි­යට එළි­යට ආවේ.”අසිත පව­ස­න්නේය.

ඡායා­රූප - කැලුම් ලිය­නගේ

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ පරි­ග­ණක විද්‍යා අධ්‍ය­නාං­ශයේ සිසු සිසුවියන් සිය ජයග්‍රහණය රැ‍ගෙන මෙරටට පැමිණි මොහොත

 

Comments