සංව­ර්ධ­න­යට පාර කපන අලුත් කාර් පාලනය | සිළුමිණ

සංව­ර්ධ­න­යට පාර කපන අලුත් කාර් පාලනය

 

සර ගණ­නා­වක සිට ආණ්ඩු පෙර­ළි­යෙන් පසුව සිදු වූ ජනතා මුදල් නාස්ති­යක් වූයේ ඇමැ­ති­ව­රුන්ට වාහන මිල දී ගැනී­මට මුදල් වෙන් කිරී­මය. මේ නිසා රටේ සංව­ර්ධ­න­යට වෙන් කළ හැකි මිලි­යන ගණ­නා­වක මුදල් නිර­ප­රාදේ නාස්ති විය.

මේ තත්ත්වය සලකා බලා අමා­ත්‍යාං­ශ­ව­ලට හා රාජ්‍ය ආය­ත­න­ව­ලට අලු­තෙන් වාහන මිලදී ගැනීම තහ­නම් කර­මින් ජනා­ධි­පති වරයා විසින් නියෝ­ග­යක් නිකුත් කර ඇත.

ඒ රාජ්‍ය ආය­ත­න­වල විය­දම් සීමා කිරීමේ අර­මුණ ඇති­වය.

එසේම යම් අමා­ත්‍යාං­ශ­ය­කට වාහන අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ජනා­ධි­පති ලේකම්කාර්යා­ලයේ ඇති අති­රික්ත වාහ­න­ව­ලින් වාහන ලබා­දී­මට ක්‍රම­වේ­ද­යක් සකස් කර ඇති බවද පසු­ගි­යදා ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය විසින් නිවේ­ද­න­යක් නිකුත් කර තිබුණි.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් මත රාජ්‍ය ආය­ත­න­වලවිය­දම් සීමා කිරී­ම­ටද කට­යුතු කර ඇති අතර එහි එක් පිය­ව­රක් ලෙස මෙසේ වාහන අලු­තින් මිල දී ගැනීම නවතා ඇත. එය ජනා­ධි­ප­ති­ව­රයා විසින් ආද­ර්ශ­යක් ලෙසින්ම සිදු කිරීම මෙහිලා පෙන්වා දිය යුතුය.

පසු­ගි­යදා බන්දුල ගුණ­ව­ර්ධන ඇමැ­ති­ව­රයා විසින් මාධ්‍ය­වේ­දීන් හමුවේ පවසා සිටි­යේද ජන­තා­වට බදු සහන ලබා දීමට නම් රාජ්‍ය විය­දම් අඩු කර ගැනීම මෙන්ම රජ­යට ඍජු ආදා­යම් ලැබෙන බදු කුළී හා ලාභාංශ වැඩි කර ගැනී­මට කට­යුතු කළ යුතු බවයි.

එය රටේ සමස්ත සංව­ර්ධ­න­ය­ටද විශාල රුකු­ලක් වනු ඇත. කෙසේ වෙතත් මේ වන විට ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නියෝ­ග­යට අනුව කිසිදු රාජ්‍ය ආය­ත­න­ය­කට හෝ අමා­ත්‍යාං­ශ­ය­කට හෝ අලු­තින් වාහන මිල­යට ගෙන නොමැති අතර එම නිසා ජන­තා­වට සහන රැසක් ලබා දීමට හැකි­යාව ලැබී ඇත.

කරුණු කෙසේ වුවද ඇමැ­ති­ව­රුන්ට අලු­තින් වාහන මිලදී ගැනී­මට පසු­ගිය වසර කිහි­ප­ය­කදී වෙන් කළ මුදල අති­වි­ශා­ලය. එය රටේ ග්‍රාමීය රෝහල් 100ක අධික ප්‍රමා­ණ­යක් සෑදී­මට ප්‍රමා­ණ­වත්ය. මැති ඇමැ­ති­ව­රුන්ට පම­ණක් නොව අමා­ත්‍යාං­ශ­වල නිල­ධා­රීන්ට ලේක­ම්ව­රු­න්ටද සුපිරි වාහන මේනි­යාව දැඩි ලෙසින් වැළඳී තිබුණි. උදා­හ­ර­ණ­යක් ලෙසින් පෙන්වා දෙන්නේ නම් පසු­ගිය වස­රේදී අග­මැති කාර්යා­ලයේ පාර්ලි­මේන්තු කට­යුතු ලේක­ම්ව­ර­යාට රුපි­යල් හාර­කෝටි තිස් ලක්ෂ­යක වාහ­න­යක්ද, නැගෙ­න­හිර පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාට රුපි­යල් හාර­කෝටි තිස් ලක්ෂ­යක වාහ­න­යක්ද ඉල්ලා තිබුණි. හාර කෝටි තිස් ලක්ෂ­යක වාහ­න­යක් ගෙන්වා එහි තනි පුද්ග­ල­යෙක් ගමන් කරනා විට එයින් ජන­තා­වට ඇති­වන බදු බර පීඩ­නය කොතෙක්ද? එසේම එම එක් වාහ­න­යක් රක්ෂ­ණය කිරී­මට පම­ණක් වස­ර­කට ලක්ෂ 15කට ආසන්න මුද­ලක් වැය වේ. එහි බරද දැරිය යුත්තේ මුට්ට කර ගහන මිනි­සාය. ගමේ ගොවි­යාය. ඉස්කෝලෙ මහ­තාය, තැපැ­ල්ක­රුය. රාජ්‍ය සේව­ක­යාය.

පසු­ගිය කාල වක­වා­නුවේ වස­ර­කට වරක් පමණ අලු­තින් වාහන මිලදී ගැනීම සුලභ දසු­නක් විය. පරි­පූ­රක ඇස්ත­මේන්තු වරින් වර ඉදි­රි­පත් කර­මින් මැති ඇමැ­ති­ව­රු­නට මෙසේ අලු­තින් වාහන ගෙන්වී­මට කට­යුතු කරන ලදී. උදා­හ­රණ වශ­යෙන් 2016 සහ 2017 වස­ර­වල පස් වතා­වක් සඳහා ඉදි­රි­පත් කළ පරි­පූ­රක ඇස්ත­මේ­න්තු­වල වටි­නා­කම රුපි­යල් මිලි­යන 3210කට අධි­කය. එනම් ලක්ෂ 32100කි.

සෑම ඇමැ­ති­ව­ර­ය­කු­ටම අමෙ­රි­කානු ඩොලර් 62500කට අධික වටි­නා­ක­මෙන් යුතු තීරු බදු රහිත වාහන 2016 ජන­වාරි පෙබ­ර­වාරි මාස­වල ආන­ය­නය කර ඇති බවද සඳ­හන් කළ යුතුය. මෙම වර­ප්‍ර­සා­දය වසර හත­ර­කට වරක් ඔවුන්ට හිමි වේ. සෙසු රාජ්‍ය නිල­ධා­රීන්ට හිමි­වන්නේ තීරු­බදු සහන සහිත වාහන වන නමුත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට සම්පූ­ර්ණ­යෙන්ම බදු රහිත වාහන ආන­ය­න­යට අව­ස්ථාව තිබේ.

එවැනි බල­පත්‍ර ලබා­ගත් මැති ඇමැ­ති­ව­රුන් 45 දෙනකු තමන්ට හිමි වූ බල­පත්‍ර වෙනත් පාර්ශ්ව­ව­ලට අලෙවි කර රුපි­යල් ලක්ෂ 300කට වඩා ආදා­යම් ලබා ඇති බවද පසු­ගිය කාල­යේදී වාර්තා විය.

2016 ජුනි මාසයේ ඇමැ­ති­වරු 30ක් සඳහා වාහන ලබා­ගැ­නී­මට කෝටි 118ක ඇස්ත­මේ­න්තු­වක්ද, එයින් දින 27කට පසු තවත් කෝටි 79ක ඇස්ත­මේ­න්තු­වක්ද, පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් විය.

ඇමැ­ති­ව­රුන්ට වාහන ගෙන්වීම සඳහා 2016 – 2017 වස­ර­වල පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇති පරි­පූ­රක වැය ඇස්ත­මේන්තු අනුව 2016 වසරේ ජූනිමස රුපි­යල් මිලි­යන 1180 ක්ද එම වස­රේම නොවැ­ම්බර් මස මිලි­යන 791 ක ඇස්ත­මේ­න්තු­වක්ද අනු­මත කර ගන්නා ලදී. එසේම 2017 වස­රේදී අවස්ථා 3 කදී පරි­පූ­රක ඇස්ත­මේන්තු හරහා රුපි­යල් මිලි­යන 1244ක ඇස්ත­මේ­න්තු­වක් අනු­මත කර ඇත. ඒ අනුව එම වසරේ පෙබ­ර­වාරි මාසයේ මිලි­යන 543ක් මාර්තුමාසයේ රුපි­යල් මිලි­යන 371ක් හා මැයි මස රුපි­යල් මිලි­යන 330ක ඇස්ත­මේ­න්තු­වක් අනු­මත කර ගෙන ඇති අතර එම වසර දෙක තුළ පම­ණක් මැති ඇමැ­ති­ව­රුන්ට වාහන ආන­ය­නය කිරීම පිණිස පරි­පූ­රක ඇස්ත­මේන්තු ලෙසින් රුපි­යල් මිලි­යන 3215ක් හෙවත් ලක්ෂ 32150ක් වැය කරන ලදී.

ඇමැ­ති­ව­රුන්ට අමා­ත්‍යං­ශ­වල මෙන්ම සංචි­ත­වල අවශ්‍ය තරම් වාහන ඇත. ඒ වාහන අතර වොල්වෝ, බී.එම්.ඩබ්ලිව්. බෙන්ස්, ප්‍රාඩෝ වැනි අධික සුපිරි වාහන ද වන අතර එම වාහන අවශ්‍ය අව­ස්ථා­වල පාවිච්චි කිරී­මට මැති ඇමැ­ති­ව­රන්ට ලේක­ම්ව­රුන්ට හා අනෙක් ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන්ට කිසිදු බාධා­වක් නොමැත. ඒ හැරුණු විට මේ සියලු දෙනාට පෙර පැවසූ තීරු­බදු සහිත වාහ­නද හිමි වේ.

මන්ත්‍රී­ව­රුන්ට මෙලෙස බදු රහි­තව වාහන ලබා දෙන්නේ මහ­ජන සේවය කාර්ය­ක්ෂ­මව පව­ත්වා­ගෙන යාමට නමුත් පසු­ගිය කාලයේ ඇතැම් දේශ­පා­ල­ක­යින් න් එය ඉහළ ආදා­යම් මාර්ග­යක් බවට පත්ක­ර­ගෙන ඇති බවද පෙනේ.

මෙම වර­ප්‍ර­සා­දය වැර­දි­යට භාවිත කර­මින් එහි වාසිය ජන­තා­වට ලබා නොදී බල­පත්‍ර අධික මිල­කට විකුණා දැමීම දැවැන්ත මුදල් අව­භා­වි­ත­යක් වේ.

ජනතා විමුක්ති පෙර­මුණ විසින් වරෙක පෙන්වා දුන්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 100කට අධික පිරි­සක් තම තීරු බදු රහිත වාහන බල­පත්‍ර රුපි­යල් කෝටි 2 බැගින් අධික මිල­කට අලෙවි කර ඇති බවයි. අමෙ­රි­කානු ඩොලර් මිලියන 62,500ක් වටිනා මෙම වාහන බදු සහි­තව ආන­ය­නය කළා නම් එක­කින් රුපි­යල් තුන්කෝටි තිස් ලක්ෂ­යක විශාල බදු මුද­ලක් භාණ්ඩා­ගා­ර­යට ලැබී­මට ඉඩ තිබූ බවද එම පක්ෂය විසින් පෙන්වා දී තිබුණි. එසේ බදු ගෙව්වේ නම් රජ­යට හිමි වන මුදල රුපි­යල් කෝටි 330ක ආදා­ය­මක් රජ­යට හිමි විය යුතුය තිබුණි.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් මේ වන විට ගෙන ඇත්තේ එවන් පිය­ව­රකි. අධික මුදල් වෙන් කර ඇමැ­ති­ව­රුන්ට මෙන්ම රජයේ අමා­ත්‍යාං­ශ­වල ලේක­ම්ව­රුන්ට වාහන ආන­ය­නය කිස්සේත්ම අනු­මත කර නොමැත. මේ වන විට සංචි­තයේ මෙන්ම අමා­ත්‍යාං­ශ­වල ඇති වාහන තවත් බොහෝ කාල­යක් භාවිත කළ හැකි ඒවාය. ආසන්න ඉන්දි­යාවේ මැති ඇමැ­ති­ව­රුන් වසර 5කට අධික කාල­යක් එකම වාහ­නය භාවිත කරති. ගැට­ලුව ඇත්තේ එයින් 64 ගුණ­ය­ක­ටත් අඩු භූමි ප්‍රමා­ණ­යක් ඇති ලංකාවේ දෙශ­පා­ල­ක­ය­න්ටය.

පසු­ගිය 2017 වසරේ පම­ණක් මෙර­ටින් විදේශ කරා ඇම­රි­කන් ඩොලර් 773ක් සියලු වාහන ආන­ය­න­යට වැය කර ඇත. එසේම 2016 වසරේ එසේ වැය කළ මුදල ඇම­රි­කන් ඩොලර් මිලියන 795කි. 2015 වසරේ එය 1360කි. 2014 දී එය 897කි. 2013 වස­රේදී එම අගය ඇම­රි­කන් ඩොලර් මිලියන 582කි. 2012 දී එය 495කි. පොදු වශ­යෙන් මෙසේ අධික මුද­ලක් මෙර­ටින් විදේශ විනි­මය ලෙසින් අපෙන් ඇදී ගොස් ඇත.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් මේ ගෙන ඇත්තේ රටේ සංව­ර්ධ­න­යට රට තුළම සැරි­සැ­රිය යුතු මුදල් විදේශ කරා යාම වැළැ­ක්වීම මෙන්ම ජන­තා­වට සහන ලබා දීමට ගත් තවත් ඉතාම වැද­ගත් තීර­ණ­යක් මෙන්ම පොදුවේ සම­ස්ත­යක් ලෙසින් රට සංව­ර්ධ­න­යට ගත් පිය­ව­රකි.

 

Comments