වායු දූෂ­ණය නිසා ඉන්දි­යා­වට වෙච්ච දේ අප­ටත් වෙයිද? | සිළුමිණ

වායු දූෂ­ණය නිසා ඉන්දි­යා­වට වෙච්ච දේ අප­ටත් වෙයිද?

මේ දින­වල ඉන්දි­යාවේ නව­දිල්ලි හා අසල නග­ර­වල අලුත් බෝතල් හා කෑන් වර්ග­යක් විකි­ණී­මට ඇත. නමුත් එහි ඇති දේ බීමට හෝ යම­කට දැමී­මට ‍නොවේ. ජන­තා­වට හුස්ම ගැනී­ම­ටය. එහි ඇත්තේ පිරි­සුදු ඔක්සි­ජන් වායු­වයි. දිල්ලියේ වෙළෙ­ඳ­ස­ල්වල මේ අයු­රින් ඔක්සි­ජන් විකි­ණී­මට සිදු­වූයේ දිල්ලි හා අවට නග­ර­වල ඇති අධික වායු දූෂ­ණය නිසාය. ඒ ජන­තා­වට දැන් පිරි­සුදු වායුව හුස්ම ගැනී­මට මේ අලුත් බෝත­ල්වල හා කෑන්වල පිහිට පැතී­මට සිදුවී තිබේ.

පසු­ගිය නොවැ­ම්බර් 5, 6, 7 දින­වල අපේ රටේ කොළඹ හා මහ­නු­වර, කුරු­ණෑ­ගල ප්‍ර‍ෙද්ශ­වල තිබූ උග්‍ර වායු දූෂණ තත්ත්වය තව වැඩි වුව­හොත් අපි­ටත් ඉන්දියා‍ව වගේ ඔක්සි­ජන් බෝත­ල්වල පිහිට පැතී­මට සිදුවේ. මේ පිළි­බ­ඳව අපි මෙරට වායු දූෂණ ක්ෂේත්‍රයේ හා පරි­සර ක්ෂේත්‍රයේ විද්ව­තුන් සමඟ සාකච්ඡා කළෙමු.

මේ පිළි­බ­ඳව අපට කරුණු දැක්වූ ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ සංවි­ධා­නයේ වායු ප්‍රමිති අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේ­ෂණ විද්‍යාඥ එච්.ඩී.එස්. ප්‍රේම­සිරි මහතා පැව­ස‍ුවේ 2018 වසරේ දෙසැ­ම්බර් 2 - 19 දින­ව­ලත් 2019 වසරේ නොවැ­ම්බර් 5, 6, 7 දින­ව­ලත් ඊට­පසු නොවැ­ම්බර් 12, 13 දින­වල කොළඹ ප්‍රදේ­ශයේ අඩි 200 - 300 පහළ ප්‍රදේ­ශයේ වායු දූෂ­ණය අධික වීම නිසා දුම්වලා පට­ල­යක් ඇති­වුණු බවයි. අපේ රටේ වායු ගෝල සංගු­ණ­කය 100 වූ විට මේ තත්ත්වය ඇති විය.

“සාමා­න්‍ය­යෙන් ඊසාන දිග මෝසම් මඟින් සුළං එන නොවැ­ම්බර් දෙසැ­ම්බර් ජන­වා­රි­වල අපේ රටේ අග­නු­වර - මහ­නු­වර - කුරු­ණෑ­ගල වායු දූෂ­ණය අධි­කයි. ඉන්දි­යා­වෙන් එන අපි­රි­සුදු වාත­යත් අපේ රටේ වායු දූෂ­ණය නිසා ඇති­වෙන වායු දූෂණ තත්ත්ව­යත් එක­තු­වීම නිසා පසු­ගිය දින­වල තිබූ අපේ රටේ කළු වායු වලාව ඇතිවූ බව නිග­ම­නය කරන්න පුළු­වන් වුණා.

දැනට ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ සංවි­ධා­නයේ ප්‍රධාන කාර්යා­ල­යේත්, මධ්‍යම පරි­සර අධි­කා­රියේ හා කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වේත් සවි­කර ඇති අධි තාක්ෂ­ණික උප­ක­රණ මඟින් දැන් අපට විනාඩි 5න් 5ට වුවත් අපේ රටේ වායු ගෝලයේ තත්ත්වය පිළි­බ­ඳව දත්ත ජන­තා­වට දෙන්න පුළු­වන්. ඊට අම­ත­රව මේ වායු දූෂ­ණය පිළි­බ­ඳව තොර­තුරු දැන ගැනී­මට ජංගම දුර­ක­ථන යෙද­වු­මක් (APP) මධ්‍යම පරි­සර අධි­කා­රිය හා ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ සංවි­ධා­නය මඟින් සකස් කර තිබෙ­නවා.

සමස්ත ලෙස මේ සියලු අධි තාක්ෂ­ණික උප­ක­ර­ණ­වල දත්ත අනුව අපිට කීමට ඇත්තේ අපේ රටේ වායු දූෂ­ණය කාල­ගු­ණය හා දේශ­ගු­ණය හා අපේ රට ඇතු­ළත ඇති වායු­වල තත්ත්වය අනුව වෙනස් වන බවයි. කෙසේ වුවත් නිරිත දිග මෝසම් කාලයේ කොළඹ හා මුහු­දු­බඩ ප්‍රදේ­ශ­ව­ලට නිරිත දිගින් සුළං ලැබී රට ඇතු­ළට යන නිසා නිරිත දිග මෝසම් ඇති ජුනි, ජූලි, අගෝස්තු මාස­වල වායු දූෂ­ණය අඩුයි. නමුත් ඊසා දිග සුළං තිබෙන නොවැ­ම්බර්, දෙසැ­ම්බර්, ජන­වාරි මාස­ව­ලදි අපේ රටේ වායු දූෂ­ණය වැඩි බව පෙන්නුම් කර­නවා. රටේ ඉහළ ඇති වායු දූෂ­ණය සුළං මඟින් ගසා­ගෙන නොයාම ඊට හේතු­ව­ක්බව පර්යේ­ෂණ මඟින් පෙන්නුම් කර­නවා.” ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ප්‍රේම­සිරි මහතා පව­සයි.

කෙසේ වුවත් වැස්ස, මීදුම සුළං ආදිය නිසා මේ වායු දූෂණ තත්ත්වය අඩු­වෙන බව පර්යේ­ෂණ මඟින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත. ප්‍රේම­සිරි මහතා තම පර්යේ­ෂණ අනුව පව­සන්නේ අපේ රටේ බර­ප­ත­ළම වායු දූෂ­ණය ඇත්තේ මහ­නු­වර නග­රය තුළ බවයි. මහ­නු­වර ප්‍රධාන බස් නැව­තු­ම්පළ අතර, ගැටඹේ පන්සල අසල ප්‍රධාන තැපැල් කාර්යා­ලය අසල වායු දූෂ­ණය වැඩිය. ඒ ස්ථාන­වල ක්ෂුද්‍ර අංශු, නයි­ට්‍ර­ජන් ‍ඩයොක්ස­යිඩ්, සල්ෆර් ඩයො­ක්ස­යිඩ් හා කාබන් මොනො­ක්ස­යිඩ් ප්‍රති­ශ­තය සම­හර අව­ස්ථා­ව­ලදි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ප්‍රමිති වල­ටත් වඩා ඉහළ මට්ට­මක පවතී,

කොළඹ නග­රයේ ස්ථාන ගණ­නා­වක වායු දූෂ­ණය ද පසු­ගිය වස­රක කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ වායු ප්‍රමිති මට්ට­මට වඩා වැඩිවූ ස්ථානද ගණ­නා­වක් ඇත. කොළඹ කොටුව දුම්රි­ය­පළ අසල, මර­දාන, බොරැල්ල හා පෑලි­ය­ගොඩ, තොට­ලඟ යන ස්ථාන­වල නොවැ­ම්බර්, දෙසැ­ම්බ­ර්වල වායු දූෂ­ණය වැඩියි. අලුත් දත්ත හා පර්යේ­ෂණ තොර­තුරු අනුව අපේ ‍රටේ කුරු­ණෑ­ගල, කෑගල්ල නග­ර­වල වායු දූෂ­ණය ඉහ­ළම මට්ට­මට තිබේ. ඊට අම­ත­රව දෙහි­වල, හොරණ, රත්න­පු­රය, ගාල්ල, මාතර, අනු­රා­ධ­පු­රය යන නග­ර­ව­ලද වායු දූෂ­ණය ක්‍රම­යෙන් වැඩි වෙමින් පවතී.

සල්ෆර් ඩයො­ක්ස­යිඩ් හා නයි­ට්‍ර­ජන් ඩයො­ක්ස­යිඩ් වායුව ඉහත නර­ග­වල 2012 සිට 2018 දක්වා වැඩි වූ අතර මධ්‍යම පරි­සර අධි­කා­රිය සිදු­කළ පර්යේ­ෂණ අනුව හෙළි වී තිබේ. පොදුවේ අපේ රටේ වායු දූෂ­ණය 2014 සිට ක්‍රම­යෙන් වැඩි වී ඇත. එහි උච්ච මට්ටම 2019 නොවැ­ම්බර් මුල් සති­යේදී ඇතිවූ බවද වාර්තා වී තිබේ. රජය පැට්ර­ල්වල ඊයම් අඩු කළත් මෙලෙස බහුල ලෙස අපේ රටේ වායු දූෂ­ණය වැඩි වී ඇත්තේ ඉවක් බවක් නැතිව වාහන මෙර­ටට ගෙන්වී­මත් ප්‍රමි­ති­යෙන් තොර අබ­ලන් වාහන සමඟ සමස්ත වාහන පද්ධ­තියේ අකා­ර්ය­ක්ෂම ඉන්ධන විමෝ­චන ක්‍රියා­ව­ලි­යත් හේතු කොට­ගෙ­නය. දුම් පර්යේ­ෂ­ණ­ව­ලින් අස­මත් වන අය අල්ලස් දී ඒ පරී­ක්ෂ­ණය සම­ත් කරගැනීම ද කන­ගා­ටු­දා­ය­කය. එවැනි වාහ­න­වල වායු දූෂ­ණය වැඩිය.

කැලේ වවලා ගෙවතු වවලා  වායු දූෂ­ණය අවම කර­නවා

පරි­සර හා වන­ජීවී ඇමැති  එස්.එම්. චන්ද්‍ර­සේන

 

වායු දූෂ­ණය අද අපේ රටේ ලොකු පරි­සර ගැට­ල­වක් බවට පත්වෙලා. කොළඹ වායු දූෂ­ණය පසු­ගිය දින­වල වැඩි වුණා. ඒ නිසා අලුත් වැඩ­පි­ළි­වෙළ සකස් කර මේ ගැට­ලුව විස­ඳී­මට අපි උත්සාහ කර­නවා.

දැනට සිය­යට 29ක් වන, අපේ රටේ වන ආව­ර­ණය 2030 දි සිය­යට 35ක් කර­නවා. අලුත් ගෙවතු ලක්ෂ 20ක් වව­නවා. දැව­ව­ල­ටත් ආහා­ර­ව­ල­ටත් උචිත ගහ කොළ එහි සිටු­ව­නවා. ඒ මඟින් වායු දූෂ­ණය අවම කර­න්න­ටයි අප බලා­පො­රොත්තු වන්නේ.

අපේ රටේ වායු දූෂ­ණය අවම කිරී­මට අප අමා­ත්‍යාං­ශයේ වායු සම්පත් කළ­ම­නා­ක­රණ ඒක­කය විශාල වැඩ කොට­සක් ඉටු කර­නවා. ඒ සම­ඟම පරි­සර අමා­ත්‍යාං­ශයේ දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බ­ඳව ඒක­ක­යත් ජගත් සම්මුති අනුව වායු දූෂ­ණය අවම කිරී­මට කට­යුතු කර­නවා. විශේ‍ෂ­යෙන් පැරිස් සම්මු­තිය හා කියෝටෝ සම්මුති අනුව මෙරට දේශ­ගුණ විප­ර්යාස වැළැ­ක්වීමේ ලේකම් කාර්යා­ලය මඟින් අපේ රටේ ප්‍රවා­හන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර 14ක් මඟින් සිදු­වන වායු දූෂණ හා පරි­සර දූෂණ කට­යුතු අවම කිරී­මට සැල­සුම් සකස් කර ඒවා ක්‍රියා­වට නංව­මින් තිබෙ­නවා.

අපේ රට හුස්ම අරන් ඉන්න පුළු­වන් රටක් බවට පත් කිරී­මට ජනා­ධි­ප­ති­තු­මාගේ හා අග­මැ­ති­තු­මාගේ උප­දෙස් අනුව පරි­සර හා වන­ජීවී අමා­ත්‍ය­ව­රයා ලෙස මා සම්පූර්ණ උත්සාහ දර­නවා.

වායු දූෂ­ණය වැඩි කිරී­මට කට­යුතු කරන අය වායු දූෂ­ණය යනු සැමට රහ­සේම මර­ණය ළඟා කර ගෙන සැඟ­වුණු මානව මාර­යෙක් බව දන්නේ නැත. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ වාර්තා අනුව ලෝකයේ බෝ නොවන රෝග­ව­ලින් වැඩිම මරණ ගණ­නක් සිදු­වන්නේ වායු දූෂ­ණය නිසාය. හෘද­යා­බාධ, පෙන­හලු ආබාධ, පෙන­හලු පිළිකා, මොළේ පිළිකා, ආගා­ධය පම­ණක් නොව මළ­දරු උපත් හා අඩු බර දරු උපත් ආදිය ඇති­වී­මට ද වායු දූෂ­ණය හේතු වන බව එතෙර මෙතෙර විශේ­ෂඥ වෛද්‍ය­වරු ද පෙන්වා දී ඇත. කාර්මික තාක්ෂ­ණික ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ රසා­ය­නා­ගාර තාක්ෂණ විද්‍යාඥ ආර්.එන්.ආර්. ජය­රත්න මහතා පව­සන පරිදි ‍අපේ රටේ හදිසි අන­තුරු නිසා මැරෙන ප්‍රමා­ණ­යට ආසන්න ගණ­නක් වායු දූෂ­ණය නිසා ක්‍රම ක්‍රම­යෙන් විවිධ රෝගා­බාධ නිසා මර­ණ­යට පත්වේ.

වාහ­න­ව­ලින් පිට­වෙන දුම් නිසා ඇති­වෙන වායු දූෂ­ණ­යට අම­ත­රව, පොලි­තින්, ප්ලාස්ටික් පිලි­ස්සීම හා කුණු කසළ පිලිස්සීම නිසාද අපේ රටේ වායු දූෂණ්‍ය බහු­ලව ඇතිවේ. කාර්මික තාක්ෂණ ආය­ත­නය, මධ්‍යම පරි­සර අධි­කා­රිය හා ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ සංවි­ධා­නය හා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ප්‍රජා සෞඛ්‍ය අංශ කළ අලුත්ම පර්යේ­ෂ­ණය අනුව මේ අපේ රටේ වායු දූෂණ තත්ත්වය විශාල වශ­යෙන් වැඩි වීම නිසා අපේ රටේ බෝ නොවන රෝග­වල වැඩි­වී­මක් සිදුවී ඇත. ඉහත පර්යේ­ෂණ අනුව අපේ රටේ නාග­රි­කව සිදු­වන වායු දූෂ­ණය අනුව ඒ ඒ ස්ථාන­වල ඇති කාබන් මොනො­ක්ස­යිඩ් නයි­ට්‍ර­ජන් ඩයො­ක්ස­යිඩ්, සල්ෆර් ඩයො­ක්ස­යිඩ් ප්‍රමාණ්‍ය හා ක්ෂුද්‍ර වායු අංශු ප්‍රමා­ණය ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ප්‍රමිති මට්ට­ම්ව­ලට වඩා ඉහළ ගොස් ඇති බව පර්යේ­ෂ­කයෝ පෙන්වා දෙති.

අපේ අහසේ 2018 දෙසැ­ම්බර් මාසයේ ද 2019 නොවැ­ම්බර් මුල් සතියේ තිබූ කළු වලා පට­ලය පරීක්ෂා කළ විට එහිද බහු­ලව තිබී ඇත්තේ ක්ෂුද්‍ර අංශු හා ඉහත වායුන්ය. ඒ අනුව මේ තත්ත්වය තවත් දරුණු වුව­හොත් ඉන්දි­යා­වට මෙන් අපට ද කොළඹ හා මහ­නු­වර නග­ර­ව­ලට යාමට ඔක්සි­ජන් බෝතල් හා ගෑස් මුහුණු අවශ්‍ය වනු ඇතැයි විද්‍යා­ඥයෝ හා වෛද්‍ය විශේ­ෂ­ඥයෝ පෙන්වා දෙති.

වායු දූෂ­ණය දිග­ටම වැඩි වුව­හොත් අපේ රටේ විශේ­ෂ­යෙන් ගැබිනි මවු­ව­රුන්ට, ඇදුම වැනි ශ්වසන රෝග ඇති අයට හා දුර්වල මහලු පුද්ග­ල­යන්ට ජීවත් වීමට සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වීමට ඉඩ ඇතැයි විද්‍යා­ඥයෝ ද වෛද්‍ය විශේ­ෂ­ඥයෝ ද අව­ධා­ර­ණය කරති.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පව­සන පරිදි එක් මිනි­ස­කුට දින­කට හුස්ම ගැනී­මට ඔක්සි­ජන් ලීටර් 500ක් අවශ්‍ය වේ. ඒ ලීටර් 500ක් මිලදී ගැනී­මට අපට දින­කට රුපි­යල් 40,000 පමණ විය­දම් කිරී­මට සිදු වේ. මේ අනුව අප ඉවක් බවක් නොබලා දූෂ­ණය කරන වායුව වාතය කෙත­රම් වටි­නේද? නමුත් අපේ රටේ තව­මත් පිරි­සුදු වායුව නොමි­ලේම නික­මට ලැබෙන නිසා අප ඒ ගැන බිඳක් හෝ නොසිතා වායු දූෂ­ණයේ යෙදෙ­මින් සිටිමු. මෙය අප එක්ව නැවැ­ත්විය යුතුව ඇත.

මේ පිළි­බ­ඳව පර්යේ­ෂණ කළ මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලය හා මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව පැහැ­දි­ලිව පෙන්වා දෙන්නේ අපේ රටේ වායු දූෂ­ණය මෙත­රම් වැඩි­වී­මට ප්‍රධාන හේතුව අපේ රටට රථ වාහන වැඩි­පුර ගෙන්වීම බවයි. ඊට අම­ත­රව ඉන්දි­යාවේ සිට අපි­රි­සුදු වායුව පැමි­ණී­මත් වාහ­න­වල ඇන්ජින් නිසි ලෙස සුසර නොකි­රී­මත් වාහන වායු විමෝ­චන බල­ප­ත්‍රය අස­මත් වූ විට එය අල්ලස් දීමෙන් හෝ වංචා­කාරි ලෙස ලබා ගැනී­මත් අපේ වායු දූෂ­ණ­යට හේතු­වන කරුණු අතර ප්‍රධාන වෙයි.

ප්‍රධාන ආර්ථික හා මූල්‍ය විශ්ලේ­ෂක, ආචාර්ය ඩී.එස්. ජය­වීර මහතා පෙන්වා දී ඇති කරුණු අනුව පසු­ගිය වසර 10 ඇතු­ළත අපේ රටට ගෙන්වූ කුඩා වාහන ප්‍රමා­ණය දෙගු­ණ­ය­කින් පමණ වැඩි වී ඇත.

අපේ රටේ පව­තින මාර්ග තද­බ­ද­යත් පෞද්ග­ලික බස්වල ප්‍රමා­දය අවි­ධි­මත් ධාව­නය ආදිත් මෙන්ම දුම්රිය ප්‍රමා­දය, දුම්රිය වර්ජන නිසා දැන් අපේ රටේ පොදු ජන­තා­වට පොදු ප්‍රවා­හන සේවා එපා වෙමින් පවතී. ඒ අනුව 2018 දි පොදු ප්‍රවා­හන සේවා­වල ගමන් කළේ මගී­න්ගෙන් සිය­යට 44ක් පමණි. නමුත් 2008 දි පොදු ප්‍රවා­හන සේවා­ව­ලින් ජන­තාව සිය­යට 68ක් ප්‍රයෝ­ජන ගත්තේය.

2018 සංඛ්‍යා ලේඛන අනුව මෝටර් සයි­කල්, ත්‍රිවිල්, මෝටර් රථ හා වෑන් රථ පාවිච්චි කරන ප්‍රමා­ණය සිය­යට 56 දක්වා වැඩිවී ඇත. 2008 දි පෞද්ග­ලික වාහන පාවිච්චි කළේ ජන­තා­ව­ගෙන් සිය­යට 32ක් පමණි.

2018දි මෝටර් සයි­කල් ලක්ෂ 33ක් අපේ රටේ තිබිණි. නමුත් 2010 තිබුණේ මෝටර් සයි­කල් ලක්ෂ 13ක් පමණි. ඒ අනුව වසර 8ය මෝටර් සයි­කල් ලක්ෂ20ක් වැඩි වී ඇත. 2018 දි ත්‍රිරෝද රථ ලක්ෂ10ක් රට ­පුරා ධාව­නය විය. නමුත් 2008දි මෙරට තිබුනේ ත්‍රිරෝද රථ ලක්ෂ 4ක් පමණි. වාර්ෂි­කව ත්‍රිරෝද රථ හා මෝටර් සයි­කල් ලක්ෂ 3ක් අලු­තින් මෙර­ටට එක්වේ. 2011දි මෝටර් සයි­කල් ගමන් කර ඇති මුළු දුර ප්‍රම­ණය කිලෝ­මී­ටර බිලි­යන හත­රකි. ඒ ප්‍රමා­ණය 2018දි කිලෝ මීටර් බිලි­යන 10 දක්වා වැඩිවී තිබේ.

ඉන්දියාවේ ඔක්සිජන් බෝතල් අලෙවි කරන වෙළෙඳ කුටියක්

2011දි අපේ රටේ පෞද්ග­ලික වාහන ගමන් කළ සම්පූර්ණ දුර කිලෝ­මී­ටර් බිලි­යන 18කි. එය 2018 වන විට කිලෝ­මී­ටර් බිලි­යන 40 දක්වා වැඩිවී ඇතැයි මොර­ටුව විශ්වවිද්‍යා­ලයේ ප්‍රවා­හන අධ්‍ය­යන වාර්තා පෙන්නුම් කරයි. මොර­ටුව විශ්ව විද්‍යා­ලයේ මහා­චාර්ය අමල් කුමා­රගේ මහ­තාගේ උප­දේ­ශ­ක­ත්වය ඇතිව සිදු කළ මේ පර්යේ­ෂණ අනුව 2018 දි මෝටර් රථ ගමන් කළ දුර ප්‍රමා­ණය කිලෝ­මී­ටර් බිලි­යන 7කි. එය 2011 දි කිලෝ­මී­ටර් බිලි­යන 4ක් පමණි.

මේ අතර වායු දූෂණය අවම කිරීමට හා වාහන තදබදය අඩු කිරීමට මාර්ග සංඥා පද්ධති යාවත්කාලීන කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

වාහන මෙර­ටට ගෙන්වී­මේදි විදුලි වාහ­න­ව­ලට හා විදු­ලිය - තෙල් ද්විත්ව කාර්යය වාහ­න­ව­ලට බදු අඩු කළ යුතුව ඇත. වාහන ආන­ය­න­යේදි ආර්ථික, දේශ­පා­ලන හා ව්‍යාපා­රික මෙන්ම පාරි­ස­රික කරුණු කෙරෙ­හිද අව­ධා­නය යොමු කළ යුතුව තිබේ. වායු දූෂ­ණය වැඩි වාහන අඩු මිලට මෙර­ටට ගෙන්වු­ව­ හොත් අපේ වායු දූෂ­ණය තවත් වැඩි­වනු ඇත.

Comments