මිය ගිය පියා දුව­ගෙන් පළි ගන්න භූත­යෙකු වී එයි | Page 2 | සිළුමිණ

මිය ගිය පියා දුව­ගෙන් පළි ගන්න භූත­යෙකු වී එයි

 

කෙනෙකු දුටු­වන් මන බඳින ප්‍රසන්න වූ රූප සම්ප­ත්ති­යක් ලබන්නේ පෙර සසර මෛත්‍රී සහ­ග­ත­වීමේ ආනි­සං­ස­ය­ක­ටය. මෛත්‍රීය භාව­නා­වක් ලෙස ගත් කළ සමථ භාව­නා­වකි. සම­ථ­යෙන් සිදු වන්නේ රාග, ද්වේශ, මෝහාදී කෙලෙස් යට­පත් කිරී­මකි. යළි කවදා කොත­න­කදී හෝ ඒ කෙලෙස් නැගී සිටිය හැකිය.

ගම්පහ උත්පලා විසි දෙහැ­වි­රිදි සුරූපී තරු­ණි­යකි. ලංකාවේ පුර­වැ­සි­නි­යක වුවද ඇය වැඩි පුර කාල­යක් ගත කරන්නේ විදෙ­ස්ව­ලය. නැත හොත් උඩු ගුව­නේය. ඒ ඇය ගුවන් සේවි­කා‍වක වූ නිසාය. ඇගේ මව ගෘහ­ණි­යකි. පියා නැවක සේවය කරයි. අයියා සුද්දි­යක සමඟ විවාහ වී එංග­ල­න්තයේ පදිංචි වී සිටී. තාත්තා මුදල් උප­ය­මින් අත දිග හැර දරු­වන්ට විය­දම් කළේය.

ජාත්‍ය­න්තර පාස­ලක අධ්‍යා­ප­නය ලැබූ උත්පලා වයස අවු­රුදු දහ­සයේ සිට තරු­ණ­යන් සමඟ හෝටල් ගාණේ අව­ලමේ යන්නට පුරුදු වූවාය. සමාජ ශාලා­වල ගොස් මත් පැන්ව­ලින් සිහි විකල් කැර ගත් ඇය පාන්දර වාහ­න­ව­ලින් ගෙද­රට ගෙනත් දමා යන තත්ත්ව­ය­කට පත් වූවාය. මේ බේබ­ද්දි­යගේ චර්යා­වන් නිසා පියා රැකි­යා­වෙන් ඉවත්ව මුහු­දෙන් ගොඩට පැමි­ණිය ද ඔහුට හිමි වුයේ කල­කි­රීම, පසු තැවීම, සහ වේද­නවා පමණි. පියා අකා­ලයේ මිය ගියේය. ඉන් පසු දුව ගුවන් සේවි­කා­වක ලෙස හිතු­මතේ නිද­හස භුක්ති වින්දාය.

හිටි හැටියේ උත්පලා සිහි­සුන්ව වැටෙ­න්න­ටත් රාත්‍රී හීනෙන් බියට පත්ව දහ­දිය වගු­රවා ගෙන අවදි වන්න­ටත් එතැන් සිට නොනිදා පහන් කර­න්න­ටත් වූවාය. කෑම අරු­චිය නිසා ශරී­රය කෙට්ටු විය. වෛද්‍ය ප්‍රති­කාර ගත්තත් කිසිදු සුව­යක් නොවීය. මනෝ වෛද්‍ය ප්‍රති­කාර වශ­යෙන් ආත­ති­යට ඖෂධ පෙති ගිලි­මින් සිටී. ඒ කිසි­ව­කින් සහ­න­යක් නොවු­යෙන් උත්ප­ලාගේ මව ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය වෙත ඇය කැඳවා ගෙන ආවාය. එහිදී අධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසී රෝගා­බාධ තත්ත්ව­යන් පැහැ­දිලි කළාය. ගවේ­ෂ­ක­ව­රයා රෝග පරී­ක්ෂාවේ යෙදෙන විට උත්පලා වෙවු­ල­න්නට වූවාය. ඇයට අම­නුෂ්‍ය දෝෂ­යක් ඇති බවට නිග­ම­නය කළ ගවේ­ෂ­ක­ව­රයා දින විසි එකක් ගමේ පන්ස­ලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උප­දෙස් දුන්නේය.

බෝධි පූජා අව­සන් කොට නැවත පැමිණි දිනයේ ගවේ­ෂක වරයා ශක්ති කිරණ එල්ල කරන විට උත්ප­ලාගේ ශරී­ර­යෙන් භූතා­ත්ම­යක් දිෂ්ටි ගැන්වී ආවේය. ගවේ­ෂ­ක­ව­රයා ප්‍රශ්න කිරීම් අරම්භ කළේය.

“කවුද මේ ශරී­ර­යට ඇතුළු වෙලා ඉන්නේ?”

“මම නිහාල්” යැයි භූතා­ත්මය උත්තර දුන්නේය”

“කවුද නිහාල් කියන්නේ? මේ උත්ප­ලාගේ කවුද?”

“මම උත්ප­ලාගේ තාත්තා”

“ඇයි මේ අයට කර­දර කරන්නේ?”

“මම කර­දර කරන්නේ නෑ. මම මගේ දුවට ආද­රෙයි. දුව අයාලෙ ගියා ජීවි­තය අවුල් කර­ගෙන. දුව බේරා­ගන්න ඕනෑ.”

“දුවට මොන­වද වෙලා තියෙන්නේ?”

“දුවට දැන් ජීවි­ත­යක් නෑ. හේතු ඵල දහම අනුව දුව ඒ තත්ත්ව­යට පත් වුණාට මමත් වග කියන්න ඕනෑ. මම මුද­ල්ව­ලට මුල් තැන දීලා මුදල්ම හොයන්න ගියා. දුව පොඩි කාලේම මම පිට­රට නැවක රස්සා­වට ගියා. ඒ ලොකු­වට මුදල් හොයන්න. මුද­ල්ව­ලින් සැන­සුම සතුට හොයන්න බැහැ. මම රට ගිහින් ගෙද­රට සල්ලි එව්වා. ඒ සල්ලි­ව­ලින් නෝනත් වැරදි කළා. දුවත් ඒවාට හුරු වුණා. පාප­යට බය නැති වුණා. ඉන්ට­ර්නැ­ෂ­නල් ස්කූල් යැව්වා. ආධ්‍යා­ත්මීය දියු­ණු­වක් ලැබුවේ නැහැ. පුතත් සුද්දි­යෙක් බැඳ ගෙන පිට­රට පදිං­චියි. දුවගෙ රූපයේ ලස්ස­න­ටත් ඉංග්‍රීසි දැනු­ම­ටත් ගුවන් සේව­යට බැඳුණා. ඒකෙන් බීමට ඇබ්බැහි වුණා. එක එකා එක්ක අව­ලමේ දඩා­වතේ ගියා. මට යථා­ර්ථය වැට­හිලා රස්සා­වෙන් අස්වෙලා ගෙදර ආවා. දුව විනාශ වෙලා. රට රට­වල වල්කම් කළා. ගෙදර ආවත් සල්ලි තියෙන නිසා දඩා­වතේ ගියා. එක වතා­වක් මාස අට­කින් ගෙදර ආවේ නෑ. මම සමාජ ශාලා­වල හොය හොයා ඇවිද්දා.මගේ දුව නේද කියන ආද­රේට. මට හොයා ගන්න බැරි වෙලා මම පපුවේ අමා­රු­ව­කින් මැරුණා. මැරි­ලත් දුව හොය හොයා ඇවිද්දා. හිතේ අමා­රු­වට හිත කිලුටු වෙලා. අපා­ගත වෙන්නත් සිද්ධ වුණා. මම දැන් දුක් විඳින ප්‍රේත­යෙක් බවත් මම දන්නවා. දැන් දුව ගෙදර ඇවිත්. දැන් ලෙඩෙක්. සල්ලි වලින් වැඩක් නැහැ. මම අහස අල්ලන්න ගිහින් දැන් පස්ස බිම ඇනිලා දුක් විඳි­නවා. දුවත් එහෙ­මයි.

දුවගේ රූපයේ ලස්සන එයා­ටම වින­යක් වුණා. ඉංග්‍රීසි දැනු­මත් වැර­දි­යට භාවිත වුණා. මම සල්ලි හොයන්න ගිහින් සැන­සිල්ල නැති කර ගත්තා.” යි ප්‍රේතයා අඩ­න්නට වූයේය.

උත්පලා පියවි සිහි­යට පත් කළ ග‍වේෂක වරයා අව­වාද කළේය.

“තමන්ගේ පෙර පින­කට ලැබුණු සල්ලිත්, රූප සොබා­ව­යත්, ඉංග්‍රීසි දැනු­මත් තුනම නර­කට භාවිත කිරීමේ විපාක දැන් විඳි­නවා. ඒ එක­ක­වත් වටි­නා­ක­මක් නැති තත්ත්ව­යට පත් වෙලා. දැන් ඔයාට ගොඩ එන්න බැහැ සිය­යට අනූ­වක්ම විනාශ කර­ගෙන. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මර­ණය විත­රයි. මර­ණ­යට ලැහැ­ස්තිද?”

“අනේ මාව බේරා­ගන්න.” යි උත්පලා අඩා වැල­පෙ­න්නට වූවාය.

“අවු­රුදු විසි දෙකෙයි කියන්නේ මොන වය­සක්ද? මේ පුංචි කාල­යට මොන­වද නොක­රපු වැරදි. මත් පැනට ඇබ්බැහි බේබ­ද්දි­යක් වුණා. පර පුරුෂ සේව­නය, බහු පුරුෂ සේව­නය, සමාජ ශාලා ජීවි­තය. තමාගේ අධ්‍යා­ත්මීය දියු­ණු­වට මොන­වද කර­ගෙන තියෙන්නේ? දැන් මර­ණය ඉදි­රියේ අස­රණ වෙලා ශාරී­රි­ක­වත් මාන­සි­ක­වත් මහා ලෙඩ කඳක්”

“අනේ මාව බේරා­ගන්න ක්‍රම­යක් ඇත්තේම නැද්ද?”

“තියෙ­නවා. මම කියන විදි­යට වැඩ කර­නවා නම් පුළු­වන්”

“මොන­වද මම කරන්න ඕනෑ. කියන ඕනෑම දෙයක් කර­න්නම්”

ගවේ­ෂ­ක­ව­රයා ඇය පන්සිල් සමා­දන් කැර වීය.

“මේ සිල් පද පහ අකු­ර­ටම ආරක්ෂා කරන්න ඕනෑ. චාම් සරල ජීවි­ත­යක් මේ දැන් ඉඳලා හුරු වෙන්න. තවත් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

බෝධි පූජා අව­සන් කොට ඇය නැවත පැමි­ණි­යාය .මේ වන විට ගවේ­ෂ­ක­ව­රයා සිල් මෑණි කෙනෙ­කුට සිද්ධිය පවසා අවශ්‍ය පසු­බිම සකස් කැර තිබිණි.

“මහ­ත්මයා මට දැන් දුකයි. මගේ තාත්තාට මම අකී­කරු වුණා. තාත්තා නැති වුණෙත් මා නිසයි” කිය­මින් උත්පලා අඬ­න්නට වූවාය.

“මහ­ත්මයා පව­රන ඕනෑම දෙයක් මම කර­න්නම්. මම පැවිදි වෙන්නද?” ඇය නැවත ඇසු­වාය.

එපා මහණ වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ මෙහෙණි ආරා­ම­යට යන්න සිල් සමා­දන් වෙන්න. ඒ සිල් මැණි පව­රන විදි­යට අම්මයි දුවයි දෙන්නම කට­යුතු කරන්න ඕනෑ. චාම් වෙන්න. කීකරු වෙන්න. සීලයේ පිහිටා කට­යුතු කරන්න. යැයි පවසා මවත් දුවත් මෙහෙණි ආරා­ම­යට යැවීය.

එහි දී පාන්දර හත­රට අවදි විය යුතු විය. නිය­මිත වතා­වත් ඉටු කළ යුතු විය. වැසි­කිළි කැසි­කිළි ඇම­දීම, ආරා­මය හා අවට පිරි­සිදු කිරීම, බුද්ධ වන්ද­නාව, දාන­මාන ගිල­න්පස සැක­සීම, කය වචන සංව­රය සරල භාව­නාව, සක්මන් භාව­නාව, මාස තුනක් ඒ වගේ පිළි­වෙත් ඇය අකු­රට ඉටු කළාය. අවං­ක­වම ඉටු කළාය. ඒ මරණ බය උත්ප­ල‍ාගේ කය වචන සංවර කර­න්නට හේතු විය.

ස්වාමීයා පිට රට සිට දුක් විඳ එවන මුදල් අප­රී­ක්ෂා­කා­රීව ඉන්ද්‍රි­ය­යන් පින­වී­මට මෝහ­යෙන් විය­දම් කළ මව මේ දුවට මූලික වැරදි පූර්ව දර්ශය වුවාය. ඇයද ගලේ පැහැරූ බැළ­ලි­යක මෙන් වර­දට මාන­සි­කව දඬු­වම් වින්දාය. ආරා­මයේ සිල් මෑණි­යෝද නිතර හේතු­ඵල දහ­මට අනුව දුක් විපාක විඳි­න්නට සිදු වී ඇති ආකා­රය පැහැ­දිලි කර­මින් අව­වාද කළහ. බට­හිර ක්‍රම­යට ජීවත් වෙන්නට ගොස් “හෙට මැරු­ණත් හිතට සැපයි අද ජොලි කරලා” යන අධ­ර්ම­තා­ව­යෙන් කට­යුතු කළ ද මාරයා දත් විලි­ස්සා­ගෙන තමන් ඉදි­රියේ බිලි ගන්නට එන විට ජීව­ත්වීමේ ආසාව මතු වූ උත්පලා ඇත්ත­ටම හොඳ ගැහැ­නි­යකු වූවාය. මාස­යක් ආරා­ම­යේදී දහ­මට හුරු පුරුදු වූවාය. මාස­යක් ඉක්ම ගිය පසු ඇය මව සමඟ නැවත ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­නය කරා ආවාය.

“මහ­ත්මයා දැන් මගේ ආහාර අරු­චිය, හීනෙන් බිය වීම් ආත­තිය සනී­පයි. මගේ තාත්තා අකා­ලයේ මැරුණේ මා නිසයි. තාත්තා‍ගේ ණය ගෙව­න්නට මම දැන් මොන­වාද කරන්න ඕනෑ?” යි උත්පලා ගවේ­ෂ­ක­ව­ර­යා­ගෙන් ඇසීය.

“තාත්තා අත දිග හැර තමුන්ට විය­දම් කළා. ඒ හේතුවේ ඵලය වශ­යෙන් තමුන් නොමග ගියා. තාත්තා ප්‍රේත­යෙක් වුණා. තාත්තාට පින් අනු­මෝ­දන් කරන්න ගමේ පන්සලේ ස්වාමීන් වහ­න්සේ­ලාත් ආරා­මයේ සිල් මෑණි වරුන් වඩම්මා සාංඝික දාන­යක් පිරි­නමා සංසාර ගත සියලු ඥාති මිත්‍රා­දී­න්ටත් තාත්තා­ටත් පින් අනු­මෝ­දන් කර අනු­රා­ධ­පු­ර­යට යෑමට සූදා­නම් වී නැවත එන්නැයි ගවේ­ෂ­ක­ව­රයා උප­දෙස් දුන්නේය. දානය පිරි­නමා පින් අනු­මෝ­දන් කොට ඔවුහු නැවත පැමි­ණි­යහ. අනු­රා­ධ­පු­රයේ දී යාච­ක­යන්ට ආහාර පැකැට් පිරි­නමා ශ්‍රී මහා බෝම­ළු­වේදී නැව­තත් පියාට පින් අනු­මෝ­දන් කර­න්නට උප­දෙස් දී, පල­තුරු වට්ටි­යක් ගෙන්වා ප්‍රේතා­ත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනු­රා­ධ­පු­ර­යට යැවීය.

උත්ප­ලාගේ රූප සොබාව සහ චතුර ඉංග්‍රීසි දැනුම අනුව දැන් පෞද්ග­ලික බැංකුව සේවය කරයි. අධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­ර­යාගේ නිය­මය අනුව දින­පතා උදේ හවස නිවසේ බෞද්ධ පිළි­වෙත් ඉටු කරති. යළිත් වැරදි කළොත් භූතා­ත්මය නැවත පැමිණ පළි­ග­න්නට පුළු­වන් බව ද අව­ධා­ර­ණය කළේය.

 

Comments