පොලිස්පති පුටුවටත් අත පොවන දුර පොලිසියේ කාන්තා බලයේ කතාව | සිළුමිණ

පොලිස්පති පුටුවටත් අත පොවන දුර පොලිසියේ කාන්තා බලයේ කතාව

පොලිස් සේවාව මෙරට ස්ථාපිත වන්නේ ඉංග්‍රී­සීන් විසින් මුහුදු බඩ ප්‍රදේශ අත්ප­ත්කර ගැනී­මත් සම­ගිනි. ඒ ක්‍රිස්තු වර්ෂ 1796 දීය. ඉති­හා­ස­ගත තොර­තු­රු­ව­ලට අනුව මුල්ම පොලිස් ස්ථානය ලෙස සැළ­කෙන්නේ මර­දාන පොලිස් ස්ථාන­යයි. එහෙත් අපේ රටේ විධි­මත් ආකා­ර­යට ව්‍යව­ස්ථා­පි­තව පොලී­සි­යක් ක්‍රියා­ත්මක වූයේ යැයි සැල­කෙන්නේ 1866 සැත්තැ­ම්බර් 03 වෙනිදා සිටය. එදා පත්වූ පළමු පොලි­ස්පති ලෙස සැළ­කෙන්නේ ජෝර්ජ් විලි­යම් රොබි­න්සන් කැම්බල් මහතා ය. එතැන් සිට ගෙවී ගිය වසර 153 ක ඉති­හා­සය තුළ පොලි­ස්ප­ති­වරු 54 දෙනෙ­කුගේ නාය­ක­ත්වය පොලිස් සේවා­වට ලැබී ඇත.

ආර­ම්භයේ පටන් පිරිමි නිල­ධා­රීන්ට පම­ණක් වෙන්වූ පොලිස් සේවාව කාන්තා­වන්ට විව­ර­වන්නේ විධි­මත් පොලිස් සේවාව ආරම්භ වී වසර 87 කට පසු එනම් 1953 වර්ෂ­යේ­දීය. කාන්තා­වන්ට ඒ අව­ස්ථාව එදා හිමි­කර දුන්නේ පොලි­ස්පති සර්.රිචඩ් අලු­වි­හා­රේය. ඔහු මෙරට පොලිස් සේවාවේ 12 වෙනි පොලි­ස්ප­ති­ව­ර­යාය. එසේම ඔහු අපේ රටේ පොලිස් සේවාවේ මුල්ම ස්වදේ­ශීය පොලි­ස්ප­ති­ව­ර­යාය. ඊට පෙර පොලි­ස්ප­ති­ධු­රය දැරූ­වන් 11 දෙනාම ඉංග්‍රීසි ජාති­ක­යන්ය. ඉති­හා­සයේ තොර­තු­රු­වල ලියැවී ඇති ආකා­ර­යට අනුව මුල්ම පොලිස් කාන්තා නිල­ධා­රි­නිය ලෙස සැළ­කෙන්නේ සෝමා ගුණ­ව­ර්ධන මහ­ත්මි­යයි.

ප්‍රමිලා දිවා­කර

මුල් කාලයේ පොලිස් සේවය කාන්තා­වන්ට විවර වූවත් ඒ අයට ඉහ­ළට යන්නට ඉඩක් නොවීය. පිරිමි නිල­ධා­රීන් සමඟ උරෙන් උර ගැටී පොලිස් ඉති­හා­සය තුළ වාර්තා රැසක් තබා ඇත්තේ ප්‍රමිලා දිවා­කර මහ­ත්මි­යයි. ඇය පොලිස් සේව­යට පොලිස් කොස්තා­ප­ල්ව­රි­යක් ලෙස එක්වන්නේ 1958 දීය. ඒ පොලී­සි­යට බද­වා­ගත් පස්වැනි කාන්තා කණ්ඩා­යමේ සාමා­ජි­කා­වක් ලෙසිණි. ඇගේ කණ්ඩා­යමේ සාමා­ජි­කා­වන් 13 දෙනෙක් සිටි­යහ. එදා මේ අය වැඩි දෙනෙක් යෙද­වූයේ පිළි­ගැ­නීමේ නිල­ධා­රීන්ගේ සහ දුර­ක­තන ක්‍රියා­ක­රුගේ සේවා කට­යුතු සඳ­හාය. ඊට අම­ත­රව කොළඹ පාසල් අසල පදික මාරු වල සේව­යට යෙද­වෙන්නේ පාසල් දරු­වන් පාර හරහා මාරු­ක­ර­ව­න්න­ටය.

පොලිස් ඉති­හා­සයේ සද­හන් තොර­තු­රු­ව­ලට අනුව පොලී­සියේ මුල්ම කාන්තා සැර­ය­න්ව­රිය වන්නේ ප්‍රමිලා දිවා­කර මහ­ත්මි­යය. කාන්තා නිල­ධා­රීන්ට පොලිස් සේවය තුළ ඉහ­ළට යන්නට අව­ස්ථාව උදා­වීමේ හැර­වුම් ලක්ෂය ලෙස සැල­කෙන්නේ ප්‍රමිලා දිවා­කර මහ­ත්මි­යගේ උස­ස්වී­මය. ඇයට එම උස­ස්වීම පවා ලැබෙන්නේ පොලි­සි­යට එක්ව වසර 13 කට පසු­වය. ඇය එතැ­නින් සිය සටන අත­හැ­රයේ නැත. 1977 වස­රේදී පොලිස් සේවයේ පළමු කාන්තා උප පොලිස් පරී­ක්ෂි­කාව ලෙසද උස­ස්වීම් ලැබු­වාය. අන­තු­රුව ඇය 1984 වසරේ පළමු පොලිස් කාන්තා පරී­ක්ෂ­ක­ව­රිය ලෙසත් , 1986 වස­රේදී පළමු කාන්තා ප්‍රධාන පොලිස් පරී­ක්ෂි­කාව ලෙසත්, 1988 වසරේ පළමු කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රිය ලෙසත් 1994 වස­රේදී පළමු කාන්තා පොලිස් අධි­කා­රී­ව­රිය ලෙසත් වාර්තා ගණ­නා­වක්ම තබ­මින් ඉහ­ළ­ටම ගියාය.

1939 වසරේ ජුනි 17 වෙනිදා උපන් ප්‍රමිලා දිවා­කර මහ­ත්මිය වයස අවු­රුදු 60 සැපි­රී­මත් සමග පොලිස් සේව­යෙන් විශ්‍රාම ගැනී­මට නිය­මි­තව සිටියේ 1999 වස­රේ­දීය. ඒ වන විට ඇය සේවයේ නිර­තව සිටියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාං­ශයේ අධ්‍ය­ක්ෂ­ක­ව­රිය ලෙසිනි. ළමා හා කාන්තා කාර්යාං­ශයේ මුල්ම අධ්‍ය­ක්ෂ­ක­ව­රිය වන්නේද ඇයයි. එදා ඇයට අවු­රුදු 60 න් විශ්‍රාම ගන්නට ඉඩක් නොවූ­වාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධී­කාරී ධූර­යට උස­ස්ක­ර­මින් තවත් වසර තුනක් ඇයව පොලිස් සේවය තුළ රදවා ගත්තේය. ඒ අනුව ඇයට පොලිස් සේවා­වෙන් විශ්‍රාම ගැනී­මට සිදු­වන්නේ 2002 වස­රේ­දීය.

අට දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ධුර­යට ඇය දීර්ඝ කාල­යක් තිස්සේ පොලිස් සේවාව තුළ සටන් කළේ පොලී­සියේ කාන්තා­වන්ට සම­තැන ලබා ගන්න­ටය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පවා ඇයට ඉහ­ළට එන්නට අව­කාශ ලැබෙන්නේ ඇයට තිබුණු ශක්තිය නිසාය. ඇය විශ්‍රාම ගැනී­මෙන් අන­තු­රුව කාන්තා­වන්ට ඉහ­ළට ඒමේ අව­ස්ථාව ඇහි­රිනි. වර්ත­මා­නයේ ඒ සියල්ල ජාතික පොලිස් කොමි­සම විසින් බිඳ දමා ඇත්තේ අනා­ග­තයේ කාන්තා නිල­ධා­රි­නි­ය­ක­ටද පොලි­ස්ප­ති­වීමේ අව­ස්ථාව උදා­කර දෙමිනි. ඒ පොලිස් ඉති­හා­සයේ පළමු වරට කාන්තා නිල­ධා­රි­නි­යන් අට දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ධුර­යන්ට ඉකුත් සතියේ උසස් කර­මිනි.

එසේ උස­ස්වීම් ලබන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලිණා ජය­ව­ර්ධන, පොලිස් පරි­යේ­ෂණ සහ සංව­ර්ධන අංශයේ අධ්‍ය­ක්ෂිකා රේණුකා ජය­සු­න්දර, අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සමේ විම­ර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පද්මිණී වීර­සූ­රිය, පොලිස් මූල­ස්ථාන පරි­පා­ලන අධ්‍යක්ෂ ධිමතී පෙරි­ය­ප්පෙ­රුම, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ ප්‍රධානී දර්ශිකා කුමාරි, රාජ්‍ය බුද්ධි සේවයේ සහ­කාර අධ්‍ය­ක්ෂික නිශානි සෙනෙ­වි­රත්න, බස්නා­හිරි පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ පුද්ග­ලික සහ­කාර මදාරා ආරි­ය­සේන සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ අධි­ක්ෂණ නිල­ධා­රිනී ඉමේෂා මුතු­මාලි යන පොලිස් අධි­කා­රී­ව­රි­යන් අට දෙනාය.

මේ අය උස­ස්වීම් ලබන මොහොත වන විට පොලිස් දෙප­ර්ත­මේ­න්තු­වේම සිටියේ පොලිස් අධී­කා­රි­ව­රි­යන් 09 දෙනෙකු පමණි. නම වැන්නා පොලිස් ළමා හා කාන්තා කාර්යාං­ශයේ අධ්‍ය­ක්ෂි­කාව වන ලංකා රාජනී අම­ර­සේන මහ­ත්මි­යයි. ඇය සිටින්නේ පොරොත්තු ලේඛ­න­යේය. වැඩි­කල් නොගොස් ඇය­ටද උස­ස්වීම ලැබී­මට නිය­මි­තය. ඒ ඇගේ උස­ස්වී­ම­ටද ජාතික පොලිස් කොමි­සම අනු­මැ­තිය ලබා දී ඇති බැවිනි.

මෙම නිල­ධා­රි­නි­යන් ද සිය උස­ස්වීම ලබා­ගන්නේ ප්‍රමිලා දිවා­කර මහ­ත්මි­යගේ මග ගොස්ය. පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ තර්කය වන්නේ කාන්තා පොලිස් නිල­ධා­රි­නි­යන්ගේ සංඛ්‍යා­වට අනුව පුර­ප්පාඩු ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී එක් තන­තු­රක් පම­ණක් බවය. එම පුර­ප්පා­ඩුව ප්‍රමිලා දිවා­කර මහ­ත්මිය විශ්‍රා­මත් සමග වසර 17 ක් තිස්සේම පැවැ­තුණු එකකි. පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව පැත්තෙන් එම පුර­ප්පා­ඩු­වට නම් කෙරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂිකා තිලිණා ජය­ව­ර්ධන මහ­ත්මි­ය­වය. ඒ වන විට පොලිස් අධි­කා­රී­ව­රි­යන් 09 දෙනෙක් සිටි­යද ඇයව නම් කෙරන්නේ ජ්‍යෙෂ්ඨත්ව ලේඛ­නයේ ඉහ­ළින්ම නම සද­හන් වූයේ ඇගේ වන බැවිනි. ඇයට එම උස­ස්වීම ලැබෙ­න්නේද ඇය සමග එකම දිනයේ පොලිස් අධි­කාරී ධුර­යට උස­ස්වීම් ලද තවත් නිල­ධා­රී­නි­යන් 05 දෙනෙක් සිටි­ය­දීය.

තිලිණා සමග එදා පිරිමි නිල­ධා­රීන් 102 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධී­කාරී ධුර­යට උස­ස්වීම් ලැබූහ. පිරිමි නිල­ධා­රීන් වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ධුර 169 ක්ද පොලිස් අධී­කාරී ධුර 162 ක්ද සහ­කාර පොලිස් අධි­කාරී ධුර 314 ක්ද වෙන්ව තිබි­යදී කාන්තා නිල­ධා­රීන්ට පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වෙන් කුඩ­අ­ම්මාගේ සැළ­කි­ල්ලක් ලැබෙන්නේ පිරිමි ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී පිරිමි ධුර­යන්ද විස්සක් තිහක් පමණ පිර­වී­මට සුදු­සු­කම් ලත් පොලිස් අධි­කා­රී­ව­රුන් නොමැ­තිව තිබි­ය­දීය.

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ධුර 169 ක් වෙන් වන්නේ පිරිමි නිල­ධා­රීන් 75000 කට ආසන්න පිරි­සක් වෙනු­වෙනි. කාන්තා­වන්ට එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ධුර­යක් වෙන් වන්නේ නිල­ධා­රි­නි­යන් 8000 කට වැඩි පිරි­සක් වෙනු­වෙනි. අනු­පා­ත­යක් ලෙස ගත් කල පිරිමි නිල­ධා­රීන් 450 කට පමණ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­ර­යෙක් වෙන් වෙන විට කාන්තා නිල­ධා­රි­නි­යන් සියල්ල වෙනු­වෙන්ම වෙන්වන්නේ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී තන­තු­රක් පමණි. පිරිමි නිල­ධා­රීන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ධුර වෙන්වූ අනු­පා­ත­යට අනුව කාන්තා නිල­ධා­රි­නි­ය­න්ටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී තන­තුරු වෙන් වන්නේ නම් සැබෑ ලෙසම කාන්තා නිල­ධා­රි­නි­යන් වෙනු­වෙන් වෙන් විය යුත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­වරු 18 ක් හෝ ඒ ආසන්න ගණ­නකි. ඒ වෙනු­වෙන් කාන්තා නිල­ධා­රීන් පොලිස් කොමි­සම හමුවේ හඩ නැගු­වාය. ඊට ජාතිත පොලිස් කොමි­ස­මෙන් ලැබෙන්නේ යහ­පත් ප්‍රති­චා­ර­යකි. පොලිස් ඉති­හා­සයේ පළමු වරට පොලිස් අධි­කා­රී­ව­රි­යන් 08 දෙනෙක් එක­ව­රම ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ධු­ර­යන්ට උස­ස්වීම් ලබන්නේ ඒ අනු­වය.

එම නිල­ධා­රි­නි­යන් අට දෙනා අතර සිටින තිලි­ණාත්, රේණු­කාත්, පද්මි­ණිත්, ධිම­නීත්, දර්ශි­කාත්, නිශා­නිත් පොලිස් සේව­යට එක්ව ඇත්තේ උප පොලිස් පරී­ක්ෂි­කා­වන් ලෙසිනි. එහෙත් මදාරා සහ ඉමේෂා පොලිස් සේව­යට එක්වන්නේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් ලෙසය. ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් ලෙස පොලිස් සේව­යට එක්වන පළමු කාන්තා නිල­ධා­රි­නි­යන් වන්නේ ඔවුන් දෙදෙ­නාය. 2008 වසරේ නොවැ­ම්බර් 03 වෙනිදා මෙම නිල­ධා­රී­නි­යන් දෙදෙනා ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් ලෙස පොලිස් සේව­යට එක්වූ බැවින් ඔවුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ධුර­යන්ට උසස් කරන්නේ 2018 වසරේ නොවැ­ම්බර් 03 වෙනිදා සිට ක්‍රියා­ත්මක වන ආකා­ර­ය­ටය. එහෙත් සෙසු පොලිස් අධි­කා­රී­ව­රි­යන් සහ­කාර පොලිස් අධි­කාරී ධුර­යන්ට උස­ස්වීම් ලබා ඇත්තේ 2008 වසරේ ජන­වාර් 01 වෙනිදා බැවින් ඒ අයගේ උස­ස්වීම ක්‍රියා­ත්මක වන්නේ 2018 වසරේ ජන­වාරි 01 වෙනිදා සිටය. ඒ අනුව මදා­රාට සහ ඉමේ­ෂාට වඩා ජ්‍යෙෂ්ඨ­ත්ව­යෙන් ඉදි­රි­යෙන් සිටින්නේ සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රි­යන් හය දෙනාය.

තිලිණා ජය­ව­ර්ධන

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රි­යන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛ­නයේ ඉහ­ළින්ම දැන් සිටින්නේ තිලිණා ජය­ව­ර්ධ­නය. ඇය පොලිස් සේව­යට එක්ව­න්නේම රාජ්‍ය බුද්ධි සේවයෙ වෙනු­වෙනි. ඇගේ සැමියා පොලිස් නිල­ධා­රි­යෙකි. මෙම කණ්ඩා­යමේ වැඩි­ම­හල් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ණිය වන්නේ ධිමතී පෙරි­ය­ප්පෙ­රුම මහ­ත්මි­යයි. ධිමතී පොලිස් සේව­යට එක්වන්නේ 1984 වස­රේදී උප සේවා උප පොලිස් පරී­ක්ෂි­කා­වක් ලෙසිනි. ඇය නිත්‍ය සේව­යට අන්ත­ර්ග්‍ර­හ­නය වන්නේ 1992 වස­රේ­දීය. එසේම ඇය ලෝකයේ හොඳම පොලිස් නිල­ධා­රි­නිය ලෙසද ජාත්‍ය­න්තර කාන්තා පොලිස් සංග­මයේ ගෞර­ව­යට ලක්වූ­වාය.

නිශානි සෙනෙ­වි­රත්න

නිශානි සෙනෙ­වි­ර­ත්න­වද පොලිස් සේව­යට බඳවා ගැනෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය වෙනු­වෙ­න්මය. සෙසු නිල­ධා­රී­නි­යන් පොලිස් සේව­යට එක්වන්නේ 1997 වර්ෂ­යේ­දීය. නීත්‍ය සේව­යට කාන්තා උප පොලිස් පරී­ක්ෂි­කා­වන් සෘජු බඳවා ගැනීම් කෙරෙන්නේ එම වර්ෂ­යේ­දීය. බඳ­වා­ගෙන ඇති කාන්තා උප පොලිස් පරී­ක්ෂි­කා­වන් ගණන 175 දෙනෙකි. ඒ අය අත­රින් ඉහ­ළ­ටම ගොස් සිටින්නේ රේණු­කාත්, පද්මි­ණිත්, දර්ශි­කාත්ය. නිශානි සෙනෙ­වි­රත්න මහ­ත්මිය කොළඹ වංචා විම­ර්ශන කාර්යාං­ශයේ අධ්‍ය­ක්ෂි­කාව ලෙසත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වේත් සේවයේ නිර­තව සිටි­යාය. මේ කණ්ඩා­යමේ සිටින පද්මිණි වීර­සූ­රිය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමු­දා­වේද සේවයේ නිර­තව සිටි තැනැ­ත්ති­යකි.

දර්ශිකා කුමාරි

දර්ශිකා කුමා­රිද පොලිස් සේවයේ වැඩ පෙන්නූ චරි­ත­යකි. දැනට පොලිස් සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රි­යන් අට දෙනා අතර සිටින බාල­යන් වන්නේ මදාරා ආරි­ය­සේන සහ ඉමේෂා මුතු­මාලි යන මහ­ත්මීන්ය. සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් ලෙස 2008 වසරේ නොවැ­ම්බර් 03 වෙනිදා ඔවුන් පොලී­සි­යට එක්වන්නේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රුන් ලෙස පිරිමි නිල­ධා­රීන් 14 දෙනෙක් සමඟ කරට කර වැඩ පෙන්ව­මිනි. මේ කණ්ඩා­යමේ තවත් සාමා­ජි­කා­වක් සිටි­යාය. ඇය ලංකා රාජි­නීය. පොලිස් ළමා හා කාන්තා කාර්යාං­ශයේ අධ්‍ය­ක්ෂ­ක­ව­රිය ලෙස සේවයේ නිර­තව සිටින ඇය සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වන්නේ උප පොලිස් පරී­ක්ෂි­කා­වක් ලෙස සේවයේ නිර­තව සිටි­ය­දීය. උප පොලිස් පරී­ක්ෂි­කා­වක් ලෙස පොලිස් සේවයේ නිර­තව සිටි­යදී උපා­ධි­ධා­රි­නි­යක් ලෙස සහ­කාර පොලිස් අධි­කා­රි­ණි­යක් ලෙස නැවත පොලිස් සේව­යට එක්වූ පළමු කාන්තා නිල­ධා­රි­නිය වන්නේ ඇයය. සෙසු නිල­ධා­රි­නි­යන්ට මෙන් ඇය­ටද ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ධු­රය හිමිය.

ජාතික පොලිස් කොමි­සම සඳ­හන් කරන්නේ කාන්තා නිල­ධා­රි­නි­යන්ට තවත් ඉහ­ළට යාමට අව­ස්ථාව උදා­කර දෙන බවය. තවත් වසර පහ­ළො­ව­කින් ශ්‍රී ලංකා පොලී­සියේ ලොකු පුටුව වන පොලි­ස්පති ධුරය ගැබී­මට ඉහ­ළම සුදු­සු­කම් ලබන්නේ 2008 වසරේ නොවැ­ම්බර් 03 වෙනිදා සහ­කර පොලිස් අධි­කා­රී­ව­රුන් ලෙස පොලිස් සේව­යට එක්වූ නිල­ධා­රී­න්ටය. ඒ අය අතර පිරිමි නිල­ධා­රීන් 14 දෙනෙක්ද කාන්තා නිල­ධා­රීන් 03 දෙනෙක්ද සිටිති. මේ අතර සිටින බාල­යන් වන්නේ මදාරා සහ ඉමේ­ෂාය. ඒ අය ඉපදී ඇත්තේ අසූ­වෙත් අසූ එකේත්ය. පොලීස් සේව­යට එක්ව වසර 10 ක් වැනි කෙටි කාල­යක් තුළ මේ දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රි­යන් ලෙස උස­ස්වීම්ද ලබා සිටි­න්නීය. වයස අවු­රුදු 60 න් මේ දෙදෙනා විශ්‍රාම ගැනී­මට නිය­මි­තව සිටින්නේ 2040 සහ 2041 යන වර්ෂ වල­දීය. මෙම නිල­ධා­රි­නි­යන් දෙදෙනා ප්‍රමිලා දිවා­කර මහ­ත්මිය ආර­ම්භ­යක් සනි­ටු­හන් කර­ග­නි­මින් ඉදි­රි­ය­ටම යනු ඇත. එහි අව­සා­නය ඒ එක් අයෙක් පොලි­ස්පති පුටුවේ අසුන් ගැනී­මෙන් සනි­ටු­හන් වන්න­ටද ඉඩ බොහෝය.

Comments