ජන­මාධ්‍ය විශි­ෂ්ටතා සම්මාන උළෙල 10 වැනිදා | සිළුමිණ

ජන­මාධ්‍ය විශි­ෂ්ටතා සම්මාන උළෙල 10 වැනිදා

ශ්‍රී ලංකා කර්තෘ සංස­දය සහ ශ්‍රී ලංකා පුව­ත්පත් ආය­ත­නය එක්ව සංවි­ධා­නය කරන 2018 වසරේ ජන­මාධ්‍ය විශි­ෂ්ටතා සම්මාන රාත්‍රිය 10 වැනිදා අඟ­හ­රු­වාදා ගල්කිස්ස මහ හෝට­ල­යේදී පැවැත්වේ.

මෙහිදී ජන­මාධ්‍ය වෘත්තියේ වසර 40කට අධික කාල­යක් නියැ­ලෙ­මින් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දීන් පස්දෙ­න­කුට ඔවුන් විසින් කරන ලද සේවාව උදෙසා දීර්ඝ­සේවා සම්මාන උප­හාර පිරි­නැ­මී­මද සිදු සිදු කෙරේ.

ඩඩ්ලි ජෑන්ස්

1978 වස­රේදී තරුණ පුව­ත්පත් වාර්තා­ක­රු­වකු ලෙස ඩේලි නිව්ස් පුව­ත්ප­තින් සිය පුව­ත්පත් කලා වෘත්තිය ආරම්භ කළේය. සංස්ක­ර­ණය විෂ­ය­යෙහි ලත් විශි­ෂ්ට­ත්වය සහ ආක­ර්ෂ­ණීය ශීර්ෂ­පාඨ මඟින් ජෑන්ස් මහතා තමන්ට ආවේ­ණික වූ තැනක් නිර්මා­ණය කර ගැනී­මට නොප­සු­බට විය. සාමාන්‍ය පුවත්, පාර්ලි­මේන්තු රැස්වීම් වාර්තා සහ ව්‍යාපා­රික පුවත් සංස්ක­ර­ණය ඔහුගේ ප්‍රධාන රාජ­කා­රිය විය.

සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ වසර 40 ක සේවා කාල­යක් නිම­කර ඇති ජෑන්ස් මහතා සිය­ලු‍ ­දෙනා පාහේ ප්‍රසා­ද­යට ලක්වූ­වෙකි.

තිල­ක­රත්න කුරු­විට බණ්ඩාර

තිල­ක­රත්න කුරු­විට බණ්ඩාර මාධ්‍ය ක්‍ෂේත්‍ර­යට පිවි­සෙන්නේ 60 දශ­කයේ මැද භාග­යේ­දීය. 1970 දී ලේක් හවුස් ආය­ත­න­යට බැඳෙන ඔහු, මඳ කලක් ජනතා පත්ත­රයේ මාණ්ඩ­ලික ප්‍රවෘත්ති ලේඛ­ක­යෙක් විය. ඉනි­ක්බිති දීර්ඝ කාල­යක් දින­මිණ පත්‍රයේ උප සංස්කා­ර­ක­ව­ර­යකු ලෙස සේවය කර, එහි ප්‍රධාන උප කර්තෘ තන­තු­රට පත්විය. ඔහුට සිළු­මිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘ පද­විය හිමි­වන්නේ 1993 දීය. සිළු­මි­ණෙන් පසු ඔහුට හිමි­වන්නේ ‘සර­ස­විය’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ පද­වි­යයි. වසර හත­ර­කට පසු 2000 දී සිළු­මිණ සම කර්තෘ පද­වි­ය­ටත් 2002 දී යළි සිළු­මිණ ප්‍රධාන කර්තෘ පද­වි­ය­ටත් පත්ක­රනු ලැබූ කුරු­විට බණ්ඩාර, 2004 දී ලේක් හවුස් ආය­ත­න­යෙන් විශ්‍රාම ලැබු­වේය.

ලේක් හවු­සි­යෙන් විශ්‍රාම ගිය පසු ඔහු ඉරු­දින පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ පද­විය බාර­ග­ත්තේය. 2006 දී මුල් ‘මව්බිම’ පත්‍රයේ ආර­ම්භක ප්‍රධාන කර්තෘ ධුර­යට පත්වීම ලැබුවේ කුරු­විට බණ්ඩා­රය. 2010 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස පත් කරනු ලැබූ ඔහු, ගුවන් විදු­ලියේ නව­තම සඟ­රාව ‘හඬ’ සංස්කා­ර­ක­ව­රයා ද විය.

ඒ.එල්.කේ.පෙරේරා

සිය වෘත්තීය මාධ්‍ය ජීවි­තය ඇරු­ඹුවේ පැරණි ටයිම්ස් ආය­ත­න­යෙනි. එම­ගින් ප්‍රකා­ශ­යට පත් කරන ලද මුල් යුගයේ ලංකා­දීප කර්තෘ මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යෙක් වශ­යෙන් ඔහු හැත්තෑව දශ­ක­යේදී සේව­යට බැඳු­ණේය. ඉන්ප­සුව විජය පුව­ත්පත් සමා­ගම මගින් ප්‍රකා­ශ­යට පත් කළ විජය සහ ලංකා­දීප පුව­ත්පතේ කර්තෘ මණ්ඩ­ල­ව­ලට 1987-88 කාලයේ දී සම්බන්ධ විය. එහි ප්‍රවෘත්ති අංශ­යේත් විශේ­ෂාංග රච­ක­යකු ලෙසත් කට­යුතු කළ පෙරේරා මහතා දින­පතා ලංකා­දී­පයේ ප්‍රවෘත්ති කර්තෘ වශ­යෙන් ද කට­යුතු කොට පසුව නියෝජ්‍ය කර්තෘ ධූර­යට පත් විය.

කේ. එම්. එල්. බී. සේනා­රත්න

කිංස්වුඩ් විදු­හලේ දී එහි ආදි කර්තෘ, හිටපු විදු­හ­ල්පති එල්- ඊ- බ්ලේස් මහ­තාගේ පිය­වර අනු­ග­ම­නය කර­මින් මාසික සඟ­රා­වක සංස්කා­රක හැටි­යට ඔහු ජන­මාධ්‍ය දිවියේ අත්පොත් තැබීය

ටෝරි ද සූසා මහතා ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත් පතේ ප්‍රධාන කර්තෘ­ව­රයා ලෙස කට­යුතු කරන කාලයේ එනම් 1956 වස­රේදී හෙතෙම ජන­මාධ්‍ය කේෂ්ත්‍ර­යට අත්පොත් තැබු­වේය.

උප කතු­ව­ර­යකු ලෙස බ්‍රිතා­න්‍යයේ පුහු­ණු­වක් ලැබී­මට ඔහුට අව­ස්ථා­වක් උදා විණ. පෙරළා සිය රට පැමිණ ආර­ම්භක උප කතු­ව­රයා ලෙස ‘සන්’ පුවත් පතට එක් වූයේ ය.

අන­තු­රුව ගුව­න්වි­දුලි සංස්ථාවේ මෙන්ම රූප­වා­හිනී සංස්ථාවේ සේව­යෙන් පසු ‘වීක්එන්ඞ් එක්ස්ප්‍රස්’ පුව­ත්පත සමග එක්වූ ඒ මහතා පසුව ‘ඩේලි මිරර්’ සහ ‘සන්ඩේ ටයිම්ස්’ පුව­ත්ප­ත්ව­ලට සම්බන්ධ ව ඒවා­යෙහි සේව­යෙහි යෙදෙයි

ගෝපා­ල­පිල්ලේ තිරු­කේ­ත­ර­නා­දන්

යාප­නයේ, චාව­ක­ච්චේරි ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකු වන ගෝපා­ල­පිල්ලේ තිරු­කේ­ත­ර­නා­දන් කුඩා සඟරා හරහා ශිෂ්‍ය අව­ධියේ සිට ඔහුගේ සාහිත්‍ය රචනා කෞෂල්‍ය දියුණු කර ගත් අයෙකි. යාප­නයේ වයි­තී­ස්වර විද්‍යා­ලයේ අධ්‍යා­පන කට­යුතු අව­සන් කිරී­මෙන් පසුව 1980 දශ­කයේ මුල් කාලයේ දී ඔහු වීර­කේ­සරී පුව­ත්පතේ පත්‍ර­ක­ලා­වේ­දි­යෙක් ලෙස සිය වෘත්තීය ආරම්භ කරන ලදී.

Comments