ඕස්ට්‍රේලියාවෙන් ඩෙංගු හැංගූ වොල්බැ­කියා ලංකාවටත් එයි | Page 2 | සිළුමිණ

ඕස්ට්‍රේලියාවෙන් ඩෙංගු හැංගූ වොල්බැ­කියා ලංකාවටත් එයි

ඩෙංගු, ඉන්ෆ්ලු­වන්සා, චිකුන් ගුන්යා, මීඋණ වැනි විවිධ උණ රෝග අපේ රටේ කාල­යෙන් කාල­යට වසං­ගත දක්වා උත්සන්න වන්නේ බොහෝ දෙනකු බියට පත් කර­මිනි. ඒ අත­රින් ඩෙංගු උණට වැඩි බියක් දක්වන්නේ ඊට තව­මත් නිසි ප්‍රති­කාර නැති නිසාය. ඩෙංගු මැඬ පැවැ­ත්වීම සඳහා ඩෙංගු මදු­රු­වන් බෝවන ස්ථාන විනාශ කරනු ලබන්නේ එබැ­විනි. එහෙත් ගෙයක් ගෙයක් පාසා කණ්ඩා­යම් වශ­යෙන් ගොස් වැහි පීලි, පොල්කටු වැනි වතුර රැ‍ඳෙන ස්ථාන පරීක්ෂා කර ඩෙංගු මදු­රු­වන් සිටී නම් නඩු පැව­රු­වද මදු­රු­ග­හ­නය ඇති ස්ථාන දුමා­ය­නය කළ ද ඩෙංගු පාල­නය කිරිම ඉතා දුෂ්කර කාර්ය­යක් වී තිබේ. මේ වන විට ලංකාවේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ති­යක් දක්නට ලැබේ.

2019 නොවැ­ම්බර් මස අව­සන් වන විට දිව­යින පුරා හමු වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,000කි. එහෙත් මිය ගිය ගණන 100කට අඩුය. 2017 වස­රට සාපේ­ක්ෂව මෙය අඩු සංඛ්‍යා­වක් වුවද 2018 වස­රට සාපේ­ක්ෂව ඉහළ යෑමකි. 2017 වර්ෂය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1,86,101කි. එහෙත් 2018 වර්ෂය වන විට 51,659දක්වා පහත වැටිණි. නමුත් මෙම වසරේ එය නැව­තත් වර්ධ­නය වී තිබේ.

“මෙතෙක් ඩෙංගු ව්‍යාප්ත වූ ආකා­රය ගැන සැල­කි­ලි­මත් වුණොත් අවු­රු­ද්දක් හැර අවු­රු­ද්දක් ඩෙංගු වැඩි­වී­මක් දකින්න ලැබෙ­නවා. 2017 තමයි ඩෙංගු වසං­ග­ත­යක් විදි­යට දරුණු අන්ද­මින් පැති­රුණේ. 2018 දී ඩෙංගු අඩු වුණා. 2019 දී නැව­තත් වැඩි වී තිබෙ­නවා. මේ අවු­රුද්දේ ඩෙංගු වර්ධ­නය වීමට අවු­රුද්ද පුරා පැති­රුණු වර්ෂාව ප්‍රධාන වශ­යෙන් බලපා තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වන මැයි - අගෝස්තු කාලයේ ඩෙංගු රෝගය වැඩි වෙනවා. ඒත් මේ අවු­රුද්දේ අගෝස්තු මාස­යෙන් පසු වැස්ස නැව­තුණේ නැහැ. තව­මත් වහි­නවා. ඒ නිසා ඩෙංගු වෛර­සය රැගෙන යන මදු­රු­වන් පාල­නය කිරී­මට අසීරු වී තිබෙ­නවා.” යනු­වෙන් ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජය­සේ­කර මහතා සඳ­හන් කළේය.

ඩෙංගු රෝගය වෛරස් කාණ්ඩ 4කින් ඇත. එක් පුද්ග­ල­ය­කුට 4 වතා­වක් ඩෙංගු වැළ­ඳිය හැකි වන්නේ එබැ­විනි. මේ වන විට මෙරට වාර්තා වන්නේ 3වැනි කාණ්ඩයේ ඩෙංගු වෛර­සයේ ව්‍යාප්ති­යයි. 2017 වර්ෂ­යේදී 2 වැනි කාණ්ඩයේ ඩෙංගු වෛර­සය පැති­රිණි. ඊට පෙර ලංකාවේ ව්‍යාප්ත වූයේ 1 වැනි සහ 4 වැනි කාණ්ඩයේ ඩෙංගු වෛර­ස­යන් ය. මෙම ඩෙංගු වෛර­සය රැගෙන යන වාහ­ක­යන් වන්නේ ඊඩිස් ඊජි­ප්ටයි සහ ඊඩිස් ඇල්බො­පි­ක්ටස් යන වර්ගයේ මදු­රු­වන්ය. තවත් මදුරු වර්ග 47ක් සිටින නමුත් එම මදු­රු­වන් ඩෙංගු වෛර­සය රැගෙන යන්නේ නැත. ඩෙංගු වෛර­සයේ වාහක මදු­රු­වන් පාල­නය කළ­හොත් ඩෙංගු රෝගය මැඬ පැවැ­ත්විය හැකිය. එහෙත් මෙතෙක් කළ නොහැකි වූයේ ද ඩෙංගු මදු­රු­වන් මර්ද­නය කිරී­මට නොහැකි වීමයි.

වොල්බැ­කියා

“අපි ලබන මාසේ සිට ඩෙංගු මදු­රු­වන් මර්ද­නය කරන්න බැක්ටී­රි­යා­වක් ගෙන්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබෙ­නවා. මෙම බැක්ටී­රියා වර්ගයේ නම වොල්බැ­කියා (Wolbachia). ගෙන්වන්නේ ඕස්ට්‍රේ­ලි­යා­වෙන්. මෙම බැක්ටී­රි­යාව ඩෙංගු මදුරු බිත්ත­ර­ව­ලට ඇතුළු කළාම වොල්බැ­කියා බැක්ටී­රි­යාව ශරී­ර­ගත වුණු මදු­රු­වන් බිහි වෙනවා. වොල්බැ­කියා ශරී­ර­ගත වූ මදු­රු­වන්ට ඩෙංගු වෛර­සය අරං යන්න බැහැ. ඒ වගේම ආයු කාලය කෙටි වෙනවා. ඒ නිසා වෛර­සය පැති­රෙන්න තිබෙන හැකි­යාව නැති වෙනවා.

මෙම බැක්ටී­රි­යාව ශරී­ර­ගත වූ මදු­රු­වන්ගේ ඩෙංගු වෛර­සය වර්ධ­නය වෙන්නේ නැහැ. ඒ තුළින් ඩෙංගු මර්ද­නය කරන්න අපි බලා­පො­රොත්තු වෙනවා. මේ ක්‍රමය ඉන්දි­යාව, ඉන්දු­නී­සි­යාව, විය­ට්නා­මය, ඕස්ට්‍රේ­ලි­යාව, කොලො­ම්බි­යාව, බ්‍රසී­ලය, මෙක්සිකෝ ඇතුළු රට­වල් ගණ­නා­වක ක්‍රියා­ත්මක වෙනවා.

ඕස්ට්‍රේ­ලි­යාව 100%කින් ම ඩෙංගු පාල­නය කර තිබෙන්නේ මෙම බැක්ටී­රි­යාව මදුරු බිත්ත­ර­ව­ලට ඇතුළු කරලා වොල්බැ­කියා බැක්ටී­රියා සහිත ඩෙංගු මදු­රු­වන් ඇති කිරී­මෙන්. සාමා­න්‍ය­යෙන් මදු­රු­වන්ගේ ආයු කාලය දින 120 - 150ක්. ඩෙංගු වෛරස් වාහක මදු­රු­වන් මාස 4කින් 5කින් මිය ගියාම ඊළ­ඟට වොල්බැ­කියා බැක්ටී­රියා ශරී­ර­ගත වූ මදු­රු­වන් බිහි වන්නේ. ඒ නිසා අපට අවු­රු­ද්දක් වැනි කෙටි කාල­ය­කින් ඩෙංගු පාල­නය කරන්න පුළු­වන්.” යනු­වෙන් විස්තර කළේ ජාතික ඩෙංගු මර්දන ඒක‍කයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජය­සේ­කර ය.

මෙම ව්‍යාපෘ­ති­යට මූල්‍යා­ධාර සහ රසා­ය­නා­ගාර පහ­සු­කම් ඕස්ට්‍රේ­ලි­යානු රජ­යෙන් හිමි වේ. එහෙත් වොල්බැ­කියා බැක්ටී­රියා ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක වන්නේ 2020 දීය. එතෙක් අප නිහ­ඬව බලා සිටිය යුතු නැත. මන්ද ඩෙංගු රෝගය ඒ වන තුරු නිශ්ශබ්ද වී බලා නොසි­ටින නිසාය. තවත් නොබෝ දින­කින් ඊසාන දිග මෝසම් වැසි ඇරඹේ. එම වැසි තත්ත්වය සමඟ උතුර, නැගෙ­න­හිර පළා­ත්වල ඩෙංගු සක්‍රීය වනු ඇත. නිරිත දිග මෝසම් වැසි ලැබෙන පළා­ත්වල ද තව­මත් වැසි ලැබෙන බැවින් ඩෙංගු වෛර­සය ව්‍යාප්ත වීමේ අව­දා­නම වැඩිය. මෙම ඩෙංගු තත්ත්වය මැඬ පැවැ­ත්වී­මට නොප­මාව කට­යුතු කළ යුතුය.

ඒ සඳහා ජලය රැඳිය හැකි ඉව­ත­ලන භාජන, ටයර්, පොල් කෝම්බ, පොල්කටු වැනි දෑ විනාශ කළ යුතුය. අව­හිර වූ වැහි පීලි සහ කොන්ක්‍රීට් තට්ටු පිරි­සිදු කළ යුතුය. පක්ෂීන් නාන තටාක සහ පොකුණු, ශීත­ක­ර­ණයේ සහ වායු සම­නය කිරීමේ යන්ත්‍ර­වල ජලය රැ‍ඳෙන තැටි පිරි­සිදු කළ යුතුය. කෙසේ හෝ ඩෙංගු මදු­රු­වන් බෝවිය හැකි ස්ථාන විනාශ කළ යුතුය. සාමා­න්‍ය­යෙන් ඩෙංගු මදු­රු­වන් සක්‍රීය වන්නේ පෙර­වරු 6.00 සිට පෙර­වරු 11.00 දක්වා සහ පස්වරු 3.00 සිට පස්වරු 7.00 දක්වා බැවින් එම කාල සීමා­වන් තුළ මදුරු දෂ්ට­නය පිළි­බ­ඳව විශේ­ෂ­යෙන් සැල­කි­ලි­මත් වීම වටී. අත් පා ආව­ර­ණය වන සේ ඇඳුම් ඇඳී­මෙන් සහ අනු­මත කළ මදුරු වික­ර්ශන සමෙහි ගැල්වී­මෙන් මදුරු දෂ්ට­න­යෙන් වැළකී සිටිය හැකිය.

තද උණ

‍“මේ දව­ස්වල ඉන්ෆ්ලු­වන්සා උණත් වෛරස උණ­කුත් පැති­රිලා තියෙ­නවා. ඒ නිසා තද උණක් ආපු ගමන් ඩෙංගු කියලා තමුන් තීරණ ගන්න එපා. හැකි ඉක්ම­නින් වෛද්‍ය­ව­ර­යකු හමු­වෙන්න යන්න. නිශ්චි­ත­වම හැදිලා තියෙන උණ මොකක්ද කියලා රුධිර පරී­ක්ෂා­ව­කින් දැන­ගන්න පුළු­වන්. කොහො­ම­ටත් තද උණ සමඟ ඔක්කා­රය සහ වම­නය, හිස­ර­දය, ඇස් යට වේද­නාව, මස්පිඬු සහ සන්ධි කැක්කුම, සමෙහි රතු ලප මතු වී තිබීම වැනි රෝග ලක්ෂ­ණ­ව­ලින් කීප­යක් හෝ තිබෙ­නවා නම් එය ඩෙංගු රෝගය විය හැකි යැයි අනු­මාන කරන්න පුළු­වන්. ඒ නිසා ළඟම රෝහ­ල­කට ගිහින් වෛද්‍ය ප්‍රති­කාර ලබා ගැනීම වැද­ගත්. ඩෙංගු බර­ප­තළ වෙන්නේ ඒ ගැන සැල­කි­ල්ලක් නොදක්වා දින කීප­යක් ගත වුණොත් තමයි. ඒ නිසයි හැකි ඉක්ම­නින් වෛද්‍ය­ව­ර­යකු හමු­වෙන්න කියලා උප­දෙස් දෙන්නේ.” යනු­වෙන් වෛද්‍ය අරුණ ජය­සේ­කර සඳ­හන් කළේ ඩෙංගු අව­දා­නම අඩු කර­ගත හැකි ආකා­රය පැහැ­දිලි කර­මිනි. විශේ­ෂ­යෙන් ළද­රු­වන්, ගර්භිණි මවු­ව­රුන් හා ව‍‍යෝවෘද්ධ වැඩි­හි­ටි­යන්ට උණ වැල­ඳුණු විට බලා සිටීම ඉතා අව­දා­නම්ය.

විවේ­කය

ඩෙංගු රෝග­යට ගොදුරු වූ විට ක්‍රීඩා කිරී­මෙන්, ව්‍යායාම හා වෙහෙ­ස­කර කට­යු­තු­ව­ලින් වැළකී සිටිය යුතුය. හැකි තාක් විවේ­ක­යෙන් කාලය ගත කළ යුතු අතර දියර පානය කිරීම අත්‍ය­වශ්‍ය කරු­ණකි. ඩෙංගු රෝගින් උණ හා වේද­නා­වට පැර­සි­ට­මෝල් නිවැ­රදි මාත්‍රා­වෙන් ගැනීම සුදුසු වුවත් ඉබු­යු­ප්‍රෝ­ෆන්, ඩයි­ක්ලෝෆෙ නැක් සෝඩි­යම්, මෙෆ­න­මික් ඇසිඩ් වැනි NSAIP කාණ්ඩයේ සහ ස්ටීරො­යි­ඩ­ව­ලට අය­ත් ­ප්‍රෙ­ඩ්නි­සො­ලේන්, ඩෙක්සා­මෙ­ත­සෝන් වැනි ඖෂධ භාවි­ත­යෙන් වැළකී සිටිය යුතුය.

Comments