අපේ රට වැඩි­යෙන්ම විනාශ වූයේ යහ­පා­ලන වසර පහ ඇතු­ළ­තයි | සිළුමිණ

අපේ රට වැඩි­යෙන්ම විනාශ වූයේ යහ­පා­ලන වසර පහ ඇතු­ළ­තයි

ශ්‍රී ලංකා ඉති­හා­සය තුළ මේ රට දරුණු ලෙසම විනා­ශ­යට පත් වූයේ ඉකුත් යහ­පා­ලන වසර පහක කාලය තුළ බව අප සිහි­පත් කරන්නේ ඉතාම කන­ගා­ටු­වෙන්.

වසර 2500කට වඩා පැරණි ලිඛිත ඉති­හා­ස­යක් ඇති සිංහල බෞද්ධ රටට මේ නඩය කළ ඇතැම් විනා­ශ­කාරී බල­පෑම් නිවැ­රැදි කර ගැනී­මට මෙරට පාල­ක­යන්ට මෙන්ම ජන­තා­වට බොහෝ කාල­යක් ගත වනු ඇත.

ආර්ථික සමා­ජීය දේශ­පා­ලන වශ­යෙන් මේ රට දිනෙන් දින පරි­හා­නි­යට ඇද දමා මෙරට සංස්කෘ­ති­යට කළ විනා­ශ­යට ද ඒ සමයේ සියලු පාල­ක­යන් වග­කිව යුතු බව මා අව­ධා­ර­ණ­යෙන් කියා සිටි­නවා.

කාරණා රැස­කින් රට අරා­ජික වී තිබූ අව­ස්ථා­වක රටේ ජන­තාව දේශීය නාය­ක­යෙක් සොය­මින් සිටියා. රටට හිතැති කොන්ද කෙළින් තබා­ගෙන සිටින මේ රටේ ජන­තා­වගේ හද ගැස්ම හඳු­නන නාය­ක­යකු අව­ශ්‍යව තිබුණා.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මේ රටේ ජනා­ධි­පති ධුර­යට පත්වන්නේ සුවි­ශේෂ සන්ධි­ස්ථා­න­ය­ක­දී කියන්නේ ඒ නිසයි.

එක් අත­කින් ඇම­රි­කානු ව්‍යාප්ත­වා­දය ශ්‍රී ලංකාවේ ස්වෛරී­ත්ව­යට තද ලෙස බල­පෑම් කර­මින් තිබුණා. ගිවි­සුම් අත්සන් කර­මින් මේ රටට ඔවුන් ඇතුළු වීමට උත්සහ කළා. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය කිරීම ම මේ රට දෙකඩ වීම නතර කිරී­මක් බව කා හටත් දැන් පැහැ­දි­ලියි.

එව­කට ආර­ක්ෂක ලේකම් සහ නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ ලේකම් ධුරය හෙබවූ ගෝඨා­භය මහතා කොළඹ නග­රය මෙන්ම ලංකාවේ අනෙ­කුත් නගර සිය­ල්ලම පිළි­වෙ­ළක් ඇති පිරි­සිදු නගර බවට පත් කළා. නගර සැල­සුම් මනාව ක්‍රම­වත්ව සිදු කළා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස කුණු ගොඩක්ව තිබූ කොළඹ නග­රය ලෝකයේ හොඳම නග­ර­යක් බවට පත් කිරී­මට කට­යුතු කළා. ඔහු තමන්ට පැව­රුණු වග­කීම අකු­රට ම ඉටු කරන, ක්‍රියා­වෙන් ඔප්පු කළ ජන නාය­ක­යෙක්.

2015 මහින්ද රාජ­පක්ෂ මහතා පරා­ජය වීමෙන් පසු මේ රට පත්වෙ­න්නට යන ඉර­ණම අපි භික්ෂූන් වහ­න්සේලා හැටි­යට කල්තියා දැන ගත්තා. අප ජන­තා­වට මේ පිළි­බ­ඳව පෙන්වා දුන්නා. ජන­තාව එකි­නෙකා පෙළ ගැසෙ­මින් මහින්ද රාජ­පක්ෂ සහ ගෝඨා­භය රාජ­පක්ෂ යන මහ­ත්ව­රුන් සමඟ අත්වැල් බැඳ ගත්තා.

රට වෙනස් කරන්න පුළු­වන් මේ රට හදන්න පුළු­වන් නාය­ක­යකු සිටින බව අප ජන­තා­වට ප්‍රකාශ කළා. කල්ති­යාම ඒ ජන නාය­කයා අප විසින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සූදා­නම් කළා. ඒ අන් කවු­රු­වත් නෙමෙයි ගෝඨා­භය මහ­ත්තයා. ඒ හිටපු ජන­පති වර්ත­මාන අග­මැති ජන හඬ හඳු­නන මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ආශි­ර්වා­දය සම­ඟයි.

එළිය, වියත් මඟ ඇතුළු සංවි­ධාන රැසක උගත් බුද්ධි­මත් අත්දැ­කීම් සහිත විය­තුන් මෙන්ම ජව සම්පන්න, එඩි­තර තරුණ තරු­ණි­යන්, විශේ­ෂ­යෙන් ම මේ රටේ මුර­දේ­ව­තා­වන් වැනි නායක භික්ෂූන් වහන්සේ ඇතුළු සංඝ­ර­ත්නය සෙසු ආග­මික භක්ති­ක­යන් මේ සියලු දෙනා ‍ගෝඨාභය රාජ­පක්ෂ මහතා ‍වටා එක් වුණා. ඔහු ලද මේ ජය­ග්‍ර­හ­ණය දව­සක දෙකක ජය­ග්‍ර­හ­ණ­යක් නොවෙයි. දීර්ඝ කාල­යක් සැල­සුම් කරලා සිදු කරන ලද දැවැන්ත ව්‍යාපා­ර­යක්.

ඔහුට එරෙ­හිව සටන් කළ කණ්ඩා­යම ගැනත් අප සඳ­හන් කළ යුතුයි. විශේ­ෂ­යෙන් ම විදේ­ශික සංස්කෘ­තිය මෙර­ටට ගෙන ආ මෙරට සම්පත් පිට­ර­ටට විකු­ණ­මින් දේශී­ය­ත්වය වළ දම­මින් මේ ඉති­හා­සය වෙනස් කර­මින් සිංහල කම ගැන කිසි­වක් නොදන්නා අයු­රින් ක්‍රියා කරන දේශ­පා­ල­න­ඥ­යන් පිරි­සක් සමඟ අන්ත­වාදී පිරි­සක් මේ කල්ලිය සමඟ සම්බන්ධ වුණා. ඔවුන් ශ්‍රී ලාංකික ජාතික නාය­ක­යකු සම­ඟයි සටන් කළේ.

උතුරු නැගෙ­න­හිර හැරෙ­න්නට අනෙක් සියලු පළා­ත්වල ජන­තාව ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වැලඳ ගත්තා. උතුරු නැගෙ­න­හිර ජන­තාව වැලඳ ගත්තේ අන්ත­වා­දීන්ගේ දේශ­පා­ලන මත­යයි.

‍ෙම් රට දෙකඩ කිරීමේ උත්ස­හ­යක නිරත වෙමින් අන්ත­වා­දය වපු­ර­මින් කොටි ත්‍රස්ත­යන්ට ඊළ­මෙන් ලබා ගැනී­මට නොහැකි වූ කොටි ඊළාම් රාජ්‍ය වෙනත් අයු­ර­කින් ලබා ගැනී­මට මේ අන්ත­වාදී බිය ගුලු දේශ­පා­ල­න­ඥ­යන් උතුරු නැගෙ­න­හිර ජන­තා­වගේ ඔළු ගෙඩි හෝදලා දමා ඇති බව උතුරු නැගෙ­න­හිර ඡන්ද ප්‍රති­ඵල අනුව පෙන්නුම් වුණා.

මේ අතර සිටින වැඩි පිරි­සක් උත්සාහ කරන්නේ රණ­වි­රු­වන් පෝර­ක­යට යව­න්නයි. කොටි ත්‍රස්ත­වා­දීන්ගේ ග්‍රහ­ණයේ සිටි ලක්ෂ ගණ­නක් වූ අහිං­සක සිවිල් වැසි­යන් ඉන් බේරා­ගනු ලැබුවේ ත්‍රිවිධ හමු­දාව මෙන් ම පොලි­සිය එක්වයි.

තමන්ගේ කුඩා දරුවා පැහැ­ර­ගෙන ගොස් බෝම්බ­යක් ඇගේ බැද මරා­ගෙන මැරෙන බෝම්බ­ක­රු­වන් බිහි කළ දෙමළ වැසි­යන් ප්‍රාණ ඇප­යට ගනි­මින් මේ රටේ ආර්ථික මධ්‍ය­ස්ථාන, ප්‍රධාන නගර පාසල් ඇතුළු සියලු සිවිල් ස්ථාන බිය වැද්දූ ඒ කොටි ත්‍රස්ත­වා­දීන් පරා­ජ­යට පත් කිරී­මට තම ජීවිත අත්, පා, ඇස්, ශරී­රයේ කොටස් අහිමි කර­ගත් මේ රටේ දෙවි­වරු බදු රණ­වි­රු­වන් ජිනිවා මානව කොමි­සම ඉදි­රි­පිට දණ ගස්සවා දඬු­වම් කිරී­මට මේ අය කට­යුතු කළා.

එප­ම­ණක් නොවෙයි මේ රට ත්‍රස්ත­වා­දී­න්ගෙන් බේරා ගැනීමේ මෙහෙ­යු­මේදී අති මහත් කැප කිරී­මක් සිදු කළ හමුදා බුද්ධි අංශ නිල­ධා­රීන් සිර­ගත කර­මින් ඔවු­නට බොරු චෝදනා කළ පිරි­සක් තමයි මේ රටේ බලය ඉල්ලුවේ. එහෙත් මේ සියලු අභි­යෝග ජය ගැනී­මට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට හැකි වුණා. රටේ ජන­තාව ඔහුව විශ්වාස කළා.

දේශ­පා­ල­න­යට අලුත් ම මුහු­ණක් වුණත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියා­ත්මක වූ මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු වෙනස් කළා. පොලි­තීන්, කඩ­දා­සි­ව­ලින් පරි­ස­රය විනාශ කළ මැති­ව­රණ ප්‍රචා­රක ක්‍රම­වේ­දය වෙනස් කළා. ලෝකයේ නව­තම ක්‍රම­යක් වන අන්ත­ර්ජා­ලය භාවිතා කර­මින් ‍තම ප්‍රචා­රක කට­යුතු සිදු කළා‍.

තවත් විශේ­ෂ­ත්වයක් ඔහු තුළ අප දුටුවා. විශේ­ෂ­යෙන් ම මැති­ව­රණ ප්‍රචා­රක රැලි­වල ඔහු කරන මඩ ගසා ගැනීමේ දේශ­පා­ලන ක්‍රමය වෙනස් කළා. දේශ­පා­ල­න­ඥ­යන් විවේ­ච­නය කිරීම වෙනු­වට තමන්ගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ගැන පම­ණක් කතා කළා‍. නිර­න්ත­ර­යෙන් මේ රට ගොඩ­ගන්නා ආකා­ර­යට ධනා­ත්ම­කව කතා කළා. තමන් මීට පෙර බාර ගත් වග­කීම් නිමා කළ අයු­රුත් රට හදන්න ඉදි­රි­යේදී ගන්නා ක්‍රියා­මාර්ග පිළි­බ­ඳ­වත් මනා­වට ජන­තා­වට පැහැ­දිලි කළා.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ඉදි­රි­යේදී දැවැන්ත අභි­යෝග රැසක් තිබෙ­නවා.‍ ඔහු මේ රට ගොඩ­නැ­ගී­මට නම් මේ වූ අභි­යෝග සියල්ල ජය­ග්‍ර­හ­ණය කළ යුතුයි.

විශේ­ෂ­යෙන් ම ලක්ෂ හැට නම­ය­කට අධික ජන­තා­වක් ඔහුට ඡන්දය ලබා­ දුන්නා. මේ පිරි­සගේ දැවෙන ප්‍රශ්න ඉකුත් රජය විසින් ඔවුන්ව අස­රණ කර ඇති තත්ත්ව­යෙන් ගොඩ ගැනීම මෙන් ම ඔවුන්ගේ අභි­ලා­ෂ­යන් ඉටු කිරීම සහ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ඡන්දය ලබා­නො­දුන් පිරිස ඇතුළු සමස්ත ජන­තා­වගේ ම ගෞර­වය මෙන් ම කැමැත්ත තමා තුළට ගනි­මින් ඔවුන්ගේ වුව­මනා එපා­කම් වලට පිළි­තුරු ලබා­දිය යුතුව තිබෙනවා.

අපි­ළි­වෙ­ළ­කට, පක්ෂ­පා­තීව ඉබි ගම­නින් ගිය මෙරට රාජ්‍ය සේවය සක්‍රීය රාජ්‍ය සේව­යක් බවට පත් කර දේශ­පා­ල­න­යට ගැති නොවන ආය­තන ප්‍රධා­නීන් බිහි කර මෙරට රාජ්‍ය සේවය සක්‍රීය සේව­යක් බවට පත් කර ජනතා හිත­වාදී වේග­වත් සහ ක්‍රම­වත් ‍උසස් රාජ්‍ය සේව­යක් බවට පත් කිරීමේ කාර්ය­භා­රය ද ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ඇති සුවි­ශේෂී වග­කී­මක් බව අප සිහි­පත් කර­නවා.

බුද්ධි අංශ අක්‍රීය කර ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් හිර­ගෙ­ව­ල්වල රදවා මේ රට ආර­ක්ෂාව බිංදු­වට බස්සා සහ­රාන්ලා වැනි අන්ත­වා­දීන් මරා­ගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන තුරු නිදා­ගෙන සිටි ආර­ක්ෂක අංශ මෙන් ම දේශ­පා­ලන නාය­ක­යන් විසින් සුණු විසුණු කර තිබූ මේ රටේ ජාතික ආර­ක්ෂාව යළි පෙර තිබූ තත්ත්ව­ය­ටත් වඩා ශක්ති­මත් කිරීම ඉතා ඉක්ම­නින්ම කළ යුතු කාර්ය­භා­ර­යක්.

විශේ­ෂ­යෙන් ම භූගෝ­ලීය වශ­යෙන් රටේ ඒකී­ය­භා­වය ආරක්ෂා කර ගැනීම ද ඉතා සුවි­ශේෂි කර්ත­ව්‍ය­යක්.

දේශීය කෘෂි­ක­ර්මය යළි ස්ථාපිත කර මෙර­ටින් හාල්, පිට­ර­ටට යවන වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කළ යුතුයි. විදේ­ශ­ය­න්ගෙන් ගෙන එනු ලබන ආහාර පාන සියල්ල නතර කර ඒ වෙනු­වට අප රට තුළ එම නිෂ්පා­දන ඇති කර ඒවා­යෙන් ප්‍රමා­ණ­යක් විදේශ වෙළෙ­ඳ­පො­ළට යැවීමේ වග­කීම ද ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ නව­ර­ජයේ ප්‍රබල අභ‍ි­යෝ­ග­යක්.‍ මේ වන­විට ආන­යන සංස්කෘ­ති­යක් ඇති අප රට තුළට අප­න­යන සංස්කෘ­ති­යක් බිහි කළ යුතු වෙනවා.

අතී­තයේ ශ්‍රී ලංකාව යනු ලෝකය පුරා­ටම බඩු භාණ්ඩ යැවූ රටකි්. අද අප මුළු ලෝක­යෙන් ම බඩු භාණ්ඩ ගෙන්වන තත්ත්ව­ය­කට පත්ව තිබෙනවා.

ඉතා හොඳ ක්‍රම­වේ­ද­ය­කට මේ රට ගෙන­ය­මින් අපේ මුදල් පිට­රට යනවා වෙනු­වට පිට­රට මුදල් අපට ගෙන්වා ගත හැකි ආර්ථික ක්‍රම‍වේ­ද­යක් වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා සතු බව ජන­තාව හොඳින් වට­හා­ගෙන තිබෙනවා. මේවා ක්‍රියා­ත්මක කිරී­මේදී ඔහුට නොයෙක් අභි­යෝ­ග­ව­ලට මුහුණ දීමට සිදු වනු ඇති. ලෝක­යම වෙළා­ගෙන සිටින බහු ජාතික සමා­ගම් මෙන් ම ජාත්‍ය­න්තර බල­වේග සම­ඟද ගැටී­මට සිදු­වේ. ඒවා ද ජය­ගත හැකි ශක්ති­යක් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාට ඇති බව ජන­තාව මේ වන­විට දැන සිටිනවා.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­රයා ලෙසට පත්වූ මේ කෙටි කාලය තුළ ඔහුගේ රජය සහ ‍ඔහු ක්‍රියා කළ ආකා­ර­යන් පිළි­බ­ඳව ජන­තා­වට මෙන් ම ලෝක‍යේ බොහෝ ජන නාය­ක­යන්ගේ ප්‍රසා­ද­යට ලක්වී තිබෙනවා.

ජනා­ධි­ප­ති­ව­රයා ඉතා­මත්ම සරල ජීවි­ත­යක් ගත කරන අතර ඔහු ගමන් බිමන් යාමේදී පරි­වා­රක රථ පිරි­ව­රා­ගෙන ගමන් නොක­රයි‍. වෙනදා ජනා­ධි­ප­ති­ව­ර­යකු විදේශ ගත වන­විට සිය ගණ­නක් ඔහු සමඟ විදේශ ගත­වෙයි. එහෙත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සිය ප්‍රථම සංචා­රය ඉන්දි­යා­වට ගියා. එහිදී අත්‍ය­වශ්‍ය පුද්ග­ල­යන් දස දෙනෙකු පම­ණයි රැගෙන ගියේ. මෙය ඉතා හොඳ ආද­ර්ශ­යක් ‍ඔහු ආද­ර්ශ­වත් වන­විට මෙරට සියලු දේශ­පා­ල­න­ඥ­යන්ට ඔහුව අනු­ග­ම­නය කිරී­මට සිදු­ වෙයි. ඒ තුළින් යහ­පත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් මෙරට තුළ බිහි වන බව අපට විශ්වාස කළ හැකියි.

ගෝඨා­භය ජනා­ධි­ප­ති­ව­ර­යාට තවත් කරුණු කිහි­ප­යක් අපි අව­ධා­ර­ණය කළ යුතු ය. කිසිදු සොයා බැලී­ම­කින් තොරව ඉකුත් පාලන සමයේ රටට අහි­ත­කර ගිවි­සුම් අස්සන් කළා. මේ මගින් රට අරා­ජික කර­මින් සිටියා. මේ තුළින් මේ රටේ ස්වාධි­ප­ත්‍යය ඒකීය භාවය නැති කර­මින් සිටියේ. මෙන්න මේ බල­වේග පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ රජය අව­ධා­න­යෙන් සිටිය යුතුයි.

කිසි බැලී­ම­කින් වගකීමකින් තොරව විදේ­ශි­ක­යන් මෙර­ටට පැමි­ණෙ­නවා. සංචා­රක නොවන පුද්ග­ල­යන් මේ රටේ බින්න බහින්න උත්සාහ කර­නවා. ඒ වගේ ම ඉකුත් සමයේ සර­ණා­ග­ත­යන් ලෙස නොයෙක් අන්ත­වාදී කණ්ඩා­යම් මේ රටට ඇතු­ළ්ක­ර­ගත්තා. දස දහස් ගණ­නින් ඒ පිළි­බ­ඳව විශේෂ අව­ධා­නය යොමු කර මේ තත්ත්වය වහාම නතර කිරී­මට පිය­වර ගත යුතුයි.

පුරා­විද්‍යා ස්ථාන, ආග­මික ස්ථාන, සංස්කෘ­තික වටි­නා­ක­මක් ඇති ස්ථාන ඉතා ශීඝ්‍ර­යෙන් ඉකුත් පාලන සමය තුළ විනාශ කළා. මේවා යළි රැක ගැනී­මට කට­යුතු කළ යුතු බව අප ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­ධා­ර­ණය කර­නවා.

බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන් ම පූජ­නීය ස්ථාන රැක ගැනී­ම­ටත් ඒවායේ අයි­තිය ලබා දීම­ටත් කට­යුතු කළ යුතු බව අප සිහි­පත් කර­නවා. කුඩා ළමුන් ඇතුළු නොයෙක් සමාජ පන්ති ඇබ්බැහි වී සිටින මත්ර­කුසා පන්නා දැමීම පිළි­බ­ඳව ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දැඩි පිය­ව­රක් ගනු ඇතැයි අප බලා­පො­රොත්තු‍ ෙවනවා.

Comments