අන්ත දුප්ප­තුන්ට වෙන් කරපු සමෘද්ධි සල්ලිත් පිල්ලි යැවූ ලැජ්ජා නැති මිනිස්සු | සිළුමිණ

අන්ත දුප්ප­තුන්ට වෙන් කරපු සමෘද්ධි සල්ලිත් පිල්ලි යැවූ ලැජ්ජා නැති මිනිස්සු

යන්ත හේවා­මා­න්නට සමෘද්ධි ප්‍රති­ලාභ ලැබී­මට සුදුසු වුවත් ඔහුට එය කිසි විටෙ­කත් ලැබී නැත. ඔහු වකු­ගඩු අක­ර්මණ්‍ය වීම හේතු­වෙන් වසර ගණ­නා­වක් හම්බ­න්තොට මහ රෝහ­ලට නිතර පැමි­ණෙන අයෙකි. සිව් දරු පියෙකු වන ඔහු, තැල­සී­මියා රෝග­යෙන් පෙළෙන අවු­රුදු එක­හ­මා­රක් වය­සැති සිය නිවුන් දරු­වන් සඳහා මාසි­කව රුපි­යල් අට­ද­හ­සක් වැය කරයි.

“මමත් රෝගී තත්ව­යෙන් පෙළෙන නිසා රස්සා­ව­ක්වත් කරන්න බැරි­වෙලා ඉන්නේ. ඒ නිසා මම සමෘද්ධි ආධාර ලබා­ගන්න හම්බ­න්තොට ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ අවශ්‍ය නිල­ධා­රීන්ට ඉල්ලු­ම්පත් බාර­දුන්නා. නමුත් මට සමෘද්ධි ආධාර ලබා­දුන්නේ නැති නිසා මිට මාස 4 කට පමණ පෙර අභි­යා­ච­න­ය­කුත් බාර­දුන්නා. ඒත් මට තාම සමෘද්ධි ආධාර ලබා­දුන්නේ නෑ. නමුත් ඇති හැකි අයට සමෘද්ධි ආධාර ලබාදී තිබෙ­නවා.” හම්බ­න්තොට සිරි­බෝ­පුර 12 කොටසේ පදිංචි ජයන්ත හේවා­මාන්න (38) කියා සිටී.

හේවා­මාන්න වැනි සමෘද්ධි ප්‍රති­ලාභ හිමි විය යුතු දුගී ශ්‍රී ලාංකි­ක­යන් දහස් ගණ­නක් සමෘද්ධි ප්‍රති­ලා­භ­ව­ලින් බැහැර කර ඇත. සමෘද්ධි විය­දම් සම්බ­න්ධ­යෙන් සිදු කළ විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වුයේ බල­ධා­රීන් 2019 මුල් මාස නවය තුළ සමෘද්ධි ආධාර බෙදා­දීමේ උත්සව සහ ඒ හා සම්බන්ධ ප්‍රව­ර්ධන කට­යුතු වෙනු­වෙන් මෙන්ම උත්සව සඳහා පැමි­ණෙන ප්‍රති­ලා­භීන්ට ටී ෂර්ට් ලබා­දීම සඳහා සමස්ත සමෘ­ද්ධි­ලා­භීන්ට මාස තුනක සමෘද්ධි ප්‍රති­ලාභ ලබා­දී­මට තරම් ප්‍රමා­ණ­වත් මුද­ලක් විය­දම් කර ඇති බවය.

පසු­ගිය රජයේ ප්‍රාථ­මික කර්මාන්ත සහ සමාජ සවි­බ­ල­ගැ­න්වීමේ අමා­ත්‍යාං­ශය යටතේ පැවති සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව මඟින් දුප්ප­ත්කම තුරන් කිරීම වෙනු­වෙන් යැයි පව­ස­මින් රටේ මහ­ජ­න­තා­වට අයත් රුපි­යල් එක­සිය හැත්තෑ­නව කෝටි අනු ලක්ෂ දෙද­හස් පන්සීය පහ­ළො­වක (1,799,002,515.76) මුද­ලක් 2019 වර්ෂයේ ජන­වාරි සිට සැප්තැ­ම්බර් මස දක්වා පම­ණක් සමෘද්ධි ආධාර ලබා­දීම සඳහා වෙන් කර ඇත. ඉන් උත්සව සඳහා පැමි­ණෙන ප්‍රති­ලා­භීන්ට ටී ෂර්ට් ලබා­දීම සඳහා රුපි­යල් එක­සිය හත­ලිස් නව කෝටි දහ­නව ලක්ෂ අනූ­හ­ත්ද­හස් පන්සී­යක මුද­ලක් (1,499,197,500.00) ද උත්සව පැවැ­ත්වීම සඳහා රුපි­යල් විසි­නව කෝටි අනු අට­ලක්ෂ පන්ද­හස් දාස­යක මුද­ලක් (299,805,016) වැය කර තිබෙන බව තොර­තුරු දැන­ගැ­නීමේ පන­තට අනුව සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා­ගත් තොර­තුරු මඟින් අනා­ව­රණ වේ.

පසු­ගිය 2018 වර්ෂ තුළ සමෘද්ධි ආධාර ලබා­දීමේ උත්සව සහ මාධ්‍ය ප්‍රචා­රණ කට­යුතු වෙනු­වෙන් එක්කෝටි හය ලක්ෂ­ය­කට අධික ( 10,672,695.5) මුද­ලක් වැය කර තිබේ. එමෙන්ම 2017 වර්ෂයේ හා 2016 වර්ෂය තුළ කිසිදු මුද­ලක් උත්සව සඳහා වැය නොකර දුප්පත් ජන­තා­වට අවශ්‍ය සමෘද්ධි ආධාර ලබාදී ඇති බව ද තොර­තුරු දැන­ගැ­නීමේ පනත මඟින් ලබා­ගත් තොර­තුරු මඟින් අනා­ව­ර­ණය කර­ගැ­නී­මට හැකි විය.

හුදෙක් එම මුදල තෝරා­ගත් ප්‍රති­ලා­භීන්ට මාස 03ක පමණ කාල­යක් සමෘද්ධි ප්‍රති­ලාබ ලබා­දී­මට තරම් ප්‍රමා­ණ­වත් මුද­ලක් වන අතර එය ලබා­දුන් සමෘද්ධි සහ­නා­ධාර වටි­නා­ක­මින් 5% ක මුද­ලක් ද වේ. සමෘද්ධි ප්‍රති­ලාභ ලෙස රජය එක් පවු­ල­කට මස­කට රුපි­යල් 1500 සිට 3500 දක්වා වූ මුද­ලක් ලබා දෙන අතර එය තීර­ණය වන්නේ ප්‍රති­ලාභී පවුලේ සිටින සාමා­ජික සංඛ්‍යාව අනුව ය.

ටී ෂර්ට් ඇන්ද­වීම

2019 වර්ෂයේ සමෘද්ධි ආධාර ලබා­දීමේ උත්සව අවස්ථා වෙනු­වෙන් වැඩි මුද­ලක් වැය කර ඇත්තේ එම උත්සව අව­ස්ථා­වන්ට පැමි­ණෙන ජන­තා­වට ටී ෂර්ට් සම්පා­ද­නය කිරීම සඳ­හාය. එම කොන්ත්‍රාත් ලබාදී ඇත්තේ comfort International ​Lanka(Pvt) Ltd යන පෞද්ග­ලික ආය­ත­න­ය­කට බව සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා­ගත් තොර­තු­රු­ව­ලින් අනා­ව­ර­ණය විය.

කෙසේ නමුත් ටී ෂර්ට් සඳහා කොන්ත්‍රාත් ලබා­දුන්නා යැයි පව­සන රත්ම­ලාන ප්‍රදේ­ශයේ comfort international Lanka(Pvt) Ltd යන පෞද්ග­ලික ආය­ත­නය සම්බ­න්ධ­යෙන් අප කළ සොයා බැලීමේ දී එවැනි ආය­ත­න­යක් සම්බ­න්ධ­යෙන් තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මට නොහැකි වූ අතර පසුව අන්ත­ර්ජා­ල­යෙන් ලබා­ගත් තොර­තුරු අනුව එහි සඳ­හන් වී තිබු දුර­ක­තන අංක­යක් ලබා­ග­නි­මින් එම ආය­ත­න­යට ඇම­තු­වත් එය භාවි­තයේ නැති විය. මේ සම්බ­න්ධ­යෙන් කරුණු අනා­ව­ර­ණය කර­ගැ­නීම සඳහා අප සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මෙ­න්තුවේ ගිණුම් අංශ­යෙන් කළ වීම­සි­මක දී එහි සිටි නිලි­ධ­රි­නි­යක කියා සිටියේ එම ටී ෂර්ට් සම්බ­න්ධ­යෙන් සහ තවත් කාරණා කීප­යක් සම්බ­න්ධ­යෙන් විග­ණ­න­යක් පැවැ­ත්වී­මට අදාළ ලේඛන රැගෙන ගොස් ඇති බැවින් එම ආය­ත­නය සම්බ­න්ධ­යෙන් සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මෙ­න්තුව සතුව තොර­තුරු නැති බවය.

විග­ණ­කා­ධි­පති දෙපා­ර්ත­මේ­න්තුවේ සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව භාරව කට­යුතු කරනු ලබන විග­ණක අධි­කා­රී­ව­රිය පවසා සිටියේ සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පසු­ගිය ආණ්ඩුව සමයේ සිදු කළ ටී ෂර්ට් ලබා­දීම ඇතුළු කාරණා කීප­යක් සම්බ­න්ධ­යෙන් විග­ණ­න­යක් පව­ත්වන බවත් ඒ සම්බ­න්ධ­යෙන් සිදු කළ විග­ණන කට­යුතු මේ වන විට අව­සන් වෙමින් තිබෙන බවත් ය. නමුත් එහි රහ­ස්‍ය­භා­වය සුරැ­කිය යුතු බැවින් තමන්ට එම තොර­තුරු ලබා­දී­මට නොහැකි බව ද විග­ණක අධි­කා­රි­ව­රිය කියා සිටියා ය.

කෙසේ නමුත් මේ තරම් මුද­ලක් සමෘද්ධි ප්‍රති­ලාභ ලබා­දීමේ උත්සව හා ඒ වෙනු­වෙන් සිදු කළ විවිධ කට­යුතු සඳහා වැය කිරීම සම්බ­න්ධ­යෙන් පසු­ගිය රජයේ ප්‍රාථ­මික කර්මාන්ත සහ සමාජ සවි­බ­ල­ගැ­න්වීමේ අමා­ත්‍යාං­ශය භාරව සිටි හිටපු අමාත්‍ය දයා ගමගේ මහ­තා­ගෙන් කළ විම­සී­ම­කදී ඔහු කියා සිටියේ එම ටී ෂර්ට් එකක් රුපි­යල් 450ක පමණ අඩු මුද­ල­කට ලබා­ගෙන එය සමෘද්ධි ලාභී­න්ටම ලබා­දී­මට කට­යුතු කළ බවයි.

නමුත් හිටපු අමා­ත්‍ය­ව­රයා කියා සිටි පරිදි ටී ෂර්ට් මුද්‍ර­ණය කර ඇත්තේ එක් දිස්ත්‍රි­ක්ක­ය­කින් පුද්ග­ල­යන් පන්ද­හස ( 5,000 ) බැගින් දිස්ත්‍රික්ක 25ක සමෘද්ධි ලාභීන් 1 25,000ක් දෙනා දැනු­වත් කිරී­ම­ටය. ඔහුට අනුව ඒ සඳහා වැය කර ඇත්තේ රුපි­යල් පන්කෝටි හැට දෙලක්ෂ පන­ස්ද­හ­සක් (56,250,000 ) පම­ණකි. නමුත් ඒ වෙනු­වෙන් රුපි­යල් කෝටි 149ක් පමණ වැය කිරීම සම්බ­ධ­යෙන් තමා දැනු­ව­ත්වී­මක් නැති බව ද ඔහු කියා සිටි­යේය.

ටී-ෂර්ට් කොන්ත්‍රා­ත්කරු, comfort international (Pvt) Ltd යන පෞද්ග­ලික ආය­ත­නය තෝරා­ගත්තේ කෙසේ ද සහ ඔවුන්ට ගෙවනු ලැබුවේ කෙසේ ද යන්න පිළි­බඳ තමා නොදන්නා බව ද හිටපු අමාත්‍ය දයා ගමගේ පැව­සීය. ඒ සම්බ­න්ධ­යෙන් තොර­තුරු දැන­ගැ­නීම සඳහා සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සම්බන්ධ කර­ගත්ත ද ඔවුන් මේ සම්බ­න්ධ­යෙන් පිළි­තුරු දීම ප්‍රති­ක්ෂේප කරන ලදී .

කෝටි 29ක උත්සව

එමෙන්ම එම 2019 වර්ෂයේ අදාළ කාලයේ අනෙ­කුත් මුදල් වැය කර ඇති ආකා­රය පිළි­බඳ කරුණු විම­සීමේ දී සමෘ­ද්ධි­ලා­භීන්ට සමෘද්ධි ආධාර ලබා­දීමේ උත්සව වෙනු­වෙන් රුපි­යල් විසි­නව කෝටි දොළොස් ලක්ෂ දස දහස් හාර­සිය තිස් හත­රක මුද­ලක් (291,210,434) ද ඒ වෙනු­වෙන් පෝස්ටර්, කට­වුට් ගැසීම සඳහා අසූ එක්ලක්ෂ අනු­දා­හක (8,190,000.00) මුද­ලක් ද විය­දම් කර තිබෙන බව අනා­ව­ර­ණය වේ. එමෙන්ම එම උත්සව වෙනු­වෙන් පුව­ත්පත් දැන්වීම් ඇතුළු මාධ්‍ය දැන්වීම් සඳහා හාර ලක්ෂ හාර­ද­හස් පන්සි­ය­යක (404,581.50) මුද­ලක් ද වැය කර තිබේ .

මෙවන් විශාල මුද­ලක් පසු­ගිය රජය මගින් සමෘද්ධි ප්‍රති­ලාභ ලබා දීමේ උත්සව වෙනු­වෙන් වැය කරනු ලැබු­වත් පෙර වර්ෂ­වල ප්‍රති­ලාභ ලබා­දුන් පවුල් සංඛ්‍යාව සම්බ­න්ධයෙ සහ ඒ වෙනු­වෙන් ලබා­දුන් මුදල් වටි­නා­කම් සම්බ­න්ධ­යෙන් සලකා බැලූ විට පෙනී යන්නේ පෙර වර්ෂ­වල සමෘද්ධි ප්‍රති­ලාභ ලබා­දීම වෙනු­වෙන් වැය කර ඇති මුද­ලට වඩා අඩු මුද­ල­ක්එම කාලය තුළ දී යොදවා ඇති බවය.

ප්‍රති­ලාභ අඩු වෙලා

2018 ට සාපේ­ක්ෂව මේ වසරේ එක් පවු­ල­කට සමෘද්ධි ප්‍රති­ලා­භය 10.6%කින් අඩු වී ඇති බව නිල දත්ත වාර්තා සඳ­හන් කරයි. එහිදී 2018 වස­රේදී සමෘද්ධි ප්‍රති­ලාභී එක් පවු­ලක් සඳහා මස­කට සාපේක්ෂ වශ­යෙන් රුපි­යල් 2363 පමණ ලබාදී ඇති අතර සමෘද්ධි ආධාර මුදල 2019 වර්ෂ­යේදී 2114 දක්වා අඩු වී තිබේ .

2019 වර්ෂයේ මාස නව­යක කාල­ය­කට සාපේ­ක්ෂව පසු­ගිය 2016 වර්ෂයේ සිට පිළි­වෙ­ළින් 2018 වර්ෂය දක්වා සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව මගින් මේ ආකා­ර­යෙන් සමෘද්ධි ආධාර ලබා­දීම සිදු කර ඇති නමුත් 2019 වර්ෂයේ ජන­වාරි සිට සැප්තැ­ම්බර් මස දක්වා සමෘද්ධි ආධාර ලබා දුන් ජන­තා­වගේ වැඩි වීමක් තිබු­ණත් එහි දී ලබා­දුන් මුදල අනෙ­කුත් වර්ෂ­යන්ට සාපේ­ක්ෂව අඩු මුද­ලක් වේ. (තොර­තරු දැන­ගැ­නීමේ පනත මඟින් සමෘද්ධි සංව­ර්ධන දෙපාර්ත මේන්තු­වෙන් ලබා­ගත් තොර­තුරු)

දුප්ප­ත්කම තුරන් කිරීමේ මානව අයි­තිය සුරැ­කීමේ අර­මු­ණින් ක්‍රියා­ත්මක වන සමෘද්ධි ආධාර ලබා­දීමේ ක්‍රියා­ව­ලිය තුළ තමන්ගේ බලය ප්‍රව­ර්ධ­නය වෙනු­වෙන් රටේ ජන­තා­වගේ බදු මුදල් මේ ආකා­ර­යෙන් විනාශ කිරී­මෙන් සිදු වන්නේ රටේ පොදු මහත් ජන­තා­වම තව දුර­ටත් ණය බරිත කර දුප්පත් කිරී­මකි.

'' තමන්ගේ සල්ලි තමන් විය­දම් කිරීම සහ අනුන්ගේ සල්ලි විය­දම් කිරීම අතර ගැට­ලුව මෙතුළ තිබෙන දෙයක්. රටක ආණ්ඩු­වක ආදා­යම් විය­දම් තත්ත්ව­යත් සමඟ ගත් විට නාස්ති­කාරී සහ ඵල­දායි නොවන විය­දම් අවම කර­ගැ­නීමේ උත්සා­හ­යක් මෙන්ම විය­දම් කරන සෑම රුපි­ය­ල­ක­ටම ඒ රුපි­ය­ලට වඩා වැඩි වටි­නා­ක­මක් ලැබෙන විදි­යට විය­දම් සකස් විය යුතුයි.’’ යනු­වෙන් කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යාව පිළි­බද මහා­චාර්ය සිරි­මල් අබේ­රත්න මහතා කියා සිටි .

''නමුත් මේ විය­දම් කරන අර­මුණු බොහෝ විට ආර්ථික අර­මු­ණුම වෙන්නේ නැහැ. එය වෙනත් අර­මුණු සඳහා ද යොදා­ගැ­නී­මෙන් ඕනෑම රටක ආර්ථි­ක­යට බල­පෑ­මක් සිදු විය හැකියි.’’ මහා­චාර්ය සිරි­මල් අබේ­රත්න මහතා කියයි.

මේ ආකා­ර­යෙන් විශාල මුද­ලක් වැය කර­මින් සමෘද්ධි ආධාර ලබා­දීමේ උත්සව පව­ත්වනු ලැබු­වත් එදි­නට එම ආධාර ලබා­දීම සිදු කෙරුණේ සංකේ­ත­යක් වශ­යෙන් පමණි. පසුව ප්‍රාදේ­ශීය මට්ට­මින් දේශ­පා­ල­න­ඥ­යන් නැවත සමෘ­ද්ධි­ලාභී ජන­තාව ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සඳහා ගෙන්වා එම සමෘද්ධි ආධාර ලබා­දීම සිදු කරනු ලැබීම දක්නට ලැබිණි. සමෘද්ධි ප්‍රති­ලා­භීන්ට ප්‍රධාන උත්ස­ව­ව­ලින් පසු මුදල් ලබා­ගැ­නීම සඳහා නැවත නැවත උත්ස­ව­ව­ලට සහ­භාගී විය යුතු බව, සමෘ­ද්ධි­ලාභි ජන­තාව පව­සයි.

සමෘද්ධි සහ­නා­ධා­රය යම් අයෙකු විසින් ඉල්ලුම් කරන්නේ නම් ඒ සඳහා යම් ක්‍රම­වේ­ද­යක් පවතී. එහිදී අදාළ ඉල්ලු­ම්කරු සිය ඉල්ලීම වසම බාරව කට­යුතු කරනු ලබන සමෘද්ධි සංව­ර්ධන නිල­ධා­රි­යාට, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට, දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යට හෝ සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන කාර්යා­ල­යට ඉදි­රි­පත් කළ හැකිය. ඒ අනුව එකී ඉල්ලීම සම්බ­න්ධ­යෙන් කමි­ටු­වක් මඟින් විශ්ලේ­ෂ­ණය කර ප්‍රාදේ­ශීය ලේකම්ගේ නිර්දේ­ශය මත සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ අනු­මැ­තිය මත සමෘද්ධි සහ­නා­ධා­රය ලබා­දී­මට කට­යුතු කරනු ලබයි.

සමෘ­ද්ධි­ලා­භීන් තෝරා­ගැ­නීමේ දී දේශ­පා­ලන බල­පෑම්

එහි දී සමෘද්ධි සහ­නා­ධා­ර­යක් ලබා­දී­මට සුදු­සු­කම් මොනවා ද යන්න සම්බ­න්ධ­යෙන් සිදු කළ සොයා බැලීමේ දී, අව­ධා­නය යොමු කළ කරුණු ලෙස පවුලේ සාමා­ජික සංඛ්‍යාව, කාන්තා මූලික පවුල්, මවු­පි­යන් අහිමි වීම, ආපදා තත්ත්ව­යට නිර­න්ත­ර­වම ලක් වීම ආදී කරුණු සඳහා මුලික අව­ධා­නය කළ යුතු බව දැක­ගත හැකි විය. ඒ සඳහා ප්‍රාදේ­ශීය ලේකම්, සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් හෝ බලය පැවරු නිල­ධා­රි­යෙකු කමිටු සභා­පති, සමෘද්ධි මුල­ස්ථාන කළ­ම­නා­කරු, සමෘද්ධි ප්‍රාදේ­ශීය සංවි­ධාන සඳහා අධ්‍ය­ක්ෂක ජන­රා­ල්ව­රයා විසින් නම් කරන ලද සාමා­ජි­ක­යන් තිදෙනා ද සම­න්විත ප්‍රාදේ­ශීය කමිටු මඟින් මෙන්ම වසම් කමිටු මඟින් එම තෝරා­ගැ­නීම සිදු කරනු ලබන බව සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා­ගත් තොර­තු­රු­වල පැහැ­දි­ලිව දක්වා තිබේ.

නමුත් මේ සම්බ­න්ධනේ සිදු කළ සොයා­බැ­ලී­මේදී අනා­ව­ර­ණය වූයේ සමෘද්ධි සහ­නා­ධා­රය ලැබිය යුතු පවුල් සඳහා ද එම ආධාර නොලැබී ඇති බවය. ඒ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ, අදාළ ප්‍රදේ­ශයේ සමෘ­ද්ධි­ලා­භීන් තෝරා­ගැ­නීමේ දී ආණ්ඩු පක්ෂය නියෝ­ජ­නය කරන නියෝ­ජි­ත­යන් විසින් සමෘද්ධි සහ­නා­ධාර ලබා­දීම සඳහා සකස් කරන ලද ලේඛ­න­යක් ද ඉදි­රි­පත් කර ඇති බවය. එහි දී ඉහත කමි­ටු­වල සහ දේශ­පා­ලන නියෝ­ජි­ත­යන් විසින් තෝරා නම් කරන ලද ලැයිස්තු දෙකේම සිටින පුද්ග­ල­යන්ට පම­ණක් සමෘද්ධි ආධාර ලබා දීමට කට­යුතු කර තිබේ. එහිදී සිදු වන්නේ තම දේශ­පා­ලන පක්ෂ­යට හිතැති පිරි­සට පම­ණක් සමෘද්ධි ආධා­රය ලබා­දීම පමණි. මේ සම්බ­න්ධ­යෙන් දිව­යිනේ දිස්ත්‍රික්ක කීප­යක ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් කීප­දෙ­නෙකු මෙන්ම ග්‍රාම නිල­ධා­රීන් කීප දෙනෙ­කු­ගෙන් කළ විම­සී­මේදී කියා සිටියේ ඔවුන් විසින් සකස් කරන කමි­ටු­වල නොසි­ටිය පුද්ග­ල­යන්ට සමෘද්ධි ලැබී ඇති බවත් එහි සිටි බොහෝ දෙනෙ­කුට සමෘද්ධි අහිමි වී ඇති බවත් ය.

 

Comments