‘රන් ලංකා’ රේඩි­යෝ­වට වසර තුනයි | සිළුමිණ

‘රන් ලංකා’ රේඩි­යෝ­වට වසර තුනයි

ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ උසස් රස වින්දනය වෙණුවෙන් ආරම්භ වූ රේඩියෝ රන් ලංකා වෙබ් ගුවන් විදුලියට දෙසැම්බර් මස 11 වෙනිදා වන විට වසර තුනක් සැපිරෙයි.

බොහෝ ගුවන් විදුලි නාලිකා වල මූලික අරමුණ ශ්‍රාවකයින්ට විනෝදාස්වාදය ලබා දීම වූවත් රේඩියෝ රන් ලංකා ගුවන් විදුලියේ වැඩ සටහන් ශ්‍රාවකයින්ගේද සහය ඇතිව සකස් කරණු ලබන්නේ දැනුම අවබෝධය ඇති කිරීමටත් ශ්‍රාවකයින්ගේ විවිධ අංශ වල කුසලතා වර්ධනය කරවීමත් පිණිසය.

මේ රේඩියෝ රන් ලංකා ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීමේ පුරෝගාමිත්වය හා ගෞරවය හිමි වන්නේ ද මුල්ම සභාපතිත්වය අයත් වන්නේද එදා ප්‍රවීණ මාධ්‍යවේදිනියක වශයෙන් රටේ සුප්‍රසිද්ධ වූ රාජිනී ජාලියගොඩ මහත්මියටය.

එතුමිය මේ වන විට දෙහිවල භාරතී මෙහෙණින් වහන්සේ වශයෙන් සසුන්ගත වීමත් සමගම වත්මන් සභාපතිනිය වශයෙන් රේඩියෝ රන් ලංකා වෙබ් ගුවන් විදුලිය මෙහෙයවනු ලබන්නේ දිනිති ජාලියගොඩ මහත්මියයි.

වසර දෙකහමාරක පමණ කාලයක් රාජිනී ජාලියගොඩ මහත්මියගේ සභාපතිත්වය යටතේ අධ්‍යක්ෂිකාධූරය හෙබවූ දිනිති ජාලියගොඩ මහත්මියගේ සහයට සිටින රේඩියෝ රන් ලංකා කාර්ය මණ්ඩලයේ හංස කීර්තිසිංහ,බුද්ධිනී ඉපලවත්තගේ,මිලාන් තෙන්නකෝන්,රවිදු යොමාල් පෙරේරා,රුවන් හදින්නාපොල, ආරියවංශ කුලතිලක, චතුරිකා නදීශානි, සම්මානි සිරිවර්ධන ,පියවි පතිරණ, වගීෂ අබේසිංහ, ගීත් දසනායක, තේෂානී අවින්දිකා, ශානුකලෂාන් රාජපක්ෂ සහ ලමා නිවේදිකාවන් අනුකි උසාරා ඉන්සරී, බිමාය. අකාෂි, ෂෙනාරි ඉසෙත්මි වික්‍රමනායක, නෙතුකි නෙතුම්ලි පද්මසිරි යන පිරිස විසින් දැඩි කැප කිරීමකින් යුතුව ඉදිරිපත් කරණු ලබන විවිධ වැඩ සටහන් නිසාම එම ගුවන් විදුලිය මේ කාලය පුරාම හැඩ වැඩ වී තිබේ.

ඊට අමතරව කීර්තිසිංහ ජාලියගොඩ, නිල්මිණි ජාලියගොඩ, තිලිණ රාජපක්ෂ, ලක්දිල් පීරිස්, මනොජ් චතුරංග, ලෝචනා ධනුදි, නවුමි තත්සරණි, චරිත් උමගිලිය, යන පිරිසගේ හා විශාල ශ්‍රාවක පිරිසේ සහයෝගය රන් ලංකා රේඩියෝව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඉවහල් වී තිබේ.

රන් ලංකා රේඩියෝවට වසර තුනක් පිරී හතර වැනි වසරට පාතබන මේ මොහොතේදී අප සමග රැදී සිටිමින් විවිධ අන්දමින් අපට සහය වූ ඔබ සැමට රන් ලංකා කාර්ය මණ්ඩලයේ ස්තූතිය හිමි වන අතර අපගේ ගුවන් විදුලි වැඩ සටහන් ඔබ ලෝකයේ කොතැනක සිටියත් www.radioranlanka.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හා radioranlankafacebook පිටු. ඔස්සේද radioranlankayoutube චැනලය ඔස්සේ ද ශ්‍රවණය කළ හැකි බවද ඉතා සතුටින් මතක් කරමි. 

 

Comments