රාමු­වෙන් එපිට අලුත් දෙයක් කරන්න ආසයි | සිළුමිණ

රාමු­වෙන් එපිට අලුත් දෙයක් කරන්න ආසයි

ඔහු ගයාන් මලින්ත අධිකාරී, නමුත් සංගීත ක්ෂේත්‍රයේ භාවිත වන ඔහුගේ නම ගන්ස් රෝසස්. ගයාන් බේස් ගිටාර් වාදන ශිල්පියෙක්. රන්දික නාත් ප්‍රමුඛ වේයන්ගොඩ සියාරා වාදක කණ්ඩායමට තමයි ඔහු සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. සියාරා ඇරඹුවේ 2014 දි.

ගයාන් ඒ කාලේදිම සිරස දහසක් මල් වැඩසටහනටත් ඉදිරිපත් වෙලා. එම වැඩසටහනේ නම සූර්යයා. ඔහු දැන් සමාජ ජාලා වෙබ් අඩවිවල ජනප්‍රිය බේස් ගිටාර් වාදකයෙක්.

“මම මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලේ ඉගෙනගත්තේ. පාසලේ මම විෂයයක් ලෙස සංගීතය කළේ නැතුවට පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. අ.පො.ස. උ.පෙළ හැදෑරුවෙ වාණිජ විෂය ධාරාවෙන්. ඒත් මම සංගීතයට ප්‍රිය කළ නිසා තමයි බේස් ගිටාර් අංශයට යොමු ව‍ුණේ. අම්මයි, තාත්තයි, අක්කයි මට හැමදාමත් උදව් කළා. මම කැමැතියි සාමාන්‍ය බේස් ගිටාර් වාදන ශිල්පියෙක් ලෙස රාමුවෙන් එළියට ගිහින් කටයුතු කරන්න. වෙනස් දෙයක් අලුත් දෙයක් කරන්න. හුඟාක් අය එකම රැල්ලට කොටුවෙලා ඉන්නේ. මම ඒ රැල්ලෙන් එළියට ගියාම, හුඟාක් අය මා හිතුවටත් වඩා මාව වැලඳගත්තා. ළඟදි මම එංගලන්තයේ සංචාරයක නිරත වෙන්නයි ඉන්නේ. මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න මා බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

බේස් ගිටාර් ප්‍රමුඛ සංගීත කලාවේ ඉදිරියට යෑමට අපිද ඔහුට සුබ පතමු.

29/2, කරවිල කුඹුර, නාවාන, මීරිගම ඔහුගේ ලිපිනයයි. YouTube - Bass adikari gunsro තුළින් ඔහුගේ හැකියාවන් නැරඹිය හැකිය.

 

 

Comments