සිවිල් ආර­ක්‍ෂක බළකා නව අධ්‍ය­ක්‍ෂ ජන­රාල් | Page 2 | සිළුමිණ

සිවිල් ආර­ක්‍ෂක බළකා නව අධ්‍ය­ක්‍ෂ ජන­රාල්

රියර් අද්මි­රාල් ආනන්ද පීරිස් මහතා සිවිල් ආර­ක්‍ෂක බළ­කායේ නව අධ්‍ය­ක්‍ෂක ජන­රා­ල්ව­රයා ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමු­දාවේ ප්‍රථම සුපර් ඩෝරා යාත්‍රාවේ අණ­දෙන නිළ­ධා­රියා වශ­යෙන්ද නාවික හමු­දාව සතු සිය­ඵම නෞකා වර්ග­යන්හි අණ­දෙන නිළ­ධාරි ධුර­යන් හෙබවු ඔහු උතුරු නාවික ප්‍රදේ­ශය දකුණු නාවික ප්‍රදේ­ශය බට­හිර නාවික ප්‍රදේ­ශය හා නැගෙ­න­හිර ප්‍රදේශ භාර ආඥා­පති වශ­යෙන් මානු­ෂීය මෙහෙ­යු­මේදී කට­යුතු කර ඇත.

2010 - 2015 අතර කාලය තුළදී සිවිල් ආර­ක්‍ෂක බල­කායේ අධ්‍ය­ක්‍ෂක ජන­රාල් වශ­යෙන් නගර අලං­ක­ර­ණය, ඉදි­කි­රිම් ක්ෂේත්‍රය, ආග­මික පුන­රු­දය, අධ්‍යා­ත්මික පුන­රු­දය, කෘෂි­ක­ර්මය, සංහි­දි­යාව සහ අනෙක් සංව­ර්ධන කට­යුතු සදහා ඔහු විසින් සුවි­ශේෂ කාර්ය භාර්යක් කරනු ලැබීය. ආග­මික පුන­රු­ද­යට ඔහු කළ දාය­ක­ත්වය වෙනු­වෙන් දේශ­මා­මක ශාස­න­කීර්ති යන ගෞරව නාම­යෙන් ද පිදුම් ලැබීය. ඔහු රණ­ශූර පද­ක්කම දෙව­තා­වක් හා විශිෂ්ට සේවා විභූ­ෂණ පද­ක්ක­ම උත්තම සේවා පද­ක්කම ඇතුළු පද­ක්කම් රැසක් හිමි කර­ගෙන ඇත.

Comments