වජිර පොල්ව­ත්තගේ දුම්රිය නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි ධුර­යට | සිළුමිණ

වජිර පොල්ව­ත්තගේ දුම්රිය නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි ධුර­යට

දුම්රිය නියෝජ්‍ය ගම­නා­ග­මන අධි­කා­රි­ව­රයා ලෙස කට­යුතු කළ වජිර එස්. පොල්ව­ත්තගේ මහතා දුම්රිය නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි (වාණිජ) ලෙස පත් කර ඇත.

1985 වසරේ සැප්තැම්බර් 1 වැනිදා දුම්රිය උප නියා­ම­ක­ව­ර­යකු ලෙස සේව­යට බැඳුණු ඒ මහතා ප්‍රධාන නියාමකවරයකු ලෙස හා පසුව සහකාර ප්‍රවාහන අධිකාරි ධුරයට උසස් වීම් ලැබුවේය. ඒ මහතා දුම්රිය නියෝජ්‍ය වාණිජ අධි­කා­රි­ව­රයා ලෙසටද උසස්වීම් ලැබූ අතර පසුව නියෝජ්‍ය ගම­නා­ග­මන අධි­කා­රි­ව­රයා ලෙස පත් විය. කොළඹ ආනන්ද මහා විද්‍යා­ලයේ ආදි සිසු­වකු වන පොල්වත්තගේ මහතා නියෝජ්‍ය ගම­නා­ග­මන අධි­කා­රි­ව­රයා ලෙස කට­යුතු කරද්දී මඟීන්ගේ ඉල්ලීම් සම්බ­න්ධව විශේෂ අව­ධා­න­යක් යොමු කළ අයෙකි. නියා­ම­ක­ව­ර­යකු ලෙස සේව­යට බැඳී දුම්රිය නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා ලෙස පත් වූ පළමු නිල­ධා­රියා වන්නේ පොල්ව­ත්තගේ මහතා ය.

Comments