පාරි­ස­රික කලාප අල්ලාගැනීම ගැන‍ සොයන්න කමි­ටු­වක් | Page 2 | සිළුමිණ

පාරි­ස­රික කලාප අල්ලාගැනීම ගැන‍ සොයන්න කමි­ටු­වක්

 

නිවාස යෝජනා ක්‍රම­ව­ලට හා වගා­බිම් සඳහා අන­ව­සර ලෙස අල්ලාගත් වන­ජීවී, පුරා­විද්‍යා හා වන සංර­ක්ෂණ ඉඩම් පිළි­බ­ඳ සෙවී­මට විද්වත් කමි­ටු­වක් පත් කිරී­මට පිය­වර ගන්නා බව වන­ජීවී පරි­සර හා ඉඩම් සංව­ර්ධන ඇමැති එස්.­එම්. චන්ද්‍ර­සේන පව­සයි. ජනා­ධි­ප­ති­තුමා, අග­මැ­ති­තුමා ඇතුළු කැබි­නට් මණ්ඩ­ලයේ උප­දෙස් පරිදි ‌ෙම් කමි­ටුව පත් කෙරේ.

මේ අනුව විශේ­ෂ­යෙන් විල්පත්තු හා ඒ අවට පාරි­ස­රික සංර­ක්ෂණ කලා­ප­ව­ලින් බලෙන් අල්ලා­ගත් ඉඩම් පිළි­බ­ඳව ද මෙහිදී සොයා බැලී­මට නිය­මිත බවත් ඊට අම­ත­රව පසු­ගිය සමයේ නිවාස යෝජනා ක්‍රම­ව­ලට අන­ව­ස­ර­යෙන් අල්ලා­ගත් වන­ජීවී හා වන සංර­ක්ෂණ ඉඩම් පිළි­බ­ඳව සොයා බලන බවත් ඇමැ­ති­ව­රයා පව­සයි.

ඒ සම­ඟම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් පරිදි රට­පුරා අලි මිනිස් ගැටුම් ඇති ප්‍රදේ­ශ­වල අලි විදුලි වැට කිලෝ­මී­ටර් 5000ක් අලු­තම ඉදි කිරී­ම­ටත් ඒවා රැක බලා­ගැ­නී­ම­ටත් සිවිල් ආර­ක්ෂ­ක­යන් 2000ක් හා ගම්වල ජීව­ත්වෙන පරි­ස­ර­යට හිතැති තරු­ණ­යන් 1000ක් සහිත බළ­කා­යක් පිහි­ටු­වන බවත් ඇමැ­ති­ව­රයා කීය.

මීට අම­ත­රව ‘පිවි­තුරු ලංකා’ වැඩ­පි­ළි­වෙළ යටතේ රටේ සියලු ප්‍රධාන නගර හා උප නගර පාරි­ස­රික ලෙස අලං­ක­ර­ණය කරන බවත් ඇමැ­ති­ව­රයා කීය.

Comments