හවුල් ආණ්ඩුවක් පිහිටුවා බලය ලබාගන්නවා | Page 2 | සිළුමිණ

හවුල් ආණ්ඩුවක් පිහිටුවා බලය ලබාගන්නවා

 මෙවර ජන­ප­ති­ව­ර­ණය කරට කර තර­ග­යක් කියා කිව්වත්, අව­සා­නයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ලක්ෂ දා හත­ර­කට ආසන්න විශාල වැඩි ඡන්ද ප්‍රමා­ණ­ය­කින් ජය­ගත්තා. සජිත් ප්‍රේම­දාස මහතා ලැබූ පරා­ජය ගැන ඔබේ විග්‍ර­හය මොකක්ද?

ඇත්තෙන්ම අපි බලා­පො­රොත්තු වුණේ සජිත් ප්‍රේම­දාස මහ­තාට මේ ලැබුණු සිංහල බෞද්ධ ඡන්ද­ව­ලට වඩා විශාල ප්‍රමා­ණ­යක් ලැබෙයි කිය­ලයි. මැති­ව­රණ ව්‍යාපා­රයේ ආර­ම්භ­යේදී ම අපි දැන­ගෙන හිටියා කිසි­යම් ප්‍රමා­ණ­ය­කින් අපි පහළ ඉන්නේ කියලා. ඒක කවු­රුත් දැන­ගෙන හිටියා. අපේ විශ්වා­සය තිබුණේ සාර්ථක මැති­ව­රණ ව්‍යාපා­ර­යක් මඟින් එ.ජා.ප. යට හානි­කර විදි­යට ඉදි­රි­පත් වී තිබූ මත­වා­දය මැති­ව­රණ ව්‍යාපා­රය හරහා බිඳ දමන්න හැකි­යාව ලැබෙයි කියලා. අපිට ඒක කර­ගන්න බැරි වුණා. ඒක තමයි මේ පරා­ජ­යට මූලික හේතුව.

හැබැයි මේ පරා­ජය සජිත් ප්‍රේම­දා­සගේ පරා­ජ­යක් ලෙස මා දකින්නේ නෑ. එ.ජා.ප. නාය­ක­ත්වයේ සිටම කලක් තිබුණු පෙනුම, සිංහල බෞද්ධ ජන­තා­වගේ හද­වතේ තිබුණු ප්‍රශ්න හරි­යට තේරුම් ගත්තේ නැති එක තමයි පරා­ජ­යට හේතුව. ඒක කාල­යක සිට හැදුණු එකක්. එජා­ප­යට අසා­ධා­රණ ලෙස අලවා තිබූ ලේබල් ටික මාස­යක පමණ කෙටි කල­කින් ගල­වන්න අපිට බැරි වුණා. එජා­පය පෙනී සිටින්නේ කා වෙනු­වෙන්ද කියන එක ජන­තා­වට තහ­වුරු කරන්න ඕනෑ. ඒ සඳහා සජිත්ගේ නාය­ක­ත්ව­යෙන් අලු­ත්වැඩ පිළි­වෙ­ළක් අර­ඹන්න ඕනෑ,

නාම යෝජනා ලබා දීම­ටත් පෙර ඔබ සජිත් 58%ක් ලබා­ගෙන ජය­ග්‍ර­හ­ණය කරන බවට සමී­ක්ෂණ වාර්තා මඟින් පෙන්නුම් කළ බවක් කිය­නවා. ඔබට එවැනි සමී­ක්ෂණ වාර්තා ලැබුණේ කොහො­මද? කොහෙන්ද?

ඒක අමූ­ලික බොරු­වක්. සජිත් ප්‍රේම­දාස මහ­තා­ගෙන් හෝ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තා­ගෙන් ඇහු­වොත් ඇත්ත සමී­ක්ෂණ වාර්තා­ව­ලින් පිළි­බිඹු වුණේ මොන­වද කියලා කවු­රුත් දන්නවා. ඒ චෝද­නා­වට කිසිම පද­න­මක් නෑ. ඒක කාගෙ හරි මනඃ­ක­ල්පිත කිය­වී­මක්. මේ සමී­ක්ෂණ වාර්තා රනිල් වික්‍ර­ම­සිංහ මහතා කැ‍ඳෙව්වේ වසර ගණ­නක සිටයි. ඒවට මං සම්බන්ධ වෙලා නෑ. එක සමී­ක්ෂ­ණ­ය­කට පම­ණක් මං සම්බන්ධ වුණා. ඊට කලින් කරපු සමී­ක්ෂණ අග­මැ­ති­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් තමයි කළේ. සජි­තුත් අග­මැ­ති­ව­ර­යත් දැනෙ­ගන හිටියා අපිට තිබුණු ප්‍රශ්නය මොකක්ද කියලා. මං මුකුත් කියලා තිබුණේ නෑ. මං මාධ්‍ය­යෙන් කිය­පුවා දැක්ක­නම් ඒක තේරුම් යාවි.

ඔබ කිව්වා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අභි­යෝ­ග­යක් නෙවෙයි කියන්න බැහැ. අභි­යෝ­ග­යක් තමයි කියලා.

අන්න හරි. ඒක තමයි ඇත්ත කතාව. ඒක මම කිව්වේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මාස දෙකක් තිබි­ය­දීයි. අපි සජිත් වෙනු­වෙන් පෙනී සිටින නිසා අපේ පක්ෂ­යේම සම­හර පුද්ග­ල­යන් මේ විදි­යට බොරු ප්‍රචා­ර­යක් ගෙනි­යන්න හද­නවා. ඒත් රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යත් සජිත් ප්‍රේම­දාස මහ­ත්ත­යාත් දෙන්නම දන්නවා මැති­ව­රණ ව්‍යාපා­රයේ හිටපු හැමෝම දන්නවා ඇත්ත­ටම අපි හිටපු තත්ත්වය මොකක්ද කියලා.

රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට හිත­වාදි අය නම් කියන්නේ රනිල්ට ඡන්දේ කරන්න පව­රලා තිබුණේ උතුරු නැගෙ­න­හිර පළාත්. ඒ පළා­ත්ව­ලින් ඉහ­ළින්ම ජය­ගත්තා. නමුත් අනෙක් පළාත් පරා­ජ­ය­වීම නිසයි මේ පරා­ජය ලැබුවේ කියලා. ඒ අද­හස ඔබ පිළි­ග­න්න­වාද?

නෑ. ඒක මෙහෙ­මයි රනිල් වික්‍ර­ම­සිංහ මහතා උතුරු නැගෙ­න­හිර සෑහෙන කාර්ය­භා­ර­යක් කළ බව ඇත්ත. ඒක අහක දාන්න බෑ. ඔහුට ඒ ගෞර­වය ලබා දෙන්න ඕනෑ. ඒත් ජන­තාව ඡන්දේ දුන්නේ සජිත්ට මිස රනිල්ට නොවේ. යම් කිසි විදි­ය­කින් සජිත් ගැන උතුරු නැගෙ­න­හිර ජන­යාට යම් සැක­යක් තිබුණා නම් මෙලෙස ඡන්දය ලබා දෙන්නේ නෑ. වික්‍ර­ම­සිංහ මහතා පක්ෂයේ නාය­කයා විදි­යට පළාත් දෙකක වග­කීම පම­ණක් අරන් අනිත් පළා­ත්වල වග­කී­මෙන් බැහැර වෙන්න බෑ. මං මේ පරා­ජය එක පුද්ග­ල­යකු වෙත පම­ණක් පව­රන්න සූදා­නම් නෑ. උතුරු නැගෙ­න­හිර ඡන්ද කොහො­මත් අපිට ලැබෙ­නවා. පරා­ජ­යට හේතුව එජායේ ඒ වන­විට පැවැති මුහු­ණු­වර පිළි­බඳ ගැට­ලු­වයි. කාල­යක් තිස්සේ සිංහල බෞද්ධ ජන­තා­වගේ ස්ථාව­රය සම්බ­න්ධ­යෙන් එජා­පයේ මතය මොකක්ද කියා ඒ ජන­තා­වගේ හද­වත් තුළ කැකෑ­රෙ­මින් තිබුණා. ඒ ලෙබල් එක ඇල­විලා තිබුණේ සජිත් ප්‍රේම­දා­සට නොවේ. එජා­පයේ ඒ වන­විට තිබූ මුහු­ණු­ව­ර­ටයි. ඒක මාධ්‍ය හරහා ඔඩු දුවන්න දී දින­පතා ජන­තාව අත­රට ගෙනිච්චා. ඉන් සම­හර දේ අමූ­ලික බොරු. වසර ගණ­නා­වක් තිස්සේ එජාප නාය­ක­ත්ව­යට මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා ඉතා­මත් අසා­ධා­රණ ලෙස අසත්‍ය කතා ‍ගොතලා එජා­පය ගැන ජනතා මනස හෝදපු නිසයි අපි පරා­ජය වුණේ.

ඔබ එජා­පයේ බෞද්ධ පද­නම ගැන කතා කළා. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍ය නොවේ කියා මංගල සම­ර­වීර මහතා කළ ප්‍රකා­ශත් රන්ජන් රාම­නා­යක ගේ බෞද්ධ විරෝධී සම­හර කතාත් පරා­ජ­යට හේතු වුණේ නැතිද?

මම පුද්ග­ල­යන් හැටි­යට නම් කරන්න සූදා­නම් නෑ. ඒත් සිංහල බෞද්ධ ජන­තා­වට අප ගැන සැක හිතුණා. සැක මතු වුණා. එවැනි සැක සංකා මාධ්‍ය මඟින් විශාල කර උළුප්පා පෙන්නුවා. ඒත් අපි එහෙම නෙවෙයි කියන එක අපිට ඔප්පු­ක­ර­ගන්න බැරි වුණා. සිංහල බෞද්ධ ජන­තා­වට කව­දා­වත් එජා­ප­යෙන් ගැට­ලු­වක් තිබුණේ නෑ. අනික මේක සිංහල බෞද්ධ රටක් කියන එක අමු­තු­වෙන් කියන්න ඕනෑ නෑ. මේක වසර 2500ක සිට සිංහල බෞද්ධ රටක්. එජා­පය හා පොහො­ට්ටුව අතර තියන වෙනස තමයි අපි සිංහල බෞද්ධ ජන­තා­වට වගේම අනෙක් සියලු පුර­වැ­සි­යන්ට ශ්‍රී ලාංකි­ක­යන් ලෙස සල­කන පක්ෂ­යක්.

සජිත් ප්‍රේම­දාස මහතා මැති­ව­රණ සටන ගෙන­ගියේ වොක්ෂෝල් වීදියේ කාර්යා­ලයේ සිටයි. රනිල් වික්‍ර­ම­සිංහ මහතා සිරි­කොතේ සිට මැති­ව­රණ සටන ගෙන ගියා. මේ දෙපා­ර්ශ්වය අතර ඒක­මි­ති­යක් අව­බෝ­ධ­යක් නොති­බීම මේ පරා­ජ­යට හේතු­වක් නෙවෙ­යිද?

මැති­ව­රණ සටන මීට වඩා සංවි­ධා­නා­ත්ම­කව සම්බ­න්ධී­ක­ර­ණ­ය­කින් යුතුව කළ යුතුව තිබුණා කියා මා පිළි­ග­න්නවා. ඒකට ප්‍රධාන හේතුව සජිත්ට අපේ­ක්ෂ­ක­ත්වය දුන්නේ නෑනේ. සජිත් ඉතාම උන­න්දු­වෙන් හිටියා මේ අපේ­ක්ෂ­ක­ත්වය අරන් එජා­පයේ අපේ­ක්ෂ­කයා විදි­යට ඉදි­රි­පත් වෙන්න. ඒ අපේ­ක්ෂ­ක­ත්වය ප්‍රමා­ද­වීම නිසා තමයි වොක්ෂෝල් වීදියේ කාර්යා­ලය ඔහුට ගන්න සිද්ධ වෙන්නේ. අ‍පේක්ෂ­ක­ත්වය කලින් ලැබුණා නම් එවැනි කාර්යා­ල­යක් අවශ්‍ය නෑ. සිරි­කොතේ සිටම මැති­ව­රණ සටන කළ­හැ­කිව තිබුණා. අන්ති­මට ඇදලා ඇදලා හිර­ක­රලා අව­සාන මොහොතේ තමයි අපේ­ක්ෂ­ක­ත්වය දුන්නේ. ඒ නිසා තමයි වොක්ෂෝ­ල්වී­දියේ කාර්යා­ලය අරින්න සිදු වුණේ.

එක්සත් ජාතික පක්ෂ­යට නාය­කත්ව මණ්ඩ­ල­යක් ගෙනෙ­නවා කියා පසු­ගි­යදා මාධ්‍ය වාර්තා කර තිබුණා. එහි ඇත්තක් තිය­න­වද?

එජා­ප­යට නාය­කත්ව මණ්ඩ­ල­යක් අවශ්‍ය නෑ. එජා­ප­යට අවශ්‍ය ඇත්ත එජා­පයේ සැබෑ මුහු­ණු­වර ජන­තා­වට පෙන්නිය හැකි නාය­ක­යෙ­කුයි. ඒ නායක වටේ එවැනි අද­හස් තියන පුද්ග­ල­යන් පක්ෂය හරි මඟට යොමු කරන එකයි. මේක කොමි­ටි­ව­ලින් කරන්න පුළු­වන් දේවල් නෙමේ. අපේ පක්ෂ­යට එක නාය­ක­යෙක් ඕනෑ. ඒ නාය­ක­යාට සහාය දෙන කණ්ඩා­ය­මක් ඕනෑ.

මෙවැනි මනඃ­ක­ල්පිත අද­හස් මාධ්‍ය මඟින් කොහො­මද ජන­තා­වගේ ඔළු­ව­ලට දෙන්නේ?

ඒකම තමයි ප්‍රශ්නය. අද ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා මිනිස්සු දන්නේ නෑනේ. සම­හර වෙලා­වට ප්‍රධාන ධාරාවේ පුව­ත්පත් ෆේස්බුක් එකෙන් ගත්තා කියලා ප්‍රවෘත්ති පළ කර­නවා. ෆේස්බුක් එකට ඕනෑ කෙනෙ­කුට ඕනෑම දෙයක් දාන්න පුළු­වන්. මාධ්‍යට ලොකු වග­කී­මක් තිය­නවා වග­කී­ම­කින් යුතුව ප්‍රවෘත්ති ජන­තා­වට ලබා­දී­මට.

විපක්ෂ නායක ධුර­යත් එජාප නායක ධුර­යත් යන දෙකම සජිත් ප්‍රේම­දාස මහ­තාට ලබා­දිය යුතු බවට සම­හර එජාප මන්ත්‍රි­ව­රුන් කිය­නවා. ඔබ ඉන්නේ කවර ස්ථාව­ර­යේද?

මා ඉන්නෙත් ඒ ස්ථාව­රයේ තමයි. මොකද එජාප නාය­ක­ත්වය නැතිව ඊළඟ මැති­ව­ර­ණය මෙහෙ­ය­වන්න සජිත්ට හැකි­යා­වක් නෑ. එජා­පයේ නාය­ක­ත්වය අග­මැ­ති­ධුර අපේ­ක්ෂ­ක­යාට ලබා දිය යුතුයි. දැන් සජිත් ප්‍රේම­දාස මහතා විපක්ෂ නායක ධුර­යට පත්වෙලා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා එතුමා විපක්ෂ නායක ධුර­යට පත්කි­රීමේ යෝජ­නාව කළා. දෙව­නුව තව සති කීප­ය­කින් එජාප නායක ධුර­යත් සජිත් ප්‍රේම­දාස මහ­තාට ලබා­දිය යුතුයි කියන ස්ථාව­රයේ අපි ඉන්නවා.

ඉදිරි මහ මැති­ව­ර­ණ­යට එජා­පය මුහුණ දෙන්නේ කොහො­මද?

මං හිතන්නේ නෑ මේ රටේ ජන­තාව එක පවු­ල­ක­ටම සිය­ලුම බල­තල ලබා දේවි කියලා. අලුත් නාය­ක­ත්ව­යක් සම­ඟින් අපි ඉදි­රි­යට එනවා. මහ­ඡ­න්ද­යේදී ආසන 113ක් ලබා­ග­ත­හොත් රජ­යක් පිහි­ටු­වන්න පුළු­වන්. නැති­නම් ශක්ති­මත් විප­ක්ෂ­යක් වෙන්න පුළු­වන්. අපිට දැඩි විශ්වා­ස­යක් තිය­නවා හවුල් ආණ්ඩු­වක් හෝ පිහි­ටු­වා­ගෙන ආණ්ඩු බලය ලබා­ගත හැකි­යැයි කියා.

Comments