සෞභා­ග්‍ය­වත් රටක් බිහි කිරී­මට ජාතික සම­ඟිය අංක එකයි - අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ | සිළුමිණ

සෞභා­ග්‍ය­වත් රටක් බිහි කිරී­මට ජාතික සම­ඟිය අංක එකයි - අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හත් වැනි  විධායක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ජන­ව­රම ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන  පෙර­මුණේ අපේ­ක්ෂ­කයා ලෙස තරග කිරී­මෙනි. ඔහු ජනා­ධි­ප­ති­ව­රයා වීමෙන්  පසු ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ නායක මහින්ද රාජ­පක්ෂ මහතා  තෙවැනි වර­ටත් අග­මැ­ති­ව­රයා සේ පද­විය ලැබී ය. නව අග්‍රා­මාත්‍ය  මහින්ද රාජ­පක්ෂ මහතා ඉකුත් දා සිළු­මිණ සමඟ විශේෂ සම්මුඛ  සාක­ච්ඡා­ව­කට එක් විය. එම සම්මුඛ සාක­ච්ඡාවේ දී සිළු­මිණ නියෝ­ජි­තයා  යොමු කළ ප්‍රශ්න­ව­ලට අග්‍රා­මා­ත්‍ය­ව­රයා දුන් පිළි­තුරු මෙසේ සට­හන් කරමු.

ඔබත් ඔබේ සහෝ­දර වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාත් රාජ්‍ය බලය අතට ගත්තා විත­රයි මතු වී ඇත්තේ ඉතා බර­ප­තළ චෝද­නා­වක්. ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ සේවයේ නියුතු නිල­ධා­රි­නි­යක, ඒ තානා­පති කාර්යා­ල­යීය තොර­තුරු අනා­ව­ර­ණය කර­ගන්න කිසි­යම් පිරි­සක් විසින් පැහැ­ර­ගෙන ගොස් ඇතැයි කියන සිද්ධිය බර­ප­තළ චෝද­නා­වක් නේද?

 

★ ඔව්. එල්ල වී ඇති චෝද­නාව සත්‍ය­යක් නම් ඒක බොහොම බර­ප­තළ එකක්. ඇති වූවා යැයි කියන සිද්ධිය එහෙම වූ බවට කිසිම නිවැ­රදි තොර­තු­රක් ලැබී නැහැ. ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ල­යෙන් ලද පැමි­ණි­ල්ලක් අනුව වහාම ක්‍රියා­ත්මක වූ ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාත් විදේශ සේවා අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ දක්ෂ නිල­ධා­රීන් යොදවා පරී­ක්ෂණ අරඹා තිබෙ­නවා.

පොලි­සියේ විශේෂ විම­ර්ශන කණ්ඩා­ය­මක් කර­ගෙන යන පරී­ක්ෂ­ණ­ව­ලට අනුව ඒ කාන්තාව පැහැර ගත් බවට කිසිදු ඉඟි­යක් නෑ. ඔය කියන කාන්තාව 25 වැනිදා හවස පාස­ලක් අසල දී පැහැර ගත් බවට තමා චෝද­නාව. හැබැයි තානා­ප­ති­ව­රයා ඒ නිල­ධා­රි­නිය ගැන නිවැ­රදි තොර­තු­රක් අනා­ව­ර­ණය කර­න්නට තරම් සදා­චාර සම්පන්න වෙලා නෑ. ඒ වගේ බර­ප­තළ චෝද­නා­වක් නැඟෙද්දි පැහැ­ර­ගැ­නී­මට ලක් වුණු නිල­ධා­රි­නි­යගේ නම­වත් කියලා නෑ.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යා­ව­කින් නව ජනා­ධි­ප­ති­ව­රයා සේ ජන­ව­රම ලබා දවස් අට­කින් තමයි මේ බර­ප­තළ චෝද­නාව එල්ල කරන්න ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලය පිය­වර ගත්තෙ. ඉකුත් දෙස­තිය පුරා සෑහෙන කරුණු මාධ්‍ය ඔස්සේ කියැ­වුණා. එයින් අනා­ව­ර­ණය වෙලා තියෙන්නෙ එහෙම දෙයක් සිද්ධ වුණු බවක් නොවෙයි.

පහු­ගිය යහ­පා­ලන ආණ්ඩුවේ උව­ම­නා­ව­ලට අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කර­මින් බුද්ධි අංශ නිල­ධා­රීන් දඩ­යම් කරන ලද පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාට රටින් පැන යන්න­ටත් රැක­ව­ර­ණය දෙන්න­ටත් ස්විට්ස­ර්ල­න්තය මුල් වීමේ සිද්ධිය අනා­ව­ර­ණය වීමත් එක්ක ඇති වුණු අව­මා­න­යෙන් මිදෙන්න ඔවුන් විසින් සීතා­ම්බර පටය වැනි නාට්‍ය­යක් නිර්මා­ණය කරන ලද බව තමයි පොදු මහ­ජන මතය.

ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලය නඟා ඇති ඔය කියන චෝද­නාව පිළි­බඳ සෑහෙන්න කරුණු අප සතුව ඇතත් අධි­ක­ර­ණය හමුවේ යම් ක්‍රියා­දා­ම­යක් සිද්ධ වෙන නිසා මං ඒ ගැන වැඩි යමක් පැව­සීම ඒ කට­යු­තු­ව­ලට බාධා­වක් විය හැකියි. එකක් පැහැ­දි­ලිව කිව යුුතුයි. අපේ ජනා­ධි­ප­ති­ව­ර­යා­ටත් අපේ ආණ්ඩු­ව­ටත් එරෙ­හිව දෙස් විදෙස්හි පව­තින පස­මි­තු­රු­කම එළි­පිට ප්‍රකාශ කිරී­මක් බව මේ අභූත චෝද­නා­වෙන් සක්සු­දක් සේ ලෝකයා ඉදි­රියේ පිළි­ඹිබු වෙනවා. කොහොම වුණත් අපේ නිර්දෝ­ෂී­භා­වය අප පෙන්වා සිටිය යුතුයි. එහෙ­යින් අප මෙහි සත්‍යා­ස­ත්‍ය­තාව රට හමු­වේත් ලෝකයා හමු­වේත් තබ­න්නට අවශ්‍ය විම­ර්ශන ඉදි­රි­ය­ටත් ක්‍රියා­ත්මක කර­නවා. මන්ද මෙයින් හානි වන්නේ අපේ මවු­බි­මට. අපේ රටට.

 

2015 ජන­වාරි 08 වැනිදා බල­යට පත් යහ­පා­ල­නය විසින් ගෙවුණු අවු­රුදු හතර හමා­රක කාලය තුළ ජන­තාව මත අනේක විධ බදු බර පැට­වූවා. නව ආණ්ඩුව සෑහෙන සහන තොග­යක් දෙමින් වැට් බද්ද ඇතුළු බදු අඩු කිරී­මක් කළා. ජන­තා­වගේ පැත්තෙන් ඒක ඔවුන්ට ලොකු සහ­න­යක්. ඒත් මෙහෙම බදු බර අඩු කිරී­මත් එක්ක රුපි­යල් මිලි­යන ගණ­නක පාඩු­වක් ඇති වෙනවා නේ ද?

 

★ ආණ්ඩු­වට මුල්‍ය­මය වශ­යෙන් මිලි­යන ගණ­නක පාඩු­වක් සිදු වන බව ඇත්ත. ඒත් එහෙම බදු බර වැඩි කර­මින් උප­යා­ගත් මුද­ල්ව­ලින් එහෙම නම් රටේ ආර්ථි­කයේ කිසි­යම් උන්න­ති­යක් තියෙන්න ඕනැ නේද. ඒත් සිද්ධ වුණේ ජන­තාව පීඩ­න­යෙන් පීඩ­න­යට පත් කර­මින් යහ­පා­ල­නයේ ආණ්ඩුව රටේ දේශීය දළ නිෂ්පා­ද­නය පවා පහ­තට හෙළීම නේද?

එහෙම ජන­තාව අසී­රු­තා­වට පත් කර­මින් ආණ්ඩුව ධනය රැස් කර­මින් කරපු දේව­ලින් මොන යම් හෝ සංව­ර්ධ­න­යක් වුණාද? අපේ කාලයේ රටම වැඩ­බි­මක් වෙලා තිබුණා. එහෙම මුළු රටම වැඩ­බි­මක් ව තිබුණු රට මුඩු­බි­මක් වුණේ මන්ද කියන කාර­ණාව මෙහිදී සලකා බලන්න.

ජන­තාව වෙත පනවා තිබුණු විවි­ධා­කාර බදු වලින් කිසි­යම් ප්‍රමා­ණ­යක් ඉවත් කිරීම නිසා ජන­තා­වට සහන රැසක් අත්වී ඇති බව හැම දෙනාම කියන කතා­වක්. ව්‍යාපා­රික ප්‍රජාව බැංකු ණය නිසි පරිදි ගෙවා­ගන්න බැරිව අසාදු ලේඛ­න­ග­තව හුන්නා. ඔවුන් පීඩා­වට පත් කළ යම් යම් බදු ඉවත් කිරීම නිසා රටේ ඉදිරි සංව­ර්ධන ක්‍රියා­ව­ලිය යහ­පත් අතට එස­වෙන බව කර්මා­න්ත­ක­රු­වන්, ප්‍රමුඛ සෙසු ව්‍යාපා­රික අංශ­ව­ලින් කියැ­වෙ­නවා. බදු අය කර­ගත යුත්තේ මල නොතළා රොන් උරා ගන්නා සේ ය කියන කිය­මන අපේ මුල්‍ය ප්‍රති­ප­ත්ති­යයි. ඒ ඔස්සේ ව්‍යාපා­රික ප්‍රජාව පෙළෙන්නා වූ ආර්ථික අප­හ­සු­තා­ව­ලින් ඔවුන් ලබන නිද­හස ඔස්සේ රට ඉදි­රි­යට ගෙන යා හැකියි කියන විශ්වා­සය අපට තියෙ­නවා.

අපි ලෝක බැංකුව හෝ ජගත් මුල්‍ය අර­මු­දල හෝ නැති නම් මුල්‍යා­ධාර දෙන වෙනත් ආය­තන හෝ කියන කියන පදේට නැටු­වොත් තමා අපට ජන­තාව පීඩා­වට පත් කර­මින් ඔවුන් සූරා පෙරා භාණ්ඩා­ගා­රය ශක්ති­මත් කරන්න වෙන්නෙ. නමුත් අපි සෞභා­ග්‍ය­මත් රටක් ගොඩ­නැං­වීමේ ප්‍රති­ප­ත්තියේ පිහිටා ලාංකේය ජන සමා­ජය ශක්ති­මත්ව ඔසවා තබ­න්නට අවශ්‍ය පිය­වර ගන්නේ ජාතික ආර්ථි­කය නංව­න්නට අපේ ආර්ථික විශේ­ෂ­ඥ­ව­රුන්ගේ මඟ පෙන්වීම අනුව මිස විදෙස් මුල්‍ය කළ­ම­නා­ක­ර­ණ­යට ඕනෑ විදි­යට නෙවෙයි.

ඒ සඳහා අපේ ම වූ ආර්ථික පිළි­වෙ­තක පිහිටා රටට අවශ්‍ය සංව­ර්ධ­නය ඔසවා තබන්නේ ලංකාව සිංග­ප්පූ­රු­වක් හෝ මල­යා­සි­යා­වක් හෝ කර­න්නට නොවේ. ලංකාව ලංකාව සේ ඉහ­ළට ඔසවා තැබී­මයි අපේ ආර්ථික ප්‍රති­ප­ත්තිය.

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති ධුර­යට පත් වීමත් එක්ක කොටස් වෙළ­ඳ­පොළේ ලොකු පිබි­දී­මක් ඇති වුණා. ඇත්ත­ටම එහෙම වුණේ කොහොම ද?

 

★කොටස් වෙළ­ඳ­පොළේ ගනු­දෙ­නු­ක­රු­වන් ආයෝ­ජ­නය කරන්න පෙල­ඹෙන්නෙ ශක්ති­මත් ස්ථාවර පාල­න­යක් රට තුළ ඇත්නම් විත­රයි. ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තුමා ලද දැවැන්ත ජන වර­මත් එක්ක කොටස් වෙළඳ පොළේ ගනු­දෙනු කර­න්නන්ට විශාල විශ්වා­ස­යක් ඇති වුණා. ඔහු ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා සේ මෙන්ම නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරය හොබ­ව­ද්දීත් කරන ලද වැඩ­ස­ට­හන් ඔස්සේ ඔහු යමක් සාර්ථ­කව කර­න්නට තරම් නිපු­ණ­තා­වක් දක්ෂ­තා­වක් බුද්ධි­මත් බවෙ­කින් පරිපූර්ණ පුද්ග­ල­යකු බව විශ්වා­ස­යක් ඇති වුණා. ඔහු කොළඹ නග­රය ලෝකයේ ලස්සන ම නගර අත­රට එක් කළා. සංචා­රක ආක­ර්ෂ­ණය දිනා­ගත් අංක එකේ නග­රය සේ කොළඹ ඔසවා තබ­න්නට ඔහු කළ දේවල් ජන­තාව දුටුවා. ඉතින් එහෙම කෙනෙක් රටේ ජනා­ධි­ප­ති­ව­රයා සේ පත් වීමත් එක්ක ඔවුන් කරන්නා වූ ආයෝ­ජ­න­ව­ලට ඇති සුර­ක්ෂාව ගැන කිසිදු සැක­යක් අද ඔවුන්ට නැහැ. ඒකයි ප්‍රධා­න­තම කාර­ණාව.

අනෙක අපි 2005 යුද්ධ­ය­කට මුහුණ දෙමින් ද යුද්ධය අවු­රුදු දෙක හමා­ර­කින් අහ­ව­ර­යක් කර උතුරේ මෙන් ම දකුණේ ද නැඟෙ­න­හිර මෙන් ම බට­හිර ද රටේ සිව් කොනේ ම එක විදි­යට ආරම්භ කරපු සංව­ර්ධන ක්‍රියා­දා­මය නිසා ඔවුන් අප කෙරෙහි ලොකු බලා­පො­රො­ත්තු­වක් ඇතිව තමන්ගේ ආයෝ­ජන යොද­ව­න්නට දෙව­රක් හිතන්නෙ නෑ.

2005 දී අපි ආණ්ඩුව මෙහෙ­ය­වන්න ජන­ව­රම ඉල්ලද්දි ජන­තාව කීවේ බයක් සැකක් නැතිව ජීව­ත්වන්න පුළු­වන් තැන­කට රට පත් කරන්න කියා. අපි මානු­ෂීය මෙහෙ­යුම ක්‍රියා­ත්මක කරද්දි එක එක තාලේ දේශ­පා­ලන විචා­ර­ක­යන් යුද විශ්ලේ­ෂ­ක­යන්, යුද විශේ­ෂ­ඥ­යන් පුන පුනා කීවේ එල්ටී­ටීඊ ය යුද­මය වශ­යෙන් පරාද කරන්න බැරිය කියන කතාව. හැබැයි ඉතින් අපි මානු­ෂීය මෙහෙ­යුම ඔස්සේ උතුරේ මෙන්ම නැඟෙ­න­හිර ජන­තාව ද කොටි සංවි­ධා­න­යෙන් මුදා­ගෙන ඒ යුද විශ්ලේ­ෂ­ක­යන්ගේ විශේ­ෂ­ඥ­යන්ගේ මතය පුහු එකක් බව රටට විත­රක් නෙවෙයි ලෝක­ය­ටම පෙන්නුවා. එයින් අපේ ත්‍රිවිධ හමු­දා­වම ඉතාම නිර්භිත ශක්ති­මත් ම හමු­දා­වක් බව ඔවුන් හොඳින් අත්දැක්කා. අපි යුද්ධය පව­තිද්දී වගේම අව­සන් කළ පසුත් රටේ තොටේ සංව­ර්ධන ක්‍රියා­ව­ලිය ඉතා ශීඝ්‍ර­යෙන් ඇර­ඹුවා.

මත්තල ජාත්‍ය­න්තර ගුව­න්තොට, මාග­ම්පුර ජාත්‍ය­න්තර වරාය නිර්මා­ණය කළා. අධි­වේගී මාර්ග පද්ධ­ති­යක් ස්ථාපිත කර­න්නට පිය­වර ගත්තා. දකුණු අධි­වේගී මාර්ගය අහ­වර කළා. කොළඹ වට­ර­වුම් පාර, නොරො­ච්චෝලෙ, කෙර­ව­ල­පි­ටිය, කොත්මලේ විදුලි බලා­ගාර නිර්මා­ණය කළා. ජන­තා­වගේ ආර්ථි­කය ශක්ති­මත් කර­න්නට අවශ්‍ය යටි­තල පහ­සු­කම් බොහෝ සංඛ්‍යා­වක් ක්‍රියා­ත්මක කළා. ග්‍රාමීය සංව­ර්ධ­නය උදෙසා අපි මෙහෙම ක්‍රියා­ත්ම­කව සිටින විට ඒක දරා ගන්නට බැරි නරුම මිනි­සුන් අපට විරු­ද්ධව ඇරඹූ මෙහෙ­යුම නිසා අවු­රුදු කීය­කට නම් රට ආප­ස්සට ගියා ද? අපි මේ සිය­ල්ලක් ම කළේ අපට හොඳ සැල­සුම් කිරීමේ දක්ෂ­යන් හිටිය නිසා.

අපේ මුල්‍ය කළ­ම­නා­ක­ර­ණය බොහොම වග­කී­ම­කින් හසු­රු­වන ලද නිසා සාමාන්‍ය ආර්ථික වේගය 6.8% ක් ලෙස පවත්වා ගන්න පුළු­ව­න්ක­මක් ලැබුණා. දළ දේශිය නිෂ්පා­දන ඩොලර් බිලි­යන 69ක් දක්වා වර්ධ­නය කර­ගන්න හැකි­වුණා 2014 අව­සන් වෙන කොට. 2005 දී අප සතු වුණේ ඩොලර් බිලි­යන 24යි. උද්ද­ම­නය 3. 5කින් පව­ත්වා­ගන්න අපට පුළු­වන් වුණේ අපේ ආර්ථික උපාය මාර්ග හින්දා.

අපේ ජන­තා­වට මතක ඇති 2014 අව­සන් වෙන කොට ඩොල­ර­යක වටි­නා­කම රුපි­යල් 130ක මට්ට­මින් පවත්වා ගත්තෙ මුල්‍ය කළ­ම­නා­ක­ර­ණයේ නිපුණ ආර්ථික විශේ­ෂ­ඥ­යන්ගේ සහාය නොඅ­ඩුව අප ලද නිසා. මෙහෙම දියු­ණු­වක් ලැබුවේ රට තුළ මුදල් සංස­ර­ණය හොඳින් සිද්ධ වෙච්ච නිසා.

ගම­නැ­ඟුම, දිවි­නැ­ඟුම වැනි වැඩ­ස­ට­හන් ඔස්සේ හැම ගම­කම පාහේ පැවති දියු­ණුව යහ­පා­ලන ආණ්ඩුවේ මුග්ධ ක්‍රියා­පි­ළි­වෙත් නිසා ආප­ස්සට ගියා අවු­රුදු පන­හක තරම් දුර­කට.

එදා අප කෙරෙහි පැවති දැවැන්ත මහ­ජන විශ්වා­සය නිසයි රට ශීඝ්‍ර සංව­ර්ධ­න­යක් කරා හැම අංශ­ය­කින් ම එක වගේ ඉහ­ළට ගමන් කළේ. ඒත් 2015 ජන­වාරි 08 වැනි දාට පස්සෙ මොකක් ද රටට වුණේ. ඒ ගැන මං අමු­තු­වෙන් විස්තර කරන්න ඕනැ නෑ කිය­ලත් මට හිතෙ­නවා.

එදා 2005 දි අපි රට භාර­ගන්න කොට අප ලද්දේ ශක්ති­මත් ආර්ථි­ක­යක් තිබුණු රටක් නෙවෙයි. ඒත් අපි යහ­පා­ල­ක­යන් සේ අඬ අඬා දොඩ දොඩා වැල­පුණේ නෑ. අපි නිසි සේ ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­යක් යොදා­ගත් නිසා උපාය මාර්ග මැන­වින් හඳු­නා­ගෙන ක්‍රියා­ත්මක කළ නිසා ලෝකයේ බල­වත් රාජ්‍ය පවා ආර්ථික වශ­යෙන් කඩා වැටෙද්දී ඒ ලෝක ආර්ථික අර්බු­දය හමුවේ වුව නොසැලී දෙප­යින් නැඟී සිටි­න්නට හැකි වාරු­වක් අපි අපේ ජන­තා­වට ලබා­දෙ­න්නට අවශ්‍ය පිය­වර ගත්තා.

එහෙව් රටක් තමා යහ­පා­ල­න­යක් මේ පොළොවේ ස්ථාපිත කරන වග කිය­මින් ආණ්ඩුව කඩා බිඳ දම­න්නට කුම­න්ත්‍රණ කළ උද­විය අද රට ආප­ස්සට හරවා අගා­ධ­ය­කට හෙළා ඇත්තේ.

අපට අද මුහුණ පාන්නට වෙලා තියෙන්නෙ ණය බරින් නොපෙ­නෙන තරමේ අගා­ධ­ය­කට ඇද දමා තිබෙන රටක් සහ ජන­තා­වක් නඟා සිටු­ව­න්නට. මේක එසේ මෙසේ අභි­යෝ­ග­යක් නෙවෙයි. ඒත් අපි මේ වැටී තිබෙන මාතෘ භූමිය කෙසේ හෝ ඔසවා ලිය යුතු යි. එය ලේසි පහසු කාර්යක් නෙවෙයි. ජන­තාව අපට ඒ කාර්ය කර­න්නට භාර­දීලා තියෙ­නවා. ඉතින් ඒ දුෂ්ක­ර­වූත් කටු­ක­වූත් කට­යුත්ත කෙසේ හෝ සාර්ථක කොට මතු පර­ම්ප­රා­වට යහ­පත් රටක් නිර්මා­ණය කර­න්නට ඇප­කැප විය යුතුයි. ඒ සඳහා ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගෙවී ගිය සති දෙක තුන තුළ ආද­ර්ශ­යෙන් පෙන්වා තිබෙ­නවා ආර්ථික අතින් අපි ශක්ති­මත් වන්නට ගත යුතු ක්‍රියා මාර්ග කව­රේද කියා.

 

ඔබ එසේ කීවත් ශක්ති­මත් ආර්ථි­ක­යක් ගොඩ­නං­ව­න්නට නම් රාජ්‍ය සේවක සහාය නොඅ­ඩුව ලැබිය යුතුයි නේ ද? ඒත් පහු­ගිය කාලේ ඔබේ නියෝග ක්‍රියා­ත්මක කළ ජනා­ධි­පති ලේක­ම්ව­රයා මෙන් ම තවත් රාජ්‍ය නිල­ධා­රීන් ගණ­නා­වක් විවිධ චෝද­නා­ව­ලට ලක් වීම නිසා ඔවුන් ජන­තා­වගේ යහ­පත වෙනු­වෙන් කට­යුතු කර­නවා වෙනු­වට තමන් ආරක්ෂා වීමේ පිළි­වෙ­තක පිහිටා වැඩ කළොත් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යා­ණන් මෙන් ම ඔබත් ඔබේ ආණ්ඩු­වත් අපේක්ෂා කරන ඉලක්ක කරා ගමන් කළ හැකි ද?

 

★2015 බලය ලබා­ගත් යහ­පා­ල­නය කළේ මටත් මගේ පවුලේ අය­ටත්, රාජ්‍ය සේවයේ යෙදෙ­මින් මේ රටේ ඉදිරි අනා­ග­තය යහ­පත් ලෙස සංව­ර්ධ­නය කර­න්නට වග­කී­මක් ඇතිව තමන්ගේ සේවය ඕනෑ­ව­ටත් වඩා වැඩි­යෙන් ඉටු කරන ලද වග­කීම් දැරූ ලලිත් වීර­තුංග ජනා­ධි­පති ලේක­ම්ව­රයා ඇතුළු රාජ්‍ය නිල­ධා­රී­න්ටත් අභූත චෝදනා නඟ­මින් ඔවුන්ට එරෙ­හිව අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යක් ඔස්සේ දුර්මුඛ කිරී­මට නිර්ල­ජ්ජිත උත්සා­හ­යක යෙදීම යි.

තිස් අවු­රුදු යුද්ධ­යක් පැවති මේ රටේ ජන­තා­වට බියෙන් සැකෙන් තොරව ජීවත් වන්නට සුදුසු පරි­ස­රය නිර්මා­ණය කර­න්නට දිවි හිමි­යෙන් ඇප කැප වූ ත්‍රිවිධ හමු­දාවේ විවිධ අංශ­යන් හි නිල­ධා­රීන් විශේ­ෂ­යෙන් ම බුද්ධි නිල­ධා­රීන්ට සහ ඔවුන්ගේ පවු­ල්වල උද­වි­යට මොන තරම් කර­දර හිංසා කළා ද කියන කාර­ණාව රට ම දන්නවා. ජනා­ධි­පති ලේක­ම්ව­රයා සේ සේවය කළ ලලිත් වීර­තුංග හා විදුලි සංදේශ නියා­මන කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් අනූෂ පැල්පිට යන මහ­ත්ව­රුන්ට චෝදනා නඟා ඔවුන් වැර­දි­ක­රු­වන් කළේ දහස් ගණ­නක් වූ උපා­සක උපා­සි­කා­වන්ට අට­සිල් සමා­දන් වෙන්නට සිල් රෙදි ලබා දෙන සේ ගරු­තර මහා සංඝ­ර­ත්න­යෙන් ඉදි­රි­පත් කෙරුණු යෝජ­නා­වක් මගේ නිය­ම­යට අනුව ක්‍රියා­ත්මක කිරීමේ හේතු­වෙන්. ඒ චෝද­නා­වට ඔවුන් ලක් වුණේ යහ­පත් චේත­නා­වෙන් කළ දෙය­කට දායා­ද­යක් හැටි­යට. රටක ප්‍රධා­න­තම රාජ්‍ය නිල­ධා­රි­යාට එහෙම චෝදනා කර ඔවුන්ගේ මෙහෙය නිසා හිර­ගෙ­වල තපි­න්නට සිද්ධ වූ විට රජයේ සෙසු නිල­ධා­රීන් ද තමන් වෙත පැව­රෙන කාර්ය ඒ අයු­රින් කර­න්නට කැමැ­ත්තක් දක්වන්නෙ නෑ ලිස්සා යෑමේ න්‍යාය පිළි­පැ­දීම හැර. යහ­පා­ලන අණ්ඩුව එහෙම කළේ සමස්ත රාජ්‍ය තන්ත්‍ර­යම කඩා බිම­දැ­මීමේ දුෂ්ට චේත­නා­වෙන්.

මීට පස්සෙ එවන් දුක් කර­ද­ර­ව­ලට ගැහැ­ටට කිසිදු රාජ්‍ය සේව­ක­යෙකු පත් නොවන තත්ත්ව­යක් අපි නිර්මා­ණය කරන බව බොහොම ගැඹු­රින් අව­ධා­ර­ණය කර­නවා. රාජ්‍ය නිල­ධා­රීන් සිය රාජ­කා­රිය ඉටු කරන විට මින් මතු එවන් දෙයක් නොව­න්නට අවශ්‍ය අණ­ප­නත් සම්මත කර­න්නට පසු­බට වෙන්නෙ නෑ, එහෙම නොවු­ණොත් මේ රට කිසිදු අන්ද­ම­කින් සාර්ථක රටක් බවට පත් වෙන්නෙ නෑ.

අපට එරෙ­හිව මොන තරම් දූෂණ චෝදනා යහ­පා­ල­ක­යන් යැයි කියා ගත් අණ්ඩුව කළා ද? ඒත් අපට එහෙම චෝදනා නැඟූ උද­විය බල­යට පත් වෙලා මාස­යක් යන කොට මහ­බැං­කුව මහ දහ­වල් බිඳලා මොන තරම් ධන­ස්ක­න්ධ­යක් හොර­කම් කළා ද? එයින් සිද්ධ වෙච්චි පාඩුව කවදා කොහොම ආව­ර­ණය කර­ග­න්නවා ද යන්නත් ඉතා බර­ප­තළ ගැට­ලු­වක්. අදත් මහ බැංකු හොර­කමේ ලොකුම හොරුන් බොහොම නිදැල්ලෙ හැසි­රෙ­නවා. එක හොරෙක් රටෙත් නෑ. හැබැයි අපි ඒ හොරා උද­ර්පණ නීතිය ප්‍රකා­රව මේ රටට ගෙන්වා ගත්ත­හම තව කී දෙනෙක් ඒකට හවුල්ද කියන කාර­ණා­වත් අනා­ව­ර­ණය වේවි. ඒ හොර කල්ලිය විසින් කරන ලද රුපි­යල් බිලි­යන ගණ­නක සොර­කම නිසා රටේ පොලී අනු­පා­තය 30% වැඩි ප්‍රමා­ණ­ය­කින් ඉහළ ගියා. කෝටි සිය­යක මුල්‍ය අව­ශ්‍ය­තාව වෙනු­වෙන් රුපි­යල් කෝටි දහ­සක බැඳු­ම්කර ලංසු පිළි­ගැ­නීම ඔස්සේ මාමයි, බෑනයි සහ තවත් අයයි මොන තරම් වංචා­වක්, දූෂ­ණ­යක් රටට සිද්ධ කර ඇත්දැයි හිතන්න. මේ භාණ්ඩා­ගාර සුරැ­කුම් පත් වංචා­වට සම්බන්ධ හැම දෙනාට ම නීති­යෙන් දඬු­වම් ලබා­දී­මත් එදා සිට අද දක්වා රටේ ආර්ථි­ක­යට සිදු වී ඇති පාඩු­වත් පිය­වා­ග­න්නට අව­ශ්‍යයි.

 

හත් වැනි ජනා­ධි­ප­ති­ව­රයා සේ ඔබ සොයුරා ජන­ව­රම ලබන්නේ මේ රටේ අති බහු­තර සිංහල බෞද්ධ ජන­තාව දුන් කති­රයේ බල­යෙන්. ඒක ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා ජාතිය අමතා කළ කතාවේ දී ද සඳ­හන් කළා. ඔබ හා මේ සම්මුඛ සාක­ච්ඡා­වට පැමිණ සිටිය දී හමු වුණා මඩ­ක­ල­පුව බදුල්ල පාරේ පදිං­චිව සිටින වයෝ­වෘද්ධ අඹු සැමි යුව­ළක්. ඔවුන්ගේ දුක්ගැ­න­විල්ල කිය­න්නට අග­මැති මහ­ජන අංශය වෙතයි ඒ යුවළ පැමිණ සිටියේ.

ඔවුන් පදිං­චිව සිටි නිවස කොටි ත්‍රස්ත­වා­දීන් විසින් විනාශ කර දමා මඩ­ක­ල­පු­වෙන් පන්නා දැමූ පසු ගම්පහ ප්‍රදේ­ශ­යට ඇවිත් ඥාති නිව­සක පදිං­චිව හුන් බවත් දැන් දරු­වන් ගම්පහ පැත්තෙ කුලී නිවාස වල ජීවත් වන බවත් කී මේ වයෝ­වෘ­ද්ධ­යන් කීවේ පහු­ගිය කාලයේ රජය ඒ ප්‍රදේ­ශයේ පදිංචි දෙමළ උද­වි­යට නිවෙස් ඉදි කර දුන්නත් තමන් වෙනු­වෙන් ගේ කෑල්ලක් තනා දීමට හෝ තනා ගැනී­මට කිසිදු අන්ද­මක උද­ව්වක් උප­කා­ර­යක් මේ දක්වා නොකළ වග යි. දෙමළ ඇත්තන් වෙනු­වෙන් ඉදි කර ඔවු­නට ලබා­දුන් නිවෙ­ස්වල ඒ දෙමළ උද­වි­ය­ගෙන් සෑහෙන පිරි­සක් පදිංචි නැති බව කී ඔවුන් ඒ ප්‍රදේ­ශයේ ජීවත් වන කිසිදු සිංහල පවු­ල­කට කිසිදු ආකා­ර­යක සහ­න­යක් නැති වගක් ද සඳ­හන් කළා. ඔවුන්ගේ නිවෙස් තනා දීමට මැළි­ක­මක් දක්වන්නේ වග­කි­ව­යුතු අංශ­ව­ලින් ක්‍රියා­ත්මක නොවන්නේ ජාති­වා­දය යළිත් හට­ග­නී­විය යන හේතුව නිසා බවයි ඒ යුවළ කියන්නෙ. තත්ත්වය මේක නම් මොවුන් මව්බිමේ ම අනා­ථ­යන් වී සිටි­නවා නොවේ ද? මෙවන් උද­විය වෙනු­වෙන් ගන්නා ක්‍රියා­මා­ර්ගය පැහැ­දිලි කළොත්?

 

★මේ බිමේ උපන් සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා ඒ හැම කෙන­කුට ම ඇත්තේ සමාන අයි­ති­යක්. ඔය කියන කතාව හොයා බල­න්නම්. එවන් හැම කෙන­කුට ම යුක්තිය සාධා­ර­ණය ඉටු විය යුතුයි. දෙමළ ජනයා බහු­ලව වෙසෙන ගම්බි­ම්වල සිංහල හෝ මුස්ලිම් හෝ වේවා සිංහල ජනයා බහු­ලව වාසය කරන ගම් දන­ව්වල දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා මුස්ලිම් ප්‍රජාව බහු­ත­ර­යක් ජීව­ත්වන පරි­ස­ර­යක දෙමළ හෝ සිංහල හෝ වේවා ඒ හැම දෙනා ම මේ රටේ පුර­වැ­සි­යන්. ඔවුන්ගේ භාෂාව හෝ ආගම හෝ ජන වර්ගය හෝ සලකා වෙන් වෙන් වශ­යෙන් සැල­කී­මට කිසිදු පාලන තන්ත්‍ර­ය­කට බැහැ. අපි ජන වර්ග අතර සාමය සහ­යෝ­ගී­තාව සහෝ­ද­ර­ත්වය වැඩීම අර­මුණු කර­ගෙන යි අපේ පාල­නය සිද්ධ කරන්නෙ. අපි කිසි­වකු අතර ජාති­භේ­දය වපු­රන්නෙ නෑ. ජාති­භේ­දය තුරන් කර හැම දෙනාට එකට ජීවත් විය හැකි රටක් ඇති කිරීමේ පර­මා­ර්ථය පෙර­දැ­රි­වයි ක්‍රියා කරන්නෙ.

මේ වගේ ගැටලු නිරා­ක­ර­ණය කිරීමේ අභි­ලා­ෂ­යෙන් තමා අග­මැති මහ­ජන සම්බ­න්ධතා අංශය ආරම්භ කළේ. මිනි­සුන්ට මිනි­සුන් සේ සාම­යෙන් සමා­දා­න­යෙන් සහ­යෝ­ගී­තා­වෙන් එකට ජීවත් වීමට හැකි පරි­ස­ර­යක් නිර්මා­ණය කිරී­මට අපි ඇප කැප වී හිඳින වග අව­ධා­ර­ණය කළ යුතු යි. ඔවුන් පෙළෙන්නා වූ දුක්ඛ දෝම­න­ස්ස­ය­න්ගෙන් සමස්ත ජන­තා­වම මුදා­ගැ­නීමේ පරම චේත­නා­වෙන් ආණ්ඩු­වක් හැටි­යට පිය­වර ගැනී­මයි අපේ පර­මා­ර්ථය. ඒ පර­මා­ර්ථ­යෙන් අප කට­යුතු කළත් අපට දෙස් විදෙස් ප්‍රති­ගා­මී­ත්වය නඟනා අභූත චෝදනා සියල්ල බැහැර කර­න්නට නිසි සේ රිසි සේ පිය­ව­ර­ගැ­නීම අපේ ප්‍රති­ප­ත්ති­යයි. සෞභා­ග්‍ය­මත් රටක් බිහි කිරී­මට නම් ජාතික සම­ඟිය අංක එක බව මා යළි යළිත් අව­ධා­ර­ණය කරන්න කැම­තියි.

 

Comments