මේ ආණ්ඩුව බලයට පත් කරන්න එජාපයත් උදවු කළා | Page 2 | සිළුමිණ

මේ ආණ්ඩුව බලයට පත් කරන්න එජාපයත් උදවු කළා

කෝප් කමි­ටුවේ හිටපු සභා­ප­ති­ව­රයා වූයේ සුනිල් හඳු­න්නෙත්ති මහ­තාය. පාර්ලි­මේ­න්තුව වාරා­ව­සාන කිරී­මත් සමඟ ඒ කෝප් කමි­ටු­වද අහෝසි විය. අද සිළු­මිණ සංවා­ද­යට එක් වන්නේ එහි හිටපු සභා­පති ජනතා විමුක්ති පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සුනිල් හඳු­න්නෙත්ති මහ­තාය.

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ඇති වූ පසු­බෑ­මත් සමඟ පක්ෂය ඊළ­ඟට ගන්නා පිය­වර කුමක්ද?

ඇත්තෙන්ම මෙතන සිදු වුණේ පසු­බෑ­මක් නෙමෙයි, දෙමළ හා මුස්ලිම් අන්ත­වා­දය හිස ඔස­ව­මින් තිබෙන බවට ඉහ­ළට ඇදී ආ මත­වා­දය ඔස්සේ ආ ගම­නක්. සහ­රාන්ගේ ප්‍රහා­ර­යෙන් පසු ජන­තාව අතර මත­යක් ගොඩ­නැ­ඟුවා සිංහල-බෞද්ධ ක්‍රියා­කාරී නාය­ක­යකු ගෙන ආ යුතු බවට, ජාතිය හා ආගම රැක­ගැ­නීම සඳහා ගෝඨා­භය මහතා සුදුසු බවට ජන­තා­වට ඒත්තු ගැන්වූවා. ඒ සඳහා ඇතැම් සමාජ ක්‍රියා­කා­රීන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස් මූලි­ක­ත්වය ගත්තා. ඒ හරහා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කෙසේ හෝ ජය­ග්‍ර­හ­ණය කර­වීමේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් ලෙසින් තමයි මෙය බලා­ත්මක වුණේ. ඒ තීව්‍ර තර­ගයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස තමයි ජාතික ජන බල­වේ­ග­යට සහාය දීමට සිටි පිරිස් පවා ප්‍රධාන පක්ෂ දෙකට බෙදී වෙන් වුණේ.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා බල­යට පත් කිරී­මට සමාජ ක්‍රියා­කා­රීන් කට­යුතු කළ බව ඇත්ත. ඒත් සජිත් ප්‍රේම­දාස මහතා බල­යට ගෙන ඒම­ටත් බල­වේග රැසක් කට­යුතු කළා නේද?

මා මුලින් කිව්වා වගේ අන්ත­වා­දය හිස ඔස­ව­මින් තිබෙන බව පෙන්ව­මින් ගෝඨා­භය මහතා ගෙන ඒමට කට­යුතු කළා සේම හමුදා පාල­න­යක භීතිය මවා­පා­මින් තවත් පාර්ශ්ව­යක් කට­යුතු කළා. ඒ හරහා වතු කරයේ ජන­තාව මෙන්ම උතුරු හා නැගෙ­න­හිර ජන­තා­වගේ ඡන්ද ලබා­ගන්න කට­යුතු කළා. මැති­ව­රණ ප්‍රති­ඵල ඒ ගැන පැහැ­දි­ලි­වම පෙන්නුම් කළා නෙ?

ඒත් යහ­පා­ලන ආණ්ඩුව තුළ ඇති වුණු ගැටුම් වගේම එහි දුර්ව­ලතා නිසා ජනතා සහන නොලැ­බීම් නිසා ජන­තාව මහින්ද රාජ­පක්ෂ හා ගෝඨා­භය රාජ­පක්ෂ කියන බල­වේග හා එක් වූ බවක් පේනවා නේද?

මෙත­නදී මේ වගේ කරු­ණක් ඉස්මතු වුණා. 2015 වස­රේදී මහින්ද රාජ­පක්ෂ පරා­ජ­යට පත් කළ සමාජ ක්‍රියා­කා­රීන් තුළ මත­යත් ඇති වුණා. ‘මහින්ද රාජ­පක්ෂ මහතා වටා සිටින්නේ හොරු කණ්ඩා­ය­මක්‘ යන්න ඒත්තු ගන්වා නිසි පරිදි කට­යුතු කරන්න යහ­පා­ලන ආණ්ඩු­වට කට­යුතු කර­න්නට නොහැකි වුණේ ඒ වැරදි චෝදනා සියල්ල සත්‍ය නොවේ­යැයි සිතුණු නිසා. ඒ නිසා ඒ වර­දක් යැයි සිතා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ඡන්දය දෙන්න යොමු වුණා. ජන­තා­වත් ඒ අනුව කට­යුතු කළා. ඒ හැරෙන්න ජාතික ජන බල­වේ­ගයේ තිබූ දෝෂ­යක් නිසා නෙමෙයි මේ තත්ත්වය ඇති වුණේ.

මහින්ද රාජ­පක්ෂ මහතා දක්ෂ පාල­ක­යෙක්ය යන්න ජන­තාව අත­රට ගිය නිසා නේද පළාත් පාලන ඡන්දය පවා පොදු­ජන පෙර­මු­ණට ජය ගන්න හැකි වුණේ?

යහ­පා­ලන ආණ්ඩුව හොරු අල්ලන්න කියලා බල­යට ඇවිත් ඊටත් වඩා හොරු වුණා. එත­කොට කලින් ආණ්ඩුවේ හොර­කම් කරපු අය හොරු නෙමෙයි වගේ ජන­තා­වට ඒත්තු ගියා. ඒ වගේම රට ණය වුණාට කමක් නැහැ රට ජාතිය රැකෙ­නවා නම් යන මත­යක් ආවා. බඩු මිල වැඩි වුණාට කමක් නැහැ රට ණය වුණාට කමක් නැහැ කියලා ජන­තා­වම අත­රට ගියා. ඒත් එක්කම රනිල් වික්‍ර­ම­සිං­හගේ නොහැ­කි­යා­වත් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ආග­ම­න­යට හේතු වුණා. ඇත්තෙන්ම මේ ආණ්ඩුව බල­යට පත් කරන්න එජා­පයේ උදවු ලැබුණා.

ඔබ කෝප් කමි­ටුවේ සභා­ප­ති­ව­රයා. මොකද කෝප් කමි­ටු­වට වුණේ?

පාර්ලි­මේ­න්තුව වාරා­ව­සාන කරද්දී කෝප් කමි­ටුව අහෝසි වී යනවා. ඒක සම්ප්‍ර­දා­ය­නු­කූල හා නීත්‍ය­නු­කූල ක්‍රියා­දා­ම­යක්. පාර්ලි­මේ­න්තු­වෙන් පසුව අලුත් කමිටු සාමා­ජි­ක­යන් පත් කර­ග­නීවි. ඒ සාමා­ජි­ක­යන් අතු­රින් අයකු සභා­පති ලෙස කට­යුතු කරයි.

කෝප් සභා­ප­ති­ව­රයා ලෙස ඔබ මේ දක්වා කළ කාර්ය සම්බ­න්ධව ඉදි­රියේ ක්‍රියා­මාර්ග ගනී­විද?

ඒ කිසි­වක් වෙනස් කරන්න බැහැ. කෝප් කමි­ටුව විසිර ගියාට කෝප් කමිටු ලේකම් කාර්යා­ලය තිබෙ­නවා. එහි ලේක­ම්ව­ර­යෙක් ඉන්නවා. ඒ කාර්යා­ලයේ සියල්ල නිසි පරිදි තිබෙ­නවා. ඒ ලේඛ­න­ව­ලට අනුව ඉදිරි සියලු කට­යුතු කෙරෙයි. උදා­හ­ර­ණ­යක් ලෙස: මා කැඳවූ ආය­තන කිහි­ප­යක විම­ර්ශන කට­යුතු අව­සන් වෙලා පාර්ලි­මේ­න්තු­වට වාර්තා කරන්න තියෙන්නෙ.

ඒ වගේම මහ බැංකු බැඳු­ම්ක­රයේ වෝහා­රික වාර්තා විග­ණ­න­යට පත් කළා. පාර්ලි­මේන්තු සැසි ආරම්භ වූ පසුව ඒ කට­යුතු නිසි පරිදි සිදු කෙරෙයි.

ඉදි­රි­යේ­දීත් කමි­ටු­වට හොරු අල්ලන්න පුළු­වන් වෙයි කියා ඔබ හිත­න­වාද?

නව රජයේ යම් යම් ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන බව ප්‍රකාශ කර තිබෙ­නවා නේ. හොර­කම් කරන්නෙ නැත් නම් කෝප් කමි­ටු­වට අල්ලන්න දෙයක් නැහැ. ජනා­ධි­ප­ති­ව­රයා පැහැ­දි­ලිව කියලා තිබෙ­නවා නේ අලුත් ආණ්ඩුවේ ප්‍රති­පත්ති මාලා­වක් ගැන. අප බලා­ගෙන ඉන්නවා.

ඔබේ දැක්ම කොහො­මද මේ ආණ්ඩුව ගැන?

අප ප්‍රාර්ථනා කර­නවා ජනතා පර­මාර්ථ ඉටු වන ආණ්ඩු­වක් වේවා කියා. ජනතා මත­යට අප ගරු කරන්න එපැයි? අපට ඡන්ද නොලැ­බු­ණත් ජනතා වරම දීලා තිබෙන්නේ ජනතා අපේක්ෂා ඉටු කරන්න. ඒක රජයේ වග­කී­මක්. කොහො­මත් ආණ්ඩුවේ ක්‍රියා­මාර්ග ගැන දැන්ම අනා­වැකි කියන්න බැහැ. කෝප් කමි­ටුවේ කාර්යය වන්නේ ආණ්ඩුවේ මැති-ඇමැ­ති­ව­රුන් නිවැ­රැදි කිරීම නෙමෙයි. ඒක ආණ්ඩුව දැන­ගන්න ඕනෑ තමන්ගේ මැති ඇමැ­ති­ව­රුන් සුද්ද පවිත්‍ර කර­ගෙන කට­යුතු කරන්න. ඒවා පාල­නය කරන්න. ආණ්ඩුව පත් වෙලා තවම ටික කාල­යක් නිසා දැන්ම විශේෂ යමක් ප්‍රකාශ කරන්න අප­හ­සුයි.

ඒ වුණත් ආණ්ඩුව මේ ටික දිනක් ඇතු­ළ­තදී ජන­තා­වට විශාල සහන ලබා දුන්නනේ.

ඒක හොඳයි, ජන­තාව බලා­ගෙන ඉන්නෙ සහන දෙන­කල්නෙ. ඒකෙන් පේනවා ගිය ආණ්ඩුව පුළු­ව­න්කම තියා­ගෙන ජන­තා­වට සහන දුන්නෙ නැහැ කියන එක.

ඒ අනුව මේ ආණ්ඩුවේ ගමන් මාර්ගය ගැන සුබ ලකුණු පේනවා නේද?

ආණ්ඩුවේ ගමන් මාර්ගය ආණ්ඩු­වයි දකින්න ඕන. අපි නෙමෙයි. මේ ගමන යන­කොට අපි කිය­න්නම් ආණ්ඩුව යන පාර හරිද වැරැ­දිද කියලා තවම ඒ ගැක කියන්න තරම් කාල­යක් නැහැනෙ.

ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන් වුණා. මහ මැති­ව­ර­ණ­යක් ලබන වසරේ එනවා, ජන­තා­වගේ කාර්ය විය යුත්තේ කුමක් කියාද ඔබ සිතන්නේ.

අපි නම් මහ මැති­ව­ර­ණ­ය­කට සූදා­න­මින් ඉන්නෙ. ඒ වගේම ජන­තා­වගේ වග­කී­මක් තමයි ශක්ති­මත් රජ­යක ගමන් මාර්ගය සකස් කරන එක. ශක්ති­මත් රජ­යක් පව­තින්න නම් ශක්ති­මත් විප­ක්ෂ­යක් තිබිය යුතුයි.

රජයේ යහ­පත් ක්‍රියා මාර්ග අග­යන අතර අනෙක් නුසු­දුසු දේ පැහැ­දි­ලිව නොපැ­කි­ළිව විවේ­ච­නය කරන්න හැකි­යාව තියෙන්න ඕන. ඒකට විප­ක්ෂය ශක්ති­මත් විය යුතුයි. දුර්වල විප­ක්ෂ­යක් තිබු­ණොත් රජ­යක නිසි ගමන් මාර්ග­යක් පව­ත්වා­ගන්න බැහැ.

ආණ්ඩුවේ නාස්තිය දූෂ­ණය වැනි දේ නිසි ලෙසින් විවේ­ච­නය කරන්න පුළු­වන් විප­ක්ෂ­යක් සිටිය යුතුයි.

ඒත් ආර­ක්ෂක ලේකම් වැනි තන­තු­ර­කට ආර­ක්ෂාව පිළි­බ­ඳව පැහැ­දිලි දැනු­මක් ඇති එවන් අයකු සිටිය යුතුයි නේද?

ඒ ගැන දැන්ම කියන්න බැහැ. අනා­ගතේ මේ ක්‍රියා­දාම කුම­නා­කා­යෙන් හැසි­රේ­විද කියන්න බැහැ. ඒත් ඇතැම් ක්‍රියා­මාර්ග ගැන අපට ඒත­රම් සෑහී­මට පත් වෙන්න බැහැ. තමන් ජනතා නාය­ක­යකු බව පෙන්වා දිය යුතුයි. ඔහු ඒ කාර්යය සිදු කරන්න කොතෙක් සමත් වේදැයි පව­සන්න අපට හැකි­යා­වක් නැහැ.

ජනා­ධි­ප­ති­ව­රයා පැව­සුවා හම්බ­න්තොට වරාය ආපසු ලබා­ගැ­නී­මට හැකි නම් ඒ සම්බ­න්ධව සොයා බලන බවට...

හොඳයි, හුඟක් හොඳයි ඒ දේ කරන්න පුළු­වන් නම්, අපි සුබ පත­නවා ඒ උත්සා­හය සාර්ථක වෙන්න කියලා.

මහ­මැ­ති­ව­ර­ණ­යට ජනතා විමුක්ති පෙර­මුණ තරග කරන්නේ ජාතික ජන බල­වේ­ග­යෙන්ද?

ඔව්, ජාතික ජන බල­වේ­ග­යෙන්, ඒ වගේම මාලි­මාව ලකු­ණෙන්.

විකල්ප බල­වේග ඒ සඳහා එකතු කර ගැනී­මට කට­යුතු කර තිබෙ­න­වාද?

තවම ඒ ගැන කට­යුතු කර නැහැ. සාකච්ඡා පවත්වා නැහැ.

ඉදි­රි­යේදී එවැනි එකතු වීමක් ගැන බලා­පො­රො­ත්තු­වක් තියෙ­න­වද?

ජාතික ජන බල­වේ­ගය පුළුල් කර­ගත හැකි හැම ක්‍රියා­මා­ර්ග­යක්ම ගන්න අප බලා­පො­රොත්තු වෙනවා.

ගම් මට්ට­මින් ජන­තාව පෙළ ගස්වන්න ඔබ පක්ෂය ගෙන ඇති ක්‍රියා­මා­ර්ගය කුමක්ද?

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අප හා සබැ­ඳුණු සබ­ඳතා සමඟ අප මේ ගමන තවත් ශක්ති­මත් කර­නවා. දිස්ත්‍රික් මට්ට­මින් මෙන්ම ආසන මට්ට­මින් අවශ්‍ය පිය­වර ගැනී­මට අප කට­යුතු කර­නවා. ඒ මඟින් අපට ජනතා සහාය ගන්න පුළු­වන් වේවි.

මේ අව­ස්ථාවේ ඔබ රජ­යෙන් එහෙ­මත් නැත් නම් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් බලා­පො­රොත්තු වන්නේ කුමක්ද?

අමු­තු­වෙන් කිසිම දෙයක් කළ යුතු නැහැ, ඔවුන්ගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යෙන් පැවසූ දේ ක්‍රියා­ත්මක කරන්න. එච්ච­රයි. ඒ හරහා ජන­තා­වට පොරොන්දු වූ දේ සිදු කිරී­මයි කළ යුත්තේ.

මේ අව­ස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ භූමි­කාව විය යුත්තේ කුමක්ද?

භූමි­කාව ක්‍රියා­ත්මක කරන්න කලින් ඒ පක්ෂයේ නාය­කත්ව ගැටලු විස­ඳා­ගන්න එපැයි? දැන් යන්තම් විපක්ෂ නායක කම නම් විස­ඳුණා. පක්ෂ නාය­කයා, නාය­ක­ත්වය මේ ප්‍රශ්නත් එක්ක නේ ඒ පක්ෂයේ හැල­හැ­ප්පීම් තියෙන්නෙ. එයා­ලාගේ භූමි­කාව ක්‍රියා­ත්මක කරන්න කලින් පක්ෂයේ ගැටලු නිරා­ක­ර­ණය කර ගන්න ඕනැ නේ.

එවන් තත්ත්ව­යක් මත ඔවුන්ට ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ­න­ඟන්න පුළු­වන් කියලා ඔබ හිත­න­වද?

බැහැ කියල දැන­ට­මත් ඔප්පු වෙලා ඉව­රයි නෙ.

Comments