ඊළඟ ඡන්දයේදී අපි තුනෙන් දෙකකට වඩා ගන්නවා | සිළුමිණ

ඊළඟ ඡන්දයේදී අපි තුනෙන් දෙකකට වඩා ගන්නවා

 

• නගර සැලැ­සුම් සහ නාග­රික සංව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් ඔබ­ගේ ආණ්ඩු සම­යේදි වැඩි අව­ධා­න­යක් තිබුණා. ඒ වැඩ පිළි­වෙල එක්සත් ජාතික පක්ෂ පාලන සම­යේදි නිසි­යා­කා­රව සිදු වුණේ නැහැ කියලා ඇතැ­මුන් කිය­නවා. මේ වන විට නගර සංව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් ගෙන ඇති පිය­වර සඳ­හන් ‍කළොත්.?

පසු­ගිය දිනක අප හා නිල­ධා­රීන් අතර සාකච්ඡා පැවැ­ත්වුණා. ආරම්භ කිරී­මෙන් අන­තු­රුව වැඩ අව­සන් නොකළ ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් දැනට අපි වැඩ කට­යුතු ඉදි­රි­යට ගෙන­යෑ­මට කට­යුතු කර­නවා. කඩි­න­මින් ඒ ඉදි­කි­රීම් කිරී­මට බලා­පො­රොත්තු වෙනවා‍. ඒ ක්ෂණි­කව කළ යුතු කට­යුතු ඉදි­රි­යේදි කඩි­න­මින් කිරී­මට කට­යුතු කර­නවා. නාග­රික සංව­ර්ධන අමා­ත්‍යං­ශය කියන්නේ මහ පුළුල් අමා­ත්‍යං­ශ­යක්. නගර සැලැ­සු­මක් තිබු­ණට සම­හර අඩු ආඩු­පාඩු තියෙ­නවා.

අපි ඒ අදාළ නිල­ධා­රින්ට කිය­නවා සැලැ­සුම් ක්‍රියා­ත්මක වීමේදී සිදු­වන අඩු­පාඩු නිවැ­රදි කිරී­මට අපි උප­දෙස් දී තියෙ­නවා. පසු­ගිය එජාප රජය සමයේ කුණු කසල ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් කිසිදු සැල­සු­මක් ක්‍රියා­ත්මක වෙලා නැහැ. මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­රයා ව සිටින කාලයේ වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති හා ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාව සිටි කුණු ප්‍රශ්ණයට හො විසඳුම් දුන්නා. ඒ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කළේ නැති නිසා කුණු කඳු කඩා­ගෙන වැටුණා. ජන­තා­වට ප්‍රශ්න­යක් නොවන වැඩ­පි­ළි­වෙ­ලක් කර­ගෙන යන්නයි කට­යුතු කළේ. එදා අපි සැල­සුම් කරලා නැව­තුණු ඒ ව්‍යාපෘති නැවත ජන­තා­වට ලබා­දී­මට අපි කට­යුතු කර­නවා.

• නව ­ර­ජය බල­යට පත් වීමෙන් පසුව සිය­යට 15ක් ව පැවැති බදු සිය­යට 8 දක්වා අඩු කිරීම ජන­තාව පැත්තෙන් සුබ­වාදී වුවත් දිගු­කා­ලී­නව රටට අහි­ත­ක­රයි කියලා සම­හ­රුන් කිය­නවා?

වැට් අඩු කිරී­මේදී තවත් කාර්ය­යක් රජය විසින් හඳුන්වා දුන්නා. දින­කට ලක්ෂ අට­කට අඩු ආද­යම් ඇති ආය­ත­න­යක් වැට් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ අයට පෙර තිබුණ විදි­හට සියයට දාහ­තක ලාබ­යක් අයත් වෙනවා. රුපි­යල් 100 බඩු­ව­කට 17ක් වැට් බදු යනවා. දැන් ඒ 17 ඒ අයට ඉතිරි වෙනවා. ඒ අයට භාණ්ඩ­ය­කට දාහ­තක ලාබ­යක් තියෙ­නවා.

• ඔබ එසේ කිවත් ඇතැම් මන්ත්‍රී­ව­රුන් කිය­නවා ඔබ­තු­මාලා බදු සහන දෙන්නේ පසු­ගිය රජය ලබා­දුන් සහන කප්පාදු කරලා කියලා‍?

එසේ කප්පාදු කළ එක දෙයක් කියන්න කියලා මම ඒ අය­ගෙන් ඉල්ලී­මක් කර­නවා. කිසිදු දෙයක් කප්පාදු කරලා නැහැ. මොන­වද ඒ අය ජන­තා­වට දුන්න සහන කිය­ලයි අපි අහන්නේ. අද බලන්න මහ­ජ­න­යාට කොත­රම් සහන ලැබි­ලාද? එක එක්කෙ­නාට ඕන තරම් කතා කියන්න පුළු­වන්. බදු අඩු කර වෙළ­ඳාම වැඩි කර­න්නයි අපිට අවශ්‍ය.

• මෙරට ණය පොලී වාරි­කය වාරි­කය 2020 වසරේ දි රුපි­යල් කෝටි ලක්ෂ­යක් වන බව ඇතැ­මුන් සඳ­හන් කර­නවා. එය ගෙවා දම­න්නට යම් වැඩ­පි­ළි­වෙ­ලක් තියෙ­න­වාද?

මේ රටේ සාමය ඇති වෙන­කොට ජාතික ආර­ක්ෂාව ඇති­වෙ­න­කොට පාලන තන්ත්‍රය ශක්ති­මත් වෙන­කොට සංචා­ර­කයෝ එනවා; ආයෝ­ජ­කයෝ එනවා. රටේ­ආ­දා­යම එම­ගින් ඇති­වෙ­නවා.

හිටපු ආණ්ඩුවේ ඇමැ­ති­ව­රුත් පිළි­ගත්තා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධ­නය නිසා විශාල අසීරු ප්‍රශ්න මතු වෙලා තියෙ­නවා කියලා. අපි විත­රක් නොවෙයි හිටපු ජනා­ධි­පති, අග­මැති ඇතුළු ඇමැ­ති­වරු ඔක්කෝම පිළි­ගත්තා මේ සංශෝ­ධ­නය නිසා විශාල ප්‍රශ්න මතු වෙලා තියෙ­නවා කියලා. අපි නොවෙයි එදා ඒවා කිව්වේ. බල අධි­කාරි තුනක් ඒ නිසා ඇති­වුණා; කතා නායක, අග­මැති ජනා­ධි­පති ලෙස බල අධි­කාරි තුනක් ඇති­වුණා.

මේ ආකා­ර­යට රටක් දුවන්න බැහැ. තුනෙන් දෙකක බල­යක් ආවොත් ව්‍යවස්ථා සං‍ශෝධ­න­යක් කරන්න අපි බලා­පො­රොත්තු වෙනවා .

• නැවත ඒකා­ධි­පති පාල­න­යක් ඇති කර­න්නයි මේ 19 ව්‍යවස්ථා සංශෝ­ධ­නය අහෝසි කර නැවත සංශෝ­ධ­න­යක් ගෙන ඒමට උත්සහ කරන්නේ කියලා ඇතැම් මන්ත්‍රී­ව­රුන් කිය­නවා?

ඒ කතා­වක් හරි­යට ස්විට්ස­ර්ලන්ත තානාපති කාර්යාලයේ ගැහැනු ළමයා‍ගේ කට ඇතු­ළට පිස්තෝ­ල­යක් දැම්මා වගේ කතා­වක්. ඒ වගේ කතා ඕන­ත­රම් කිය­නවා. ඒවගේ ඒකා­ධි­පති පාල­න­යක් ද මේ ගෙන යන්නේ කියලා ඉතා පැහැ­දි­ලියි. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගරු කරන ජන­තා­වාදි පාල­න­යක් රට තුළ ස්ථාපිත වෙලා ඇති බව රටේ ජන­තාව ඉතා හොඳින් දන්නවා.

• තවත් මාස හත­රක් වැනි කාල­යක් ඇතු­ළත මහ මැති­ව­ර­ණ­යක් ඒනවා. ඒ්කට සූදානම්ද?

අපිට තුනෙන් දෙකට වඩා ආසන සංඛා­වක් ගන්න අපි වැඩකරනවා. ඡන්ද­යේදි සිය­ල්ලට ම පිළි­තුරු ලැබෙ­නවා.

• පසු­ගිය කාල­යේදි දිගට ම කතා බහට ලක් වුණු බැඳු­ම්කර සිද්ධිය සම්බ­න්ධ­යෙන් කිසිදු පිය­ව­රක් අර­ගෙන නැහැ. එයට අදාළ අර්ජු­න්‍ ­ම­හේ­න්ද්‍රන් මහතා අත්අ­ඩං­ගු­වට ගැනී­මට වත් පිය­වර අර­ගෙන නැහැ කියලා ඇතැ­මුන් කිය­නවා.

අපි අලු­තින් එෆ් සී අයි ඩී පත් කරන්නේ නැහැ. නමුත් රටේ පව­තින පොලිසි බුද්ධි අංශ හා සිඅ­යි­ඩිය පාවිච්චි කරලා අපිට ලැබෙන තොර­තුරු අනුව කට­යුතු කර­නවා. එයට සරල උදා­හ­ර­ණය ස්විස් තානා­පති කාර්යාල ප්‍රශ්නය. අපේ රටේ පොලිස් නිල­ධා­රි­ය­කුට වීසා ලබා­දිලා ගුවන් යාන­ය­කින් මුළු පවු­ලම අරන් ගියා. ඒ ගිහින් ඉවර වෙලා ලෝක චෝද­නා­වක් රටට එන විදි­හට නාට­ක­යන් අාරම්භ කළා. ඒ නාට­කය රටට හෙළි වෙමින් පව­ති­නවා. රජය එයට මැදි­හත් වෙලා අනෙක් තානා­පති කාර්යාල දැනු­වත් කරපු නිසා හොඳයි.නැති­නම් ලෝකයේ කොයි රටේද සිදු­වී­මක් වුණාම පැමි­ණි­ලි­කරු කට­උ­ත්තර නොදී ඉන්නේ; අස­නී­පය පැමි­ණිලි නොකර රෝහල් ගත නොවී ඉන්නේ. අද වෙන­තුරු වත් පැමි­ණිලි කරු පොලි­සි­යට ඉදි­රි­පත් වෙන්නේ නැහැ; වෛද්‍ය­වරු පොලී­සි­යට ඉදි­රි­පත් වෙන්නේ නැහැ. දව­සින් දවස මේ සම්බ­න්ධ­යෙන් රජ­යට හෙළි­වෙ­මින් පව­ති­නවා.

• මේ රජයේ ඉදිරි වැඩ­පි­ළි­වෙල ගැන සද­හන් කළොත් ?

අපි මේ යන්නේ භාර­ක‍ාර ආණ්ඩු­වක්. අපි ඒ තුළ කල්පනා කළා; ඒ අනුව ඇමැ­ති­වරු පහ­ළො­වක් දක්වා අඩු කළා. රට පාල­නය කරන්න අවශ්‍ය රට දුවන්න අවශ්‍ය සියලු සැල­සුම් අපි ක්‍රියා­ත්මක කර­නවා.

Comments