අනුග්‍රහකයන් නැතුව මේ ගමන යන්න අමාරුයි | සිළුමිණ

අනුග්‍රහකයන් නැතුව මේ ගමන යන්න අමාරුයි

 

 

2019 වසරේ මෝටර් රථ ක්‍රීඩාව නිමාවට පත් කරමින් කලම්බු සුපර්ක්‍රොස් මෝටර්රථ තරගාවලිය පසුගිය දා නිමා විය. “හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් හා සියැට් - ස්ලඩා තරගමාලා දෙකක් ඒ අනුව නිමා විය. මෙරට ප්‍රධානම මෝර්ට රථ හා යතුරුපැදි තරගාවලිය ලෙස සැලැකෙන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුරදී මෙරට සිදුවු පාස්කු ඉරිදා අමානූෂීය ප්‍රහාරයත් සමග ෆොක්ස්හිල් තරගාවලිය අතර මඟ නවතා දැමුණු අතර අනෙකුත් තරගාවලිද දින නියමයක් නැතිව කල්ගියේය. නමුත් ඒ අතරරින් ප්‍රධානතම තරගාවලි කිහිපය නැවත පෙල ගස්වමින් ධාවන පථයට ප්‍රවිශ්ට කිරීමට සංවිධායකයෝ සමත් වුහ. තරග කිහිපයක් දින වකවානු ගත කරගැනීමේ නොහැකියාව මත අතර මග නතර විය.

 

නිමා වු කමාන්ඩෝ චැලෙන්ජ්, කැවර්ලි සුපර්ක්‍රොස්, කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය හා කලම්බු සුපර්ක්‍රොස් “හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් තරගමාලාවට ඇතුලත් වු අතර ගනර්, ගජබා හා කටුකුරුන්ද රොදර්හැම් හැම් තරගාවලිය සියැට් - ස්ලඩා තරගාවලියට ඇතුලත් විය. තරගාවලි දෙකෙන් පරිබාහිරව මාගස්තොට කඳු තරණය, සදර්න් කඳුතරණය හා වලව සුපර්ක්‍රොස් තරගාවලි පැවැත් විමට ඒ තරග සංවිධායකයන් පැවැති වාතාවරනයත් සමග ඉඩ සලසා ගැනුණි. අවසන් වු ප්‍රධානතම තරගමාලා දෙකේදීම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණිමට සමත් වු දක්ෂතම රියදුරා හා ධාවකයා ලෙස පෙරමුණ ගැනිමට අශාන් සිල්වා සහා ජාක් ගුණවර්ධන සමත්ව සිටිති. නමුත් තවම ඔවුන් උදෙසා ජයසංකේත ප්‍රධානය සිදුව නොමැත.

 

“හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් හා සියැට් - ස්ලඩා තරගාමාලා දෙකෙන්ම එක් යුගලයක් පෙරමුණ ගැනීම දුර්ලභ අවස්ථාවකි. අශාන් සිල්වා හා ජාක් ගුණවර්ධන ඒ යුගලයයි. ශ්‍රී ලංකා ග්‍රැන් ටුවරීන් 3500සී.සී.පන්තියේ ශූරතා මෝටර් රථ තරග ඉසව්වෙන් කැවර්ලි සුපර්ක්‍රොස් තරගාවලිය හැර අනෙකුත් තරගාවලි සියල්ලම ජයගත් අශාන් සිල්වා 2019 වසරේ දක්ෂතම රියදුරා ලෙස අභිෂේක ලැබීමට නියමිත අතර එම්.එක්ස්. 175- 250සී.සී.(4ටී.) /100 – 125සී.සී.(2ටී) ශූරතා යතුරුපැදි තරග ඉසව්වෙන් තකාෂි තනකා (ජපානය) විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය හා වලව සුපර්ක්‍රොස් ( රෝමේෂ් බුල්ජන්ස්) තරගාවලිය හැරුණු කොට අනෙකුත් සියලු තරගාවලිවලින් ජයගත් ජාක් ගුණවර්ධන 2019 වසරේ දක්ෂතම ධාවකයා ලෙස අභි‍ෂේක ලැබීමට නියමිතය.

අශාන් හා ජාක් දෙදෙනාගෙන් නිමා වු මෝටර් රථ හා යතුරුපැදි, තරගමාල හා තරගාවලියන් ගැන කතාබහකට අපි මේ ඉඩකඩ වෙන් කළෙමු.

 

2019 වසරේ මෝටර් රථ හා යතුරුපැදි තරගමාලා හා තරගාවලි නිමා වුණා. 2019 දිහා ආපසු හැරිලා බැලුවොත්?

 

අශාන් - මේ වසර මුලදි පැවැති අවහිරතා වසර මැදදී පහව ගියා. නමුත් කැල්වරි සුපර්ක්‍රොස් තරගාවලියේදී මගේ මෝටර් රථයේ සිදුවු කාර්මික දෝෂය නිසා මට කලම්බු මෝටර්ක්‍රොස් තරගාවලිය නිමා වන තුරු “හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් තරගමාලාවේ ජයග්‍රහණය පිළිබඳව අවිනිෂ්චිත තත්ත්වයකයි සිටියේ. නමුත් අවසන් තරගාවලිය වු කලම්බු සුපර්ක්‍රොස් තරගාවලියේදී මෝටර් රථ ශූරතාව දිනා ගැනීමත් සමග මට තිබුණු කුතුහලය නිමා වුණා. ෆොක්ස්හිල්, ගජබා, ගනර් හා රොතන්හැම් තරගාවලි ඉතාමත් හොඳින් නිමකිරිමට හැකි වුණු නිසා සියැට් - ස්ලාඩා ශූරතාවලිය ගැන දෙගිඩියාවක් තිබුණේ නෑ.

 

ජාක් - ඉතාමත් සාර්ථක තරගමාලාවක් නිමා කිරිමට හැකිවුණා. “හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් තරගමාලාව, ස්ලාඩා - සියැට් තරගමාලාව මෙන්ම ජාතික ශූරතාවද දිනාගැනීමේ අදහස මට මුල ඉඳලම තිබුණා. එය විශාල ජයග්‍රහණයක්. 2017 වසරේදී සිදුවු අනතුර නිසා වසරක කාලයක් ධාවන පථයෙන් ඉවත්ව සිටිමට සිදුවුණා. නමුත් මේ වසරේ නැවත ධාවන පථයට පැමිණ තරග මාලා ත්‍රිත්වයම ජයග්‍රහණය කිරීමට ලැබීම ඇත්තෙන්ම සතුටට කරුණක්.

 

නිමාවුණු සමස්ත තරගමාලාවෙන්ම ලබාගත් අත්දැකිම් මොන වගේද?

 

අශාන් - වසරින් වසර වැඩිදියුණු වෙමින් යන දේශිය මෝටර් රථ ක්‍රීඩාවෙන් හැමදාමත් දෙයක් ඉගෙන ගනිමින් සිටිනවා. ජිවිතයත් හැමදාම අලුත් වෙනවා. තාක්ෂණය පැත්තෙනුත් ඒ වගේමයි. නොයෙක් නොයෙක් අභියෝග එකතු වෙමින් මෝටර් රථ ක්‍රීඩාවද දිනෙන් දින අලුත් වෙනවා. ඒක තමයි විය යුත්තේ. වසර දෙකක් පමණ මෝටර් රථ ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි පසිදු පිරීස් නැවත ධාවන පථයට පිවිසිම ඇත්තෙන්ම හොඳ අභියෝගයක්. මම පසිඳුත් එක්ක හොඳට තරග කරලා තිබෙනවා. ඔහු දක්ෂ ක්‍රීඩක‍ෙයක් ඒ වගේම අති දක්ෂ රියදුරෙක්. ඔවුගේ නැවත ආගමනය එළැඹෙන වසර වේගවත් වසරක් වෙයි. ඒ නිසා ලැබුණු දේට වඩා ඉදිරියේදී ලැබෙන අභියෝගය දැවැන්ත වෙයි.

 

ජාක් - ලැබුණු දේට වැඩිය ලබාගත් දේ වැඩියි. උප විඥානය වර්ධනය කර ගනිමින් යම් යම් දේ උකහා ගනිමින් තමයි සමස්ත තරගමාලාවේම රැදුනේ ඒ නිසා තමයි මා පැවැසුවේ ලැබුණු දේට වැඩිය ලබාගත් දේ වැඩියි කියා. මේ වසර මුලදි බුද්ධික කසුන් අනතුරකට මුහුණ දුන්නා ඒ නිසා ඔහුට තරගමාලාවම මඟ හැරුණා. ඉෂාන් දසනායකත් ගනර් ධාවන පථයේදී අනතුරකට භාජනය වුණා. ඔහුටත් තරග කිහිපයක් මඟහැරුණා. නැතිනම් මීට වැඩිය සමස්ත ප්‍රතිපලය වෙනස් වන්නට තිබුණා. එළැඹේන වසර මීට වැඩිය අභියෝගාත්මක වෙයි.

 

අවසන් තරගාවලියේදී නොසිතු අභියෝගකට නේද මුහුණ දෙන්න වුණේ?

 

අශාන් - මට “හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් තරග මාලාවේ තිබුණු අභියෝගය තමයි කුෂාන් පිරීස්. අප දෙදෙනා අතර තිබුණේ ලකුණු දෙකක පරතරයක් නමුත් අවසන් තරගාවලියේදී මුහුණ දෙන්න සිදුවුයේ නොසිතු අභියෝගයකට තමයි ඒ පසිදු පීරිස් එල්ල කල අභියෝගය. පසිඳු වසර දෙකක් පමණ ධාවන පථයෙන් ඉවත්ව සිට නැවත ධාවන පථයට පිවිස ඉහළම දක්ෂතා දැක්වීමට සමත් වුණා. ඒ අභියෝගය ඉතා හොඳයි නැත්නම් දක්ෂතා වර්ධනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

 

ජාක් - මට තිබුණු අභියෝගය තමයි ඉෂාන් දසනායක. නමුත් අවසන් තරගයේදී අභියෝගයක් වුයේ විනුෂ්ක ද සිල්වායි. විනුෂ්ක “හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් තරගමාලාවේ අවසන් තරගාවලිය වු කලම්බු සුපර්ක්‍රොස් තරගාවලියේදී පළමු ශුරතා තරගයෙන් ඉතා හොදින් ආරම්භයක් ලබාගෙන තරග කළා. පළමු ශුරතා තරගයෙන් ජයගත්තා. ඒ වගේම දෙවන තරගය ජයගනිමින් කලම්බු සුපර්ක්‍රොස් ශුරතාවයට මා ලගා වුණා. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට හැකි වුණා.

 

පසුගිය තරග මාලාවේම අභියෝගයක් වුණේ කවුරුන්ද?

 

අශාන් - මගේ ළගින්ම තරග කළ කුෂාන් පිරීස් තමයි. නමුත් කෞෂල්‍ය, මිස්සක හා උෂාන් යන ක්‍රීඩකයනුත් අභියෝගයක් වෙච්ච අවස්ථා නැතිව නොවෙයි. කෞෂල්‍ය තමයි කැල්වරි සුපර්ක්‍රොස් ජයගත්තේ, උෂාන් තමයි වලව සුපර්ක්‍රොස් ජයගත්තේ. මිස්සක කටුකුරුන්ද රොතන්හැම් තරගාවලියේදී ඉතාමත් හොඳින් දක්ෂතා ප්‍රදර්ශනය කලා දෙවැන්නා වුණා. ඔවුනුත් අභියෝගයක් තමයි. කැවර්ලි හා වලව යන තරග දෙකේදීම මට ජයග්‍රහය කිරිමට බැරි වුණේ මගේ මෝටර් රථයේ සිදුවුනා කාර්මික දෝෂය නිසයි. එක් මොහොතක මෝටර් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වුණා. එක් තරගාවලියකදී ටයරයක් ගැලවී ගියා ඒ නිසා මට ඒ තරගාවලි දෙකම බලාපොරොත්තු නොවුණු ලෙස නිමා කිරීමට සිදු වුණා.

ජාක් - ඉෂාන් දසනායක තමයි තිබුණු ලොකුම අභියෝගය. නමුත් පසුගිය වසරේ ජාතික ශූරයා වු බුද්ධික කසුන් සිල්වා, ඉවෝන් බියාජි ගුරුසිංහ සානුක සඳරුවන් අභියෝගයක් නොවුණා නොවෙයි. මම ඔවුන්ගේ දුර්වලතා හදුනාගෙන මගේ අඩුපාඩුත් හදුනාගෙන දිනෙන් දින මම තරගාවලියට ප්‍රවීශ්ට වුණා. මේ වසරේ තිබුණු නුවර එළිය මෝටර්ක්‍රොස්, ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්, සැපර්ස් මෝටර්ක්‍රොස්, කමාන්ඩෝ චැලේන්ජ්, ගජබා සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස්, කලම්බු සුපර්ක්‍රොස් ජයගැනිමට සමත් වුණා. වලව ජයගත්තේ රොමේෂ් බුල්ජන්ස්, ඒ වගේම විජයබාහු මෝටර්ක්‍රොස් ජයගත්තේ ජපන් ජාතික තකාෂි තනකා ක්‍රීඩකයා.

 

තරග කරන්න පහසු අපහසු වේගවත් ධාවන පථ මොනවාද?

 

අශාන් - හැම ධාවන පථයක්ම ලෙහෙසි නෑ. නමුත් මා පෞද්ගලිකව විශ්වාස කරනවා ෆොක්ස්හිල් හා කමාන්ඩෝ තමයි වේගවත්ම ධාවන පථය. ෆොක්ස්හිල් ධාවන පථය වේගවත්. ඒ ධාවන පථයේදී බුද්ධිමත්ව තරග කරන්න ඕනෑ. හැසිරිය යුතු ධාවන පථයක්, ඒ වගේම කමාන්ඩෝ ධාවන පථය තරග කරන්න ඕනෑ ඉතාමත් වේගවත්ව. ඒ වගේම ජෝකර් ලැප් එකක් තියෙන් එකම ධාවන පථය. විශාලත්වයෙනුත් වැඩි නිසා තියුණු තරගයක නියැලිමට එය හොඳ තෝතැන්නක්.

 

ජාක් - මම පෞද්ගලිකවම කැමැති ධාවන පථය තමයි නුවරඑළිය මෝටර්ක්‍රොස් ධාවන පථය එහි පිහිටි සොභාවය හා එම ධාවන පථයේ පස තරගයකට ඉතාමත් හොඳින් උත්තේජනය සපයනවා. අනෙකුත් ධාවන පථ නරක නෑ ෆොක්ස්හිල් ධාවන පථයත්ද දිගු ඉතිහාසයක් පුරා යතුරුපැදි ක්‍රිඩාවට විශාල දායකත්වයක් සපයනාවා.

 

තරගාවලියක් අවසන් කිරිමට විශාල මුදලක් වැයවෙනවා නේද?

 

අශාන් - තරගාවලියක් අවසන් කරන්නට විශාල මුදලක් වැයවෙනවා. ගමන් වියදම්, මෝටර් රථ නඩත්තු වියදම්, නවාතැන් පහසුකම්, සේවක පඩිනඩි වැනි අනේක විද වියදම් නැතුවා නොවෙයි. නමුත් ජයග්‍රහණයක් ලැබුණාම ඒ සියලු දේම පහව යනවා. පසුගිය දෙවර්ශයේදීම “හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් තරගමාලව අවසාන‍යේ දක්ෂතාව රියැදුරාට මෝටර් රථයක් ජයග්‍රහකයා උදෙසා තිළිණ ලෙස හිමි වුණා. මේ වසරේදීත් යතුරු පැදියක් දිමට “හච්“ ශ්‍රී ලංකා සුපර්සීරීස් තරගමාලාව සංවිධානය කරන සංවිධායකයන් හා අනුග්‍රහකයන් කටයුතු සම්පාදනය කර තිබෙනවා. ඒය ඉතාමත් ප්‍රශංසනීයයි. දිගටම ක්‍රිඩාවේ රැදිසිටිමට එය උත්තේජනයක් වනවා.

 

ජාක් - ඇත්තෙන්ම ජයග්‍රහකයන් උදෙසා මුල්‍ය ත්‍යාගයන් ප්‍රදානය කළ යුතුයි. අනුග්‍රාහකයන්ගෙන් ලැබෙන අනුග්‍රහයෙන් පමණක් වාර්ෂික තරගමාලාවක නිරත වෙන්න අමාරුයි. යතුරුපැදි තරගාවලියක් නිමා කිරීමට විශාල මුදලක් වැයවෙනවා. තරගාවලි කිහිපයක් හැරෙන්නට අනෙකුත් තරගාවලි වලදි ලබාදුන් ත්‍යාග මුදල ප්‍රමාණවත් නෑ. එය වැඩි කළ යුතුයි. එ වගේම ක්‍රීඩාවක් ලෙස දිගටම රැදී සිටින්නට අවශ්‍ය කරන යටිතල පහසුකම් ප්‍රවර්ධනය කළ යුතුයි.

 

ඔබලා නොකියා කියන්නේ අනුග්‍රහකයන් නැතුව මේ කේෂ්ත්‍රයේ රැදී සිටින්න අමාරුයි කියලද?

 

අශාන් - නෑ එහෙමම නොවෙයි. නමුත් අනුග්‍රහකයන් අත්‍යවශයි. නැතිනම් සමස්ත තරගමාලාවම තරග කළ නොහැකි වනවා. “මැක්සීස්“ ටයර් මගේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම මම මැක්සීස් ලාංඡන තානාපති ලෙසත් කටයුතු කරනවා. ඔවුන්ගේ අනුග්‍රහය ඉතාමත් වැදගත්. ඒ වගේම මෝබිල් ලුබ්ලිකන් මට අනුග්‍රහය ලබාදෙනවා.

 

ජාක් - කේ.ටී.එම්. යතුරුපැදි ගෙන්වා බෙදාහරින ඩේවිඩ් පිරීස් මෝටර් රථ සමාගම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෝටූල් ලුබ්ලිකන් හා මාගේ දිගු කාලීන අන්‍රග්‍රහකයා ලෙස කටයුතු කරන සියැට් ටයර් මට විශාල අනුග්‍රහකත්වයක් දක්වනවා. මෙම වසරේදී සමස්ත තරගමාලාවම නියෝජනය කිරීමට. වසරක නිහැඩියාවකින් පැමිණියත් ඔවුන් මා ගැන විශ්වාසයෙන් කටයුතු කර මම ඔවුන්ගේ වගකීම ඉෂ්ට කළා.

 

එළැඹේන වසරේදී අන්තර්ජාතික තරග බිමට ප්‍රවිශ්ට විමට බලාපොරොත්තුවක් නැද්ද?

 

අශාන් - එළැඹෙන වසරේදී අන්තර්ජාතික ධාවන පථයට යොමු විමට බලාපෙරොත්තුවෙන් තමයි පසු වන්නේ. ඒ වගේම දේශිය තරගාවලිවලටද සහභාගි වනවා. මම ඇත්තේන්ම දේශිය ධාවන පථතුල තරග කිරිමට කැමත්තක් දක්වනවා. ඒ වගේම මෙරට සිටින ක්‍රීඩා ලෝලින්ටත් ඇලුම් කරනවා. ඒ නිසා දිගටම මගේ දක්ෂතාවයන් අතර රැදී සිටිමට හැකියාව ඇති හැම විටම ධාවන පථයේ රැදීසිටිම තමයි මගේ බලාපොරොත්තුව.මෙරට සිටින ක්‍රීඩා ලෝලින්ටද උද්වේගකර තරගය උණුසුම ලබාදිය යුතුයි. ඒ නිසා මම මට පුළුවන් කල් මම මෝටර් රථ ක්‍රීඩාවේ නියැලෙනවා.

 

ජාක් - අන්තර්ජාකිත ආසියානු තරගාවලියක් නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා.. ඒ වගේම දේශිය ධාවන පථය තුළත් තරග කිරීමට හා රැදිසිටිමට බලාපොරොත්තු වනවා. තවම මම දෙවැනි ගමනේ ආගමන පමණයි එළැඹෙන වසරේදී මීටත් වඩා හොඳින් තරග කොට හොඳ සටනක් දිම තමයි එකම අරමුණ.

 

අශාන් - ජාක් සංකලනය තමයි මේ වසරේ වැඩිම ජයග්‍රහණ රැසක් හිමිකරගත්තේ?

 

අශාන් - ෆොක්ස්හිල් තරගාවලිය අතර මැද නතර කළ නිසා ජයග්‍රහණයක් දිනාගැනීමේ අවස්ථාව ගිලිහි ගියා. නමුත් කමාන්ඩෝ චැලේන්ජ්, ගනර් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස්, කලම්බු සුපර්ක්‍රොස් යන තරගවලි කිහිපයෙදීම ජාක් සමග ජයග්‍රහි පිඨිකාවට නැගීමේ අවස්ථාව මට හිමි වුණා. ඇත්තෙන්ම ජාක් දක්ෂ ධාවකයෙක්. යොවුන් තරුණයෙක්.

 

ජාක් - කැවර්ලි සුපර්ක්‍රොස් තරගාවලියේදී හැරුණු කොට අශාන් සිල්වා තමයි මා සමග ජයග්‍රාහි වේදිකාවට පිවිසුනේ. කැවර්ලි තරගාවලියේදී කෞෂල්‍ය සමරසිංහ සමග ජයග්‍රාහි වේදිකාවට නැගීමේ අවස්ථාව මට හිමිවුණා. සැපර්ස් මෝටර්ක්‍රොස් හා නුවරඑලිය මෝටර්ක්‍රොස් වේදිකාවට පිවිසුණේ මම තනිවමයි. අශාන් වගේ ප්‍රවීණ ධාවකයෙකු සමග එකම පිඨිකාවකට ගොඩවිමත් ජයග්‍රහණයක්.

Comments