නාය යෑමේ රතු නිවේදන යළිත් | සිළුමිණ

නාය යෑමේ රතු නිවේදන යළිත්

පවතින තද වැසි සහිත කාලගුණයත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ, එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ජනතාවට දැනුම් දුන් බවයි.

මේ අතර බණ්ඩාරවෙල සහ දියතලාව අතර ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා එල්ල වී තිබේ.

එමෙන්ම අනුරාධපුර පූජා නගරයේ තන්තිරිමලේ මාර්ගයේ පොලිස් මාර්ග බාධයක් මතට ගසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර මහ රෝහලේයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

Comments