ලීමා ක්‍රියේ­ෂන්ස් අඛ­ණ්ඩව දෙවන වර­ටත් සම්මාන ලබයි | සිළුමිණ

ලීමා ක්‍රියේ­ෂන්ස් අඛ­ණ්ඩව දෙවන වර­ටත් සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම අභ්‍ය­න්තර අලං­ක­රණ සැල­සුම් සක­ස්කොට ස්ථාපිත කරන සමා­ග­මක් ලෙස සැල­කෙන ලීමා ක්‍රියේ­ෂන්ස් පෞද්ග­ලික සමා­ගම අඛ­ණ්ඩව දෙවන වර­ටත් සන්නාම විශි­ෂ්ට­ත්වය සඳහා වන ඉහ­ළම සම්මා­නය, දකුණු ආසි­යානු ව්‍යාපා­රික විශි­ෂ්ටත්ව සම්මාන උලෙළේදී දිනා ගනු ලැබීය‍. 2011 වසරේ සිට දේශීය සහ ජාත්‍ය­න්තර වශ­යෙන් ලීමා සමා­ගම සම්මා­න­යට පාත්‍ර වූ 18 වැනි අව­ස්ථාව මෙය වේ.

2017 වස­රේදී ප්‍රථම වරට මෙම සම්මා­නය දිනා­ගැ­නී­මත් සමග, බංග්­ලා­දේ­ශය හා ඉන්දි­යාව සමග ව්‍යාපා­රික කට­යුතු ආරම්භ කිරීම සඳහා ලීමා සමා­ග­මට දොරගු‘ විවර විය. දීර්ඝ කාල­යක් තිස්සේ පව­ත්වා­ගෙන එනු ලබන කීර්ති­මත් ව්‍යාපා­රික නාමය යටතේ බංග­ලා­දේ­ශයේ තම ව්‍යාපා­රික කට­යුතු ආරම්භ කිරීම සඳහා මූලික අඩි­තා­ලම දැමී­ම­ටත් ඉන්දි­යාවේ සොලිඩ් සර්ෆේස් ක්ෂේත්‍රයේ ප්‍රමු­ඛ­තම සමා­ගම ලෙස සැල­කෙන ඩර්ලැක්ස් සමා­ගම සමග ඒකා­බද්ධ ව්‍යාපා­ර­යක් ආරම්භ කිරී­ම­ටත් ලීමා සමා­ග­මට හැකි විය.

දැනට ශ්‍රී ලංකාවේ 9001-2015 තත්ත්ව සහ­ති­කය හිමි එකම අභ්‍ය­න්තර අලං­ක­රණ සමා­ගම වන ලීමා සමා­ගමේ විශේ­ෂ­ත්වය වන්නේ සෑම ව්‍යාපෘ­ති­ය­කම ආර­ම්භයේ සිට අව­සා­නය දක්වාම වෘත්තී­ය­ සහ නිර්මා­ණ­ශීලී අභ්‍ය­න්තර අලං­ක­රණ ශිල්පී කණ්ඩා­ය­මක් සහ විශේ­ෂඥ තාක්ෂ­ණික කණ්ඩා­ය­මක් මගින් පාරි­භෝ­ගි­කයා වෙත තම සේවාව සැප­යී­මයි.

Comments