කිරි අපේ රටේ සීරි­යස් බිස්නස් එකක් | සිළුමිණ

කිරි අපේ රටේ සීරි­යස් බිස්නස් එකක්

කිරි කර්මා­න්තය, ඉතා­ තීර­ණා­ත්මක හා වැද­ගත්ම ව්‍යාපාර ජාල­යක් ලෙස සල­කන නෙද­ර්ල­න්තය, ඒ හරහා සිය රටට අත්පත් කර­ගෙන තිබෙන ආර්ථික නැඟීම අති­දැ­වැන්ත බවත්, නෙද­ර්ලන්ත රජ­යට සහ ජන­තා­වට කිරි යනු ‘සීරි­යස් බිස්නස්’ එකක් බවත්, ශ්‍රී ලංකා රජය සහ ජන­තා­වට ඒ ආද­ර්ශය ගත හැකි බවත් නෙද­ර්ලන්ත තානා­ප­තිනි තන්යා ගොන්ග්රිප් මහ­ත්මිය පැව­සුවා ය.

ඇය මේ බව කියා සිටියේ, පසු­ගි­යදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩ­ලයේ පැවැති ශ්‍රී ලංකාව හා නෙද­ර්ල­න්තය අතර අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් තබ­මිනි. නෙද­ර්ලන්ත තානා­ප­ති­නි­යට අම­ත­රව මෙම ගිවි­සුම සඳහා පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ උප­කු­ල­පති, මහා­චාර්ය ‍උපුල් බී. දිසා­නා­යක සහ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පා­දන සංග­ම‍ෙය් සභා­පති, අජිත් එම්. ගුණ­සේ­කර යන මහ­ත්වරු ද අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්ත පුහුණු මධ්‍ය­ස්ථා­න­යක් පිහි­ටු­වී­මට පහ­සු­කම් සැල­සීම සඳහා වූ මේ ගිවි­සු­මට, ඕලන්ද රජයේ දූත පිරි­සට අම­ත­රව, නෙද­ර්ල­න්තයේ පෞද්ග­ලික සහ වෘත්තීය අධ්‍යා­පන ආය­තන සමූ­හ­යක් ද නිල වශ­යෙන් එක්ව ඇති අතර, මේ සඳහා පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ කෘෂි­කර්ම පීඨයේ සත්ත්ව විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සහ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පා­දන සංග­මය ද එක්ව සිටියි.

යෝජිත මෙම කිරි කර්මාන්ත පුහුණු මධ්‍ය­ස්ථා­නය සඳහා නෙද­ර්ල­න්ත­යෙන් ශ්‍රී ලංකා­වට ලැ‍ෙබ­නුයේ නව තාක්ෂ­ණික දැනුම සහ පුහු­ණු­වයි. එය, දේශීය සහ ජාත්‍ය­න්තර වශ­යෙන් පිළි­ගත්, රැකි­යාවේ නියැ­ළෙ­න­විට අත්පත් කර­ගන්නා කුස­ලතා සඳහා මඟ පෙන්වීම පද­නම් කර­ගත් ඉගෙ­නුම් ක්‍රම වේද­යක් සප­යයි. එම නව දැනුම උකහා ගන්නට මෙරට කිරි ගොවීන් දක්වන උන­න්දුව සහ කැප­වීම හරහා, කිරි කර්මා­න්තයේ සංව­ර්ධ­නය උදෙසා විශාල දාය­ක­ත්ව­යක් සැප­යෙන අතර, දේශීය කිරි ගොවීන්ගේ කර්මාන්ත මූල­ධර්ම ශක්ති­මත් කර­මින්, ක්ෂේත්‍රයේ ඇති අව­දා­නම් අවම කරනු ඇත.

එමෙන් ම, ශ්‍රී ලංකාවේ කිරි කර්මා­න්ත­යට අදාළ සිය­ලුම අංශ සඳහා නිපුණ ශ්‍රම බළ­කා­යක් සිටි­න­වාද යන්න තව­මත් ගැටලු සහ­ගත ය. දියර කිරි පරි­භෝ­ජ­නය සඳහා ශ්‍රී ලංකා රජය, ජන­තාව උනන්දු කිරීම අගය කළ යුතු අතර, එම කර්මා­න්තයේ නියැ­ළෙ­න්න­න්ගෙන් ලැබෙන කිරි ඵල­දාවේ ගුණා­ත්මක භාවය පිළි­බ­ඳව ද පුළුල් සොයා බැලී­මක් සිදු කිරීම අනි­වා­ර්යය‍. ඒ පිළි­බඳ දැනු­මක් ඇති ශ්‍රම බළ­කා­යක් ද රටට සිටීම අත්‍යවශ්‍ය සාධ­ක­යකි.

දියර කිරි, කිරි ආශ්‍රිත නිෂ්පා­දන , කිරි ගොවි­පොළ, සත්ත්ව ආහාර සහ සත්ත්ව අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය... ආදී සියලු අංශ සඳහා මෙම පුහුණු ශ්‍රම බළ­කා­යක අව­ශ්‍ය­තාව ශ්‍රී ලංකාවේ පව­තින අතර, ඔවුන්ගේ නිපු­ණ­ත්වය එම සියලු අංශ සඳහා දැඩි බල­පෑ­මක් එල්ල කරනු ඇත.

නෙද­ර්ල­න්තය යනු, අද ලෝකයේ කිරි කර්මා­න්ත­යෙන් ඉතා පොහො­සත් සහ ධන­වත් කිරි ගොවීන් සිටින රටකි. ඔවුන් ඒ තැනට සිය රටේ කර්මා­න්ත­යක් රැගෙන ගියේ කර්මා­න්ත­යට යහ­පත් ප්‍රති­පත්ති, කඩි­නම්ව ක්‍රියා­ත්මක කිරී­මෙනි.

ගොවි පවුල් හෙවත් ‘farm families’ ඔවුන්ගේ ප්‍රධා­න­තම සංක­ල්ප­යයි. මෙම සංක­ල්පය හරහා, පවුලේ මව පියා පම­ණක් නොව දරුවෝ පවා කුඩා කල සිටම කිරි කර්මා­න්ත­යට දායක වෙති. එය ඔවුන්ගේ පවුලේ ව්‍යාපා­ර­යයි. සතුන් රැක බලා ගැනී­මට, කිරි දෙවී­මට, සතුන් නෑවී­මට, තණ­කොළ සැප­යී­මට හෝ සිය සත්ත්ව ගොවි­පොළේ කට­යුතු සඳහා කිසිදු පිට­ස්තර කුලී කරු­වන් අවශ්‍ය නොවේ.

එමෙන් ම, එරට කිරි ගොවි ගම්මාන සෑදී ඇත්තේ ද ‘farm families’ සංක­ල්පයේ තවත් දිගු­වක් ලෙසිනි. එනම්, ගොවි උප­ක­රණ අලු­ත්වැ­ඩියා කරන, කිරි ගව­යින් සඳහා ගුණා­ත්මක ආහාර නිප­ද­වන, දොවා ගන්නා කිරි­ව­ලින් ආහාර නිප­ද­වීමේ ක්‍රියා­වලි සඳහා දායක වන... ආදී වශ­යෙන් ඒ ඒ කාර්ය­යට විශේ­ෂඥ දැනු­මක් ඇති පවුල් එක­තු­ව­කිනි. එවිට එය, කිරි කර්මා­න්තයේ සියලු අංශ­ව­ලින් සම­න්විත පවු­ල්ව­ලින් සැදි ගම්මා­න­යකි.

අද වන­විට, නෙද­ර්ල­න්තයේ ‘farm families’ සංක­ල්පය කෙත­රම් සාර්ථක වීද යත් එක පවු­ල­කට තබා­ගත හැකි කිරි ගව­යින් ගණන 70 – 100 අතර ප්‍රමා­ණ­ය­කට සීමා කර­න්නට රජ­යට සිදුව තිබේ. එමෙන් ම සිය රටට කිරි සම්පත ඕනෑ­ව­ටත් වඩා තිබෙන හෙයින්, වෙනත් රට­ව­ලට ගොස් කිරි කර්මා­න්තය අර­ඹ­න්නට නෙද­ර්ලන්ත රජය සිය පුද්ග­ලික අංශ දිරි­මත් කරයි.

වැද­ගත්ම කරුණ නම්, මේ සියල්ල ඔවුන් හිමි­ක­ර­ගෙන ඇත්තේ ‘Dairy is serious business…’ යැයි සිතූ නිසාය. එලෙස ක්‍රියා­ත්මක වූ නිසා ය. කිරි කර්මා­න්ත­යෙන් ‍පොහොසත් නෙද­ර්ල­න්ත­යෙන්, කිරි කර්මා­න්ත­යට එත­රම් තැනක් නොදෙන රටක් ලෙස අප ගත යුතු ප්‍රබ­ලම ආද­ර්ශය එයයි.

කෙසේ වෙතත් තමන් ශ්‍රී ලංකාවේ ගත කළ කාලය පුරාම, ඕලන්ද චීස් වලට සමාන චීස් වර්ග­යක් රට පුරාම සෙවූ නමුත් හමු නොවූ බව පැවසූ තානා­ප­ති­නිය, ඕලන්ද දරු­වන් දවස පටන් ගන්නේ නැවුම් කිරි වීදු­රු­වක් පානය කිරී­මෙන් බවත්, සිය දරු දෙදෙනා වෙනු­වෙන් ලංකාවේ සුපිරි වෙළෙඳ සල්ව­ලින් හෝ එවැනි තත්ත්වයේ නැවුම් දියර කිරි සොයා ගැනී­මට නොහැකි වූ බව ද කියා සිටි­යාය.

“මා හඳු­නා­ගත් පරිදි ශ්‍රී ලංකාවේ ජන­ග­හ­න­යෙන් තුනෙන් එකක් කෘෂි­ක­ර්මා­න්තයේ නියැ­ළෙ­නවා. නමුත් වෙනස් වන ලෝක­යත් සමඟ ශ්‍රී ලංකාවේ ගොවීන් ඉදි­රි­යට යා යුතුයි. කිරි ගව­යින්ගේ සුබ­සා­ධ­නය පිළි­බඳ සොයා බැලීම මීට වඩා සාධ­නී­යව සිදු­විය යුතුයි. එම සතුන් පිළි­බඳ සොයා බලන්න යැයි, ප්‍රති­පත්ති සම්පා­ද­ක­යි­න්ගෙන් මා ඉල්ලා සිටි­නවා. ඒ වගේම සාර­වත් ඵල­දා­වක් ලබා­ගැ­නී­මත්, කිරි­ගො­වීන්ගේ ආදා­යම පිළි­බ­ඳ­වත් නිසි ප්‍රති­පත්ති සැක­සී­මට බල­ධා­රීන් කට­යුතු කළ යුතුයි. මේ පුහුණු මධ්‍ය­ස්ථා­නය හරහා නෙද­ර්ල­න්ත­යෙන් ලබා­දිය හැකි නවීන දැනුම ශ්‍රී ලංකාව වෙත ලබා­දෙන්න අපි බො‍හොම කැමැ­ත්තෙන් සිටි­නවා...” යැයි පැව­සු­වාය.

පේරා­දෙ­ණිය සර­ස­විය ද මෙහි හවු­ල්කා­රි­ත්ව­යක් දරන හෙයින් මෙම වැඩ­ස­ට­හනේ ප්‍රායෝ­ගික බව පිළි­බඳ සාධ­නීය බලා­පො­රොත්තු තබා­ගැ­නී­මට හැකි­වීම සතු­ටට කරු­ණකි. එසේ නොවු­ණ­හොත් ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සහ කර්මා­න්තය වෙනු­වෙන් වූ නෙද­ර්ල­න්තයේ උත්සා­හය ද අපතේ යනු ඇත.

කෙසේ වෙතත් අප තව­මත් සිටින්නේ නෙද­ර්ල­න්තය, කිරි කර්මා­න්ත­යෙන් අවු­රුදු 20කට එපිට දී හිටි තැනයි. කිරි කර්මා­න්තයේ අප සිටිනා තැන වටහා ගැනී­මට මේ කරු­ණට වඩා අන් යමක් අවශ්‍ය නොවේ. ඔවුන් කිරි කර්මා­න්ත­යෙන් ධන­ව­ත්වීමේ උප­රි­ම­යට පැමිණ ඇති අතර, අවු­රුදු 20ක් තුළ මේ තැනට ආවේ කෙසේ දැයි සොයා බලා, ඒ ගත හැකි ආද­ර්ශ­යන් ක්‍රියා­ත්මක කිරී­මට, නව රජය ප්‍රති­පත්ති සම්පා­ද­නය කිරීම කඩි­නම් කළ යුතු ය.

විශේෂ ස්තූතිය - නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ කෘෂි කර්මාන්තය පිළිබඳ ජ්‍යේෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක,
නිශාන්  දිසානායක මහතාට.


ඉනෝකා පෙරේරා බණ්ඩාර

 

Comments