අලුත් අමා­ත්‍යං­ශ­යෙන් අලුත් දෙයක් සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් බලා­පො­රොත්තු වෙනවා | සිළුමිණ

අලුත් අමා­ත්‍යං­ශ­යෙන් අලුත් දෙයක් සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් බලා­පො­රොත්තු වෙනවා

 

සුළු සහ මධ්‍ය පරි­මාණ ක්ෂේත්‍රය සමඟ දීර්ඝ කාලීන අත්දැ­කීම් ඇති ආචාර්ය ක්‍රිෂාන්ත විසෙ­න්තිගේ මෙම ක්ෂේත්‍රය සමඟ අදට ද කට­යුතු කරන තරුණ විද්ව­තෙකි. සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය සම්බන්ධ උප­දේ­ශ­ක­යෙකු ලෙස ජාත්‍ය­න්තර ව්‍යව­සා­ය­කත්ව සංවි­ධාන රැසක් සමග කට­යුතු කර තිබෙන ඒ මහතා ශ්‍රි ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේ­ල­නයේ විධා­යක සභි­ක­යෙකු ලෙසත්, සාක් කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේ­ල­නයේ විධා­යක සභි­ක­යෙකු ලෙසත් කට­යුතු කර ඇති අතර සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය සම්බන්ධ විශ්ව විද්‍යාල බාහිර කථි­කා­චා­ර්ය­ව­ර­යෙකු ලෙසද කට­යුතු කර­මින් සිටියි.

මෙරට සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය ගොඩ නැගීම හා ඉන් රටේ ආර්ථි­ක­යට ජීවය පිඹීමේ නව ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ නව රජයේ දැක්ම පිළි­බ­ඳව සංවා­ද­ය­කට සිළු­මිණ සමග එක් වෙමින් ආචාර්ය ක්‍රිෂාන්ත විසෙ­න්තිගේ මහතා දැක්වූ අද­හස් සැකෙ­වින් මෙසේ පළ කරමු .

ඔබ මේ රටේ සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය දකින්නේ කොහො­මද?

අපේ රටේ ආර්ථි­කයේ ඉදිරි පෙළ ගැස්ම පිළි­බ­ඳව නිර්ණා­යක සකස් කිරීම උදෙසා 2014 වර්ෂ­යේදී ආර්ථික සංග­ණ­න­යක් සිදු­කෙ­රුණා. එහිදී ලබා ගත් දත්ත­ව­ලට අනුව එම අව­ධි­යේදී සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර දස ලක්ෂ­යක් පමණ මෙරට තුළ ක්‍රියා­ත්මක වුණා. එම ව්‍යාපාර හරහා මිලි­යන 2.2ක එනම් රැකියා ලක්ෂ 22ක ප්‍රමා­ණ­යක් උත්පා­ද­නය වී තිබුණා. ඒ වගේම මෙරට දළ ජාතික නිෂ්පා­ද­න­යෙන් 52% ක ප්‍රමා­ණ­ය­ක­ටම දායක වී තිබු­ණේද මෙකී සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින්.

මෙත­රම් ආර්ථික දාය­ක­ත්ව­යක් ලබා දෙන මෙම ක්ෂේත්‍රය සම්බ­න්ධ­යෙන් රටක් ලෙස අප සාධා­ර­ණය ඉටු කොට තිබෙ­න­වාද?

රටේ ආර්ථික ප්‍රග­ම­න­යට ජීවය සැපයූ මෙම සුවි­ශේෂී ව්‍යාපා­රික ප්‍රජා­වට පසු­ගිය වසර කිහි­පය නම් එත­රම් සුබ­දායී වුණේ නෑ. ඔවුන් සම්බ­න්ධ­යෙන් නොස­ළකා හැරීම් සිදු­වුණා. ඒ වගේම උව­දුරු ගණ­නා­ව­ක­ටම නිර­න්ත­ර­යෙන් ඔවුන් මුහුණ දුන්නා. ඉන් එම ක්ෂේත්‍ර­යන්ගේ දැවැන්ත කඩා වැටී­මක් අපට දකි­න්නට ලැබෙ­නවා. එයින් වුණේ රටේ ආර්ථික පරි­ස­ර­යත් එක තැන පල් වන ස්වරූ­ප­යක් පෙන්නුම් කිරී­මයි.

විශේ­ෂ­යෙන් පසු­ගිය අප්‍රේල් 21 වැනි දින එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහා­ර­යත් සමග රටේ සමස්ථ ව්‍යාපාර ක්ෂේත්‍ර­ය­ට­මත් මර­ණා­සන්න අත්දැ­කී­මක් ලබ­න්නට සිදු­වුණා ඒ වන විටත් අව­සන් හුස්ම පොද හෙළ­මින් සිටි සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින් රැස­ක­ටද තමන් තව­දු­ර­ටත් මේ රටේ ව්‍යාපාර කර­න­වාද නැද්ද යන්න සිතන තත්ත්ව­ය­ටම එය බර­ප­තල වුණා.

නව ජනා­ධි­ප­ති­ව­ර­‍ෙයක්... නව රජ­යක් තුළ ඔවුන්ට බලා­පො­රො­ත්තු­වක් තබා ගත හැකිද?

මෙවැනි වාතා­ව­ර­ණ­යක් තුළ රටේ පාල­නයේ වෙන­සක් සිදු වනු දැකීම රටේ ජීවත් වන බහු­තර ජන­තා­වක ගේ අපේ­ක්ෂාව වූ බව අව­සන් වූ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පැහැ­දිළි ලෙස පෙනුණා. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති ධූර­යට තේරී පත්වී­මත් ඒ සම­ගම සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යි­න්ටත් යම් සැන­සි­ලි­දා­යක වාතා­ව­ර­ණ­යක් නිර්මා­ණය කිරී­මට සමත් වුණා.

මෙහිදී විශේ­ෂ­යෙන්ම අගය කළ යුතු කරුණ මෙම සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින් සද­හාම වෙන්වූ නව­තම අමා­ත්‍යාං­ශ­යක් පවා ආරම්භ කිරී­මයි. මෙවැනි නව අමා­ත්‍යාං­ශ­යක් ආරම්භ කිරීම හරහා ලබා දුන් පණි­වු­ඩය මෙම ක්ෂේත්‍රය නියෝ­ජ­නය කරන සියලු ව්‍යව­සා­ය­ක­යින්ට යළිත් තම ව්‍යාපාර ඉදි­රි­යට ගෙන යාමේ යහ­පත් වටා­පි­ටා­වක් නිර්මා­ණය වීමයි.

සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය සම්බ­න්ධ­යෙන් අමා­ත්‍යං­ශ­යක් පත් කළ පම­ණින් අපට ඔවුන්ට සෙත සැලසේ යයි බලා­පො­රොත්තු විය හැකිද?

නැහැ. ඊට වඩා දෙයක් තිබෙ­නවා. විශේ­ෂ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගේ මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය තුළ සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින් නගා සිටු­වීම පම­ණක් නොව රටේ සමස්ථ ආර්ථි­ක­යම ජව සම්පන්න ලෙස නිවැ­රදි දිශා­ව­කට මෙහෙ­ය­විය හැකි නැවුම් වැඩ­පි­ළි­ව­ලක්ද ජන ගත කර තිබෙ­නවා. ඉදිරි කාලය තුළ එම වැඩ­පි­ළි­වල බාධා­ව­කින් තොරව ක්‍රියා­ත්මක කිරී­මට හැකි වුව­හොත් නිසැ­ක­වම මෙරට ආර්ථි­කය ජව සම්පන්න ව ජය­ග්‍රාහී ගමන් මග­කට ප්‍රවේශ කර­වී­මට හැකි­වන බවට මට විශ්වා­ස­යක් තිබෙ­නවා.

රජය පසු­ගි­යදා මෙම ව්‍යව­සා­ය­ක­යන් සම්බ­න්ධ­යෙන් බල­පාන බදු­වල විශාල අඩු කිරී­මක් සහිත සංශෝ­ධන සිදු කෙරුණා. මේ ගැන ඔබේ අද­හස කුමක්ද?

නව රජයේ පළමු කැබි­නට් රැස්වී­මේදී ජන­තා­වට බදු සහන රැසක් ලබා දුන්නා. ඒ අනුව මෙතෙක් සිය­යට 15ක්ව පැවැති වැට් බද්ධ සිය­යට 8 ක් දක්වා අඩු කිරීම, ජාතිය ගොඩ­නැ­ගීමේ බද්ධ අහෝසි කිරීම, මෙතෙක් රුපි­යල් මිලි­ය­න­යක් ව පැවැති වැට් බද්ධ අය­කි­රීමේ පිරි­වැ­ටුම රුපි­යල් මිලි­යන 25 දක්වා ඉහළ නැංවීම වගේ පිය­වර මේ ක්ෂේත්‍ර­යට ඉතාම හිත­කර තීරණ ලෙස දැක්විය හැකියි.

කොහොම වුණත් මේ වැට් බදු අඩු තිරීමේ අපට නොපෙ­නෙන් අහි­ත­කර තත­ත්්ව­ය­කුත් පව­ති­නවා. ඒ ගැනත් සඳ­හන් කළ යුතුයි. වැට් ලියා­ප­දිංචි නොමැති සුළු පරි­මාණ යම් නිෂ්පා­ද­ක­යකු මහා පරි­මාණ සමා­ග­මක් සමඟ ගනු­දෙනු කිරී­මේදී ඔහු ගෙන් මහා පරි­මාණ සමා­ගම වැට් බද්ද අය කර ගත්තත් එය ආපසු ලබා ගැනීමේ හැකි­යාව වැට් ලියා­ප­දිං­චිය නොමැති කෙන­කුට අහි­මිව යනවා. මෙවැනි තත්ත්ව සඳහා යම් විස­ඳු­මක් අප සොයා ගත යුතුයි. නැති­නම් වට් බදු සීමා වෙනස් කිරීම එක් අත­කට සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ට අවාසි සහ­ගත විය හැකියි.

ඒ වගේම ඉදි­කි­රීම් ක්ෂේත්‍රය සඳහා මෙතෙක් අය කරන ලද සිය­යට 28ක බද්ද සිය­යට 14 දක්වා අඩු කිරීම එම කර්ම­න්ත­යට ඉතා හිත­කර පිය­ව­රක්.

පසු­ගිය කාලයේ විදුලි සංදේශ බද්ද මේ රටේ ව්‍යාපාර ප්‍රජා­වට පම­ණක් නොව සමස්ත ජන­තා­ව­ටම ලොකු බරක් වී තිබුණා. එය සිය­යට 25 කින් අඩු කිරී­ම­ටද කට­යුතු කර තිබෙ­නවා. මෙතෙක් අය කරන ලද ආර්ථික සේවා ගාස්තු , උප­යන විට අය කරන ලද ආදා­යම් බද්ද , උප­යන විට ගෙවන ආදා­යම් බද්ද, ණය සේවා බද්ද, ආර්ථික සේවා ගාස්තු වැනි තවත් බදු වර්ග ගණ­නා­වක්ම වහාම ක්‍රියා­ත්මක වන පරිදි අහෝසි කර දැමී­මට කැබි­නට් අනු­මැ­තිය හිමි ව තිබෙ­නවා.

මෙම බදු අඩු කිරීමේ හා අවම කිරීමේ ආර්ථික සහන සේවා පැකේ­ජය ඉතා යහ­පත් ආර්ථික යෝජ­නා­වක්. එම­ගින් ජන­තාව අත මුදල් ගැව­සෙන තර­ග­කාරි ආර්ථි­ක­යක් නිර්මා­ණය කිරී­මට පසු­බිම සකස් වනු ඇතැයි කිව හැකියි.

අද සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් පෙළන තවත් අර්බු­ද­යක් තමයි ඔවුන් බැංකු­ව­ලින් ගෙවා ගත් ණය නිසි ආකා­ර­යෙන් ගෙවා දැමී­මට නොහැකි වීමයි. ඒ සම්බ­න්ධ­යෙන් නව රජ­යෙන් බලා­පො­රොත්තු වන්නේ කුමක්ද?

ඔබ කියන දේ ඇත්ත. මේ වන විට අප රටේ බොහෝ ව්‍යාපා­රි­ක­යින් තම ව්‍යාපාර ගොඩ නගා ගැනී­මට ලබා ගෙන ඇති සම­හ­රක් ණය මුදල් නිසි ලෙස ගෙවී­මට අපො­හො­සත් වීම හේතු­වෙන් ණය තොර­තුරු කාර්යාං­ශයේ (CRIB) අසාදු ලේඛ­ණ­යට ඇතු­ළත් ව තිබෙ­නවා. නව ජනා­ධි­ප­ති­ව­රයා හා රජය මේ පිළි­බඳ ව ඉක්මන් අව­ධා­නය යොමු කර එම ණය ව්‍යාපා­රි­ක­යින්ට ද බරක් නොවන පරිදි අය කර ගැනීම සඳහා ක්‍රම­වේද හදුන්වා දීම වැද­ගත් පිය­ව­රක් ලෙස මා යෝජනා කර­නවා. එතෙක් දැනට අසාදු ලේඛ­ණ­යට (CRIB) ඇතු­ළත්ව ඇති ව්‍යාපා­රි­ක­යින්ට යම් සහන කාල­යක් ලබා දීමත් කළ යුතු වැද­ගත්ම කට­යු­ත්තක් හැටි­යට හදුන්වා දීමට පුළු­වන්.

මෙම නව අමා­ත්‍යං­ශය ප්‍රමු­ඛ­තාව ලබා දිය යුතු කරුණු මොන­වාද?

මේ වන විට අප රට තුළ කෙත­රම් සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර තිබෙ­න­වාද යන්න පිළි­බ­ඳව තොර­තුරු ඒක­රාශී කර ගනි­මින් එම ව්‍යාපාර පිළි­බද විධි­මත් දත්ත සට­හ­නක් පිළි­යෙළ කර ගැනී­මද අත්‍යා­ව­ශ්‍ය­යෙන්ම කළ යුතු ප්‍රමුඛ කට­යු­ත්තක් .

සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින් නගා සිටු­වීම සදහා පිහි­ටු­වන ලද නව අමා­ත්‍යාං­ශ­යෙන් නොනැ­වතී එම අමා­ත්‍යාං­ශය ක්‍රියා­ත්මක විය යුතු ආකා­රය පිළි­බ­දව ජනතා අද­හස්,උද­හස් ලබා ගැනී­මත් සිදු විය යුතුයි. විශේ­ස­යෙන් මෙම ඉලක්ක ගත ප්‍රජා­වගේ ත්දැකිම් ඔවුන්ගේ අව­ශ්‍යතා සහ අපේක්ෂා අමා­ත්‍යං­ශය විසින් හඳුනා ගනු ලැබීම වැද­ගත්. ඒ සඳහා අදාළ පිය­වර අමා­ත්‍යං­ශය ගනු ඇතැයි මම බලා­පො­රොත්තු වෙනවා. ඒ වගේම ව්‍යාපා­රි­ක­යින් බලා­පො­රොත්තු වන බදු සහන , ව්‍යාපාර පවත්වා ගෙන යාමේදී අවශ්‍ය ණය මුදල් , නව තාක්ෂ­ණය හා නව දැනුම දිරි ගැන්වීම් ආදිය පිළි­බ­ඳ­වද මෙහිදී විශේෂ සැළ­කි­ල්ලක් යොමු කරනු ඇතැයි යන්න අපගේ අපේ­ක්ෂා­වයි.

තවද ක්ෂේත්‍ර­යට අදාළ වන සියලු රාජ්‍ය ආය­තන අතර මනා සම්බ­න්ධී­ක­ර­ණ­යක්ද පවත්වා ගෙන යාමත් අමා­ත්‍යං­ශයේ වග­කී­මක්. ඒ සඳහා නව ආය­ත­න­යක් ආරම්භ කර­න්නම් වඩාත් සුදු­සුයි කියා මා හිත­නවා. එප­ම­ණක් නොව මෙරට සියලු ව්‍යාපාර ක්ෂේත්‍ර නවී­ක­ර­ණය කර­මින් ඉදි­රි­යට පවත්වා ගෙන යාම උදෙසා රාජ්‍ය සේවය තුළ ව්‍යාපාර සංව­ර්ධන සේවා­වක් ඉක්ම­නින් ඇති කළ යුතුයි.

විදේ­ශීය නිෂ්පා­දන බහුල වීම පාල­නය කිරීමට ඔබ මොන­වාද යෝජනා කරන්නේ?

දේශීය ව්‍යව­සා­ය­ක­යින් විසින් මෙරට තුළ නිෂ්පා­ද­නය කරන නිෂ්පා­දන විදේ­ශ­ය­න්ගෙන් මෙර­ටට ගෙන්වීම වැළැ­ක්වීම සඳ­හාද අවශ්‍ය පිය­වර ගනු ඇතැයි විශ්වාස කර­නවා. එය කවර ආකා­ර­යෙන් ක්‍රියා­වට නංව­නේ­දැයි සියුම්ව අද්‍ය­ය­න­යට ලක් කළ යුතු කාර­ණ­යක්.

ඒ වගේම දේශීය නිෂ්පා­දන දිරි ගැන්වීම සඳහා මහ­ජන ආකල්ප වෙනස් කිරීම සඳහා ද විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් නොප­මාව ඇර­ඹී­මට රජය පිය­වර ගත යුතුයි. එප­ම­ණක් නොව අප­න­යන ආදේ­ශන කර්මාන්ත දිරි­මත් කර­මින් මේ සඳහා තව­ත­වත් බදු සහන ලබා දීමත් වැද­ගත්. අපේ රටේ ආර්ථි­ක­යට ලොකු බල­පෑ­මක් කළ හැකි විභ­ව­යක් සහිත කර්මාන්ත තිබෙ­නවා. උදා­හ­ර­ණ­යක් හැටි­යට සංචා­රක කර්මා­න්තය, වානිජ කෘෂි­ක­ර්මා­න්තය, හා තොර­තුරු තාක්ෂ­ණය වැනි ක්ෂේත්‍ර. මේ ක්ෂේත්‍ර තුළ සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­ය­න්ටත් විශාල අවස්ථා ප්‍රමා­ණ­යක් තිබෙ­නවා. ඒ නිසා ඔවුන් සම්බ­න්ධ­යෙන් සුවි­ශේෂ වැඩ­ස­ට­හ­නක් හඳුන්වා දෙන හැටි­ය­ටත් රජ­යෙන් ඉල්ලා සිටි­නවා.

ඡායා­රූප - සාලිය රූප­සිංහ

Comments