වීර­යන්ට ඇඳ­ගෙන වැඩ කළේ කාට ද? | සිළුමිණ

වීර­යන්ට ඇඳ­ගෙන වැඩ කළේ කාට ද?

ප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව යනු අපේ රටේ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව යටතේ පව­තින අප­රාධ විම­ර්ශන කට­යුතු සම්බ­න්ධ­යෙන් ඇති ප්‍රමු­ඛ­තම අංශ­යකි. ඉහළ තාක්ෂණ පහ­සු­කම් වලින් ද අනූන මෙම ඒක­ක­යට වැඩි වශ­යෙන්ම පැව­රෙන්නේ ආන්දෝ­ල­නා­ත්මක අප­රාධ විම­ර්ශ­න­යන්ය. කොළඹ කොටුවේ නව මහ ලේකම් කාර්යාල ගොඩ­නැ­ගි­ල්ලෙහි පිහිටා ඇති අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මහ ජන­තාව පොදුවේ පව­සන්නේ රහස් පොලී­සිය කියාය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඉංග්‍රීසි නාමයේ මුල් අකුරු තුන එක්කොට සී.අයි.ඩී. ය යැයි කියා ද හදු­න්වනු ලබයි.

මෙකී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කාල­යක් හොර ගුහා­වක් බවට පත්ව තිබුණු බව පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රසිද්ධ රහ­සකි. ඒ අද ඊයේ නොව, කල­කට ඉහ­ත­දීය. එහි සේවයේ නිර­තව සිටි දූෂිත නිල­ධා­රීන් බොහො­ම­යක් එදා සීසී­කඩ විසි වෙන්නේ එව­කට ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාව සිටි ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ සම­යේය.

දූෂි­ත­යින් එළවා දමා ශුද්ධ­කර ක්‍රම­වත් ආකා­ර­ය­කට පව­ත්වා­ගෙන ගිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සම්බ­න්ධ­යෙන් නැව­තත් රටේම යම් කථා­බ­හක් ඇති­වන්නේ එම දෙපා­ර්ත­මේ­න්තුව විසින් පසු­ගිය කාලයේ කළ ආන්දෝ­ල­නා­ත්මක අප­රාධ විම­ර්ශන බොහො­ම­යක්ම මේ වන විට ප්‍රශ්න­ගත තත්ව­ය­කට පත්ව ඇති බැවිනි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පසු­ගිය වක­වා­නුවේ දී සිය ශක්තිය වැඩි වශ­යෙන් යොද­වනු ලැබුවේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍ර­ම­තුංග ඝාත­නය, රගර් ක්‍රීඩක වසීම් තාජු­ඩීන් ඝාත­නය, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නඩ­රාජා රවි රාජු ඝාත­නය, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ජෝසප් පර­රා­ජ­සිං­හම් ඝාත­නය, මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීම, රිවිර පුව­ත්පතේ කර්තෘ­ව­ර­යාව සිටි උපාලි තෙන්න­කොන්ට පහ­ර­දීම, ද නේෂන් පුව­ත්ප­තතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැ­ර­ගෙන ගොස් පහ­ර­දීම, මාධ්‍යෙව්දී පොද්දල ජයන්ත පැහැ­ර­ගෙන ගොස් පහ­ර­දීම සහ මාධ්‍යෙව්දී නාමල් කුමා­රට පහ­ර­දීම , කොළඹ දී තරු­ණ­යින් 11 දෙනෙක් පැහැ­ර­ගෙන අතු­රු­දන් කිරීම වැනි අප­රාධ විස­ඳී­ම­ටය. එහිදී හමුදා ප්‍රධා­නීන් මෙන්ම පොලිස් ප්‍රධා­නීන් ද බුද්ධි අංශ සාමා­ජි­ක­යන් රැසක් අත්අ­ඩං­ගු­වට ගනි­මින් බන්ධ­නා­ගා­ර­ගත කර­න්නට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ බල­ධා­රීහු කට­යුතු කළහ. හිටපු පොලි­ස්ප­ති­වරු දෙතුන් දෙනෙක්ම ඔවුන්ගේ ඊළඟ ගොදුරු බවය පත්වී­මට ඉඩ තිබුණු අතර ඒ අය­ගෙන් ජයන්ත වික්‍ර­ම­රත්න මහතා බේරෙන්නේ අධි­ක­ර­ණ­යට පින්සිදු වන්න­ටය. ආර­ක්ෂක ලේක­ම්ගෙන් පසු රටේ ඇති ඉහ­ළම ආර­ක්ෂක තන­තුර වන ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී අද්මි­රාල් රවීන්ද්‍ර විජේ­ගු­ණ­ර­ත්නව ද මේ අය අත්අ­ඩං­ගු­වට ගත්තේය.

ඉහත කී අප­රාධ සම්බ­න්ධ­යෙන් සැක­පිට යැයි කියා අත්අ­ඩං­ගු­වට ගත් ඉහළ නිල­ධා­රීන් මේ සම්බ­න්ධ­යෙන් කියන පොදු කරු­ණක් වූයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නම තමන්ගේ මුවින් කියවා ගන්නට ඔවුන් උත්සාහ කළ බවය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගත් ලොකු කුඩා ඒ කිසිදු නිල­ධා­රි­යෙක් කොත­රම් වද හිංසා­වන්ට ලක්වූ­වත් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නම කිය­න්නට ගියේ නැත. එම නිල­ධා­රීන්ට හිරේ විලං­ගුවේ වැටෙ­න්නට සිදු­වන්නේ ද ඒ නිසා­මය.

එසේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නම කියවා ගැනී­මට දැඩි උන­න්දු­ව­කින් පසු­වූයේ යැයි චෝදනා එල්ල­වූයේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එව­කට හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කර ඇතුළු නිල­ධා­රීන් කිහිප දෙනෙ­කු­ටය. ඒ අතර ඉහ­ළින්ම කියැ­වුණු නමක් වූයේ පොලිස් පරී­ක්ෂක නිශාන්ත ද සිල්වාය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සමූහ මංකොල්ල විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව සිටියේ ද නිශා­න්තය. ශානි අබේ­සේ­කර ද පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක්ව සිටිය දී එම ඒක­කයේ ස්ථානා­ධි­ප­ති­ධු­රයේ රැදී සිටි­යේය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂක ලෙස ඔහු ඉහ­ළට ආවේ ඒ තැනේ සිටය. දේශ­පා­ලන පෙර­ළි­යක් නොවුණේ නම් ශානි සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස උසස් වීමක් ද ලබාය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථානා­ධි­පති ධුරය හිමි­වී­මට නිය­මි­තව සිටියේ නිශා­න්තය.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ධු­ර­යට තරග කිරීම වැළැ­ක්වීම වෙනු­වෙන් ඔහුගේ පුර­වැ­සි­භා­වය ගැන ද දැවැන්ත විම­ර්ශ­න­යක් මේ අය විසින් සිදු­ක­රනු ලැබීය. ඒ ලද පැමි­ණි­ල්ල­කට අනු­වය. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ධු­ර­යට තරග කිරීම වල­ක්වා­ල­න්නට ඒ කිසිදු විම­ර්ශ­න­ය­කට ඉඩක් නොවීය. ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵල නිකු­ත්වන දින මහා රෑ ශානිත්, නිශා­න්තත්, තිසේ­රාත් රටින් පළා­ය­න්නට සූදා­න­ම්වන බවට පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව තුළ දැඩි කථා­බ­හක් පවා ඇති වන්නේ මෙවන් පසු­බි­මක් යට­තේය. එහෙත් ඒ වන විට තිසේරා සිටින්නේ ඉන්දි­යා­වේය. ඒ පුහුණු පාඨ­මා­ලා­ව­කට සහ­භා­ගි­වී­මට ගොසිනි. මැති­ව­රණ ප්‍රති­ඵ­ල­ව­ලට අනුව ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පැහැ­දිලි ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ජනා­ධි­පති ධුර­යට පත්ව ඇති බව පෙනී යාමත් සමග බොහො අය සිතුවේ තිසේරා නැවත ලංකා­වට නොපැ­මි‍ණෙ­තැයි කියාය. එහෙත් ඔහු නැවත මෙර­ටට ආවේය. සුපු­රුදු ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­යට ද වාර්තා කළේය.

ඒ අතර වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා ජාතික පොලිස් කොමි­ස­මෙන් ඉල්ලී­මක් කරන්නේ ශානි අබේ­සේ­කර මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ධුර­යෙන් ඉවත් කරන ලෙසය. ඒ ඔහුගේ මෙහෙ­යැ­වී­මෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව තුළ සිදුවූ විම­ර්ශන රැසක් සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න ගත තත්ව­යක් ඒ වන විටත් උද්ග­තව පැවැති බැවිනි. ඒ වන විට සිවිල් සංවි­ධාන සහ ජනතා විරෝ­ධ­යක් ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට එල්ල­වෙ­මින් පැවැති බැවින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව රැක ගැනී­මට කළ යුතු හොඳම වික­ල්පය වූයේ වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාගේ නිර්දේ­ශ­යයි. එම ස්ථාන මාරුව ක්‍රියා­ත්මක වන්නේ ජාතික පොලිස් කොමි­සමේ ද අනු­මැ­තිය ඇති­වය.

ශානි අබේ­සේ­කර මහ­තාට මාරුව ලැබෙන්නේ ගාල්ල නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ පුද්ග­ලික සහ­කාර ලෙසිනි. ඒ වෙනු­වට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නව අධ්‍ය­ක්ෂක ලෙස පත් කෙරෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඩබ්ලිව්. තිල­ක­රත්න මහ­තා­වය. පොලිස් පාරි­ස­රික කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටි ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නව අධ්‍ය­ක්ෂ­ක­ව­රයා ලෙස වැඩ භාර ගන්නේ ඉකුත් 23 වෙනි­දාය. ශානි අබේ­සේ­කර මහ­තාගේ ස්ථාන මාරු­වීම වෙනු­වෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සේවයේ නිරත නිල­ධා­රීන් විසින් පව­ත්වන සාම්ප්‍ර­දායී සාදය පැවැ­ත්වෙන්නේ 24 වෙනි­දාය. නිශාන්ත ද සිල්වා සිය අඹු දරු­වන් සමග රටින් පළා­යන්නේ එම සාදය සංවි­ධා­නය වෙමින් තිබි­ය­දීය. ඒ එදින දහ­වල්ය. නිශාන්ත සිල්වා එසේ පළා­යන්නේ ස්විට්ස්ට­ර්ල­න්ත­ය­ටය. ඒ දේශ­පා­ලන රැක­ව­ර­ණය ලබ­මිනි.

නිශාන්ත සිය පවුල පිටින් රටින් පළා­ගිය පසු ඒ සම්බ­න්ධ­යෙන් පොලිස් මූල­ස්ථා­නය මගින් නිකු­ත්ක­රන නිල නිවේ­ද­න­යක දැක්වෙන්නේ ගෙවී ගිය වසර හතර තුළ ඔහු විසින් සිදු­කළ විම­ර්ශන පක්ෂ­ග්‍රා­හීව සහ අයුක්ති සහ­ගත ලෙස සිදු­කළ බවට නොයෙක් පාර්ශ­ව­ය­න්ගෙන් දෝෂ දර්ශන එල්ල­වුණු බවය. ඔහු රටින් පළා­යන්නේ එම විම­ර්ශන ගැන අප­ක්ෂ­පාතී පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස නොයෙක් පාර්ශව විසින් ඉල්ලා සිටින වාතා­ව­ර­ණ­යක් හමු­වේදී බව ද එම පොලිස් නිල නිවේ­ද­නයේ දක්වා තිබීම විශේ­ෂි­තය.

පොලිස් මූල­ස්ථා­නය සඳ­හන් කරන ආකා­ර­යට අනුව නිශාන්ත විසින් ගෙවී ගිය සිව් වසර තුළ කර ඇති විම­ර්ශන සම්බ­න්ධ­යෙන් ඇත්තේ ප්‍රශ්න ගත තත්ව­යකි. නිශාන්ත රටින් පළා යන්නේ ද හිස් අතින් නොව, මෙතෙක් ඔහු විසින් කළ විම­ර්ශන වලට අදාල ලිපි ගොනු­වල පිට­පත් ගොන්නක් ද රැගෙ­නය. ඒ විම­ර්ශ­න­ව­ලින් බොහො­ම­යක් ඉතා සංවේදී විම­ර්ශ­න­යන්ය. එම විම­ර්ශන තොර­තුරු මේ වන විටත් ජාත්‍ය­න්ත­රයේ අතට පත්ව තිබෙ­න්නට පුළු­වන.

නිශාන්ත සිල්වා ක්‍රියා කරන්නේ කා වෙනු­වෙ­න්දැයි ඇත්තේද ගැට­ලු­වකි. ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී අද්මි­රාල් රවීන්ද්‍ර විජේ­ගු­ණ­රත්න මහතා ඉකුත් වසරේ දී පොලි­ස්පති පූජිත් ජය­සු­න්ද­රව දැනු­වත් කරන්නේ නිශාන්ත සිල්වා එල්.ටී.ටී.ඊ. ඩය­ස්පෝ­රාව සමග සම්බ­න්ධ­කම් පව­ත්වන බවය. ඒ අනුව පූජිත් ජය­සු­න්දර මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සිට ඔහුව මාරු­කර යවන්නේ මීග­මු­ව­ටය. එම ස්ථාන මාරුව සම්බ­න්ධ­යෙන් රාජ්‍ය නොවන සංවි­ධාන කිහි­ප­යක් හඬ නැගු­වේය. ඉන් නොනැ­වතී එම ස්ථානෙ මාරුව ගැන ජිනීවා මානව හිමි­කම් කොමි­සමේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය තුළ ද කථා­බ­හට ලක්විය. එක් නිල­ධා­රි­යෙ­කුගේ ස්ථාන මාරු­වක් ගැන එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සහ ජිනීවා මානව හිමි­කම් කොමි­සමේ දී පවා එසේ කථා­බ­හට ලක්වන්නේ නම් ඒ නිල­ධා­රියා පිටු­පස ඇති බලය කුම­ක්දැයි වටහා ගන්නට පුළු­වන. දේශ­පා­ලන වෙන­සත් සමග ඔහුට ස්විස්ට­ර්ල­න්තයේ රැක­ව­ර­ණය ලැබෙන්නේ ද ඒ බලය නිසාම වන්නට පුළු­වන.

එදා නිශා­න්තට ලබා­දුන් ඒ ස්ථාන මාරුව අව­ලංගු කරන්නේ ජාතික පොලිස් කොමි­සම මැදි­හත් වෙමිනි. එදා නිශාන්ත සිල්වාට එල්.ටී.ටී.ඊ. සම්බ­න්ධ­කම් නැතැයි සහ­ති­ක­යක් දෙන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහ­තාය. ඔහු සඳ­හන් කරන්නේ නිශාන්ත සිල්වා එල්.ටී.ටී.ඊ. ඩය­ස්පෝ­රාව සමග සම්බ­න්ධ­කම් පව­ත්වන බවට කිසිදු සාක්ෂි­යක් නොමැති බවකි. ඒත් එක්කම නිශාන්ත ද සිල්වා ගැන හෙළි­ක­රන ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධා­නි­යාට අන­තුරු ඇඟ­වී­මක් කර­න්නට ඔහු අම­තක කර­ති­බුණේ නැත. ඒ ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධා­නි­යාගේ ක්‍රියා­කා­රි­ත්වය වින්දි­ත­යන් සහ සාක්ෂි­ක­රු­වන් ආරක්ෂා කිරීමේ පන­තින් දඬු­වම් ලැබිය හැකි­ව­ර­දක් බවට පැහැ­දි­ලි­වම පෙනී යන බව සඳ­හන් කර­මිනි.

නිශාන්ත ද සිල්වා රටින් පනින්නේ එම විම­ර්ශන නැවත විම­ර්ශ­න­ය­කට භාජ­නය වීමට පෙරය. ශානි අබේ­සේ­කර ඇතුළු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් 704 දෙනෙකු ගැන ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තු­වට තොර­තුර දන්ව­මින් ඒ අය රටින් පිටව යාමට ගුවන් තොටු­පො­ල­කට හෝ වරා­ය­කට පැමි­ණි­ය­හොත් දැනුම් දෙන්නැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධී­කාරී ඩබ්ලිව්. තිල­ක­රත්න මහතා කියන්නේ ප්‍රශ්න­ගත නිළ­ධා­රීන් තව දුර­ටත් රටින් පිටව යාම වළක්වා ගැනී­ම­ටය.

Comments