වතුරේ පාවෙන කුණු එකතු කරන අලුත්ම තාලේ කුණු මරුවා | සිළුමිණ

වතුරේ පාවෙන කුණු එකතු කරන අලුත්ම තාලේ කුණු මරුවා

රි­සර ගැටලු අතර ජල­දූ­ෂ­ණය ප්‍රධාන තැනක් ගනී. ගංගා, ඇළ දොළ ජල­යට විවිධ අප­ද්‍රව්‍ය මිශ්‍ර වීම එයට ප්‍රධාන හේතු­වයි. ප්ලාස්ටික්, දිරා නොයන අප­ද්‍රව්‍ය, ශාක සහ සත්ත්ව කොටස් ද ඒ අතර වේ.

කොළඔ දිස්ත්‍රි­ක්කයේ පම­ණක් ප්‍රධාන වැව්, ගංගා, ඇළ දොළ ආශ්‍රි­තව පාවෙන කුණු අප­ද්‍රව්‍ය දින­කට කිගෝ­ග්‍රෑම් විසි­ද­හ­සක් පමණ ඉවත් කිරී­මට සිදු වන බව ඉඩම් සංව­ර්ධ­නය කිරිමේ ආය­ත­නයේ දත්ත වාර්තා පව­සයි. ඒ සඳහා වස­ර­කට මිලි­යන දෙසීය පන­හ­කට වැඩි මුද­ලක් වැය කර­න්නට රජ­යට සිදු වේ.

ගංගා, වැව්, ඇළ මාර්ග­වල පාවෙන සහ ගිලී තිබෙන අප­ද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කරන විද්‍යුත් පිරි­සුදු කිරීමේ යන්ත්‍ර­යක් නිප­ද­ව­න්නට විසි­හත් හැවි­රිදි ඉල­යිජා හූල් සහ ජන­කන් පාල­සු­බ්‍ර­ම­නි­යම් යන තැරුණ ඉංජි­නේ­රු­ව­රුන් දෙදෙනා සමත් වී තිබේ. එම යන්ත්‍රය අන්ත­ර්ජා­තික තර­ගා­වලි කිහි­ප­යක් ද නියෝ­ජ­නය කර­මින් රටට කීර්ති­යක් අත්කර දෙන්නට සමත් වී සිටියි. ජලයේ පාවෙන සහ ගිලී ඇති අප­ද්‍රව්‍ය ඉවත් කිරිමේ යන්ත්‍රය පිළි­බඳ ඔවුන් හා කතා­බහ කළෙමු. වෘත්ති­යෙන් ඉලෙ­ක්ට්‍රෝ­නික ඉංජි­නේ­රු­ව­රුන් වන ඔවුන් පව­සන්නේ මෙවැ­න්නකි.

ජන­කන් පාල­සු­බ්‍ර­ම­නි­යම් සහ ඉල­යිජා හූල්

‘අපි දෙදෙ­නාම විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලැබුවේ ඕලු­විල් අග්නි­දිග විශ්ව­වි­ද්‍යා­ල­යෙන්. එහි ඉලෙ­ක්ට්‍රි­කල් ඉංජි­නේරු අධ්‍ය­යන අංශයේ පළමු සිසුන් කණ්ඩා­යම අපි. එහි දී අපේ අව­සන් වසරේ පරී­ක්ෂ­ණය වෙනු­වෙන් යමක් නිර්මා­ණය කළ යුතු වෙනවා. එනිසා තමයි මේ නිප­ද­වීම අපි සිදු කළේ. එයට අපි ජීවත් වන ගම් ප්‍රදේ­ශ­වල පරි­ස­රය බල­පෑවා. හූල් මන්නා­රමේ, මම මුල­තිව් වල. අපි නිත­රම මුහුද දකි­නවා. මේ මුහු­දට ගංගා­ව­ලින් එන නොයෙක් ගන අප­ද්‍රව්‍ය එක්කාසු වෙනවා. මේවා නිසා ජලය ,ජලයේ ජීවත් වන සතුන් සියල්ල විනාශ වෙනවා. එයට පිළි­ය­මක් සොය­න්නට තමයි අපි කට­යුතු කළේ.

2017 වසරේ දී මෙය අපි අව­සන් වසර පරී­ක්ෂ­ණ­යට ඉදි­රි­පත් කළා. එයට සෑහෙන ප්‍රති­චා­ර­යක් ලැබුණා. කාලය ගෙවී යද්දී හූල් විශ්ව­වි­ද්‍යා­ලයේ සහ­කාර කථි­කා­චා­ර්ය­ව­ර­යෙකු ලෙසත් මම පෞද්ග­ලික ආය­ත­න­ය­කත් සේව­යට එක් වුණා. ඒ අත­ර­තු­රත් අපි මේ නිර්මා­ණය වැඩි­දි­යුණු කරන්න වෙහෙ­සුණා.“ජන­කන් පව­සයි.

2019 වසරේ හූල් සහ ජන­කන් තම රැකි­යා­වට සමු­දෙන්නේ මේ නිර්මා­ණය නව මුහු­ණු­ව­ර­කින් වැඩි­දි­යුණු කිරී­ම­ටයි. ඒ වෙනු­වෙන් ඔවුන් ‘කයාල්‘ නමින් ආය­ත­න­යක් තම පෞද්ග­ලික විය­ද­මින් ගොඩ­න­ඟා­ගත් අතර එම­ඟින් එම යන්ත්‍රයේ නිෂ්පා­දන කට­යුතු අර­ඹ­න්නට මුලික අඩි­තා­ලම යොදයි.

“අපිට මේ යන්ත්‍රය නිප­ද­වීමේ දී මූල්‍ය­මය අර්බුද සෑහෙන්න බල­පෑවා. මූල්‍ය­මය ණය ආධාර ඉල්ලුම් කළත් බැංකුව අපට අවශ්‍ය ණය ලබා­දුන්නේ නැහැ. පසුව ICTA ඒජ­න්සිය උදව් කළා. අව­සා­නයේ දී මිලි­යන දෙකක් පමණ විය­දම් කර මේ විද්‍යුත් ජල­අ­ප­ද්‍රව්‍ය පිරි­සුදු කිරීමේ යන්ත්‍රය නිප­ද­ව­න්නට අපි සමත් වුණා. ‘‘හූල් පව­සයි.

එම යන්ත්‍රය සකසා තිබෙන්නේ ෆයි­බ­ර්ග්ලා­ස්ව­ලින් වන අතර මෙයට ජලයේ පහ­සු­වෙන් ගමන් කර­මින් පඩි පෙළක් මෙන් දිස්වන කොටස ජලයේ කර­කැ­වෙ­මින් ජලයේ ඇති සහ ජල­යෙන් යටට සෙන්ටි­මී­ටර් තිහක පමණ ගැඹු­රින් වන අප ද්‍රව්‍ය එක්කාසු කර ගැනී­මට හැකි­යාව ඇත.

‘‘මේ යන්ත්‍රය ක්‍රියා­ත්මක කිරී­මට මිනිස් ශ්‍රමය අව­ශ්‍යයි. ඒ කියන්නේ දැනට මේ යන්ත්‍රය නිර්මා­ණය කර තිබෙන්නේ මැනු­වල් විදි­හ­ටයි. තව වසර තුන­කින් ස්වයං­ක්‍රී­යව ක්‍රියා­ත්මක විය හැකි ආකා­ර­යට සකස් කර­න්නට අපි කට­යුතු කර­නවා. ඒ සඳහා යම් බර­පැ­නක් දර­න්නට අපට සිදු වෙනවා. මේ වෙන කොට අපි නිර්මා­ණය කළ යන්ත්‍රය ඉඩම් සංව­ර්ධ­නය කිරිමේ සංස්ථා­වට ලබාදී තිබෙ­නවා. එයින් ඔවුන් කොළඹ අවට වැව් පිරි­සුදු කර­න්නට කට­යුතු කර තිබෙ­නවා.‘‘ජන­කන් පව­සන්නේ ඔවුන් නිපද වූ උප­ක­ර­ණ­යෙන් රටට සේව­යක් කර­න්නට හැකි වී තිබෙන බවයි. එසේ පිරි­සුදු කිරී­මට රජ­යට දර­න්නට සිදු වන මිලි­යන ගණනක විය­දම සිය­යට හැට­කින් පමණ අඩු කර­ග­න්නට මේ යන්ත්‍රය නිසා හැකි­යාව ලැබෙනු ඇත.

“ලබන වසරේ මේ යන්ත්‍රය වෙළෙඳ පොළට ඉදි­රි­පත් කර­න්නට අපි බලා­පො­රොත්තු වෙනවා. ඒ වෙනු­වෙන් කළ යුතු නීති­මය කට­යුතු වෙනු­වෙන් වගේම නිපැ­යුම් කට­යුතු වෙනු­වෙන් තමයි මේ දින­වල අපි වෙහෙ­සෙන්නේ. රාජ්‍ය අනු­ග්‍ර­හය ලබා­දෙ­නවා නම් අපිට මේ යන්ත්‍රය තවත් හොඳින් වැඩි දියුණු කරන්න පුළු­වන්.

මේ යන්ත්‍ර­යෙන් එක­ව­ර­කට කිලෝ 300ක පමණ අප­ද්‍රව්‍ය ඉවත් කර­න්නට හැකි සේම මෙහි ඇති කුණු පුර­වන භාජ­න­යක ප්‍රමා­ණය මීටර් කියුබ් එකක්, ජලය නම් ලීටර් දාහක් එකතු කරන්න පුළු­වන්. මෙහි ප්‍රමා­ණ­යන් ගත්තොත් එය දිගින් මීටර් හත­ර­කුත් පළ­ලින් මීටර් 2කුත් වෙනවා. හරි­යට මෙයත් මෝටර් බෝට්ටු­වක හැඩය ගන්නවා. මෙය ක්‍රියා­ත්මක වන්නේ බැට­රි­යෙන්. පෙට්ට්‍රල් හෝ ඩීසල් භාවි­ත­යක් නැහැ. බැට­රිය එක වරක් චාර්ජ් කළ විට එය පැය අටක් පමණ එක දිගට ක්‍රියා­ත්මක කරන්න පුළු­වන්. ‘

ජල අප­ද්‍රව්‍ය පිරි­සුදු කිරීමේ විද්යුත් යන්ත්‍රය වෙනු­වෙන් ඔවුන් ලද සම්මාන සහ අගය කිරීම් රැසකි. ඒ අත­රින් ලංකාවේ climate launchpad sri lanka තර­ගා­ව­ලි­යෙන් පළමු ස්ථාන­යද නෙද­ර්ල­න්තයේ එම තර­ගා­ව­ලි­යෙන්ම රට­වල් 53ක තර­ග­ක­රු­වන් 2601කින් අව­සන් තර­ග­ක­රු­වන් අත­රට ද ඇමෙ­රි­කාවේ MIT සර­ස­වියේ පැවැති නිපැ­යුම් තර­ගා­ව­ලියේ අව­සන් හැට­දෙනා අත­රට ද ඔවුන් තේරී­පත් වුයේ ඔවුන් සැකසූ ජල­අ­ප­ද්‍රව්‍ය පිරි­සුදු කරන විද්‍යුත් යන්ත්‍ර­යෙන් පරි­ස­ර­යට සිදු වන යහ­පත හේතු­වෙනි.

ජායා­රූප -සමන්ත වීර­සිරි

 

Comments