මිදිගම වෙරළට ගාල් වුණු සද්දන්ත සීල්ගේ කතාව | සිළුමිණ

මිදිගම වෙරළට ගාල් වුණු සද්දන්ත සීල්ගේ කතාව

 

 

 

පසු­ගි­යදා වැලි­ගම මිදි­ගම වෙරළ තීර­යට ප්‍රදේ­ශ­වා­සීන් වැල නොකැඩී එන්න පටන් ගත්තේ අපූරු සත්ව­යකු දැක බලා ගැනී­මට ය. ජන­තා­ව­ගෙන් වෙරළ පිරී යද්දී එම ස්ථාන­යට වැලි­ගම පොලී­සිය, මිරිස්ස වෙර­ළා­ර­ක්ෂක දෙපා­ර්ත­මේන්තු භට පිරිස් මෙන්ම මිරිස්ස වන­ජීවී කාර්යා­ලයේ නිල­ධා­රීහුද පැමි­ණි­යහ.

 

රළ පහ­රට ගල්ප­රය මතට වැටී සිටි මත්ස්‍යා­යාගේ ශරී­රයේ තැනින් තැන තුවාල කීප­යක් දක්නට වූ අතර ඒ සදහා ප්‍රති­කාර කිරී­මේදි මුහුණ දෙන්නට වූයේ ගැටලු සහ­ගත තත්ව­ය­ක­ටය. නාවික හමු­දාව, වන­ජීවී නිල­ධා­රීන්, මිරිස්ස වෙරළ ආර­ක්ෂක නිල­ධා­රීන් හා පොලී­සිය එක්ව සතා ගොඩ­බි­මට ගෙන­ඒම සඳහා උත්සා­හ­යක් ගත්තද සතා මෙල්ල කිරී­මට තිබූ අප­හ­සු­තා­ව මත ඒ සියල්ල අසා­ර්ථක විය. පසුව රළ පහ­රට සතා ගැඹුරු මුහු­දට ගසා ගෙන ගියේය.

මිරිස්ස අඩවි ආර­ක්ෂක කාර්යා­ලයේ ප්‍රධාන නිල­ධාරි ඒ.ටි.ආර්. රවීන්ද්‍ර කුමාර මහතා කියා සිටියේ මෙම සත්ත්වයා විදේශ රටක සිට දිය වැල­කට හසුව මිදි­ගම වෙර­ළට ගසා­ගෙන ආ බවට විශ්වාස කරන බවයි. මෙම සත්වයා ඉතා­මත් දුර්ලභ ගණයේ සත්ව­යකු වන අතර ලංකාවේ මුහු­දේදී දක්නට නොලැ­බෙන බව ද ඔහු පැවැ­සීය.

කිසිදා නොදුටු මෙම සත්වයා පිළි­බ­ඳව පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­පති ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහ­තා­ගෙන් කළ විම­සු­මේදී ඒ මහතා දුන්නේ මෙවන් පිළි­තු­රකි.

 

සීල් මත්ස්‍ය­යෙක්

 

“මෙම සත්වයා ජීවත් වන්නේ දකුණු අප්‍රි­කාව, ඕස්ට්‍රේ­ලි­යාව, නව­සී­ල­න්තය ආස­න්නයේ මුහුදු තීර­වල. මෙම සතා මුහුදු සිංහ­යකු නොවෙයි. සීල් මත්ස්‍ය­යෙක්. (Seal Fish) සෞම්‍ය දේශ­ගු­ණික තත්ව­යත් තියෙන ධ්‍රැව ආස­න්නයේ ශිත වෙරළ තීර­වල ජීව­ත්වෙ­නවා. මෙම සතාට හිම අව­ශ්‍යයි. උෂ්ණ­ත්වය වෙන­ස්වීම මත ඔහු අවශ්‍ය පරි­ස­රය සොය­නවා. සම­හ­ර­විට පවෙන අයිස් කුට්ටි මත, පාවෙන ලී කොට මත මෙම සත්වයා ඉන්න අවස්ථා තිබෙ­නවා. එවන් අව­ස්ථා­වක පාවී ආවා වන්නට පුළු­වන්. අත­රමං වීම­කින් අහ­ම්බෙන් තමයි මෙම වෙරළ තීර­යට ඇවිත් තියෙන්නේ. ගල්පර මතට පැමි­ණීම සාමා­න්‍ය­යෙන් සිදු­වෙ­නවා. එවන් අව­ස්ථා­වල අල්ල­න්නට යාම, ආස­න්නයේ තබා ඡායා­රූප ගැනීම, තුවාලවලට ප්‍රති­කාර කිරීම නොකළ යුතුයි. තුවාල ඉබේම සුව වෙනවා. දැල් දමා ගොඩ­බි­මට ගැනී­මට උත්සාහ කිරීම නොකළ යුතුයි. ඉන්ප­සු­වත් තැනින් තැන මෙම සතා ගැව­සුණ බවට ආරංචි ලැබෙ­නවා. එම නිසා සතාට කර­දර නොක­රන ලෙස ඉල්ලී­මක් කරන්න කැම­තියි. මෙයට පෙර විය­ට්නා­මය, ඉක්ව­දො­රය, මුරිසි දිව­යින, ඕමාන් වැනි රටවලට මෙවැනි සතුන් පැමිණි බවට වාර්තා වී තිබෙ­නවා.”

වසර පුරාම දැඩී ශීත දේශ­ගු­ණ­යක් පව­තින උතුරු මුහුදු තීරයේ ඇන්ටා­ක්ටික් නිජ­බිම කොට ගත් මෙවැනි විශාල සීල් මත්ස්‍ය­යින් ලංකාවේ කිසි­වෙ­කුත් මීට පෙර දැක තිබුණේ නැත. නමුත් පසු­ගි­යදා සුදු පැහැ­යට හුරු එවැනි විශාල සීල් මත්ස්‍ය­යෙකු අප රටේ දකුණු මුහුදු තිර­යෙන් මතු­වූයේ අහ­ම්බෙනි. මේ වන විටත් එම සීල් මත්ස්‍යයා දකුණු මුහුදු තීරයේ තැනින් තැන දිස්වෙ­මින් පව­තින්නේ යළිත් තම නිජ­බිම කරා යාමට ඌට ඇති අප­හ­සු­තා­ව නිසා­ය. ලංකා­වේදි පළමු වරට දැක ගන්නට හැකි වූ මෙවැනි සීල් මත්ස්‍ය­යින් පිළි­බඳ අප පරි­සර විද්‍යා­ඥ­යින්ද පළ කරන්නේ විවිධ මතය. දිය රැළ­කට හෝ හසු­වී­මෙන් අප මුහුදු තීරය දක්වා පැමිණි මේ සීල් මත්ස්‍යයා මේ වන විට පසු­වන්නේ දැඩි වෙහෙ­ස­කර තත්ත්ව­ය­කිනි. ඒ නිසා අප පරි­සර විද්‍යා­ඥයන් ඉල්ලා සිටින්නේ ඌට කිසිදු හිර­හි­හැ­ර­යක් නොකර නිද­හසේ සිටි­න්නට ඉඩ දෙන ලෙසත්, ඌට තම සුපු­රුදු නිජ­බිම බලා යෑමට කාලය ලබා දෙන ලෙසත්ය.

 

ඝර්ම කලා­පයේ ජීව­ත්වීම අප­හ­සුයි

 

අපේ පරි­සර විද්‍යා­ඥ­යින් පෙන්වා දෙන අන්ද­මට මෙවැනි සතුන්ට ඝර්ම කලා­පිය පර­සරවල ජීවත් විම දැඩි අප­හ­සු­තා­ව­යක් ගෙන දෙන්නකි. ඔවුන්ට උරුම හිම සහිත ශීත පරි­ස­රය නොමැති වීම පම­ණක් නොව අප පරි­ස­රය තුළ පවත්නා දැඩි උශ්ණ­ත්වය මෙවැනි සතුන්ට දැඩි හානි­කර තත්ත්ව­යක් උදා­විය හැකි බවට පරි­සර විද්‍යා­ඥයෝ අන­තුරු අඟ­වති. පරි­ස­ර­වේදි උත්පල අධ­රංග මහතා වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් හා එක්ව කළ පර්යේ­ෂ­ණ­ය­කදි සනාථ කර ඇත්තේ ලංකාවේ මුහුදු කලා­ප­ය­කින් මීට පෙර මෙවැනි වර්ගයේ මුහුදු සිවු­පා­වෙකු දක්නට නොලැ­බුණු බවයි.

මීටර දෙකක් පමණ දිගින් යුතු මේ සීල් මත්ස්‍යයා පසු­ගිය නොවැ­ම්බර් 20 වැනිදා දිනය පුරාම දකුණේ දළ­වැල්ල මුහුදු තීරයේ දකි­න්නට ලැබී ඇති අතර මේ අරුම පුදුම දර්ශ­නය බොහෝ දෙනෙ­කුගේ නෙත ගැටී ඇත. අව­සා­නයේ මේ සත්වයා දැක ගන්නට පැමිණි පිරිස පාල­නය කර­න්නට වන­ජීවි නිල­ධා­රීන්ට පොලි­සියේ සහය ගන්න­ටද සිදුව ඇත. කෙසේ වෙතත් පසු­දින මෙම සත්වයා අතු­රු­ද­හන් වී ඇති අතර ඊට දින දෙක­කට පසු එනම් නොවැ­ම්බර් 23 වැනි දින මිදි­ගම මුහුදු තීර­යේදි යළිත් මේ සීල් මත්ස්‍යයා නිරී­ක්ෂ­ණය වී ඇත. ඒ වෙරළ තීර­යට කිලෝ මීටර් 20 ක් දුරින් දකුණු පස ගලක් මතට වී නිද­හසේ අව්සුව විඳි­මින් සිටින දසු­නකි. ඒ අව­ස්ථාව බොහෝ දෙනෙ­කුට මේ සීල් මත්ස්‍යයා හොඳින් නිරී­ක්ෂ­ණය කර­න්නට හැකි වී ඇත. කෙසේ වෙතත් නාවික හමු­දාව බල­ධා­රීන් සමඟ සම්බන්ධ වී මේ සතා අල්ලා ගෙන ඌගේ සෞඛ්‍ය තත්ත්වය නිරී­ක්ෂ­ණය කර­න්නට වෙහෙස ගත්තත් එය සාර්ථක වි නැත. මේ දර්ශන වලට සමාජ මාධ්‍ය ඔත්සේ හොඳ ඉල්ලු­මක් හිමි වී ඇත.

 

ඇත් සීල් මත්ස්‍ය­‌ෙයක්

 

කෙසේ වෙතත් සාගර විද්‍යා­ඥ­ව­රි­යක වන ආශා ඩි වෝස් ඉතා පැහැ­දිලි හා පුළුල් ආකා­ර­යෙන් මෙම සත්වයා පිළි­බඳ විග්‍ර­හ­යක් කර ඇත. ඇය මෙම සත්ත්වයා හදුනා ගෙන ඇත්තේ ඇත් සීල් මත්ස්‍ය­යකු (Elephant Seal - Mirounga Leonina) වශ­යෙනි. ඒ ඌගේ නාසය අලි­යෙ­කුගේ හොඬ­වැ­ල­කට සමාන නිසා­වෙනි. ඇය පව­සන ආකා­ර­යට මෙවැනි සීල් මසුන් ලොව විශා­ල­තම සීල් මත්ස්‍යය වර්ගය වන අතර මොවුන් බොහෝ විට ජීවත් වන්නේ ඇන්ටා­ර්ක්ටික් ප්‍රදේ­ශ­ව­ලය. වස­ර­කට දෙව­රක් පමණ සිය වර්ගයා බෝ කිරී­මට හා තම ශරී­රය අලුත් කර ගැනි­මට මොවුන් ගොඩ බිමට පැමි­ණෙති. ආශා පව­සන්නේ මෙම සීල් මත්ස්‍යයා බොහෝ විට ඇන්ටා­ක්ටි­කාව අසල එක් කොල­නි­යක් ජීවත් වන්නෙකු විය හැකි බවයි. ඇය පව­සන්නේ මෙම සත්වයා කිලෝ මීටර් 6400 ක් පමණ පිහිනා මෙහි පැමිණ ඇති බවත්, බොහෝ විට දිය වැල් මේ ගමන් ඉක්මන් කිරී­මට ආධා­ර­ක­යක් සපයා ඇති බවත්ය. වන­ජිවි දෙපා­ර්ත­මේ­න්තුවේ චන්න සුර­වීර පව­සන පරිදි තමන් මේ පිළි­බ­ඳව දැන­ගත් වහාම තමන්ගේ සමිප හිත­ව­තෙකු වන USA හි Marine Mammal Center හි Dr. Claire Simeon ට දැනුම් දුන් බවයි. මෙහිදි එම වෛද්‍ය­ව­රයා පවසා ඇත්තේ එම සතා නිද­හසේ සිටී­මට ඉඩ ලබා දෙන ලෙසයි. එසේම එම වෛද්‍ය­ව­රයා පවසා ඇත්තේ ජන­තාව සිටි­නම් එය මීටර් 10 ක පමණ දුරින් සිටිය යුතු බවයි. මන්ද වෙහෙ­ස­කාරී වූ මේ සතා­ගෙන් යම් හානි­යක් සිදු­විය හැකි නිසාය. මෙම සතා හොඳ සෞඛ්‍ය තත්ත්ව­යෙන් සිටි අතර ගමන් වෙහෙස ඌ තුළ තිබී ඇත. ආශා ඩි වෝස් පව­සන පරිදි මෙම සත්තු පිහි­නී­මට ඉතා දක්ෂ­යෝය. එසේ වුවත් තම පරි­ස­රය අත­හැර මෙවැනි දුර ගම­නක් පැමි­ණිම තම­න්ටද අද­හා­ගත නොහැකි වුවත් ලංකාවේ මුහුදු තීර­යට පැමිණ ඇත්තේ මේ දිගු ගමනේ විඩාව නිවාගැනී­මට බවත්ය.

 

ඕමා­න­යට පැමි­ණියා

 

මෙම සතුන් පිළි­බඳ අද­හස් දක්වන ඇය පව­සන්නේ මොවුන් කිලෝ මීටර් දහස් ගණ­නින් දුර ගෙව­මින් ආහාර සොයා ඇන්ට­ක්ටි­කා­වට ආසන්න දූපත් වලට සැරි සරන බවකි. එහෙත් මින් පෙර විවිධ අවස්ථාවල විවිධ වර්ගයේ නොහ­දුන මත්ස්‍ය­යින් හා සතුන් මෙලෙස ලංකාවේ මුහුදු තීර­ව­ලට මෙසේ තනි තනිව පැමණි ඇති මුත් සිල් මත්ස්‍ය­යකු මෙසේ පැමි­ණියේ මුල් වර­ටය.

සම­ක­යට ආසන්න රට­වල මෙම සතුන් දුර්ලභ අතර, 1989 වස­රේදි ඕමාන් වෙර­ළට මෙවැනි සතෙකු ගොඩ­බැස ඇති අතර කණ­ගා­ටු­දා­යක ලෙස හදු­නා­ගැ­නීමේ ගැටලු හේතු­වෙන් එම සත්වයා මර­ණ­යට පත්වී ඇත. ආශා පව­සන පරිදි මැඩ­ග­ස්කර දුපත් වල මෙවැනි සිල් මත්ස්‍ය­යින් ජීවත් වන අතර එයද ලංකා­වට කිලෝ මීටර් 2200 ක් පමණ දුරිනි. මෙම සතුන් කල­බ­ල­යට පත්වු විට යම් ආකා­රයේ ප්‍රචණ්ඩ හැසි­රී­මක් පෙන්නුම් කළද මෙවුන් අහිං­සක සතුන් විශේ­ෂ­යක් බව ඇයගේ අද­හ­සයි.

ආශා ඩි වෝස් පව­සන පරිදි ගෝලීය උශ්ණ­ත්වය මෙම සතුන්ගේ ජීවන පැවැ­ත්මට තර්ජ­න­යකි. අධික ශිත පළා­ත්වල ජිවත් වන මෙම සතුන්ට ඝර්ම කලා­පිය රට­වල ජීවත් වීම දුෂ්කර කර්ත­ව්‍ය­යකි. විශේ­ෂ­යෙන්ම ලංකාව වැනි ඝර්ම කලා­පීය රට­ව­ලට ඔවුන්ට හැඩ ගැසෙ­න්නට කෙහෙත්ම නොහැ­කිය.

ඇය පව­සන පරිදි තවත් පැත්ත­කින් මෙවැනි සීල් මත්ස්‍ය­යින් සැත­පුම් දහස් ගණ­නින් ගැඹුරු මුහුදේ දිය­යට පිහිනා යමින් සතුන් ආහා­ර­යට ගන්නා නිසා ලංකාව වැනි රට­වල ජිව­ත්වීම මෙම සතුන්ගේ පැවැ­ත්මට තර්ජ­න­යකි. පශු වෛද්‍ය­ව­රුන් පව­සන්නේ මෙවැනි සතුන්ගේ පවත්නා විශේ­ෂ­ත්ව­යන් නිසා­වෙන් මෙම සතුන් ඒ පිළි­බඳ හදාරා ඇති විශේ­ෂ­ඥ­යින්ගේ අව­ධා­නය යටතේ මේ සතුන් තාව­කා­ලි­කව හෝ සිටිය යුතු බවයි.

 

ඇල්ලීම හානි­යක්

 

අපේ රටේ බොහෝ දෙනා මෙවැනි සතෙකු දැක නැති බැවින් මෙවැනි සතෙ­කුට යම් හානි­යක් සිදු­විය හැකි බව විශේ­ෂ­ඥ­යින්ගේ අද­හ­සයි. මේ නිසා දැල් දමා ඇල්ලී­මෙන් හෝ එම සතුන්ට ප්‍රති­කාර කිරී­මට යෑමෙන් මෙම සතාට හානි­යක් විය හැකි බවයි. මේ නිසා කළ හැකි හොඳම දේ ලෙස ඔවුහු පව­සන්නේ මෙවැනි සතුන්ට ආපසු නිද­හසේ යෑමට ඉඩ හැරිය යුතු බවයි. ජාත්‍ය­න්තර මුහුදු නීතීන් හා සත්ත­ත්ව­යින් සම්බන්ධ පවත්නා නීතීන්ට අනුව මෙවැනි සතුන් අල්ලා ගැනිම හෝ අල්ලා ගැනී­මෙන් අන­තු­රුව වැඩි හොඳට සත්ත්ව උද්‍යාන තුළට භාර දිම නිති විරෝධි දෙයක් වන්නේය.

Monagabay පව­සන්නේ මෙවැනි සීල් මත්ස්‍ය­යකු අස­නිප වු විට හෝ තුවාල වූ විට පම­ණක් මත්ස්‍යා­ගා­ර­ය­කට හෝ සත්ත්ව උද්‍යා­න­යක රඳවා තබා ගත හැකි වුවත් ඔවුන්ට මුළු ජීවිත කාල­යම එසේ සිටිය නොහැකි බවයි. නිර­න්ත­ර­යෙන්ම දිය යට කිමි­දෙ­මින් ආහාර සොයා අනු­භ­ව­යට ගන්නා මෙවන් සතුන්ට ස්ථීර නවා­තැ­නක වෙසෙ­මින් දෙන ආහාර පම­ණක් භුක්ති විඳි­න්න නොහැ­කිය.

ආශා ඩි වෝස් පව­සන්නේ මෙවැනි කරුණු හේතුවෙන් මෙම සතාට නිද­හසේ තම මවු­බිම සොයා පිහිනා යෑමට අව­කා­ශය සලසා දිය යුතු බවයි. මේ සත්ත්වයා මෙ වන විට අධික වෙහෙ­ස­කර තත්ත්ව­යට පත්ව ඇති හෙයින් ඔහු අස­ලට නොයා යුතු බවත්ය. එසේ නොවු­ව­හොත් මේ සත්ත්වයා ඉක්ම­නින් වෙහෙ­ස­කර තත්ත්ව­යට පත්වි මිනි­සුන්ව හපා කැම­ටද හැකි­යාව ඇති බවයි. DWC අධ්‍යක්ෂ ජන­රාල් චන්දන සූරි­ය­බ­ණ්ඩාර මහතා පව­සන්නේ මෙම සිල් මත්ස්‍යයා අල්ලා ගැනිම පහසු දෙයක් නොවන බවත්, එසේ කරන්නේ නම් කළ හැක්කේ ඌගේ ජීවි­ත­ය කිසි­යම් අව­දා­නම් තත්ත්ව­ය­කට මුහුණ දුන­හොත් පම­ණක් බවත්ය. ඒ නිසා ශීත හිමෙන් මතුව අපේ රටට පැමිණි මේ සුදු ආග­න්තු­ක­යාට නිද­හසේ මුහුදු ජලයේ කිමි­දෙ­න්න ඉඩ ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලි­මක් කරති.

Comments