තරු වෙන්න ගිහින් පර වී වැටෙන සුවඳ කැකු­ළු­වල ඛේද­වා­ච­කය | සිළුමිණ

තරු වෙන්න ගිහින් පර වී වැටෙන සුවඳ කැකු­ළු­වල ඛේද­වා­ච­කය

 

“හොඳම දේ දරු­වන්ට දෙන්න” යැයි වී. අයි. ලෙනින් කීවේය. එය දරු­වන් විෂ­යෙහි රාජ්‍ය නාය­ක­යෙකු කළ විශි­ෂ්ටම ප්‍රකා­ශ­යකි. එදා ලෙනින්ලා රුසි­යාව ගොඩ නැඟුවේ එසේය. එහෙත් අප අද ජීවත් වෙන්නේ උසස් අර­මු­ණු­ව­ලින් වියුක්ත වෙමින් යන මානව සමා­ජ­ය­කය. එසේ වෙද්දී ලෝකයේ බහු­ත­ර­යක් දරු­වන්ට ලැබෙන්නේ නොලැ­බිය යුතු ඉතාම නරක දේය. ඔවුහු අසී­මා­න්තික ආශා­ව­න්ගෙන් පිරී ගිය අතෘ­ප්ති­කර මිනි­සුන් සහිත ලෝක­යක දැන හෝ නොදැන අප­යෝ­ජ­නය වෙමින් සිටිති.

අප නෙත් මානයේ දී දරු­වන් විෂ­යෙහි මුදා­හැ­රෙන එක් බිහි­සුණු ව්‍යස­න­යක් වන්නේ තරු වැඩ­ස­ට­හන්ය.

තරු බවට පත් වීමේ අපේ­ක්ෂා­වෙන් රිය­ලිටි තර­ග­ව­ලට සහ­භාගි වන ළම­යින්ගේ ජීවිත එක්තරා ආකා­ර­යක ඛේද­වා­ච­ක­යකි. එය විම­සීම මේ ලිපියේ මූලික අර­මු­ණය.

රිය­ලිටි වැඩ­ස­ට­හන් ලෝක­යට හඳුන්වා දීමේ ඉති­හා­සය මීට වසර 18 ක් පමණ ඈතට දිව යයි. බ්‍රිතාන්‍ය ITV නාලි­කා­වෙන් POP IDOL යන ගායන කුස­ලතා මනින වැඩ­ස­ට­හ­නක් ලෙස 2001 වස­රේදී මුල්ම රියැ­ලිටි වැඩ­ස­ට­හන ආරම්භ විය. 2002 වස­රේදී AMERICAN IDOL යන නමින් ඇම­රි­කා­වේදී ද, 2004 වස­රේදී ඉන්දි­යා­වෙන් INDIAN IDOL යන නමින් ද එයට සමාන වැඩ­ස­ට­හන් ආරම්භ විය. 2005 වස­රේදී ප්‍රථම ලාංකික රියැ­ලිටි වැඩ­ස­ට­හන SUPER STAR ලෙස නම් වී පෞද්ග­ලික රූප­වා­හිනී නාලි­කා­ව­කින් ආරම්භ විය. ඒ නවමු අත්දැ­කීම ඉතා ආක­ර්ෂ­ණීය වූ අතර එහි උත්ක­ර්ෂය අනෙක් නාලිකා වෙත ද පැතිරී ගියේය. ඒ අනුව අනෙක් නාලි­කාද රියැ­ලිටි වැඩ­ස­ට­හන අනු­ක­ර­ණය කරන ලදී.

ළමා රියැ­ලිටි වැඩ­ස­ට­හන් එක්තරා පෞද්ග­ලික රූප­වා­හි­නි­ය­කින් ආරම්භ වන්නේ මේ අතර ය. ඒ පුංචි තරු හොය­න්නට ය. විවිධ වයස් සීමා­වන්හි සිටින ළම­යින්ගේ ගායන නර්තන කුස­ලතා මැන බැලීමේ තර­ග­යක් විය. ලාංකික ප්‍රේක්ෂ­කයෝ ළම­යින්ගේ දක්ෂතා නැර­ඹී­මට රූප­වා­හි­නිය වටා එක් රොක් වූහ. අන­තු­රුව කුඩා තරු සොයන රිය­ලිටි වසං­ග­තය සෑම රූප­වා­හිනී නාලි­කා­වක්ම පාහේ ආක්‍ර­ම­ණය කළේය. අඩු වැඩි ප්‍රමි­තීන් අතර රාජ්‍ය රූප­වා­හිනී ද කුඩා තරු සොයා යෑමේ වෙළෙඳ මෙහෙ­යු­මට ඇද වැටු­ණේය.

විවිධ අර­මුණු, විවිධ වයස් සීමා මෙන්ම විවිධ තරග රටා කේන්ද්‍ර කොට ගත් එකි­නෙ­කට වෙනස් ළමා රියැ­ලිටි වැඩ­ස­ට­හන් කිහි­ප­යක් මේ වන විටත් රූප­වා­හිනී නාළි­කා­වන්හි විකා­ශය වෙයි. එම තරු වැඩ­ස­ට­හන් අද වන විට දරු­ව­කුගේ ලෝකය අවුල් කර­න්නට පම­ණක් නොව මවු­පි­යන්ගේ මවු­පිය භාවයේ ගරු­ත්වය ද පහ­තට හෙළන තර­මට පිරි­හීම් ලක්ෂණ පෙන්නුම් කරන අතුරු ආබාධ රාශි­ය­කින් යුතු එකක් බවට පත් වී ඇත. ඒ වැඩ­ස­ට­හ­න්වල ප්‍රධාන ගොදු­රක් බවට පත් වී ඇති දරු­වන්ගේ තත්ත්වය විමසා බැලී­මක් නිසි ප්‍රමි­ති­ය­කින් සිදු නොවන බව­ටත්, දරු­වන්ගේ ජීවි­ත­යට හානි­කර ලෙසින් එම තරු තරග බල­පෑම් ඇති කරන බව­ටත් ළමා මනෝ වි‍ශේෂ­ඥ­යන්, අධ්‍යා­ප­න­ඥ­යන් සාධ­නී­යව පෙන්වා දුන්න ද ඒ හඬ එත­රම් ප්‍රබල ලෙස මතු වී නැත.

එම තරු තරග සඳහා සහ­භාගි වන ළම­යින්ගේ ජිවි­තය තරග කාලය පුරා කිනම් ආකා­ර­යක් ගනී ද යන්න පිට­තින් බලා­සි­ටින අයට අනු­මාන කළ නොහැකි තරම් වෙහෙ­ස­කා­රීය. පීඩා සහි­තය. අස­ම­බ­රය. හඹා යා යුතු ඉල­ක්කය ඔහුට වඩා විශා­ලය. බාහිර බල­පෑම් බහු­ලය. දරු­වන් ඍජුව මෙන්ම වක්‍ර­කා­ර­යෙන් කායික මාන­සික සහ වෙනස් කොට සැල­කීමේ අප­යෝ­ජ­න­යන්ට ලක් වන බව ළමා මනෝ වි‍ශේෂ­ඥ­යෝත්, අධ්‍යා­ප­න­ඥ­යෝත් වැඩි­දු­ර­ටත් පෙන්වා දෙති. එම වැඩ­ස­ට­හන් සම්පා­ද­ක­යන් පෙන්වා දෙන්නේ තමන් දක්ෂ­යන් සඳහා වේදි­කා­වක් සද්භා­ව­යෙන් නිර්මා­ණය කර ඇති බවකි. එය අර්ධ සත්‍ය­යකි. දක්ෂ­යන් සඳහා තැනෙන වේදි­කාව අඳුරු කර­මින් මතු වන වාණිජ අර­මුණු දරු­වන්ට ලැබෙන බව කියන අව­ස්ථාවේ උප­යෝ­ගී­තාව අවම කර ඇත.

එම ළමා වැඩ­ස­ට­හන් සඳහා ඉදි­රි­පත් වන ළම­යින් සති­පතා නව නිර්මා­ණ­යක් ඉදි­රි­පත් කළ යුතු වෙයි. ඊළඟ වට­යට තේරීම සඳහා විශිෂ්ට ඉදි­රි­පත් කිරී­ම­කින් තරග කළ යුතු බැවින් පුහුණු වීම් සඳහා දැඩි ලෙස යොමු වීමට සිදු වෙයි. එයට අම­ත­රව පාසල් අධ්‍යා­පන කට­යු­තු­වල ද නිරත විය යුතු වෙයි. එම තරු තරග සඳහා ඉදි­රි­පත් වන දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු අඩාළ වන බව අත­පසු වන බව පාසල් වාර්තා තහ­වුරු කරයි. අධ්‍යා­පන කට­යු­තු­ව­ලට අම­ත­රව පාසලේ බාහිර කට­යුතු ද මඟ හැරෙයි. එයට අම­ත­රව අධික පුහු­ණුව ළමා වියේ සිටින දරු­වන්ට ශාරී­රික අප­හ­සුතා, ආබාධ ඇති කළ හැකි වීමයි. නර්තන පුහු­ණුව අධික වීමෙන් අත­පය ආබාධ ඇති වූ දරු­වන් ගැන ද, ගායන පුහු­ණුව අධික වීමෙන් උගුර ආශ්‍රිත ස්වර තන්ත්‍ර­වල ආබාධ හට­ගත් දරු­වන් ගැනද වාර්තා වී තිබේ.

මේ තර­ගය තුළ දරුවා කැමති ලෝකයේ ඇති ළම­යින් සමග ගැව­සීම, ක්‍රීඩා කිරීම දරු­වාට අහිමි වෙයි. එප­ම­ණක් නොව දරු­වාට අත්‍ය­වශ්‍ය නින්ද, , විවේ­කය, නිසි පෝෂ­ණය ද මඟ හැරෙයි. මේ සියල්ල මඟින් දරු­වාගේ දෛනික ජීවි­තයේ සම­බ­ර­තාව ගිලිහී යයි. එහෙත් සුපිරි තරු­වක් වීමේ සිහි­නය තුළ ඔහු රඳ­ව­න්නට මවු­පිය වැඩි­හි­ටියෝ සෑම උප­ක්‍ර­ම­යක්ම බල­පෑ­මක්ම කරති. සුපිරි තරුව වීමෙන් ලැබෙන විශාල ත්‍යාග කන්ද­රාව පිළි­බඳ සිහි­පත් දකි­මින් මවු­පියෝ දරුවා තර­ගයේ දිගින් දිග­ටම රඳ­වති. ඇත්ත වශ­යෙන්ම මවු­පි­යන් තමන්ට ළඟා වීමට බැරි වූ ලෝක­යක දරුවා අභි­ෂේක කර ඉන් තෘප්ති­මත් වීමට දරන වෑය­මක් ද මෙහි පසු­බි­මෙන් තිබේ.

ළමා රියැ­ලිටි වැඩ­ස­ට­හනේ තරග වදින අව­ස්ථාවේ දී සිදු වන සම­හර ක්‍රියා හේතු­වෙන් ළමා අයි­ති­වා­සි­කම් ද කඩ­වන බව ප්‍රමා­ණි­කයෝ පෙන්වා දෙති. එනම් ළම­යාගේ වය­සට ඔබින ළමයා කැමති ගීත වෙනු­වට සම­හර විටෙක වෙනත් ගීත ගාය­නය කිරී­මට ළම­යාට බල කිරී­මක් ඇති බව පෙනෙයි. එය දරුවා තෝරා­ගත් ගීත­යක් වුවද දරු­වාගේ වය­සට නොගැ­ළපේ නම් වැඩි­හි­ටි­යන් ඒවා වෙනස් කිරී­මට පිය­වර නොගැ­නීම නිසා එසේ සිත­න්නට සිදු වේ. එයට අම­ත­රව sms තර­ග­ය­කට කොටු කර වෙළඳ භාණ්ඩ­යක් බවට දරුවා පත් කිරීම, සම­හර තරග විනි­සු­රු­වන් ප‍්‍රසිද්ධ සභාව මැද ළම­යාගේ වැරදි ප‍්‍රකාශ කිරීම, නිවේ­දන කට­යුතු කරන අය ළමයා තර­ග­යෙන් ඉවත් කිරී­මට පෙර ඔහු පත් කරන නොස­න්සුන් තත්ත්වය සහ තර­ග­යෙන් ඉවත් කිරීම යන කරුණු නිසා පැහැ­දිලි ලෙසම ළමා අයි­ති­වා­සි­කම් ද කඩ­වන ආකා­රය සජී­වීව රටට පෙනේ. එම­ඟින් ද ළමා මන­සට දරා­ගත නොහැකි පීඩ­න­යක් ඇති වන බව පැහැ­දිලි වේ. එම ළමා තර­ග­ක­රු­වන්ගේ ඇඳුම් ආයි­ත්තම්ද බොහෝ විට දරු­ව­කුට ගැළ­පෙන ආකා­ර­යක් නොපෙ­න්වයි. ගීත ගාය­නය සහ ප්‍රාසාං­ගික ඉදි­රි­පත් කිරීම තුළ ද ඇත්තේ වැඩි­හිටි අංග චල­න­යන්ය. දරු­වාට තර­ග­යෙන් ඉවත් වන්නට සිදු වූ විට එය මැද­හත් සිතින් බාර­ගෙන ඉදි­රි­යට යන දරු­වන්ට සුබ­ප­තන අම්මා­ව­රුන් වෙනු­වට රූප­වා­හිනී තිරයේ දිස්වන්නේ අඬා වැල­පෙන මවු­ව­රුය. විටෙක ඔවුහු අනෙක් තර­ග­ක­රු­වන්ට සහ සංවි­ධා­ය­ක­යන්ට දරුණු චෝදනා ද එල්ල කරති.

උප­දේ­ශ­න­යට යොමු වූ එවන් දරු­වකු පැව­සුවේ මව ඉතාම නරක අන්ද­මින් තමාට බැණ වදි­මින් තමා කිසිම වැඩ­කට නැති කෙනෙකු බව කිය­මින් දින ගණ­නක් නොස­රුප් කී බවය. එවන් මවු­ව­රුන් දරු­වන්ට උග­න්වන සාර­ධර්ම කව­රේද?. සත්‍ය වශ­යෙන්ම ඔවුන් දරුවා මඟින් ගොඩ නඟා­ග­න්නට ප්‍රාර්ථනා කළ ලෝකය බිඳී යෑම ඔවුන්ට දරා­ගත නොහැකි වී ඇත.

රූප­වා­හිනී නාලි­කා­ව­ලින් තැනූ ළමා තරු ඉන් අන­තු­රුව එළි­ම­හන් ප්‍රසංග වේදි­කාව විසින් ඇද ගනී. එම ළමා තරු ප්‍රසංග වේදි­කා­වල ගීත ගායන කරනු දැකීම දැන් සුල­භය. මධ්‍යම රාත්‍රි­යත් පසු වී තමාගේ වාරය එළ­ඹෙන තෙක් නිදි වරා­ගෙන සිටින මේ ළමා ළප­ටින් එම වේදි­කාව මත ඔවුන්ගේ වය­සට නොගැ­ළ­පෙන ගීත සහ ප්‍රසාං­ගික ඉදි­රි­පත් කර­මින් කරන රංගන අන­තු­රුව අන්ත­ර්ජා­ලයේ අලෙවි වේ. සම­හර පවුල් ඒ දරු­වන් පවුලේ ආදා­යම් උප­ද්ද­වන මාර්ග කර­ගෙන ඇති හෙයින් දරුවා රැගෙන රට­පුරා සංගීත සංද­ර්ශ­න­ව­ලට සහ­භාගී වීමට සංචා­රය කර­මින් සිටී. දරු­වන් රැක බලා­ගැ­නීම සඳහා මවු­පි­යන් ආදා­යම් උප­ය­නවා වෙනු­වට දරුවා මිල කර­මින් මේ කරන ක්‍රියාව දිගින් දිග­ටම කළ නොහැ­කිය. මන්ද වස­රක් පාසා අලු­තින් එක් වන අය වෙනු­වෙන් වේදි­කාවේ ඉඩ විවර වන විට පරණ අය ඉව­තට විසි වන බැවිනි. එවිට දරු­වාගේ අධ්‍යා­ප­නය ද, ළමා කාලය ද, ජීවි­තය ද විකෘ­ති­යක් වී හමාර ය. දරු­වෙකු සක්‍රී­යව සමා­ජා­නු­යෝ­ජ­නය ලබන වයස අවු­රුදු 3 – 12 අතර කාල­යේදී දරු­වාගේ අනා­ගත පෞරු­ෂ­යට හානි වන බර­ප­තළ අත්දැ­කීම් සියල්ල ලැබී හමා­රය.

ඒ සියලු තත්ත්ව සලකා බලා දරු­වන්ට ඔවුන්ගේ ළමා කාලය ළමා මන­සක් සහි­තව ගත කිරී­මට ඉඩ ලබා­දීම සඳහා දරු­වන්ගේ අන්ත­ර්ජා­ලය භාවි­තය වැළැ­ක්වීම පිළි­බඳ ඇම­රි­කානු බල­ධා­රීන්ගේ අව­ධා­න­යට යොමු වී ඇතැයි පසු­ගිය කාලයේ වාර්තා විය.

ළමා රිය­ලිටි වැඩ­ස­ට­හන් පිළි­බඳ වඩාත් වැඩි අව­ධා­න­ය­කින් රටක් ලෙස අප බැලිය යුත්තේ එම පසු­බිම තුළය. එම ළමා තරු තරග තහ­නම් කර­න්නට නොහැකි නම් කිසි­යම් නියා­ම­න­ය­කට ලක් කිරීම බල­ධා­රීන්ගේ වග­කීම විය යුතුය. මාධ්‍ය ආචාර ධර්ම හමුවේ දරුවා මාධ්‍ය තුළ හැසි­ර­විය යුතු ආකා­රය හා ළමයා සුරැ­කී­මට බොහෝ විධි­වි­ධාන සකසා ඇතත් එය නොස­ල­කන ළමා රියැ­ලිටි වැඩ­ස­ට­හන් වල ප්‍රමිි­තිය හා සංද­ර්භය විම­සී­මක් සිදු කර­මින් විධි­මත් නියා­ම­න­යක් කළ යුතුය. එම වැඩ­ස­ට­හ­න්වල ආකෘ­තිය වෙනස් කර, තර­ග­කා­රී­ත්වය ඉවත් කර, සතුට හා ප්‍රහර්ෂය ළං කළ නොහැ­කි­තාක් මේ අප­චා­රය වඩාත් වැඩි අග­ය­කින් සිදු වනු ඇත.

දරු­වකු යනු කවු­රු­න්දැයි වැඩි­හි­ටි­යන්ට නොතේ­රෙන සෑම­වි­ට­කම දරුවා අනා­ර­ක්ෂි­තය. අපේ දරු පැටවු දරු­වන් නොහ­ඳු­නන වැඩි­හි­ටි­යන් අබි­යස ව්‍යස­න­යට ලක් වෙමින් සිටිති.

Comments