මෙරට හත්වෙනි ජනාධිපති පත්කිරීමේ ඡන්දය නිමාවට පත්වී දින කිහිපයක් ගතවී ඇතත් තවමත් ඒ ඡන්ද උණුසුම ජනතාව තුළින් පහව ගොස් නැති බව ඉතාම පැහැදිලි කරුණක්. ජනාධිපතිවරයකු පත් වී ඉතා කෙටි කාල සීමාවක් තුළ මේ රටේ අති විශාල දේශපාලන, ආර්ථික, සමාජීය හා ආගමික යන සියලු ක්ෂෙත්රයන්හි විශාල පරිවර්තනයක් කිරීම ජනාධිපතිවරයාට පක්ෂ විපක්ෂ සියලුම ජනතාව තුළ අතිවිශාල ප්‍රසාදයකට ලක්වීමට කරුණක් විය.
මේ වෙනසට තුඩුදෙන ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් නැවත විෂ්ලේෂණය කළහොත් විස්මිත සහගත කරුණක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ හැක. ඒ කුමක් ද යත් සිංහල ජනතාවගේ අතිමහත් ජනතාවක් එකම ස්ථානයකට පැමිණ සාකච්ජා කිරීමකින් අනතුරුව තම ඡන්ද අයිතිය පාවිච්චි කළාද යන්න තරම් විස්මිත ආකාරයෙන් එකම පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරතියෙනවා.
මෙය රටේ වෙසෙන සිංහල ජනතාවගෙන් අති මහත් බහුතරය එක් ස්ථානයකට පැමිණ තීරණය කර ගෝඨාභය මහතාට ජන්දය දුන්නා හා සමානයි. ඇයි මම එවැනි සඳහනක් කළේ කියලා පැහැදිලි කළහොත්; මෙහිදි අපි සිංහල ජනතාව කියන්නේ කවුද කියලා හඳුනාගත යුතුයි. ඒ, මේ රටේ වෙසෙන සිංහල බෞද්ධයන් සහ බෞද්ධ නොවන අනෙකුත් ජනතාවයි. හුඟදෙනෙක් මේ ප්රශ්නය වැරදි විදිහට අර්ථකථනය කරනවා 69 ලක්ෂයකට අධික ඡන්ද ප්‍රමාණයක් ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබුණා.
එය සිංහල බෞද්ධ ඡන්ද කියලා පමණක් අර්ථ කථනය දැක්වීම වැරදියි. බෞද්ධ නොවන සිංහලයන්ගේ අති බහුතරයත් ජන්දය ලබා දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට. බෞද්ධ නොවන සිංහලයන් බහුතරය ඉන්න වෙන්නප්පුව, නාත්තණ්ඩිය, හලාවත, කටාන, ජාඇල, වත්තල සහ මීගමුව වැනි ආසන සලකා බලද්දි වත්තල සහ මීගමුව ආසනවලදි සිංහලයන් බහුතරයක් හිටියත් සියයට 30%කට අධික ව සිංහල නොවන ජන්ද දායකයනුත් ඉන්නවා. ඒ නිසා ඒ ආසන දෙක හා තවත් ක්‍රිස්තියානි කතෝලික ඡන්ද එකතු කළාම සිංහලයන් වැඩි ආසනයක් වන දෙහිවල ආසනය එජාපයට ජයග්‍රහණය කරන්නට හැකිවී තිබුණා.
කෙසේ වෙතත් ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව එකතු කළ විට සියයට තිස්පහක් පමණ ඉන්නවා. සමස්තයක් ලෙස සලකා බැලුවාම ආගම නොබලා අතිමහත් බහුතරය ඡන්දය ලබාදිලා තියනවා. එය තවදුරටත් ඔප්පු කරන්නට පුළුවන්, එජාප අපේක්ෂකයා ජයගත් ප්‍රාදේශීය ආසන කිහිපයක් සලකා බැලිමේදී. ගාල්ල ආසනය එජාප ඡන්ද ඉතා සුළු ප්‍රමාණයකින් ජයගත්තා. කවුරුත් දන්නා කාරණයක් තමයි, ගාල්ල ආසනයේ 35% මුස්ලිම් ඡන්ද තිබෙනවා. වයඹ පළාතෙන් මාවනැල්ල ආසනය සලකා බැලීමේදි 30% පමණ ඉන්නේ මුස්ලිම් ජනතාව.
වයඹ පළාතේ ජයගත් එකම අාසනය වන්නේ පුත්තලම. එහිදීත් වැඩි 50% ඉන්නේ මුස්ලිම් ජනතාව. අනෙකුත් පළාත්වල එජාපය ජයගත් ආසන සලකා බැලුවහොත් සිංහල ජනතාව බහුතරයක් සිටිනවා. සිංහල නොවන ජනතාව සිටින විශාල ආසන සංඛාවකින් සජිත් ප්‍රේමදාස මහතා ජයගත්තා. ගම්පොල, නාවලපිටිය, උඩුනුවර, මහා නුවර, නුවර එළිය යන ආසන කිහිපයත් ජයගත්තා. ඒවගේම මධ්‍යම කදුකරයේ විශේෂයෙන් මධ්‍යම පළාතේ සහ ඌව පළාතේ; එයිනුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්දියානු සම්භවයකින් යුතු දෙමළ ජනතාව බහුරයක් සිටිනවා. එහිදී නුවරඑළිය ජයගත්තේ සජිත් ප්‍රේමදාස මහතා.
ඒවගේම කොළඹ නගරයේ ඇතැම් ආසන කිහිපයකුත් එජාපය ජයගත්තා. සමස්තයක් ලෙස ගත්තාම කොළඹ නගරයේ සිංහලයන් සියයට 30% වඩා නැහැ. මේ සියලු ආසනවල සමස්තයක් ගත්තොත් සිංහලයන් 75 %වඩා අඩුයි. මේ සෑම ප්‍රදේශයක ම 75% වඩා සිංහලයො ඉන්න කිසිම ආසනයක් එජාප ජයගත්තේ නැහැ .මෙය හොඳ ප්‍රවණතාවක් කියලා මම කිසිසේත් කියන්නේ නැහැ . රටේ ඉදිරිය ගැන මෙන්ම ජාතික සමඟිය, දෙස බැලුවත් කුමන ආකාරයකින්වත් මෙය හොඳ ප්‍රවණතාවක් කියලා කියන්නට අමාරුයි. ජාතීන් ලෙස බෙදී වෙන්වී ඡන්දය දීම කිසිසේත්ම සතුටු විය හැකි කරුණක් නොවෙයි.
පෞද්ගලිකව මේ තත්ත්වය පිළිබඳ ව මගේ ප්‍රසාදයක් නොමැති වීමට හේතුව, ජනාධිපති ඡන්දයේදි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සිංහල අපේක්ෂකයෝ දෙදෙනෙක් වීම. නමුත් ඒ දෙදෙනා අතර තරගය පැවැතියත් ප්‍රවණතාව අනුව ඡන්දය ලබාදී ඇති ආකාරයට උතුරු නැගෙනහිර පළාත් දෙකින් නැගෙනහිර පළාතේ සිංහලයන් ඉන්න පළාත් දෙකක් තියෙනවා. ඒ දෙකම එනම් සේරුවාවිල සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්ක ගෝඨාභය මහතාට හිමිවුණා. එහි සිංහලයන් වැඩියෙන් සිටිනවා. ත්‍රිකුණාමල ආසනයේ සිංහලයන් සිටිනවා. ඒ ආසනයේ ඡන්දය දෙපාර්ශ්වයට ම බෙදී තිබුණා.
පොතුවිල් පානම ආසනය තුළත් 15% පමණ ඉන්නේ සිංහල ජනතාව; බහුතරය දෙමළ ජනතාවයි සිටින්නේ. දසදහසකට අධික සංඛ්‍යාවක් සිංහල ඡන්ද තිබුණත්; ද්‍රවිඩ සහ මුස්ලිම් ඡන්ද අතිවිශාල ප්‍රතිශතයක් තිබෙනවා. එහිදී ඡන්ද දසදහසින් 90% පමණ ඡන්දය ලබාදුන්නේ ගෝඨාභාය මහතාට. නමුත් එහිදී දෙමළ, මුස්ලිම් ඡන්ද ඉතා සුළු පිරිසයි එතුමාට ලැබුණේ. නමුත් මෙහිදී සමාජගත වුණ තවත් මිත්‍යාවක් තියෙනවා; උතුරු නැගෙනහිර සියලුදෙනා ම ගෝඨාභය මහතාව ප්‍රතික්ෂේප කළා කියලා. එය මා දකින්නේ වැරදි මතවාදයක් කියලා.
උතුරු නැගෙනහිර වුවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, දිගාමඩුල්ල, අම්පාර දිස්ත්‍රික්කය පොතුවිල් ආසනය ඒ මහතා ජයගත්තා. උතුරු පළාතේ සියලු ආසනවලත් නැගෙනහිර පළාතේ සියයට 5% සිට 15% ක් පමණ ප්‍රමාණයකුත් ඡන්දය දිලා තියනවා ගෝඨාභය මහතාට. උදාහරණයක් ලෙස කයිට්ස් 40% පමණ ඡන්ද ලබා දි තියනවා කෙසේ හෝ උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාව එයින් අතිමහත් බහුතරය සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දි තියෙනවා මෙයින් පෙනියනවා උතුරු නැගෙනහිර හැරුණ කොට සජිත් ප්‍රේමදාස මහතා ජයගත් ආසන වන්නේ නුවර එළිය දිස්ත්‍රික්කය. ආසන 16ක් ජය ගත්තේ ගෝඨාභය මහතා;ඒ නුවරඑළිය සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක දෙකයි නැගෙනහිර දිස්ත්‍රික්ක දෙකයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි තවදුරටත් මතක් කළයුතු කාරණාවක් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය, සබරගමුව, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කයත් දකුණු පළාතේ මාතර වැනි දිස්ත්‍රික්කවලත් ඉන්දිායානු සම්භවයකින් යුතු දෙමළ ජනතාව ඉන්නවා. ඒ අයගේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබෙන්නේ පැහැදිලි ලෙසම සජිත් ප්‍රේමදාස මහතාට. නමුත් ආසන වශයෙන් දිනාගැනීමට අපහසු අවස්ථා රැසක් තිබුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ බලප්‍රදේශය ජයග්‍රහණය කළේ මුස්ලිම් ඡන්ද ප්‍රතිශතය වඩා වැඩි නිසා. බහුතරයක් එකම තැනකට පැමිණ ඡන්දය ලබා දුන්නේ ගෝඨාභය මහතාට කියන මතය සනාථ කිරීම සඳහායි මා මේ කරුණු පැහැදිලි කිරීම සිදු කළේ.
ඉන් අනතුරුව අපි සලකා බලමු සුළු ජාතින් ගෙන් ඡන්ද ප්‍රමාණය ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වීමත් එහිම අනෙක් පැත්ත වන සජිත් ප්‍රේමදාස මහතා සිංහල ජාතිය නියෝජනය කරන අපේක්ෂකයෙකු වුවත් බහුතර මුස්ලිම් සහ දෙමළ ජන්ද ප්‍රතිශතයක් ලැබෙන්නේ එතුමාට වීමත් ගැන. උතුරු නැගෙනහිර පමණක් නොවෙයි කොළඹ නගරය පමණක් නොවෙයි; මීගමුව, වත්තල, ගාල්ල, මාවනැල්ල ඡන්ද නිසයි ඔහු ජයගත්තේ. මේ ප්රවණතාවට අපි කැමැති වුවත් නැතත් එයයි සිදුවුණේ. නමුත් මෙය සිදු නොවිය යුතු තත්ත්වක්. සතුටුවිය යුතු ප්‍රවණතාවක් නොවෙයි. මෙයින් උගතයුතු පාඩම් රැසක් තිබෙනවා. අවසාන ප්‍රතිඵලය ලෙස සිංහල ජනතාව බහුතරයකගේ ඡන්දයෙන් ගෝඨාභය මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණය අවසන් වුණා.
මීළඟට පැමිණෙන්නේ මහ මැතිවරණයයි. පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ මැයි මාසය පමණ වනවිට පැවැත්වීමට නියමිතයි. එතැනදිත් ඡන්දයේදි මේ ප්‍රවණතාව සිදුවුවහොත් කුමක්ද සිදුවන්නේ කියන කාරණාව පිළිබඳව අපි අවධානය යොමුකළ යුතුයි. දිස්ත්‍රික්ක දහසයකම බෝනස් ආසනය පොදු ජන පෙරමුණ පක්ෂයට ලැබෙන බවට විවාදයක් නැහැ. මේ වන විට දිස්ත්‍රික් දහසයක් ජයග්‍රහණය කරලා ඒවන විට සිදුවන ප්‍රවණතාව අනුව සමහර විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ බලතුලනය වෙනස් වෙලා එතැනදිත් අතරේක ආසනය පොදු ජන එක්සත් පෙරමුණට හිමි විමේ ඉඩකඩ වැඩියි. ද්‍රවිඩ ජනතාව ප්‍රධාන වශයෙන් සැදුම්ලත් වෙන්නේ වතු කම්කරු සංගම් වලින්. පවතින හොඳ දේශපාලන වටපිටාවත් සමඟ ඉදිරි මැතිවරණයකදී මේ ඡන්ද ප්‍රතිශතයත් පොදු ජන පෙරමුණට වැඩිවිය හැකියි. ප්‍රධාන වෙනසක් මෙතනදි තියෙනවා; එනම් උතුරු නැගෙනහිර සිංහල ජනතාව සිටින ආසන දෙක හැරුණුකොට අනෙක් දිස්ත්‍රික් මට්ටමින් ගත්විට බෝනස් ආසනය හිමිවන්නේ ද පොදුජන පෙරමුණටයි.
ඒ පැවැත්වීමට නියමිත මැතිවරණවලදී ප්‍රාදේශීය වශයෙන් ඉදිරිපත් වන ජාතීන් අනුව ඉදිරිපත්වන අපේක්ෂකයන්ට සහ මුස්ලිම් පක්ෂ සහ දෙමළ පක්ෂ නියෝජනය කරන පක්ෂ වලට ප්‍රාදේශීය අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීමට හැකියි. එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ මුස්ලිම් සහ දෙමළ පක්ෂ නියෝජනය කරන පක්ෂ වශයෙන් ඡන්ද ප්‍රතිශතයක් මේ ආකාරයට ලැබුණත් පාර්ලිමේන්තු මැතිවරණයකදි මේ තත්ත්වය වෙනස් විය හැකිය. සරලම තේරුම එජාප ඡන්ද ප්‍රතිශතය වලින් විශාල ප්‍රමාණයක් ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ වලට යනවා. ඊට අමතරව ජාතීන් අනුව මේ බෙදීම කොතරම් දුරට සාර්ථක ද කියන කාරණාව ඉතා වැදගත්.
ශ්‍රී ලංකාව බෙදීගිය ජාතීන් ඉන්න රටක්; සිංහල ජාතිකයන් පමණ ක් නොවෙයි, සිංහල ජාතිය පමණක් නොවෙයි, දෙමළ ජාතීන් අතරත් මුස්ලිම් ජාතීන් අතරත් මේ බෙදීම තියෙනවා. එයින් අදහස් කරන්නේ ඉන්දියානු සම්භයකින් යුතු මධ්‍යම කදුකරයේ ඉන්න සිංහලයන් ඉන්නවා; ඉන්පසුව යාපනය ද්‍රවිඩයන් වශයෙන් ඉන්න කොටසක් ඉන්නවා; නැගෙනහිර ඉන්නවා මුක්කුවා නීතිය බලපවත්වන ද්‍රවිඩ ජාතිකයන්.
ඒ වගේම වෙනත් කණ්ඩායම් ඉන්නවා; විවිධ කුල සහ විවිධ ජනකණ්ඩායම් ඉන්නවා. ශ්‍රිලාංකීය ජාතිය බෙදිගිය ජාතියක් කියන්නේ මුස්ලිම් ජාතිකයෝ. මෑතක සිට ප්‍රවණතාවක් තියෙනවා; අන්තර්ජාතික මුස්ලිම් අන්තවාදීන් සමඟ සබඳතා පවත්වන ලද කණ්ඩායම් ඉන්නවා. ඒවායෙන් පෝෂණය ලබන කොටස් පක්ෂ වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් කිරීමට පක්ෂ තුළ ඉන්න සාමාජිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමත් ඒ අය අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමටත් හැකියාව තියෙනවා.
ඒ ජනවාර්ගික නියෝජනය ජාතිවාදී නියෝජනයක් වුණොත් පමණයි අහිතකර වෙන්නේ. විවිධ ජනකොට්ටාස පාර්ලිමේන්තුවක් තුළ හෝ වෙනත් සභාවක් තුළ නියේජනය කිරිමට යම් යම් විධිවිධාන යොදලා ඒ අයගෙන් ජාතික ලැයිස්තුවෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. එය පිළිබඳව කිසිදු තර්කයක් නැහැ. එය ප්රජාතන්ත්රවාදයට පටහැනි නැහැ. නමුත් ජනවාර්ගික ලෙස නියෝජනය කිරිම රටට අහිතකර බව බ්‍රිතාන්‍ය පාලකයන් පවා 1931 දි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය සඳහා ඇතිකරන ලද ඩොනමෝර් කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් කරනවා. ජාතිවාදී නියෝජනය යන්න හෙළා දැකිය යුතු ආකාරය මේ ආකාරයට දක්වා තියෙනවා.'' ජාතිවාදී නියෝජනය මෙතෙක් පැවැති පරිදි, පොදු ජනතාවගේ ශ්‍රම ශක්තිය කාබාසිනියා කර දමන පෞද්ගලිකත්වය පිළිබඳ හැගිම් සැකය හා ඊර්ෂ්‍යාව වර්ධනය කරවන වැඩෙන නව දේශපාලන අපේක්ෂාවන් දුෂණය කරවන ජාතියේ හෝ සමගියේ වර්ධනය එකහෙළා ම වළක්වන්නේ දේශපාලන ක්ෂෙත්රයේ දැකිය හැකි දලඹුවකු බඳුය''
මෙහිදි මේ ජාතිවාදී නියෝජනයක් බවට පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස අපි දකින්නේ මැතිවරණ ක්‍රමයයි. මේ ජාතිවාදී මැතිවරණ ක්‍රමය කෙසේද පැමිණියේ කියන කාරණාව සලකා බැලිමේ දි එයට සරල පිළිතුරක් තියනවා. එනම් අපට නොගැළපෙන සමානුපාතික නියෝජනයක් මේරටට ගෙනත් පැටවීමයි. ජේ ආර් ජයවර්ධන බලයට පැමිණිමෙන් පසු ඔහු ජනතා වරම ලැබු බව සත්‍යයක් වුවත් විධායක ක්‍රමයක් ඇතිකිරීමට ජනවරමක් ලැබුණෙත් නැහැ; ඉල්ලුවෙත් නැහැ.
මේ සමානුපාතික ක්‍රමයක් ගෙන ඒම සදහා. කලින් තිබුණ ක්‍රමය අනුව තමන්ගේ ආසනවල භූගෝලීය වශයෙන් තමන්ගේ අපේක්ෂකයා තෝරා ගැනීමට හැකියාව ලැබෙනවා. ප්‍රාදේශීය නියෝජනයක් තිබුණා නම් මේ ආකාරයට වෙන්නේ නැහැ. පැරණි ආසන ක්‍රමය අනුව එදා මැතිවරණ පැවැත්වුණේ. පැරණි ආසන ක්‍රමය ආවොත් ජාතික සමගිය ඇති කරන්න ඉතා පහසුයි. වඩා ජනප්‍රිය පුද්ගලයකුට ජාතිය කුමක් වුවත් ජයගත හැකි ක්‍රමවේදයක් තිබුණා. එය තවදුරටත් නැහැ දැන්. ජනතාවට පුරුදු පැරණි ආසන ක්‍රමය ගෙන ආ යුතුයි.
මෙහිදි වඩා වැදගත් කාරණාව ගෝඨාභය මහතා මේසා විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හේතුවයි. ජනතාව ඉල්ලුවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. ඒ වෙනුවට කුමක්ද කළේ 19 වැනි සංශෝධනය මුවාවෙන් තෝරාගත් අපේක්ෂකයා වෙනස් කිරීමට උපක්රමශීලි විදිහට ආණ්ඩුක්රමය වෙනස් කළා. තරුණයන්ට වඩා වැඩි ඉඩක් ලබාදීමට කටයුතු කළා. නමුත් ලංකාවේ එය වෙනස් කළේ ලංකාවේ එකම පවුලක් අරඹයා මේ දේ කළේ.
ද්විත්ව පුරවැසි භාවයත් ඒ වගේම හේතුවක් නිසා ඇතිකළ වෙනස් කිරීමක්. ශිෂ්ට සම්පන්න රටවල යම්කිසි පුද්ගලයකුට හෝ එක පවුලකට හෝ සිමා කරලා නිති පනවන්නේ නැහැ. නමුත් ලංකාවේ ඒ දේ සිද්ධ වුණා ඉතා පැහැදිලි ලෙසම. කාටත් නීතිය එකයි. දේශපාලනයෙන් එක් පවුලක් ඉවත් කිරීමටයි මේ සංශෝධනය ගෙන ආවේ. 19වැනි නිර්මාණය කරපු අය විසින් යම් අරමුණක් මුදුන් පත් කිරීමටයි මෙය ගෙන අාවේ; ජනතා යහපතට නොවෙයි .
එමෙන්ම අනෙක් හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ගැළපෙන විදිහට හදනවා කිව්වා. නමුත් මොකක්ද වුණේ. පුද්ගලික න්‍යාය පත්‍ර අනුවයි මෙය කෙරුණෙ. එ්කට වඩා අවුල් සහගතයි මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය. අනෙක් කාරණාව තමයි සිතාමතාම ඡන්ද කල් දැමීම. පළාත් සභා ඡන්දය පවත්වන්ට නොහැකි තත්ත්වයට පැමිණ තියෙන්නේ. සිමානිර්ණය ගැටලුවක් බවට පත් කරගනිමින් උපක්‍රමශීලිව ඡන්දය කල් දැම්මා. යහපාලනය සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. ඉතා කෙටිකාලයකදි පොදු ජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තත් ඒවන විටවත් ඒ පිළිබඳ ව පැවැති රජයට කිසිදු තැකිමක් තිබුණේ නැහැ. මේ පරාජය පුදුමයට කරුණක් නොවෙයි. ඒ තත්ත්වය නිර්මාණය කරගත්තේ ඒ අාණ්ඩුව විසින්මයි.