Charlie’s Angels කතා මාලාවේ තුන්වන කතාං­ගයතිර­ගත වේ | සිළුමිණ

Charlie’s Angels කතා මාලාවේ තුන්වන කතාං­ගයතිර­ගත වේ

අමෙ­රි­කානු ක්‍රියා­දාම ප්‍රහ­සන ගණ­යට අයත් charlie’s Angels චිත්‍ර­ප­ටය එලි­ස­බත් බෑන්ක්ස් විසින් අධ්‍ය­ක්ෂ­ණය කර මේ වසරේ තිර­ග­ත­ වන චිත්‍ර­ප­ට­යකි. charlie’s Angels කතා මාලාවේ තුන්වන කතාං­ගය ලෙස තිරගත වන මේ චිත්‍ර­ප­ටය මෙම නමින්ම තිර­ගත වන රූප­වා­හිනී කතා මාලා­ව­කින් ආරම්භ වන කතා­­වක් ලෙස සැලකේ.

Brownstone productions ආය­ත­නය ප්‍රධා­නව නිෂ්පා­ද­නය කර Columbia pictures ආය­ත­නය මඟින් ලොව වටා සින­මා­ලෝ­ලීන් වෙත බෙදා­හැ­රී­මට නිය­මිත චිත්‍ර­ප­ට­යකි. Skyline Entertainment ආය­ත­නය මඟින් මෙම චිත්‍ර­ප­ටය ලාංකීය ප්‍රේක්ෂ­ක­යින් අත­රට ගෙන්වා බෙදා හරිනු ලැබේ.
චිත්‍ර­ප­ටය පුරා­ව­ටම ඉතා සරාගී කාන්තා­වන් තිදෙ­නෙක් වටා ඇදී­යන කතාං­ග­යක් වුවත් පිටත පෙනු­මට හාත්ප­සින් වෙනස් වූ ඉතා­මත් දක්ෂ වූ සටන් ක්‍රියා­දාම රැසක් ඉදි­රි­පත් කෙරෙන චිත්‍ර­ප­ට­යකි. Charlie’s Angels යනු පෞද්ග­ලික සේවා­දා­ය­ක­යන්ට ආර­ක්ෂාව හා ගවේ­ෂ­ණා­ත්මක කුස­ලතා සප­යන අතර ටවු­න්සෙඩ් එ්ජ­න්සිය මේ වන විට ජාත්‍ය­න්ත­රව ව්‍යාප්ත වී ඇත. ලොව පුරා සිටින දක්ෂ­තම නිර්භී­තම මෙන්ම වඩාත්ම පුහු­ණුව ලත් කාන්තා­වන් බොස්ලීන් විසින් මෙහෙ­ය­වන බහු­විධ කණ්ඩා­යම් වඩාත් දුෂ්කර මෙන්ම භයා­නක වූ මෙහෙ­යුම් ලබා­ග­නි­මින් ඒවා ක්‍රියා­ත්මක කරයි.
මේ අතර තරුණ පද්ධති ඉංජි­නේ­රු­වකු විසින් ක්‍රියා­ත්මක කිරී­මට යන භයා­නක තාක්ෂ­ණික ක්‍රියා­ව­ලි­යට එරෙ­හිව මුහුණ දීමට යන මෙම කාන්තා දූත­යින් පිරිස දක්වන කුස­ල­තා­ව­ ඉතා­ දක්ෂ ලෙස මෙම කතාං­ගය පුරාම දක්නට ලැබේ. හාස්‍යයත් මුසු වූ නමුත් ඔවුන්ගේ භයා­නක සටන් විලා­ස­යන් තුළින් අර­මුණ ජය­ගැ­නී­මට ඔවුන්ට හැකි වේද යන්න අව­සාන වන­තු­රුම මනා කුතු­හ­ලය ගෙන දෙන්නකි.
ක්‍රිස්ටන් ස්ටුවර්ට්, නයෝමි ස්කොට්, එලා බැලින්ස්කා, එලි­ස­බත් බෑන්ක්ස්, පිමෝන් හුන්සෝ යන අය රංග­න­යෙන් දායක වන මෙම චිත්‍රපටය Colombo city center හි පිහිටි Scope cinema සංකීර්ණයේදී තිරගත වේ.
 

Comments