සුමන ශාන්ත හිමියන් හා ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන්ගේ මූලිකත්වයෙන් කලාකරුවන් ඇගයීමට ලක්වූ දා | සිළුමිණ

සුමන ශාන්ත හිමියන් හා ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන්ගේ මූලිකත්වයෙන් කලාකරුවන් ඇගයීමට ලක්වූ දා

ප්‍රවීණ ගීත රචක මී ගහවෙල සුමන ශාන්ත හිමියන් හා ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී සුගත අභයදාන සංගමයේ 14 වැනි සංවත්සරය පසුගිය දා පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. ගවයන් නිදහස් කිරීම ඇතුළු ආගමික හා සංස්කෘතික පිංකම් රැසක් මෙහිදී සිදු කරන ලද අතර සුවිශේෂ කලාකරුවන් රැසකට සම්මාන ප්‍රදානයක්ද සිදු කෙරිණි. ප්‍රවීණ රංග ධර විජේරත්න වරකාගොඩ ප්‍රවීණ නිවේදක ලැම්බට් පෙම්මාවඩු, ප්‍රවීණ නර්තන හා ගායන ශිල්පිනී දයා නෙල්ලම්පිටිය, ගායන ශිල්පී නිහාල් නෙල්සන් චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි මේ අවස්ථාවේදී ‘දේශ භක්ති’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. මී ගහවෙල සුමන ශාන්ත හිමියන් විසින් රචිත ‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ’ විශේෂ තේමා ගීතය දේශ භක්ති නිහාල් නෙල්සන් විසින් මෙහිදී ගායනා කළ අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර හා කථිකාචාර්ය ජයලාල් රෝහණ මෙහිදී දෙසුම් පවත්වන ලදී.

 

Comments