මැ.කො. යන්න හදයි! | සිළුමිණ

මැ.කො. යන්න හදයි!

මැති­ව­රණ කොමි­සන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සිය ධූර­යෙන් ඉවත් වීම සඳහා ජනා­ධි­ප­ති­තු­මන් වෙත ඉල්ලී­මක් ඉදි­රි­පත් කර ඇති බව කථා­නා­ය­ක­තු­මන් වෙත දැනු­ම්දෙනු ලැබ ඇත.

ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභා­ප­ති­ව­රයා ලෙස මෙම ඉල්ලීම පිළි­බ­ඳව ප්‍රති­චාර දැක්වු කථා­නා­ය­ක­ව­රයා සඳ­හන් කළේ, මහින්ද දේශ­ප්‍රිය මහතා මෙම අව­ස්ථා­වේදී ස්වකීය ධූර­යෙන් ඉවත් නොවී පුර්ණ කාල­යම එහි කට­යුතු කිරිම සුදු­සුය යන්න තම අද­හස බවයි.

විශේ­ෂ­යෙන්ම පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් සභා­ප­ති­ව­ර­යාගේ නා‍යක­ත්වය යටතේ මැති­ව­රණ කොමි­සන් සභාව ඉටු­කළ විශිෂ්ට කාර්ය­භා­රය අගය කළ කථා­නා­ය­ක­ව­රයා සඳ­හන් කළේ මැති­ව­රණ ක්‍රියා­ව­ලිය තුළ හඳු­නා­ගෙන ඇති වැද­ගත් ප්‍රති­සං­ස්ක­රණ සිදු කිරිම සඳ­හාත්, ඉදි­රි­යේදී එළ­ඹන තීර­ණා­ත්මක මැති­ව­රණ ප්‍රශස්ත අන්ද­මින් මෙහෙ­ය­වීම සඳ­හාත් මැති­ව­රණ කොමි­සන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහ­තාගේ මෙහෙ­ය­වීම ඉතා වැද­ගත් වනු ඇති බවයි.

 

Comments