නව ජන­ප­තිගේ වැඩ­පි­ළි­වෙ­ළට ඉන්දි­යාවේ පූර්ණ සහාය | සිළුමිණ

නව ජන­ප­තිගේ වැඩ­පි­ළි­වෙ­ළට ඉන්දි­යාවේ පූර්ණ සහාය

සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ නව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වැඩ­පි­ළි­වෙළ සාර්ථක කර­ගැ­නී­මට තම රජයේ පූර්ණ සහාය ලබා­දෙන බව ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පව­සයි.

ඒ අනුව සහන ණය ප්‍රදා­න­යක් ලෙස ඩොලර් මිලි­යන 400ක මුද­ලක් කඩි­න­මින් ශ්‍රී ලංකා­වට පිරි­නැ­මී­මට ක්‍රියා කරන බව ඉන්දීය නාය­කයා පැව­සීය.

ත්‍රස්ත­වා­ද­ය­ මැ­ඩ­පැ­වැ­ත්වී­මට තවත් ඩොලර් මිලි­යන 50ක සහන ණයක් ලබා­දී­මට කට­යුතු කරන බව ද ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­රයා කීය.

පසු­ගි­යදා (29) හයි­ද්රා­බාද් මන්දි­රයේ දී පැවති දෙරටේ රාජ්‍ය නාය­ක­යන් අතර හමු­වේදී ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඒ බව සඳ­හන් කළේය.

තම ආරා­ධ­නය පිළි­ගෙන සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරි­කාව සනි­ටු­හන් කර­මින් ඉන්දි­යා­වට පැමි­ණීම අස­ල්වාසි රාජ්‍ය ලෙස තම රටට දැක්වූ ගෞර­ව­යක් ලෙස සල­කන බව ද එහිදී පැවසූ ඉන්දියා අග්‍රා­මා­ත්‍ය­ව­රයා, ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ලබා­ගත් විජ­ය­ග්‍ර­හ­ණය පිළි­බඳ සිය සතුට පළ කර­මින් සමස්ත ඉන්දීය ජන­තා­ව­ගේම සුභා­ශිං­සන ජනා­ධි­ප­ති­ව­රයා වෙත පිරි­න­මන බවද සඳ­හන් කළේය.

දෙරට අතර දිගු­කා­ලීන මිත්‍ර­ත්වය ආර්ථික, දේශ­පා­ලන සහ සමා­ජ­යීය වශ­යෙන් ඉදි­රි­යට රැගෙන යෑමට දෙරටේ නාය­කයෝ එකඟ වූහ.

දෙරටේ ආර­ක්ෂාව ප්‍රමු­ඛ­තාව ලෙස සලකා ක්‍රියා කිරී­මට රාජ්‍ය නාය­කයෝ දෙදෙනා දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කළහ.

දෙරට අතර සමීප ආර්ථික සහ­යෝ­ගි­තා­ව­කින් ක්‍රියා කිරීම පිළි­බඳ ද නාය­ක­යන්ගේ විශේෂ අව­ධා­නය යොමු විය. ද්විපා­ර්ශ්වික වෙළෙ­දාම වර්ධ­නය කිරීමේ අව­ශ්‍ය­තාව ඔවුහු අව­ධා­ර­ණය කළහ.



Comments