තාජු­ඩීන්ගේ මර­ණ­යට ගෝඨා­භය - නාමල් පට­ල­වන්න කිව්වා | සිළුමිණ

තාජු­ඩීන්ගේ මර­ණ­යට ගෝඨා­භය - නාමල් පට­ල­වන්න කිව්වා

සීම් තාජු­ඩීන්ගේ මර­ණය සම්බ­න්ධව පරී­ක්ෂණ සිදු­කළ තමන්ට එම මර­ණය සම්බ­න්ධ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ සහ නාමල් රාජ­පක්ෂ සම්බ­න්ධය යයි පව­සන ලෙසට රහස් පොලි­සියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර බල­පෑම් කළ බව නාරා­හේ­න්පිට පොලි­සියේ හිටපු පොලිස් අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති සුමිත් පෙරේරා මහතා පසු­ගි­යදා ප්‍රසි­ද්ධියේ ප්‍රකා­ශ­යට පත් කෙළේය. ඔහු සද­හන් කළේ අන­තුර සිදු වූ ස්ථාන­යට තමන් එම මොහො­තේම ගොස් පරී­ක්ෂණ ආරම්භ කළ බවත් එය බීම­තින් සිදු වූ රිය අන­තු­රක් බවට මූලික පරී­ක්ෂ­ණ­ව­ලින් පසු හෙළි වූ බවයි.

ඒ සම්බ­න්ධ­යෙන් වන සියලූ නඩු භාණ්ඩ තමන් විසින් අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ඉදි­රි­පත් කර ඇති බවත් ඔහු පැව­සු­වේය.

අන­තුර සිදු­ව­න්නට ඉතා ආසන්න මොහො­තක දී තාජු­ඩින් යහ­ළු­වකු සමඟ මත්පැන් බෝතල දෙකක් පමණ පානය කර ඇති බවද ඔහු හෙළි කළේය. කෙසේ වෙතත් මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ සහ නාමල් රාජ­පක්ෂ සම්බ­න්ධය යයි පව­සන ලෙසට තමාට බල­පෑම් කළ නමුත් ඊට එකඟ නොවූ හෙයින් වස­රක කාල­යක් බන්ධ­නා­ගාර සිටී­මට තමන්ට සිදු වූ බවත් හෙතෙම සද­හන් පැව­සීය.

Comments