ඉන්දි­යා­වෙන් ඩොලර් මිලි­යන 400ක් | සිළුමිණ

ඉන්දි­යා­වෙන් ඩොලර් මිලි­යන 400ක්

අපේ ජනපති ඉන්දීය ජනපති හා අගමැති සමඟ
අපේ ජනපති ඉන්දීය ජනපති හා අගමැති සමඟ

 

ශ්‍රී ලංකාවේ ආර්ථි­කය නගා සිටු­වීම සඳහා ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 400ක ණය ආධා­ර­යක් ලබා දීමට ඉන්දි­යානු රජය එකඟ වී තිබේ. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවති ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වේදී මෙම එක­ඟ­තා­ව­ට පැමිණ ඇත. මෙම මුද­ලින් ඩොලර් මිලි­යන 50ක් ජාතික ආර­ක්ෂාව වෙනු­වෙන් ගෙන යන වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කිරීම සඳහා ලබාදී තිබේ.

එක්සත් ශක්ති­මත් සහ සෞභා­ග්‍ය­මත් ශ්‍රී ලංකා­වක් සඳහා ජන­තා­වගේ අපේ­ක්ෂා­වන් මෙවර ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵ­ල­යෙන් පෙන්නුම් කරන බව ඉන්දීය අග­මැ­ති­ව­රයා මෙම හමු­වේදි ප්‍රකාශ කර ඇත. තම ධුර කාලය තුළ පැමි­ණෙන පළමු රාජ්‍ය නාය­කයා ලෙස ශ්‍රී ලංකාවේ සංචා­ර­යක නිරත වෙන්නැයි ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙහිදී ඉන්දීය අග­මැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර තිබේ. ඉන්දි­යාවේ හයි­ද්‍රා­බාද් මන්දි­ර­යේදි මෙම හමුව සිදු විය.

Comments