මහ මැති­ව­ර­ණ­යේදී අප පෙරට එනවා | සිළුමිණ

මහ මැති­ව­ර­ණ­යේදී අප පෙරට එනවා

ජාතික ජන බල­වේ­ගයේ අපේ­ක්ෂ­ක­යාට මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඇප මුදල පවා ආපසු ලබා­ගත නොහැකි විය. ඊට හේතුව කුමක්ද යන්න මෙන්ම ජනතා විමුක්ති පෙර­මුණ හෝ ජාතිත ජන බල­වේ­ගයේ හෝ ඉදිරි ගම­න්මඟ පිළි­බඳ අද කතා­බ­හට එක් වන්නේ එහි ප්‍රචා­රක ලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී විජිත හේරත් මහ­තාය.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගයේ අපේ­ක්ෂ­ක­යාට ඇපත් නැති වන තත්ත්ව­ය­කට ආවා නේද? මොකද වුණේ?

ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා අතර තර­ගය තීව්‍ර වුණා. දෙදෙනා එකි­නෙකා පරයා තරග කිරී­මත් නිසා 3 වැනිව ඡන්දය දෙන්න කිසි­වෙක් පෙල­ඹෙන්නේ නැහැ.

ඒත් විශාල ලෙස පසු­බැ­ස්මක් ඔබේ අපේ­ක්ෂ­ක­යාට ලැබුණේ. ඒ තත්ත්වය වෙනස් වෙයි කියා හිත­න­වාද?

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සිදු වන දේ අනෙක් මැති­ව­ර­ණ­ව­ලදී වෙනස් වනවා. උදා­හ­ර­ණ­යක් ලෙස පෙන්වා දෙනවා නම්, 1999 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපට ඡන්ද 3,43,000ක් ලැබුණා. එහෙත් ඊට අවු­රු­ද්ද­කට පස්සේ පැවති මහ මැති­ව­ර­ණ­යෙන් අපට ඡන්ද 518000ක් ලැබුණා. මන්ත්‍රී ධුර 10ක් ලැබුණා. ඒ නිසා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තිබුණු බල අර­ග­ලය හේතු­වෙන් 3 වැනි­යාට එන්න තිබෙන ඉඩ-කඩ අඩුයි. ඒත් මේ තත්ත්වය හෙට දවසේ වෙනස් වනවා. ඒක ස්ථිරයි.

මිල වැඩි වීම් කොයි රජය යට­තේත් සිදු වනවා. ඒත් බැනර්, කට­වුට් නොග­සන අලුත් සංස්කෘ­ති­යක් කරා ගෙන­යන්න ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු යොදන බවක් පේන්නේ නැතිද?

බැනර්, කට­වුට් නොග­සන සංස්කෘ­ති­යක් තිබීම වැද­ගත්. ඒත් කල්පනා කළ යුත්තේ කවුද ඒ සංස්කෘ­තිය පටන් ගත්තේ කියන එකයි.

ඒ කොහොම වුණත් ඔබ පක්ෂ­යට ජන­තා­වගේ විශාල සහා­යක් නැහැ නේද? පුළු­වන් වෙයි කියල හිත­න­වාද මේ ප්‍රධාන පක්ෂ බල කණු දෙක හොල්ලන්න?

 

අනි­වා­ර්ය­යෙන්ම ජන­තාව ඉතා කෙටි කාල­ය­කින් මේ සියල්ල තේරුම් ගනියි. අලු­තින් පත් වුණ­හම කොයි කවු­රුත් පොඩි පොඩි වැඩ කර­නවා. ජනතා සේවය කරන බව පෙන්ව­නවා. මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාත් බල­යට ඇවිත් කිවුවෙ මොන­වාද? මම හරිම සර­ලයි, කෙහෙල් කොළේ බත් කන කෙනෙක් කිවුවා. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන් වුණාම ගෙදර ගිහින් කුඹුරු කොට­නවා කිවුවා. අන්ති­මට යන යකා කොර­හත් බිඳ­ගෙන ගියා.

ජාතික ජන බල­වේ­ගයේ සංවි­ධාන 32ක් තිබි­ලත් ඉස්ස­ර­හට එන්න බැරි වුණා නෙ. ඊළඟ පිය­වර කුමක්ද?

ජාතික ජන බල­වේ­ගය කියන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය, එහෙ­මත් නැත් නම් මැති­ව­ර­ණ­යක් ඉලක්ක කර­ගත් ජනතා ව්‍යාපා­ර­යක් නොවෙයි. අප උප­රිම මට්ට­මින් පිරිස් ඒ සඳහා එකතු කර­ග­න්නවා. විවිධ සංවි­ධාන වගේම වෘත්තීය මට්ටමේ අය ප්‍රග­ති­ශීලි ජනතා ව්‍යාපාර එක්ක අප යන මේ ගම­නට තවත් පිරිස් එකතු කර­ගෙ­නයි අපි ඊළඟ පිය­වර තබන්නේ. අපි මේ ජනතා බල­වේ­ගය උප­රිම ශක්ති­මත් කර­නවා.

ගම් මට්ට­මින් ජනතා සහ­යෝ­ගය ලැබීමේ අඩු­වක් පෙනෙන්න තිබෙ­නවා නේද?

නැහැ අපට නග­රයේ වගේම ගම් මට්ට­මේත් හොඳ ජනතා සහ­යෝ­ග­යක් තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල අනුව එය මනින්න එපා.

ඔබ එසේ කිවු­වත් රාජ්‍ය අංශයේ දැවැ­න්තම වෘත්තීය සමිති ජාලය තිබෙන්නේ ජනතා විමුක්ති පෙර­මුණ සතු­වයි. එවන් තත්ත්ව­ය­කදී ඔවුන් පවා තම අපේ­ක්ෂ­කයා නොල­සකා හැර ඇති බවක් නේද පෙනෙන්නේ?

ඔවු­නුත් මේ රටේ පුර­වැ­සියො නෙ. රටේ ගමන් මාර්ගය අනුව එක් අපේ­ක්ෂ­ක­යෙක් ප්‍රව­ර්ධ­නය කරන්න නැත් නම් අනෙක් අපේ­ක්ෂ­ක­යාට එරෙ­හිව ඡන්දය භාවිත කරන්න ඔවු­නුත් කට­යුතු කළා. එහිදී වෘත්තීය සමිති, ගොවි, කම්කරු හෝ වෙනත් වෘත්ති­ක­යන් කියා වෙන­සක් නැහැ. එහෙත් මේ තත්ත්වය මහ මැති­ව­ර­ණ­යේදී වෙනස් වෙනවා.

තමන්ගේ අපේ­ක්ෂ­ක­යාට මනා­පය නොදී මොකක්ද ඔවුන් බලා­පො­රොත්තු වන දේශ­පා­ලන දර්ශ­නය?

මා කලින් කිවුවා වගේ මේ අව­ස්ථාවේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා අතර තිබූ තර­ගය නිසායි ඒ සියල්ල සිදු වුණේ. එසේ අනෙක් අයට ඡන්දය දුන් අය පවා අප­ටත් මනාප ලකුණු කර තිබුණා. ඒ වගේම ඒ අයු­රින් ප්‍රධාන අපේ­ක්ෂ­කයා බල­යට ගේන්න කට­යුතු කළ අය අපට පවසා තිබෙ­නවා මහ මැති­ව­ර­ණ­යේදී අපට ශක්ති­යක් වන බව.

ඔබ පව­සන්නේ එක්සත් ජාතික පක්ෂ අපේ­ක්ෂ­කයා බල­යට ඒම වළ­ක්වන්න ජන­තාව කට­යුතු කළා කියන එකද?

ඒක එක් පැත්ත­කින් පම­ණක් නොවෙයි; දෙපැ­ත්තෙන්ම වුණා. ඒත් එය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පම­ණක් සීමා වෙයි. ඉදි­රි­යේදී මේ සියලු ජනතා අද­හස් වෙනස් වනවා. ඒ හරහා අපට විශාල ජන බල­යක් උරුම වනවා.

ඔබ එසේ පව­සන්නේ කෙසේද? ජන­තා­වගේ ආකල්ප වෙනස් වෙයිද මාස කිහි­ප­ය­කදී?

ජන­තාව ඇත්ත­තෙන්ම අපට ආද­රෙයි. අපේ ප්‍රති­ප­ත්ති­ව­ලට ඔවුන් ගරු කර­නවා. ඒ විශ්වා­සය, හද­ගැස්ම අපට තේරෙ­නවා. ඔවුන් ආද­රය කරන්නේ ජනතා විමුක්ති පෙර­මුණේ, එහෙ­මත් නැත් නම් ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­ප­ත්ති­ව­ලට, ආද­රය කරන නාය­කයා වන්නේ අනුර කුමාර දිසා­නා­යක මහ­තායි. ඒ බව මහ මැති­ව­ර­ණ­යේදී ඔවුන් තහ­වුරු කරාවි.

ඒත් දැන් පත්ව ඉන්නා ජනා­ධි­ප­ති­ව­රයා ජන­තාව වෙනු­වෙන් කට­යුතු කිරීම අරඹා තිබෙ­නවා. ඔහු­ටත් යම් සාධා­රණ කාල­යක් දිය යුතුයි නේද තමාගේ කට­යුතු සිදු කරන්න, විවේ­ච­නය කරන්න කලින්...

රටක් වෙනස් වෙන්න ප්‍රති­ප­ත්ති­මය වෙන­සක් අව­ශ්‍යයි. මේ ඉන්න පිරි­සත් එක්ක අප හිතන්නේ නැහැ .

මහ මැති­ව­ර­ණ­යට සූදා­න­මින් ඉන්න­වද?

මා කලින් පැව­සුවා වගේ අප මැති­ව­රණ ඉලක්ක කර­ගෙන වැඩ කරන පක්ෂ­යක් නොවෙයි. ඒත් ඕනෑම වෙලා­වක අප මැති­ව­ර­ණ­ය­කට සූදා­නම්. කොහො­මත් 2020 මාර්තු 1න් පසු මහ මැති­ව­ර­ණ­යක් පව­ත්වන්න පුළු­වන්. එහිදී අප ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන්ම පාර්ලි­මේ­න්තුව තුළ බල­යක් ගොඩ­න­ඟ­නවා.

ඔබට හිතෙන්නේ නැද්ද මේ අඩාළ වීම්, එහෙ­මත් නැත් නම් පරා­ජ­යන් හමුවේ පක්ෂයේ ප්‍රති­පත්ති හෝ ක්‍රියා මාර්ග­වල යම් වෙන­සක් කළ යුතු බවක් තිබෙ­නවා කියා?

නැහැ, කිසි­සේත්ම නැහැ. අප පම­ණයි ප්‍රති­පත්ති දේශ­පා­ල­නයේ නිරත වන්නේ. අපේ පොරොන්දු දේශ­පා­ල­න­යක් නැහැ. ඇයි අප ප්‍රති­පත්ති වෙනස් කර, හොර­කම කොල්ල­කෑම ඉස්ස­ර­හට ගන්නද? සුපි­ළි­පන් දේශ­පා­ල­න­යක් කරා යන ප්‍රති­පත්ති මාලා­වක් පම­ණයි අපට ඇත්තේ.

Comments