ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා පිටත් වී ගියේ කැබිනට් මණ්ඩලයත් අමාත්‍යංශ ලේකම්වරුනුත් පත් කිරීමෙන් අනතුරුව ය. අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් වූ සියලුදෙනාම පාහේ කිර්තිමත් රාජ්‍ය නිලධාරීහු වෙති. දේශපාලන හෙන්චයියන් එ් තනතුරු සඳහා පත් කරමින් රටේ මහජන මුදල් කාබාසිනියා කිරීමේ සම්ප්‍රදායට විරාමය තබා තිබීම දේශපාලන භේදයකින් තොරව කාගේත් ඇගයිමට ලක් වී තිබේ.
ඇමැති මණ්ඩලය පත් කිරීමේදී පැරණි දේශපාලන මුහුණු දක්නට ලැබෙන බවට චෝදනාවක් නැඟීමට ඇතැමුන් උත්සාහ ගන්නා බව පෙනෙන්නට තිබේ. ඒ අයගෙන් බහුතරයක් මහජන ඡන්දයෙන් තේරී පත්වූවන් මෙන්ම පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ පාර්ලිමේන්තුවට පැමිණි අය වෙති. එබැවින් ජනාධිපතිවරයාට මේ මොහොතේ දේශපාලනය කිරීමට සිදු වන්නේ එ් පිරිස සමඟ ය. ඔවුන් රටට අවශ්‍ය නොවේ නම් ඒ බව තීරණය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා නොව ජනතාවයි. ඒ සඳහා තීන්දුවක් ගැනීමට ඉදිරි මහ මැතිවරණය මඟින් ප්රජාතන්ත්රවාදී ඉඩ කඩක් විවෘත වී තිබේ. රට ගොඩනැඟීම සඳහා ආර්ථික දේශපාලනික ක්ෂෙත්රයන්ගේ මුල් අත්තිවාරම තබා තිබේ.
පැවැති යහපාලන ආණ්ඩුව විසින් නඟන ලද සියලු අවලාද අසත්‍ය බවට පත් වී හමාර ය. කලාපීය බලවතා ලෙස සැලකෙන ඉන්දියාවේ සංචාරය විශේෂ වැදගත් කමක් උසුලන බව අමුතුවෙන් කිවයුතු නැත. ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් අවැසි සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය මේ මොහොතේ අත්‍යවශ්‍ය සාධකයකි.
යහපාලන ආණ්ඩුවේ දේශපාලනික හැසිරීම් සහ බටහිර ගැති දේශපාලන ප්‍රතිපත්ති නිසා අෑත් වී සිටි ඉන්දියාව පසුගිය සමයේ රාජපක්ෂවරුන් සමඟ සමීපව කටයුතු කළේ ය. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දිය සංචාරය ඉවහල් වනු ඇත. එ් සංචාරය සඳහා දේශපාලනඥයන් බුරුතු පිටින් ගෙන යෑමේ සංස්කෘතිය හමාර කරමින් ඔහු ඉන්දියා සංචාරය සඳහා සහභාගී කරගනු ලැබුවේ නිලධාරීන් කිහිපදෙනකු පමණි. ඔහුගේ මේ තීන්දුව ජනප්‍රිය තීන්දුවක් නොවෙයි. මේ හැසිරීම පිළිබඳ කලකිරෙන බොහෝ පිරිසක් සිටිය හැකිය.
එහෙත් විශාල ජනවරමක් ජනතාව ඔවුන්ට ලබාදුන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය හමාර කර සියලු අංගයන්ගෙන් රට ඉදිරියට ගෙන යෑමට ය. වත්මන් ජනාධිපතිවරයා දේහපාලඥයෙක් නොවන නිසා බැඳියාවන් අතර ගැටීමක් ඔහුට නැත. ඔහුට ඇත්තේ වැඩ කළ හැකි කෙනා යන අරමුණ ය. එ් අරමුණ ඔහු විසින් දිගට ම නඩත්තු කරනු ඇතැයි යන්න මේ රටේ ජනතාවගේ අපේක්ෂාවයි.
ජනාධිපතිවරණයේදී සුළු ජාතින්ගේ හැසිරීම කෙසේ වුවත් මේ මොහොත වන විට දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව ප්‍රකාශ කර තිබේ. එය යහපත් ප්රවණතාවකි. ඔවුන් මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන තිබේ. ජනාධිපතිවරයා පිළිබඳ සුළු ජනවර්ග අතර පැවැති මතවාද නිර්මාණය කරන්නට උත්සාහ කළ යක්ෂයා පලවා හරින්නට ඔහු සිය ප්‍රථම කතාවෙන් ම ප්‍රවේශයක් ලබා ගත්තේය. තමන් ඉදිරියට සියලු රටවැසියන්ගේ නායකයා බව ඔහු කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන් ඔප්පු කරන්නට විය. ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයේදී සුළු ජාතීන් එහි කොටස්කරුවන් බවට පත් කරගැනීම තත්ත්වය වඩා සුබදායි තත්ත්වයට පත් වනු ඇත.
විපක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ආගිය අතක් සොයාගැනීම දුෂ්කර වී ඇත. ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දුන් සුළු ජාතික පක්ෂ ඉදිරියේ ඇති අභියෝග පසෙක ලා ඔහු පලා ගොස් අැත. තමාට සහාය දුන් කණ්ඩායම් සියල්ල අතරමං කර එජාප ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සුපුරුදු ලෙස පසෙකලා ඔහු පලා ගොස් ඇත.
ඔහුට සහාය දුන් මන්ත්‍රීවරුන් ඔහුට විපක්ෂ නායක ධුරය ලබාදීමේ සටනක නිරත වී සිටියදී ඒ කිසිවකුගේ දුරකථන ඇමැතුමකටවත් පිළිතුරු නොදී සැඟවී සිටීමෙන් ඔහුගේ දේශපාලන පෞරුෂත්වය සහ මතාවාදීමය දුගීභාවය අන් කවරදාටත් වඩා කැපී පෙනෙයි. ඔහු එසේ හැසිරුණේ ප්‍රථම වරට නොවේ.
වසර කිහිපයකට පෙර බලය අල්ලන්නට ඔහු සිරිකොත සමුළුවකට ගියේය. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ප්‍රහාර හමුවේ ඔහු පලාගියේ ඔහුට සහාය දුන් මන්ත්‍රී කණ්ඩායම ද අතරමං කරමිනි. වික්‍රමසිංහ මහතාගේ එකී පළිගැනීම් හමුවේ ඔහු මුනිවත රැක්කේය. සමහර මන්ත්‍රීවරුන් ක්‍රියාකාරීන් පක්ෂය හැරදා ගියේ සජිත්ගේ දේශපාලන හැසිරීම හේතු කරගෙනය. එය සංසන්දනාත්මකව බැලිය හැකිය.
2015 රාජපක්ෂ පාලනය පරාජයට පත් වුවද කිසිවකු ජනතාව අතරමං කළේ නැත. ජනතාව සමඟ සිටිමින් ජනතාවගේ ඉල්ලිම් පරිදි සියල්ල යළි ඉදිරියට ගෙන ගියේය. එල්ල වූ දහසක් චෝදනා නඩු කටයුතු සඳහා සහභාගි වෙමින් මහපොළොවේ දේශපාලනයේ නිරත වුයේ ය. ඊට බලපාන ලද ප්‍රධාන කරුණු තිබේ.
එජාපයේ පහළ සමාජිකයාගේ සිට ඉහළ තලයේ දේශපාලඥයා දක්වා දෘෂ්ටිවාදිමය දුගි භාවයෙන් පෙළුණි. 2015 ජනාධිපති මැතිවරණය ඔවුන් හිමිකරගත්තේ ද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා තම කදවුරට ආනයනය කිරීමෙනි. ජනාධිපතිවරණයෙන් පසුව සජිත් පලායමින් සිටින්නේ පක්ෂය ඉදිරියට ගෙනයමින් සිටින අය සන්තකයේ පොහොසත් දෘෂ්ටිවාදයක් ඔවුන්ට නොමැති කම හේතුවෙනි.
රටේ ප්‍රධාන පක්ෂයක් මෙලෙස අඩපණ වීම සම්බන්ධයෙන් ප්රජාතන්ත්රවාදී දේශපාලනයක නිරත වන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පවා අනුමත කරාවි යැයි සිතිය නොහැකිය. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් දේහපාලන දැක්ම මැතිවරණ පරාජයෙන් පසු ව ඔහු කළ කී දෑ වලින් පෙනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බහුතර සිංහල ඡන්ද වලින් බලයට පත්වීමත් සමඟින් ඉදිරියේදි බෞද්ධාගමට තැන දෙමින් කටයුතු කළහොත් එජාපය ගොඩ යා හැකි බව ඔහු කියා සිටී. එය දේශපාලනික මිත්‍යාවකි.
එය එජාපයට ආකර්ෂණය කරගැනිමට කළ හැකි දෙයක් නොවෙයි. ඔවුන් අලුත් මතවාදීමය මාදිලියක් සොයා ගත යුතුව තිබේ. එජාප නායකත්වය එය අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ. පසුගිය මැතිවරණ සමයේ ඔවුන් පැරණි තැටියම වාදනය කළා මිසක රටේ මහජනයා අතර තමන්ට ස්ථානගත වීමට තැනක් සොයා බැලුවේ නැත. එජාප සමඟ හොර දීගයක් කෑම ඇතුළු හේතු ගණනාවක් මත ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසික පරාජයක් අත්කර ගනිමින් හතර ගාතයෙන් බිම ඇද වැටී සිටියි. මෙය ද එතරම් යහපත් නැත.
තමන්ට වැරදුණ තැන් ගැන ඔවුන් ද දේශපාලන ස්වයං විවේචනයක යේදී නිවැරදි තැනට පැමිණිය යුතුයි. රටේ කලාකරුවන් විද්වතුන් සහභාගි කරවාගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණ ඔවුන් සිටි තැනින් ද පහළට යැම සලකා බැලිය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය ට විද්වතුන් සංවිධානය කර රට පුරා ගියේය.
විද්වත් වෘත්තිකයන් රාශියක් ඔහු වටා ඒකරාශි විය. ඔහු මැතිවරණ අබියස කඩිමුඩියේ ඔවුන් සමඟ කටයුතු කිරීමට ගියේ නැත. මැතිවරණ ආසන්නයේ කරන දේශපාලන රංගන මහජනයා ප්‍රතික්ෂේප කරන බව මේ සමස්ත සිදුවීම් සමුදාය දෙස ආපසු හැරී බැලිමේදි පෙනී යයි.