13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 4000ක් රන් පදක්කම් 317කට සටනේ | සිළුමිණ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 4000ක් රන් පදක්කම් 317කට සටනේ

 

හතුන්වන දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ “සාග්“ අද නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ආරම්භ වෙයි. රටවල් හතක් වෙනුවෙන් රන්පදක්කම් 317ක්, රීදී පදක්කම් 317ක් හා ලෝකඩ පදක්කම් 481 පිළිබඳ සුභ සිහිනය මතින් තරග ඉසව් 28 කදී තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කත්මණ්ඩු නුවර තම අභිප්‍රයන් සපල කරගැනීම උදෙසා ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටිති. මෙම මස 10 වැනිදා දක්වා පැවත්වෙන මෙම තරගාවලි කත්මණ්ඩු නුවර මෙන්ම ෆොකරා නුවරද කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙයි. සත්කාරක නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින හා පාකිස්තානය නියෝජනය කරමින් පැමිණ සිටින 4000කට අධික මෙම තරගකරුවන් ආධුනිකයන් නවකයන් හා ප්‍රවීණයන් වන අතර ඔවුන්ගේ අභිප්‍රායන් වනු ඇත්තේ අනාගත ක්‍රීඩා දිවිය දික් විජය කරමින් තම මවු බිමට කීර්තියක් හා ගෞරවයක් රැගෙන ඒමය.

 

මෙවර තරගාවලියේ වැඩිම රන්පදක්කම් ප්‍රමාණයක් වෙන්ව ඇත්තේ පිහිනුම් තරග වෙනුවෙන්ය. පිහිනුම් තරග වෙනුවෙන් රන් පදක්කම් 38කී. මලල ක්‍රිඩා තරග ඉසව් වෙනුවෙන් වෙන්ව ඇත්තේ රන් පදක්කම් 36ක් පමණී. තුන්වෙනුවට වැඩිම රන්පදක්කම් ප්‍රමාණයක් වෙන්ව ඇත්තේ ටයිකොන්ඩෝ තරග ඉසව්ව වෙනුවෙන්ය. ඒ රන්පදක්කම් 29කී. වුෂු වෙනුවෙන් රන් පදක්කම් 22ක් වෙන්ව ඇත. බර ඉසිලීම, මල්ලව පොර හා වෙඩිතැබීම වෙනුවෙන් රන්පදක්කම් 20ක් ද, කරාටේ වෙනුවෙන් රන්පදක්කම් 19ක් ද, බොක්සිං වෙනුවෙන් රන් පදක්කම් 16ක් හා ජුඩෝ වෙනුවෙන් රන් 15ක් වෙන්ව ඇති අතර කඩු හරඹ වෙනුවෙන් රන් පදක්කම් 12ක් හා දුනු විදිම වෙනුවෙන් රන් පදක්කම් 10ක් වෙන්ව ඇත. පාපැදි තරග ඉසව් වෙනුවෙන් රන් පදක්කම් 8ක් වෙන්ව ඇති අතර බැඩ්මින්ටන් මේසපන්දු හා ටෙනිස් වෙනුවෙන් රන් පදක්කම් 7ක් ද, තුන්ප්‍රයාම ඉසව්වට රන් පදක්කම් 5 ක්ද, ස්කොෂ් හා ගොල්ෆ් ඉසව් සඳහා රන් පදක්කම් 4ක්ද වෙන්ව ඇත. බාස්කට් බෝල් හා බාස්කට් බොල් 3x3 ක්‍රිකට්, පාපන්දු හැන්ඩ්බෝල් හා වෙරළ වෙලිබොල් කාන්තා හා පිරිමි රන් පදක්කම් ද්විත්වය බැගින් පිරිනැමිමට නියමිතය.

මලල ක්‍රීඩකයන් 36 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නේපාල සංචාරයට සහාභාගි වී සිටින අතර මලල ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සහභාගීවී සිටියි. තරගාවලිය නියෝජනය කරන සමස්ත ක්‍රීඩකයන් ගණන 297ක් වන අතර ක්‍රීඩිකාවෝ 266 දෙනෙක් තරගාවලියට එක්ව සිටීති. ශ්‍රී ලංකා කණ්ඩායම පිහිනුම් ශූර මැතිව් අබේසිංහගේ නායකත්වයෙන් සහභාගී වන අතර කණ්ඩායම් ප්‍රධානී ලෙස හෑන්ඩ්බෝල් සංගමයේ සභාපති විශ්‍රමික මේජර් ජේනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා සහාභාගී වී සිටින අතර ගාමිණි ජයසිංහ, චන්දන පෙරේරා හා වින් කමාන්ඩර් ෂෙරිකා සමරසිංහ නියෝජය ප්‍රධානින් ලෙස කණ්ඩායමට එක්ව ඇත.

 

තරගාවලිය පසුගිය 27වැනි දා නිල නොලත් ලෙස ආරම්භ වුයේ වොලිබෝල් තරගාවලියත් සමගිනි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අශානී චමෝදිකාගේ නායකත්වයෙන් යුත් කාන්තා කණ්ඩායම පසුගිය 28 වැනිදා පාකිස්තානයට එරෙහිව පිටියට පිවිසි අතර දීප්ත රොමේෂ්ගේ නායකත්වයෙන් යුතු පිරිමි කණ්ඩායම සත්කාර නේපාලයට එරේහිව පසුගිය 29 වැනි දා තරග බිමිට පිවිසියේය. එදිනම මාලදිවයිනට එරෙහිව පිරිමි වොලිබෝල් කණ්ඩායම තරග කිරිමට නියමිතව තිබූ අතර 30 වැනිදා පාකිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතව තිබීණී. කාන්තා වොලිබෝල් කණ්ඩායම 29 වැනිදා මාල දිවයිනට එරෙහිව තරග වැදිමට නියමිතව තීබීණී.

 

12 වැනි දකුණු ආසියානු තරගාවලිය 2016 වසරේදී ඉන්දියාවේදී පැවැත්වුණු අතර එම තරගාවලිය අවසානයේ රන්පදක්කම් 239ක් පිරිනෑමීමට තරග සංවිධායකයන් කටයුතු සම්පාදනය කර තිබීණී. එහිදි ඉන්දියාව වැඩිම රන්පදක්ම් ලාභීන් ලෙස ප්‍රථමස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

 

13 වන දකුණු ආසියා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 563ක් තරග බිමට යොමු කොට ඇති අතර මතභේදාත්මක තෝරාගැනීම්ද ඒ අතර විය. තරගාවලියට පෙර මලල ශාරීරික යෝගතා පුහුණු සැසියක්ද පළමු වරට පැවැත් වු අතර එයට සහභාගී නොවු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටද බලධරයන් වාරණ නියෝග පනවා තිබීණි. එමෙන්ම තරගාවලියට එක්වන පුහුණු කරුවන්ගේ දිමනාවක් සම්බන්ධයේන් ගැටලුවක්ද මතුව තිබුණු අතර පසුව එය සමතයකට පත් කර ගැනීමට සමත්ව ඇත. මේ වසර මුලදි ක්‍රිඩා අමාත්‍යාංශය විසින් පුහුණු කරුවන් කැඳවා පවසා ඇත්තේ පූර්ණ කාලීනව තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයතු වෙනුවෙන් කැප වෙන ලෙසය. මින් පෙර වසරවලදී මෙන් ක්‍රීඩකයන්ට හා පුහුණු කරුවන්ට දීමනාව ගෙවන බවයි. නමුත් තරගාවලියට සංචිත තෝරන මොහොත වෙන තුරු ද ඒ දේ සිදුව නොතිබිම පුහුණු කරුවන් තරගාවලිය වර්ජනයක කිරීමට සැරැසිණි.

 

Comments