සත් වැනි විධා­යක ජන­ප­තිගේ මුල් පැය විසි­හ­තරේ වෙනස | සිළුමිණ

සත් වැනි විධා­යක ජන­ප­තිගේ මුල් පැය විසි­හ­තරේ වෙනස

 

ශ්‍රී ලංකා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සමා­ජ­වාදී ජන­ර­ජයේ හත්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ගෝඨා­භය මහතා තේරී පත්විය. සිය ‍ජයග්‍ර­හ­ණ­යෙන් අන­තු­රුව 19 වැනි­දින ජනා­ධි­ප­ති­ධූ­රයේ දිව්රුම් දී විසි­හ­ත­ර­පැ­යක් ගත­වී­ම­ටත් පෙර මෙරට නව ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජන­තාව වෙනු­වෙන් ප්‍රග­ති­ගීලි පිය­වර රැසක් ගත්තේ ය. මෙතෙක් කිසිදු දිනක මෙරට ජන­තාව නොදුටු එ් සැබෑ වෙනස හුදු මහත් ජන­තා­වගේ ප්‍රසා­ද­යට හේතු­විය. විශේ­ෂ­යෙන් ගෝඨා­භය මහතා ජනා­ධි­ප­ති­ධූ­ර­යට පත් කිරී­මට හේතු වූ ජනතා අපේක්ෂා රැසක් විය.

මේ රටේ ජන­තාව එතු­මා­ගෙන් අපේක්ෂා කළ ප්‍රමුඛ කරණ වන්නේ මේ රටේ ජාතික ආර­ක්ෂාව තහ­වුරු කිරී­මයි. එමෙන්ම ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මූලික අර­මුණු ලෙස අව‍ධා­නය යොමු වී තිබුණේ ද මේ රටේ ජාතික ආර­ක්ෂාව මෙන්ම බිඳ­වැ­ටුණු මේ දේශය යළි ගොඩ­නැ­ඟී­මයි. ඒ මහා කර්තව්‍ය ඉටු කිරීමේ හැකි­යාව ඇති එක ම නාය­කයා ගෝඨා­භය මහතා බව මෙරට ජන­තා­තුළ දැඩි විස්වා­ස­යක් තිබිණි. එහෙ­යින්ම මෙරට ජන­තාව ගෝඨා­භය මහතා ජනා­ධි­ප­ති­ධූ­ර­යට පත් වූවා කිය­න­වාට වඩා අති­ම­හත් ජන­තාව විසින් 'රට දිනුවා' 'රට බේරුණා' වැනි අද­හ­සින් අර්ථ දක්වන්නට විය. මෙරට ජන­තා­වට මෙවර මැති­ව­ර­ණ­යේදී කට ගැන හෝ බඩ ගැන හෝ හැඟී­මක් නොවෙන බව ඉතා පැහැ­දි­ලිය. බඩ­ගින්නේ මැරෙ­න්නට හෝ රටක් අවැසි බවට ඔවුන් තුළ ජාතික හැඟී­මක් ඇති වී තිබිණි. වෙනදා මෙන්ම මෙව­රත් ජන­තා­වට දෙනු ලැබු සුව­හ­සක් පොරොන්දු දේශ­පා­ල­නය පසු­පස හඹා­යනු වෙනු‍වට ඔවුන් මෙවර අහි­මි­වෙ­මින් යන රට නැවත ගොඩ­නඟා ගැනීමේ මූලික අභි­ලා­සය පෙරටු කර­ග­නි­මින් ඒ වටා පෙළ ගැසෙ­මින් සිටි­යහ. එහි පෙර­ග­ම­න්ක­රුවෝ සිංහල බෞද්ධ ජන­තාව විම සුවි­ශේෂ කරු­ණකි. ජාති­ක­ත්වය බිඳ­වැ­ටීම, දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය, ජාතික ආර­ක්ෂාව, රාජ්‍ය දේපොළ මංකො­ල්ලය, රාජ්‍ය දේපොළ විදේශ රට­ව­ලට විකුණා දැමීම, ජාතීන් අතර බෙදු­ම්වා­දය පැතිර වීමත් සමඟ මේ රට බිඳ­වැ­ටෙ­මින් පව­තින බව ජන­තාව හොඳින් වටහා ගෙන තිබිණි. ජාති ආගම් පක්ෂ භේද­ය­කින් තොරව මේ රටේ ජන­තාව පැවැති ආණ්ඩුවේ ක්‍රියා කලා­පය සම්බ­න්ධ­යෙන් පැවැ­තියේ අප්‍ර­සා­ද­යකි. විශේ­ෂ­යෙන් ජාති­වා­දයේ ගිනි ඇවි­ලෙ­මින් පැවැති මොහො­තක ආණ්ඩු පක්ෂයේ පිරිස සිය බලය රැක ගැනීමේ ව්‍යායා­ම­යක නිර­ත­වීම සම්බ­න්ධ­යෙන් ජන­තාව තුළ පැවැ­තියේ අප්‍ර­සා­ද­යකි.

විශේ­ෂ­යෙන් ජාතික ආර­ක්ෂාව සහ ආර්ථික වශ­යෙන් රට ප්‍රපා­ත­ය­කට ඇඳ­ගෙන වැටෙ­මින් පව­තින අව­ස්ථා­වක වුව ද පැවැති ආණ්ඩුව බලය රැක ගැනීමේ අසීරු වෑය­මක නිර­ත­වූවා මිසක ජන­තාව වෙනු­වෙන් කළ දෙයක් නැත.

පටු දේශ­පා­ලන අර­මුණු උදෙසා මෙරට බෙදුම් වාදය කරා ගෙන යමින් සිල්ල­රට රටේ රාජ්‍ය දේපොළ විකුණා දැමීමේ නිරත වූ රනිල් වික්‍ර­ම­සිංහ ප්‍රමුඛ පැවැති රජය පිළි­බඳ ජන­තාව කළ­කිරී සිටි­යහ. එහෙ­යින් එ් ආණ්ඩුව පෙරළා දැමි­මට පක්ෂ භේද­ය­කින් තොරව ගෝඨා­භය ‍රාජපක්ෂ නම් වූ අපේ­ක්ෂ­කයා වටා ජන­තාව රොඳ බ‍ැඳෙ­න්නට විය. කිනම් ජාතින් මෙරට ජීවත් වුවත් අපට උරු­ම­කම් කියන මහ­ජා­ති­යක් හා ඊට අදාළ සංස්කෘ­ති­යක් සහ සදා­චා­ර­යක් උරුම බව ජන­තාව මෙවර මැති­ව­ර­ණ‍යේදි ඉතා­මත් හොඳින් පැහැ­දිලි කර දී ඇත. මෙරට; ඒකීය රාමු­වක් තුළ සෛවරී රාජ්‍ය­යක් ලෙස පව­තින බව සුළු ජාතින්ගේ අයි­තීන් ද රැක­ගෙන ඒකිය රාජ්‍ය සංකල්ප රැක­ගෙන ඉදි­රි­යට යෑමට හැකි­යාව ලැබෙන්නේ ද ඒ මහා ජාතියේ පැවැ­ත්මට අභි­යෝ­ග­යක් නොවන ආකා­ර­යෙන් දේශ­පා­ල­නික හැසි­රී­මක් රට තුළ පැවැ­ති­යොත් පම­ණක් බව මෙවර මැති­ව­ර­ණ­යේදී ඉතා පැහැ­දිලි වු කරු­ණකි.

කතාව ආරම්භ වන්නේ එතැන් සිට ය. ගෝඨා­භය මහතා අපේක්ෂා කළ තර­මට සුළු ජාතික ඡන්ද නොලැ­බුණ ද එතුමා විසින් මෙරට හත්වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දිව්රුම් දීමෙන් අන­තු­රුව රටේ නාය­කයා ලෙස ඔහු ජන­තා­ව­ගෙන් ඉල්ලි­මක් ‍කළේය. එනම් ' මේ රටේ අනා­ග­තය වෙනු­වෙන් සැබෑ ශ්‍රිලං­කි­ක­යකු ලෙස මා සමඟ එක්වන්න' යැයි එතුමා ඉල්ලී­මක් කළේය. ආර­ම්භ­යේදී ම මේ රටේ ප්‍රග­ති­ශීලි ‍දේශපා­ලන ගම­නක ආර­ම්භය සනි­ටු­හන් කර­මින් ජනා­ධි­පති ගෝඨා­භය මහතා; මෙරට සුළු ජාතීන් සහ ඔවුන් නියෝ­ජ­නය කරන මහ­ජන නියෝ­ජි­ත­යන්ට කරන ලද ඉල්ලීම රටක් ලෙස ඉදි­රි­යට තබන පිය­වර සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි නිර්ණා­ය­ක­යකි. එතැන් පටන් පැය විසි­හ­ත­රක් ගත­වී­මට පෙර ඔහු විසින් ලංකේය ජන­තා­වගේ බිඳ­වැ­ටුණු දේශය යළි ගොඩ­නැ­ඟීමේ අර­මු­ණින් සහ ඔවුන්ගේ අපේ­ක්ෂා­වන් සැබෑ­කි­රීමේ අර­මු­ණින් රටක් ලෙස නිවැරදි දිශානතියකට හැරවීමේ සුදුසු ප්‍රග­ති­ශීලි පිය­වර රැසක් සහ තීන්දු තීරණ රැසක් ගැනීම මේ රටේ ජන­තාව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වඩා වැළද ගැනී­මට හේතු­විය.

විශේ­ෂ­යෙන්ම රටේ ජාතික ආර­ක්ෂාව රට සංව­ර්ධ­නය කිරීම යුක්ති ගරුක සදා­චාර සම්පන්න රටක් සහ සංස්කෘ­ති­යක් යළි ගොඩ­නැ­ඟීමේ මුල් පිය­වර රැස­කට පූර්වා­ද­ර්ශය තැබු­වේය. මෙරට හත්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යා‍ ­ලෙස දිව්රුම් දීම සිදු වූයේ රුව­න්මැ­ලි­මහා රජුන් අබි­ය­සදී ඉතා චාම් උත්ස­ව­ය­කිනි. එහිදී පළමු ව ජාතිය අමතා කළ කතා­වේදී ඉතා පැහැ­දිලි ව සද­හන් කළේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ජායා­රූ­පය රාජ්‍ය ආය­තන වල ප්‍රද­ර්ශ­නය නොක­රන ලෙසයි. ඒ සඳහා රාජ්‍ය ලංඡ­නය පම­ණක් ප්‍රද­ර්ශ­නය කරන ලෙස එහිදි සඳ­හන් කළේය. සියලු ජාතීන් විසින් ජාතික ගීය සිංහ­ලෙන් පම­ණක් ගායනා කිරීම ට කට­යුතු යෙදීම ද මහා ජාතියේ විශේෂ පැස­සු­මට ලක් වීය. තවද රාජ්‍ය සේවයේ මෙතෙක් පැවැති අක­ර්මණ්‍ය අකා­ර්ය­ක්ෂ­ම­තාව මුලි­නු­පුටා දැමීමේ විශේෂ වැඩ පිළි­වෙලේ ආර­ම්භය සනි­ටු­හන් කර­මින් ‍රාජ්‍ය සේව­කයා වැටු­පට සරි­ලන ශ්‍රම දාය­ක­ත්වය ලබා­ගැ­නිමේ අර­මුණ ඇතිව ජනා­ධි­පති කාර්යය මණ්ඩ­ලය දෙසිය පනහ දක්වා අඩු කිරිමේ සැලැ­සු­මක් දියත් කරන බව එතුමා ජාතිය අමතා කළ කතා­වේදි සඳ­හන් කළේය. නාස්තිය, දුෂ­ණය, කාර්ය­ක්ෂ­ම­තාව නොමැති වීම වළක්වා ගැනීමේ රාජ්‍ය සේවයේ නව පරි­ච්ඡේ­ද­ය­කට මුල පිරීමේ දැඩි පිපා­සා­වක් නව ජනා­ධි­ප­ති­ව­රයා තුළ තිබු බව මෙයින් ඉතා පැහැ­දිලි ය. ඉති­හා­සයේ පළ­මු­ව­රට මේ වෙමින් පව­තින නවමු වෙන­සට පාට පක්ෂ ‍‍භේදය­කින් තොරව, සහ­යෝ­ගය ලැබු­ණ­හොත් මේ රටේ ඉදිරි පර­පු­රට එහි ඵල නෙළා ගැනීමේ අව­ස්ථාව උදා­වනු නොඅ­නු­මා­නය.

රනිල් වික්‍ර­ම­සිංහ හිටපු අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ ඉල්ලා අස්වී­මත් සමඟ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් පත් කරනු ලබන භාර­කාර රජයේ කැබි­නට් අමාත්‍ය ධූර පහ­ළො­ව­කට සීමා කිරී­මට එතුමා තීර­ණය කළේය. ඇමැති මණ්ඩ­ලය පහ­ළො­ව­කට සීමා­කි­රීම ඉති­හා­සයේ කිසිදු දින­යක, කිසිදු ආණ්ඩු­වක් යටතේ යෝජ­නා­වක් බව­ට­වත් පත් වූ කරු­ණක් නොවේ. ඇමැති කාර්යය මණ්ඩ­ලය නඩත්තු කිරීම වෙනු­වෙන් මහ­ජන මුදල් බිලි­යන ගණන් නැති නාස්ති විය. ගෙවුණු දේශ­පා­ලන කති­කාවේ අලු­තින් ලියැ­වුණු එ් පරි­ච්ඡේ­දය සැබැ­වින්ම ඇගැ­යී­මට ලක්විය යුතු සහ ජනතා ප්‍රසා­ද­යට ලක් වන කාර­ණ­යකි. ඇමැති මණ්ඩ­ලය අනූ­වක් දක්වා ඉහළ දම­මින් ඔවුන්ගේ මිත්‍ර සංග්‍රහ, වර­දාන වර­ප්‍ර­සාද වෙනු­වෙන් මේ රටේ අහිං­සක ජන­තා­වගේ මහ­ජන මුදල් නාස්ති කර­මින් දසක කිහි­ප­යක් පුරා මේ රටේ පැවැති එ් දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් මග­කට යොමු කිරී­මට කිසිදු රජ­යක් අපො­හො­සත් විය. එවැනි ‍කෙලින් තීරණ ගැනීමේ කශේ­රු­කා­වක් සහිත රාජ්‍ය නිළ­ධා­රි­යෙකු, විනය ගරුක හමුදා නිළ­ධා­රි­යකු වූ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට හැකි­යාව ලැ‍බුණේ එක තැන පල්වෙන මෙරට දේශ­පා­ලන මඩ ගොහො­රුවේ කර­ව­ටක් ගිලී පල් වූවන් අතර එතුමා නොවුණ නිසාය. ඔහු සැබැ­වින් ම ජනතා නියෝ­ජි­ත­යකු බ‍වට මේ වන විට ඉතා පැහැ­දිලි සට­හන් කිහි­ප­යක් තබා ඇත; එමෙන්ම එය ඔප්පු කර හමාර ය. ‍ගත වූ කෙටි කාල සීමාව තුළ ඔහු විසින් මෙරට ජන­තාව වෙනු­වෙන් ජන­තා­වාදී දේශ­පා­ලන ගම­නක් ආරම්භ කළේය. ඒ ‍නව දේශ­පා­ලන ගමන පිළි­බඳ ජාති ආගම් භේද­ය­කින් තොරව ඇති වී ඇති ජනතා ප්‍රසා­දය පිළි­බඳ ව අලු­තින් අටු­අ­ටීකා ලිය­විය යුතු නොවේ. .

වැඩ ඇර­ඹි­මත් සමඟ ජනා­ධි­පති ලේකම් කාර්ය මණ්ඩ­ලය 1000 කින් අඩු කිරි­ම­ටත් සියලු ම රාජ්‍ය උත්ස­වය කෙටි­වේ­ලා­වක් තුළ ඉතා චාම් අයු­රින් පවත්වා නිම­කි­රී­ම­ටත් රාජ්‍ය මුදල් නාස්ති නොවන අයු­රින් උත්සව සංවි­ධා­නය විය යුතු බවට ජනා­ධි­ප­ති­ව­රයා පූ‍ර්වාද­ර්ශය සැපැ­යීය. දැනට 1200ක්වන ජනා­ධි­පති ලේකම් කාර්යය මණ්ඩ­ලයේ නිල­ධා­රීන් ප්‍රමා­ණය 200 දක්වා සීමා කිරී­මට තීර­ණය කිරීම ජනා­ධි­ප­ති­ව­රයා විසින් අදාළ අංශ­ව­ලට උප­දෙස් ලබා දීම ද සුවි­ශේෂි කාර්ය­යකි. අව­වා­ද­යට වඩා ආද­ර්ශය උතුම් බව යන කරුණ පසක් කර­මින් රාජ­කා­රීය ආරම්භ කරන පළමු ගම­නේදි ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට ආර­ක්ෂාව සඳහා යොදා ඇති නිල රථ පෙළ­පා­ලිය වෙනු­වෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නිල රථ පෙළ­පා­ලිය හරවා යව­මින් රථ දෙක­කට පම­ණක් තම ආර­ක්ෂාව සීමා කර­ග­ත්තේය. එමෙන්ම ආර­ක්ෂාව සඳහා යොදා තිබුණ භට පිරිස ද පන­හක් දක්වා සීමා කිරී­මට එතුමා නියෝග කිරීම මෙන්ම; ජන­තාව මහත් අසී­රු­තා­ව­කට පත් කර­මින් ජන­තා­වගේ ඡන්ද­යෙන් ජන­තාව පත්වන නියෝ­ජි­ත­යන් මහා­මා­ර්ගයේ ගමන් කර අව­සන් වන­තෙක් මෙතෙක් කල් මාර්ගය අව­හිර කර මාර්ග බාධක යෙදී­මට ද මින් ඉදි­රි­යට කට­යුතු නොක­රන ලෙස නව ජනා­ධි­ප­ති­ව­රයා විසින් අදාළ ආර­ක්ෂක අංශ­ව­ලට උප­දෙස් දී තිබීම අනෙ­කුත් දේශ­පා­ල­න­ඥ­යන්ට ද පුර්වා­ද­ර්ශ­යක් සැපැ­යීය. ‍

රටේ ජන­තා­වට අහි­මි­වෙ­මින් පැවැති රට, ජාතිය, ආගම, ජාතික ආර­ක්ෂාව සැපැ­යී­මට හැකි එකම නිය­මුවා රටම ඒකාලොක කළේය. ඒ නැවුම් ආලෝ­ක­යෙන් උපන් නෙළුමින් රට ම සුගන්ධවත් වී ඇති සේයා­වකි.

'වැඩ කරන රටක්', 'ජනතා කේන්ද්‍රිය ආර්ථි­ක­යක්' ගොඩ­නැ­ඟීම නිර්භීත ආර­ම්භ­යක් ඔහු සනි­ටු­හන් කර හමාර ය. වසර කිහි­ප­යක් පුරා මේරටේ ජන­තාව පීඩා­වට පත්ව සිටි‍යහ. ජිවත් වීමට තරම් ආර්ථි­ක­යක් නොමැති වීම, බදු බර, විරැ­කි­යාව, තරුණ අස­හ­නය හිස ඔසවා තිබිණි. මේ සියලු කරුණු කාරණා අත­රින් බර­ප­තල ම කරු­ණක් මතු විය. එනම් අන්ත­වා­දය, බෙදු­ම්වා­දය හිස එස­වී­මයි. මේ රටේ ජාතික ආර­ක්ෂා­වට ‍ඍජුවම තර්ජ­න­යක් එල්ල වෙද්දී පාල­ක­යන්ගේ නිහඬ පි‍ළිවෙත මේ රටේ ප්‍රග­ති­ශීලි ජන­තා­වට දරා ගැනී­මට හැකි­වූයේ නැත. රටක් අහිමි වීම සහ ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් පැන නැගීම තුළ මෙරට් මහ ජාතිය එක පෙළට පෙළ ගැසෙ­න්නට විය. ඒකිය රාජ්‍ය සංක­ල්පය රටේ සෛව­රී­ත්වය බිඳ­ව­ට්ට­මින් උතුරු නැගෙ­න­හිර ජාති­වාදි අර­ග­ල­යක් යළිත් හිස ඔස­ව­න්නට කරුණු සම්පා­ද­නය වෙමින් පැවැ­තිණි. මේ රටේ මහ ජාති­යට තමන්ගේ රට සහ රටේ ආර­ක්ෂාව යළි ගොඩ­නැ­ගිය හැකි නාය­ක­ත්ව­යක අව­ශ්‍ය­තාව මතු විය. ඒ අනුව මේ රටේ ඒකිය රාජ්‍ය සංක­ල්පය සුර­ක්ෂිත කරන, ජාතික ආර­ක්ෂාව සැපැ­යී­මට හැකි එකම බල­ක­ඳ­වුර පොදු ජන­පෙ­ර­මුණ සහ එහි ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වන ගෝඨා­භය රාජ­පක්ෂ මහතා බව ජන­තාව ඉත‍ා පැහැ­දි­ලිව දැන සිටි­යහ. ජනා­ධි­පති මැති­ව­රණ ව්‍යාපා­රය පුරා මඩ දේශ­පා­ලන ප්‍රචා­රණ ව්‍යාපා­ර­යක නිර­ත­වන ප්‍රති­වාදී බල කඳ­වුරු විසින් ඔහු අම­රි­කානු පුර­වැ­සි­යකු බවත් ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­යකු නොවන බවත් වරෙක සඳ­හන් කළ අතර සුදු­වෑන් සංස්කෘති‍ය ඔහු පිට පැට­වූ‍යේය. පාස්කු ප්‍රහා­රය ගෝඨා­භ­යගේ සැලැ­සුම් බවත් ආර­ක්ෂක අමා­ත්‍යං­ශ­යෙන් සහ­රාන්ගේ පිරි­සක් වැටුප් ලැබු බවත් පව­ස­මින් ප්‍රති­රූ­පය බිඳ දැමී­මට කට­යුතු කළහ. එමෙන්ම නඩු දාහ­තක් ඔහුට විරු­ද්ධව ගොනු විය. දූෂි­ත­යෙක්, විදේ­ශි­ක­යෙක්, මිනි­ම­රු­වෙක්, දේශ­ද්‍රෝ­හි­යෙක් යන ප්‍රති­රූ­පය ගොඩ­න­ඟ­න්නට ප්‍රති­වාදී පිල කෙතෙක් නම් අසා­ර්ථක උත්සා­හ­යක නිරත වූයේද යත් මේ රටේ සුව­හ­සක් ජන­තාව මැන­වින් දැන සිටි­යහ. අව­සා­නයේ සත්‍ය ජය­ග්‍ර­හ­ණය කළේ ය. හෘදය සාක්ෂි­යෙන්, නිති­යෙන් නිදොස් කොට නිද­හස් වන ඒ උතුම් ජන­තා­වාදී මිනිසා අව­සා­නයේ ජය­ග්‍ර­හ­ණය කළේය. එය ජන­තා­වගේ ජය­ග්‍ර­හ­ණ­යක් වන්නේ ය. මඩ පොස්ටර් කට­වුට් පොලි­ති­න්ව­ලින් තොර සාම­කාමී නිහඬ හඬ දැන් අවදි වී ඇත.

අත්ත­නෝ­ම­තික රාජ්‍ය පාල­න­ය­කින් පසුව පුටින්ගේ නාය­ක­ත්ව­යෙන් 2000 වසරේ දී යළි පණ ගැන්වුණ රුසි­යා­වට කිසිදු විදේ­ශිය බල­වේ­ග­යක් අත නොතැ­බු­වේය. ඒ නාය­කත්යේ ඇති මහා ශක්තිය නිසා­වෙනි.

වි‍දේශිය බල­වේග හමුවේ ගැති­නොවු නිද­හස් නිව­හල් රටක අව­දිය නැවත් එළැඹී ඇත. ශ්‍රිලං­කිය ජාති­යට ද ඒ ජාතියේ බෞද්ධ දේශයේ සහ ඒ මහා සංස්කෘ­තියේ සිහ­නා­දය නැවත අවදි වී ඇත. 'බල සුබ නිමිති පෙර මඟ නැක­ත­ටත් වැඩි' යනු­වෙන් සැළ­ලි­හිණි කවි­යාගේ මඟ වැනුමේ වරෙක සඳ­හන් කළේය. ගතවී ගියේ ඉතා කෙටි දින­කි­හි­ප­යක කාල­යකි. රජයේ මෙන්ම සියලු ආය­ත­න­වල ද මුළු රටේ ම සුබ­නි­මිති ය. නිද­හසේ හුස්ම හෙළී­මට අපට රටක් නැවත ලැබි ඇත. පණ ගැහෙ­මින්, මි‍යැදෙ­මින් යන ජාති­යක් එක්සේ­සත් කර­න්නට ඒ නිහඬ හඬ අවදිවී ඇත. මේ රටේ දේශ­පා­ලන ඉති­හා­සයේ නව පරි­ච්ඡේ­ද­යක් ආරම්භ කර­න්නට ගෝඨා­භය ගම­නය එළැඹි ඇත.

Comments