විශ්‍රාම ගියාට පස්සේ ගමට ගිහින් සමාජ සේවය කර­නවා | සිළුමිණ

විශ්‍රාම ගියාට පස්සේ ගමට ගිහින් සමාජ සේවය කර­නවා

හු වර්ත­මාන මැති­ව­රණ භූමි­කාවේ සිටින ප්‍රධා­න­තම චරි­ත­යයි. එසේම මැති­ව­රණ ක්‍රමය වෙනස් මාන­ය­කට ගෙන එන්නට සමත් වූවෙකි. සාධා­ර­ණ­ත්වය පම­ණක් නොව නීතිය වෙනු­වෙන් නොබියව කට­යුතු කරන ඔහුට ඒ වෙනු­වෙන් ලැබෙන ප්‍රසංශා මෙන්ම ඇණුම් බැණු­ම්ද අප­ම­ණය. මුහුණු පුරා ඇඳෙන සොඳුරු හස­රැ­ල්ලෙන් මේ සියල්ල අකා­මකා දමන ඔහු සමා­ජයේ ලොකු පොඩි කාටත් ආද­ර­ණිය චරිත­යකි. මැකො නමින් කොයි කාගේත් කතා බහට ලක්වන ඔහු හිටපු මැති­ව­රණ කොම­සා­රිස් හා වර්ත­මා­නයේ මැති­ව­රණ කොමිෂන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා ය. ඔහු පසු­ගි­යදා සිළුමිණ සමඟ සුහද සංවා­ද­ය­කට එක්වූයේ මේ ආකා­ර­යෙනි.

 ඔබේ ගෙවී ගිය අතී­ත­ය මුලින්ම සිහි­පත් කළොත්?

මගේ සම්පූර්ණ නම් වඩුගේ වරු­ණ­සිරි මහින්ද දේශ­ප්‍රිය. මා උපන්නේ 1955 ජූනි 06. ගම් ප්‍රදේ­ශය අම්බ­ල­න්ගොඩ. මගේ පියා වඩුගේ පිය­සේන. මව වැල්ලගේ ඇන්ටි­නෝනා. මට සොහො­යු­රන් තිදෙ­නෙක් හා සොහො­යු­රි­යක් ඉන්නවා. අපේ මුල් පදිං­චිය හීන­ටිය. ඉන්ප­සුව තිරා­ණ­ගම. මගේ මවුපි­යන් ගුරු­වරු වූ නිසාම අපේ දෙමා­පි­යන්ට අවශ්‍ය වුණා අපිට හොඳ අධ්‍යා­ප­න­යක් ලබා දෙන්න. ඒ අර­මු­ණින් තමයි අපි අම්බ­ල­න්ගො­ඩට එන්නේ. අම්බ­ල­න්ගොඩ හිරේ­වත්ත ගම්පි­යසේ, හිරේ­වත්ත ගඟ අසල තමයි මගේ නිවෙස පිහිටා තිබුණේ. ඒ ඟග ඉවුරේ ගත වූ ළමා කාලය අද­ටත් මට අශ්වා­ද­යක් ගෙන දෙන්නක්. පාසල් සමයේ මම අති දක්ෂ දරු­වෙක් නෙමෙයි. සාමාන්‍ය ළම­යෙක්. අම්බ­ල­න්ගොඩ ප්‍රජා­පතී ගෝතමී බාලිකා විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලබා ද්විතීයික අධ්‍යා­ප­නය ලබන්න අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝක විදු­හ­ලට ඇතුළු වුණා. විශේ­ෂ­යෙන් කියන්න ඕන මම අද මෙතන ඉන්නේ අම්මයි තාත්තයි ,ගුරු­වරු , සහෝ­දර සහෝ­ද­රි­යොයි පොඩි කාලෙ මගේ එකට හැදුණු යාළු­වොයි නිසා. ඒ මිසක් මට ලැබුණු විශේෂ හැකි­යා­ව­කින් නෙමෙයි.

මහින්ද දේශප්‍රිය මහතා පවුලේ අය සමඟ   (ඡායාරූපය මුහුණුපොතෙනි)

ඔබ ඉංජි­නේරු උපා­ධිය හදා­ර­න්නට සුදු­සු­කම් ලබ­නවා?

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු උපා­ධිය හදා­ර­න්නට සුදු­සු­කම් ලැබු­වත් මගේ හිත ඇදී ගියේ රසා­යන විද්‍යා­වට සහ ගණි­ත­යට. ඒ අනුව පේරා­දෙ­ණිය විශ්වවිද්‍යා­ලයේ විද්‍යා පීඨ­යෙන් විද්‍යා­වේදී උපා­ධිය ලබා­ගත්තා.

විශ්වවිද්‍යාල ජීවි­ත­යේ­දීත් ඔබ ක්‍රියා­කාරී ශිෂ්‍ය සංගම් සාමා­ජි­යෙක්ද?

විශ්වවිද්‍යා­ලයේ දී විද්‍යා­පීඨ ශිෂ්‍ය සංග­මයේ කමිටු සාමා­ජි­ක­යෙක් ලෙසත්, මහා ශිෂ්‍ය සංග­මයේ කාරක සභි­ක­යකු ලෙසත් මාක්ස් ප්‍රනාන්දු ශාලවේ ශාලා සංග­මයේ සභා­ප­ති­ව­ර­යෙකු ලෙසත් කට­යුතු කළා. 1976 නොවැ­ම්බර් ශිෂ්‍ය අර­ගල පැවැති සමයේ පොදු ශිෂ්‍ය ක්‍රියා­කාරී කමි­ටුවේ සම කැඳ­වු­ම්ක­රු­වෙකු ලෙස ක්‍රියා කළා. එදා සිට වෘත්තීය සමිති, සමාජ සේවා ක්‍රියා­කා­රි­ක­යෙකු ලෙස කට­යුතු කර­නවා. එයින් අප­මණ සතු­ටක් ලබ­නවා.

එයින් ලැබුණු ආභා­සය නිසාද ඔබ අද­ටත් නිහ­ඬ­වම සමාජ සේවා කට­යු­තු­වල යෙදෙන්නේ?

සාමාන්‍ය මිනි­සෙකු ලෙස එයට මගේ විශේෂ කැමැ­ත්තක් තියෙ­නවා. ඉගෙන ගන්න කාලෙ ඉඳ­ලම සමාජ සේවා කට­යු­තු­වල යෙදුණා. ඒවා­යින් තමයි මම සතු­ටක් අත්වින්දේ.

ඔබේ පළමු රැකි­යාව ගුරු වෘත්ති­යද?

ඔව්. 1977 සැප්තැ­ම්බර් 05 උපා­ධිය අපේ­ක්ෂක ගුරු­ව­ර­යෙක් විදි­හට මම ධර්මා­ශෝක විදු­හ­ලේම උසස් පෙළ රසා­යන විද්‍යා හා ගණිත ගුරු­ව­ර­යෙක් ලෙස වසර පහක් සේවය කළා. ඉන් පස්සේ 1981 පරි­පා­ලන සේවා විභා­ගයෙන් ලංකාවේ දෙවැනියට සම­ත්වෙලා සහ­කාර මැති­ව­රණ කොම­සා­රි­ස්ව­ර­යෙක් ලෙස මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­යට එක්වුණා. මම ගුරු වෘත්තිය ඉතාම අගය කර­නවා. අද කරන මේ රස්සා­වට වඩා ගුරු වෘත්ති­යට මම වඩාත් කැමැ­තියි.

මේ දින­වල සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ නිතර කතා­බ­හට ලක්වෙ­නවා?

මං ගැන වුව­ම­නා­වට වැඩිය ලිය­න­වාට කිය­ව­න­වාට මම කැමැති නැහැ.

ඔබ දේශ­පා­ල­න­යට අව­තීර්ණ වෙන­වද?

මම දේශ­පා­ල­න­යට එනව නම් එන්න තිබුණේ මීට පෙර. සමාජ මාධ්‍ය­වල එක එක දේවල් යනවා. ඒවා බොරු විකාර. හරි­යට නිකං හිස් බැලු­ම­කට හුලං පුර­වල වගේ. මේ බොළඳ දේවල් තේරුම් ගන්න බැරි මිනි­හෙක් ද මම. දැනට මැති­ව­රණ තිස් දෙක­කට වැඩි ගණ­න­කට මම වැඩ කර තිබෙ­නවා. මගේ පවු­ලම දේශ­පා­ලන පවු­ලක්. මගේ තාත්තා ප්‍රබල දේශ­පා­ල­නික දර්ශ­න­යක් සහි­තව සමාජ මෙහෙ­ව­රක යෙදුණා. කොමි­යු­නිස්ට් පක්ෂයේ පැරණි සාමා­ජි­ක­යෙක්. පසුව චීන කොමි­යු­නිස්ට් පක්ෂ­යට සම්බන්ධ වුණා. ජනතා විමුක්ති පෙර­මුණේ නාය­ක­යින් පියා­ගෙන් උප­දෙස් ලබා ගන්න නිතර අපේ නිවෙ­සට පැමි­ණියා මත­කයි. එනිසා ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට දැන් අව­තීර්ණ වෙන්න මගේ කැමැ­ත්තක් නැහැ. මගේ කැමැත්ත තියෙන්නේ පොදු සමා­ජය සමඟ වැඩ කර­න්නයි. දේශ­පා­ල­නය කියන එක ලොකු බරක්.

මැති­ව­රණ සමයේ දී සමාජ මාධ්‍ය පාල­නය ගැන ඔබ කතා කළා?

සමාජ මාධ්‍ය මෙන් ම පෞද්ග­ලික මාධ්‍ය පාල­නය කරන එක අද මිථ්‍යා­වක්. නමුත් ඡන්දය කියන්නේ ප්‍රකා­ශ­නයේ අයි­තිය. නමුත් ඒ අයි­ති­යට මුවා වෙලා ඡන්දය දීමේ අයි­ති­යට කොප­මණ බල­පෑ­මක් අද වෙන­වද? ඒ නිසා ඒ දෙක අතර මැද තැන­කට එන්න කති­කා­වක් අව­ශ්‍යයි.

වර්ත­මාන සමා­ජය ගැන ඔබේ මතය මොන වගේද?

සමාජ සාධා­ර­ණ­ත්වය මුල් කර­ගෙන ලංකාවේ ජන­තාව වැඩ කරන්න ඕන. හැම­දෙ­නා­ටම සමා­නව සැල­කීම, වාර්ගික හේතු මත සිදු කෙරෙන වෙන­ස්කම්වලට ඉඩ නොදීම, අන්‍ය­යන්ගේ මත ඉව­සීම මේ සිය­ල්ලම එකට එක­තු­වෙලා තිබෙන සහ­ක­ම්ප­නය කියන විෂය ගැන කතා කරන්නේ නැතිව මේ රටේ ආර්ථික සංව­ර්ධ­න­ය­ක්වත්, ජාතික ආර­ක්ෂා­වත් සාක්ෂාත් කර ගන්න බැහැ. එය තමයි මගේ පෞද්ග­ලික මතය.

ඔබ සමා­ජ­යට දෙන්න කැමැති පණි­වි­ඩය?

රජයේ නිල­ධා­රි­යකු ලෙස මම රජයේ සේව­ක­යන්ට වගේම හැම පුර­වැ­සි­ය­කු­ටම කියන්නේ, තමන් අවං­කව වැඩ කරන්න. තමාගේ හෘදය සාක්ෂි­යට එක­ඟව වැඩ කරන්න. අනෙක් අය­ටත් තමන්ට සමා­න­වම දැනෙන බව සිතන්න. මට දැනෙන වේද­නා­වම අනෙක් කෙනා­ටත් දැනෙ­නවා කියලා හිතන්න. ඒ දේ තමයි අපි අද වඩාත් සිතිය යුත්තේ.

ඔබ ආගම දහ­මට සමීප බවයි පෙනෙන්නේ?

මම ශ්‍රී ලංකි­ක­යෙක්. ආගම බෞද්ධ. බුදු­ද­හමේ තිබෙන හර­ය­න්ව­ලට ඉතාම තදින් බැඳුණු කෙනෙක්. එය තමයි මගේ දර්ශ­නය. කිසි විටෙක ප්‍රච­ණ්ඩ­ත්වය හා හිංසා­වට කැමැති කෙනෙක් නෙමෙයි. එයින් අද­හස් වෙන්නේ නැහැ,මසුන් නොමැ­රිය යුතුයි යන මතයේ මම ඉන්නවා කියලා. මොකද මම ධීවර කර්මා­න්තය නඟා සිටු­විය යුතුයි කියන තැන ඉන්න කෙනෙක්. මගේ අම්බ­ල­න්ගොඩ ගමේ බහු­ත­ර­ය­කගේ ජීවන වෘත්තිය ධීවර කර්මා­න්තය. ඒ වගේම දඩා­වතේ යන බල්ලන් බැද දැමිය යුතුයි. මොකද දඩා­වතේ යන බල්ලෙක් හපා කාලා ඉන්ජෙ­ක්ෂන් 21ක් විද­ගත්ත කෙනෙක්.

ඔබ තර­මක් දැඩි තීරණ ගන්නා කෙනෙක් බව පසු­ගිය මැති­ව­ර­ණ­යෙන් පෙණුනා?

සම­හර වෙලා­වට එහෙම ගන්න වෙන අවස්ථා තිබෙ­නවා. තීරණ ගන්න ඕන වෙලා­වට ගත යුතුයි. ඒත් මම මගේ මුළු ජීවිත කාලය පුරා­වට මම කිසිම රජයේ නිල­ධා­රි­යෙක්ගේ වැඩ තහ­නම් කරන ලියු­ම­කට අත්සන් කරලා නැහැ. මම හැම­වි­ටම කියන්නේ වර­දට දඬු­වම කියන එක නෙමෙයි වරද වළක්වා ගැනීම තමයි අපේ ප්‍රති­ප­ත්තිය විය යුත්තේ. විශේ­ෂ­යෙන්ම ජන්ද­යක් කර­නවා කියන එක අභි­යෝ­ගා­ත්මක දෙයක්. එතැ­නදී දැඩි තීරණ ගත යුතුම වෙනවා. ඒවගේ තැන්ව­ලදී ගන්නේ දැඩි තීරණ.

පැවැති මැති­ව­ර­ණය සාර්ථ­කව පැවැ­ත්වීම ගැන ඔබව ජන­තාව අගය කර­නවා?

මෙතැන මම නෙමෙයි වෙන කෙනෙක් හිටි­යත් මේ වැඩේ කර­නවා. මම නැති­නම් මේක කෙරෙන්නේ නැහැ කියලා හිත­නව නම් ඒක වැර­දියි. මම හැම­දා­මත් කියන්නේ කිසිම කෙනෙක් තමන් කරපු දෙයින් ආඩ­ම්බර වෙන්න හොඳ නැහැ කිය­ලයි. තමන්ට ලැබෙන නින්දා, ප්‍රසංශා දෙකම ඒ විදි­හ­ටම විඳින්න ඕන. මට සමා­ජ­යෙන් හොඳයි කිව්වට කොප­මණ නම් දෙනා බණි­න­වද? මාත් එක්ක වැඩ­ක­රපු අය, නිල­ධා­රීන් මට බණි­නවා.

මැති­ව­රණ කොමි­සමේ සභා­පති ධුර­යෙන් ඔබ ඉව­ත්වන බව පව­ස­නවා.?

මම බොහෝ දේවල් අත් හරි­න්නට සූදා­නම් මිනි­හෙක්. දැන් මෙයින් යන්නට ඕන. මම කිව්වා මම සභා­පති ධූරයේ ඉන්නෙ නැහැ කියලා. අයින් වෙනවා කියලා. ඒ වගේම මැති­ව­ර­ණ­යෙන් පසුව කාට­වත් මාධ්‍ය සාකච්ජා දෙන්නේ නැහැ කියලා. නමුත් සිළු­මි­ණට මේ විදි­හට කතා කරන්නේ සභා­පති ධූර­යෙන් ඉව­ත්වී­මට තිබෙන අන්තර් කාලය නිසයි. එහෙම නැතිව මැති­ව­රණ කොමි­සමේ සභා­පති හැටි­යට තිබෙන අධි­කා­රි­ත්වය පාවිච්චි කරලා නෙමෙයි. මම සභා­ප­ති­ක­මෙන් ඉවත් වුණත් කොමි­සමේ සාමා­ජි­ක­යකු විදි­හට ඉන්නවා.

මැති­ව­ර­ණ­වල දි තරුණ නියෝ­ජ­නයේ අඩුව ගැන ඔබ නිතර කතා කළා?

මැති­ව­රණ ව්‍යාපා­රයේ අද තරුණ තරු­ණි­යන් අඩු නිසා තමයි පක්ෂවල අභ්‍ය­න්තර ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නැති­වෙලා තිබෙන්නේ. තරු­ණ­යන්ට දේශ­පා­ල­න­යට අව­තිර්ණ වෙන්න කියලා තමයි මම කියන්නේ. ඒ විදි­හට එන්න තිබුණු අව­ස්ථාව නැති කළා. මොකද 88 -89 කැරැ­ල්ලෙන් පස්සේ ඇති කරපු සංශෝ­ධ­නයේ තිබුණා, පළාත් පාලන ඡන්ද විම­සී­මට සිය­යට 40ක් තරු­ණ­යින්ට ජන්දය දෙන්න කියලා. ඒක 2012 සංශෝ­ධ­න­යෙන් නැති කළා. පසුව අපි සටන් කරලා සිය­යට විස­ප­හක් තරු­ණ­යන්ට අව­ස්ථාව ගත්තත් පාර්ලි­මේන්තු කෙටු­ම්පතේ ඒ කොටස අයින් කරලා තිබුණා.

ඔබේ භාෂා භාවි­තය ගැන කවු­රුත් කතා බහ කර­නවා?

මම මොන භාෂා විශා­ර­ද­යෙක්ද?. විද්‍යාව හැදෑ­රු­වට අපේ ගෙද­රට දින­පතා පත්තරේ ගත්තා. අපි සිංහල ඉගෙන ගත්තේ එයින්. ඒ කාලෙ අපි පත්තරේ මුල සිට අගට කිය­වන්න ඕන. ඒක තමයි ගෙදර තීන්දුව වුණේ. කර්තෘ වාක්‍යයේ සිට පත්ත­රේම කිය­වන්න ඕන. සිංහල කිය­වී­මෙන් ඉගෙන ගත්තා මිසක් මට එහෙ­මට ලොකු­වට සිංහල ලියන්න කියන්න කතා කරන්න පුළු­වන් කමක් නැහැ. ඉංග්‍රීසි සාමාන්‍ය විදි­හට පුළු­වන්. අපි සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ. දෙමළ බැහැ. ඒ ගැන මම කන­ගාටු වෙනවා.

ඔබේ පෞද්ග­ලික දිවිය ගැනත් කතා කරමු?

මගේ බිරිය වෘත්ති­යෙන් ගුරු­ව­රි­යක්. ඇය රමණි ඇතු­ළ­ත්මු­දලි. ඇය මට හමු­වන්නේ ගුරු­වෘ­ත්ති­යේදී. අපිට පුතෙක් සහ දිය­ණි­යක් ඉන්නවා. පුතා ඉංජි­නේ­රු­ව­ර­යෙක්. දිය­ණිය වෛද්‍ය­ව­රි­යක්. ඔවුන් දෙදෙ­නාම විවාහ වෙලා. දෙන්නා­ටම සුර­තල් දිය­ණි­යන් දෙදෙ­නෙක් ඉන්නවා. තව දෙයක් කිව යුතුයි. මගේ බිරි­ඳ­වත් මගේ දරු­ව­න්වත් මහින්ද දේශ­ප්‍රිය කියන නමින් පෙනී සිටින්නේ නැහැ. අපි එකි­නෙ­කාට අපි එකි­නෙ­කා­ගෙන් කිසිම විටෙක බැබ­ළෙන්න අවශ්‍ය නැහැ. අපි හැමෝ­ටම ස්වාධී­න­ත්ව­යක් අන­න්‍ය­තා­ව­යක් තිබෙ­නවා.

ඔබ වෙනස්ම විදි­හට හිතන බව පෙනෙනවා?

අනෙක් අය හිතන විදි­හට නෙමෙයි මම හිතන්නේ. මොකද හැමෝම එක වගේ නොවන නිසා.

මැති­ව­රණ කොම­සා­රිස් වෙන්න හීන­යක් තිබු­ණද?

මම හිතන්නේ මට මේක අහ­ම්බෙන් ලැබුණු දෙයක්. එනිසා මම මෙය විශේ­ෂ­යක් කොට කිසිම විටෙක සල­කන්නේ නැහැ. මම කව­දා­වත් මැති­ව­රණ කොම­සා­රිස් වෙන්න ඕන කියන අද­හ­සින් වැඩ කරපු කෙනෙක් නෙමෙයි. අපි මේ සේව­යට එක් වූ අව­ධියේ අපි හිතන් හිටියේ සේව­යෙන් විශ්‍රාම ගන්න­කොට වැඩිම වුණොත් ගාල්ලෙ අති­රේක දිසා­පති වගේ තන­තු­ර­කට ගිහිල්ලා විශ්‍රාම යන්නයි. කළ­යුතු දේ නිවැ­ර­දිව සිදු කළා විනා ලොකු තන­තුරු ගැන කිසිම විටෙක බලා­පො­රොත්තු තිබුණෙ නැහැ.

මැති­ව­රණ කට­යු­තු­ව­ලදී ඔබ තර­මක් කෝප වූ අව­ස්ථාත් තිබුණා. මාධ්‍ය­වල වාර්තා වුණා. ?

මම කේන්ති ගියාම බණි­නවා. අදාළ නොවන තැන්ව­ලදී බැණලා හිත නරක් වූ අවස්ථා තිබෙ­නවා. විශේ­ෂ­යෙන් අපේ නිල­ධා­රින්ට. මගෙන් සිදු­වන ඒ වරද මඟ හර­වා­ගන්න මම හැම­වි­ටම කට­යුතු කර­නවා.

ඔබට විවේ­ක­යක් නොලැ­බෙන තරම්?

මම හිතන විදි­හට කිසිම කෙනෙ­කුට විවේ­ක­යක් ලැබෙන්නේ නැහැ. සම­හරු කිය­නවා මැරු­ණම විවේ­ක­යක් ලැබෙ­නවා කියලා. ඒත් මැරු­ණම විවේ­ක­යක් ලැබෙන්නේ තමන්ට නෙමෙයි. ඊළ­ඟට ඉප­දෙන කෙනා­ටනෙ.

ගෙවුණු කාලය ගැන ආපසු හැරී බලන විට දැනෙ­න්නේ කුමක්ද?

මම කිසිම විටෙක මා කළ දේවල් ගැන හිත­මින් පශ්ච­ත්තාප වෙන්නේ නැහැ.‍

මේ මැති­ව­ර­ණය මීට වඩා හොඳට කරන්න තිබු­ණද?

ඔබ එහෙම අහ­නව නම් මීට වඩා හොඳට කරන්න තිබු­ණයි කියලයි මට හිතෙන්නේ. කේන්ති ගිය වෙලා­වට බැන්නේ නැත්නම් මීට වඩා හොඳට කරන්න තිබුණා.

ඔබේ අනා­ගත බලා­පො­රො­ත්තුව?

මම මෙයින් විශ්‍රාම ගියාට පසුව මගේ ගමට යන්න ඕන. මගේ සමාජ සේවා කට­යුතු කර­ගෙන යන්න ඕන. අම්බ­ල­න්ගොඩ මගේ යාළු මිතුරො නෑදෑයො එක්ක කල්ගෙ­වන්න ඕන. ඔවුන් සමඟ අත්හැ­රුණු බොහෝ දේ වෙනු­වෙන් කට­යුතු කරන්න ඕන.

ඡායා­රූප - ගයාන් පුෂ්පික

Comments