ලග්න පලාපල (නොවැම්බර් 24 සිට නොවැම්බර් 30 තෙක්) | Page 3 | සිළුමිණ

ලග්න පලාපල (නොවැම්බර් 24 සිට නොවැම්බර් 30 තෙක්)

මේෂ

 දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක්

ලග්නා­ධි­පති කුජ, බුධ, සඳු හතේ ද, රවි 8, ගරු, ශනි, කේතු, සිකුරු 9, රාහු 5 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල දී කිසි­යම් කාර්ය­ශූර බවක් පෙන්නුව ද යම් යම් පසු­ගාමී තත්ත්ව­යන්ට ද ඉඩක් පෙන්වයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවුව ද ඔබට මුදල් ඉතිරි කර­ගැ­නීම අප­හසු වේ. විය­දම් පක්ෂය ඉහළ යා හැකි බැවිනි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. ඉගෙ­නීමේ වඩ­ක­ට­යු­තු­ව­ලට සිය උත්සා­හය මත සාර්ථක ප්‍රති­ඵල ලබයි. උෂ්ණා­ධික රෝග, ලේ දූශ්‍යා­බාධ, තුන­ටිය ආශ්‍රිත පීඩා මතු විය හැක.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

වෘෂභ

මිල මුදල් කට­යුතු කල්ප­නා­වෙන්

ලග්නා­ධි­පති සිකුරු, ගුරු, ශනි, කේතු 8 ද, රවි 7, කුජ, සඳු, බුධ 6, රාහු 2 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී විටෙක ඔබ බලා­පො­රොත්තු නැති අන්ද­මට මුදල් නාස්ති­වීම් පෙන්වයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී වන්න. වෘත්තීය සහ රැකියා කට­යු­තු­ව­ලදී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ඔබට නොලැබේ. එම නිසා කල්ප­නා­කාරී විය යුතුයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ප්‍රවේ­සම් විය යුතුයි. විටෙක බාධා අව­හි­රතා ඉස්මතු කරයි. දරු­වන්ගේ කට­යුතු ගැන අව­ධා­නය යොමු කරන්න. ඉගෙ­නීමේ කට­යුතු කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කරන්න. උද­ර­ගත පීඩා, ලේ දූශ්‍යා­බාධ ආදි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

ආදා­යම් ලැබුණ ද විය­දම අධි­කයි

ලග්නා­ධි­පති බුධ, සඳු, කුජ සමග 5 ද, රවි 6, ගරු, ශනි, කේතු, සිකරු 7, රාහු ලග්නයේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී තම කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා ප්‍රමා­දතා ඉස්මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල දී ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශ­යෙන් එත­රම් ශුභ­දා­යක නොවේ. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ද කල්ප­නා­කාරී වන්න. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කරන්න. අධ්‍යා­පන කට­යු­තු­වල දී යම් යම් පසු­ගාමී තත්ත්ව­යන් උදා වේ. ගම­න්බි­මන් අධික වේ. ශරීර සෞඛ්‍යය ගැන කල්ප­නා­කාරී වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

 

වෘත්තීය සහ රැකි­යාවේ බාධා

ලග්නා­ධි­පති සඳු, කුජ, බුධ 4, රාහු 12, කේතු 6, සිකුරු, ගුරු, ශනි ද, රවි 5 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා කට­යුතු කර­ගෙන යෑමේ දී තමාගේ කට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු වේ. එම නිසා කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුයි. ආදා­යම් ලැබීම එත­රම්ම යහ­පත් නැත. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී විටින් විට සම­ඟි­යට බාධා ඇති වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීම් වැඩ­වල යෙදෙන අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උද­රා­ශ්‍රිත, බඩ­වැල් ආශ්‍රිත රෝග, මුඛ රෝග­ව­ලින් පීඩා ඇති විය හැකිය.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

උත්සා­හය අව­ශ්‍යයි

ලග්නා­ධි­පති රවි 4, ගුරු, ශනි, සිකුරු, කේතු 5, සඳු, කුජ, බුධ 3 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී උත්සා­හය තුළ වැඩ­ක­ට­යුතු සාර්ථක කර ගත හැකිය. එසේම විවිධ කට­යු­තු­ව­ලින් ලාභ ලැබේ.

ආදා­යම් ලැබුණ ද විය­දම් ඉහළ යයි. කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ද ලබයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. වෙහෙස මහන්සි වීමට සිදු වේ.

දරු­වන්ගේ කට­යුතු ගැන අව­ධා­නය යොමු කළ යුතුයි. ඉගෙ­නීම් කටන අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. හදිසි අන­තුරු පීඩා, තුවාල, ලේ දූශ්‍යා­බාධ බල­පායි.

 

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

ඉගෙ­නීමේ යෙදී සිටින අයට යහ­පත්

ලග්නා­ධි­පති බුධ, සඳු, කුජ 2 ය. රවි 3, ගුරු, ශනි, සිකුරු, කේතු 4, රාහු 10 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා කට­යුතු කර­ගෙන යෑමේ දී උත්සා­හය තුළ ක්‍රම­යෙන් දියු­ණු­වක් ලබයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දෙර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. ඉගෙ­නීමේ යෙදී සිටින අයට යහ­පත්ය. අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට ලැබේ. උෂ්ණා­ධික රෝග ඇති කළ හැකිය.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

වෙළෙඳ ව්‍යාපා­ර­ව­ලින් වාසි

ලග්නා­ධි­පති සිකුරු, ගුරු, ශනි, කේතු 3, රාහු 9, රවි 2, සඳු, කුජ, බුධ ලග්නයේ ද ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකියා කට­යු­තු­ව­ලදී තර­මක් සතු­ටින් ද සැහැ­ල්ලු­වෙන් ද කට­යුතු කළ හැකිය. මිල මුදල් ලැබීම ශුභයි.

වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ද යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. ඉගෙ­නීම් කට­යු­තු­වල උන­න්දු­වෙන් යෙදේ. උද­රා­ශ්‍රිත රෝග, ලේ දූශ්‍යා­බාධ බලපෑ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

ගෙද­ර­දොර වැඩ­ක­ට­යුතු කල්ප­නා­වෙන්

ලග්නා­ධි­පති කුජ, සඳු, බුධ 12 ද, රවි ලග්නයේ ද, ගුරු, ශනි, සිකුරු, කේතු 12 ද, රාහු 8 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකියා කට­යු­තු­ව­ලදී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය, උප­කා­රය නිසි­යා­කා­රව ඇති නොවේ. ආර්ථික වශ­යෙන් යහ­පත් වුවත් මුදල් ඉතිරි කර­ගැ­නීම අසී­රුයි. අලා­භ­හානි විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු සම්බ­න්ධ­යෙන් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කරන්න. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාලය වැය වේ. ඉගෙ­නීමේ කට­යු­තු­වල දී උන­න්දුව අව­ශ්‍යයි. අන­තුරු පීඩා, උෂ්ණා­ධික රෝග, වැටීම්, තැළීම් බල­පායි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

 

ධර්ම­යට ළැදියි

ලග්නා­ධි­පති ගරු, ශනි, කේතු ල්නයේය. සස යෝග­යයි. රවි 12, සඳු, කුජ, බුධ 11, රාහු 7 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී තම කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා ඇතත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. වෘත්තීය සහ රැකියා ස්ථාන­වල කළ­ම­නා­ක­ර­ණය කිරීම පහසු වේ. වැඩි ප්‍රසි­ද්ධි­යට කැමැති නැත. ආග­මික අංශ­යට වැඩි නැඹු­රු­වක් ද පෙන්වයි. මිල මුදල් ලැබීම යහ­පත්ය. විය­දම් අධි­කයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට ශුභයි. දරු­වන්ගේ කට­යුතු සාර්ථක වේ. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට යහ­පත්ය. සෙම් පීඩා, උෂ්ණා­ධික රෝග බල­පානු ඇත.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

ගෙද­ර­දොර කට­යුතු යහ­පත්

ලග්නා­ධි­පති ශනි, ගුර, කේතු 12, රාහු 6, රවි, 11, සඳු, කුජ, බුධ 10 ගමන් ගනී. එම කරුණු සියල්ල සම­ස්ත­යක් වශ­යෙන් ගෙන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සුළු බාධා ඇතත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ගෙන දේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ. රුධිර පීඩ­නය, උදර පීඩා­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

 

කුම්භ

මිශ්‍ර­ඵල

ලග්නා­ධි­පති ශනි, ගුරු, කේතු අය­ස්ථා­න­යේය. රවි දිග්බ­ලයි. සඳු, කුජ, බුධ භාග්‍ය­ස්ථා­න­යේය. රාහු 5 ගමන් ගනී. මෙම ග්‍රහ පිහි­ටීම් තුළ යම් යම් බාධා ප්‍රමා­දතා ඉස්මතු වුව ද සිය උත්සා­හය තුළ කිසි­යම් අන්ද­මක සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා රකයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. කිසි­යම් සාර්ථක බවක් ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා එල්ල වේ. තද ලෙස ශරී­ර­යට විඩාව ලැබේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා වඩාත් මහන්සි වීමට සිදු වේ. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක පල ලබයි. ලේ දූශ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝග බලපෑ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන

මිල මුදල් ලැබීම අතින් යහ­පත්

ලග්නා­ධි­පති ගුරු, ශනි, කේතු 10 ය. රවි භාග්‍ය­ස්ථා­න­යේය. සඳු, කුජ, බුධ 8 ද, රාහු 4 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී වඩාත් උන­න්දු­වෙන් වැඩ කරන්න.

බාධා ප්‍රමා­දතා ඉස්මතු වනු ඇත. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුවත් ඔබට විය­දම් පාල­නය කිරීම අසීරු වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා නොක­ළ­හොත් සම­ඟිය සාම­යට බාධා එල්ල විය හැකිය. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීම් කරන අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උද­ර­ගත රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා මතු කළ හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

Comments