රත්න­පු­ර­යට ඩොලර් ගේන්න ජෙම් සිටි සැල­සුම හදන හෙට දවසේ මිනිස්සු | සිළුමිණ

රත්න­පු­ර­යට ඩොලර් ගේන්න ජෙම් සිටි සැල­සුම හදන හෙට දවසේ මිනිස්සු

 

ශ්‍රී ලංකාවේ මතු­වන ඛනිජ සම්පත් වලින් ඉතා අනර්ඝ වන්නේ මැණි­ක්ස­ම්ප­තයි. විවිධ ප්‍රදේ­ශ­වල අඩු වැඩි වශ­යෙන් මැණික් ලැබෙන අතර රත්න­පු­රය ඉන් ප්‍රධාන වේ. අනා­දි­මත් කාල­යක සිට රත්න­පුර ආශ්‍රි­තව මැණික් කර්මා­න්තය පැවත ගෙන ආ බවට සාක්ෂි මැණික් ඉති­හා­ස­යෙන්ම තහ­වුරු වෙයි.

පතල් කර්මා­න්තයේ නියැලි පතල් කම්ක­රු­වන් එදා සිටම සිය ජීවි­කාව මෙම­ගින් සකසා ගෙන ඇත . මුල් කාල­යේදී දේශීය මෙන්ම විදේ­ශි­ක­යන් ද රත්න­පුර පැල්ම­ඩුල්ල, නිවි­ති­ගල, ඇහැ­ලි­ය­ගොඩ ආදී ප්‍රදේ­ශ­වල උදෑ­සන හෝ සවස් යාමයේ දී විශාල පිරි­සක් මැණික් වෙළෙ­ඳාමේ නියැ­ලු­ණහ. විවිධ අව­ස්ථා­වල රාජ්‍ය අනු­ග්‍ර­හය ද මෙකී කර්මා­න්තය ගොඩ නැගීම සඳහා ලැබුණු බව පිළි­ගත යුතුයි. එහෙත් වරින් වර පත්වන බල­ධා­රීන් තම දෘෂ්ටි කෝණ­යන් හා ක්ෂේත්‍රය පිළි­බ­ඳව තම දැනුම මත පිහිටා තීන්දු තීරණ ගැනීම හේතු­වෙන් මැණික් කර්මා­න්ත­යට එත­රම්ම සුබ­සි­ද්ධික් සැල­සුනා ද යන්න ගැට­ලු­වකි .මේ අතර විවිධ පා‍ර්ශ්ව එකි­නෙකා ට අත දිගු කරද්දී ශ්‍රී ලංකා තරුණ මැණික් ව්‍යාපා­රික සංග­මයේ සභා­පති සම්පත් සම­ර­සේ­කර පසු­ගිය දා පළ­කළ අද­හස් රැසක් කර­ළි­යට පැමි­නුණි.

චන්දන පත්ම­කු­මාර

" මම මැණික් කර්මා­න්ත­යට යොමු වී දැනට අවු­රුදු දහ­ය­කට කලින්. මගේ පියා සමග එකතු වී මෙහි ඇති මූලික දැනුම ලබා ගත්තා. මම එදා ඉඳලා ම දැක්කා අපේ තාත්තලා රුපි­ය­ල්ව­ලට මැණික් විකි­ණීම කළත් පිට ඉන්න පිරි­සක් විත­රක් ඩොලර් හම්බ කළා. ලෝකයේ දියුණු වුණ රට­වල් බොහො­ම­යක්ම තම රටේ නිෂ්පා­ද­න­ව­ලට ඒ රටේ පම­ණක් නොවෙයි ලෝක­යේම ගත හැකි ඉහ­ළම මිළ ගැනී­මට අව­ස්ථාව සකසා තිබෙ­නවා. එවිට කිසිම කර්මාන්ත කරු­වෙක් ඒවා හැර යන්නෙ නෑ. මම තාත්තා කර­පු­දේම කළේ නෑ. සාම්ප්‍ර­දා­යික වෙළෙ­න්දෙක් නොවී අලුත් විදි­යට හිතුවා. මැණික් ව්‍යාපා­රික කට­යු­තු­ව­ලට තාක්ෂ­ණය එකතු කළා. මැණික් පිළි­බ­ඳව ලෝකය හැසි­රෙන ආකා­රය ගැන හොයා බැලුවා. රත්න­පුරේ මැණික් ව්‍යාපා­ර­යෙන් දියුණු කිරී­මට අදාළ ව "රත්න­පුර ජෙම් සිටි " ව්‍යාපෘ­තිය ආරම්භ කළා.

චීනයේ යූත් ජෙම්ස් සමග කතා කළා. චීනයේ ඉන්නෙ කෝටි­පති ව්‍යාපා­රි­කයෝ ඇමෙ­රි­කාව, යුරෝ­පය, ඕස්ට්‍රේ­ලි­යාව, දකුණු කොරි­යාව සහ ජපා­නය වැනි රට­ව­වල තිබෙන මැණික් වෙළෙ­ඳ­ප­ලට යාමට දැඩි කැමැ­ත්තක් දක්වන බවයි ඒ අය අපට කිව්වෙ. ලංකා­වට නොපැ­මි­ණී­මට හේතුව විදි­හට කිව්වෙ ලංකාවේ මැණික් වෙළෙ­ද­පලේ විධි­මත් ක්‍රම­වේ­ද­යක් නැති බවයි. ඔවු­නට මැණික් මිළ දී ගැනීමේ දී තත්ව සහ­තික ලබා ගැනීම, විධි­මත් තක්සේරු ක්‍රම­වේ­ද­යක් මෙන්ම රක්ෂණ ආව­ර­ණ­යක් අව­ශ්‍යයි. ඒ නිසා අපි දැන් කරන්නෙ අන්ත­ර්ජා­ලය ඔස්සේ මැණික් අළෙවි කිරී­මයි. නමුත් රුපි­යල් දස­ද­හ­සක් වටිනා මැණික් ගලක් අලෙවි කළොත් අදාළ ගැණු­ම්ක­රුට මැණික් ගල යවා­ගන්න රුපි­යල් හය­ද­හ­සක් විතර විය­දම් කරන්න වෙලා. රක්ෂණ සහ­ති­කය ගන්න රත්න­පුර ඉඳලා කොළඹ යන්නයි, තැපැල් විය­දම් මෙන්ම මැණික් සංස්ථාවේ අත­ර­මැ­දි­යන්ට කප්පම් දෙන්නයි යන විය­ද­මත් මිල වැය වෙනවා. අනෙක ඩොලර් දස­ද­හ­ස­කට අඩු මැණික් තැපැල් මගින් රට යවන්න බෑ. මේවා අපිට මතුව තියෙන ගැටලු.

රටට එන­වි­දේ­ශි­ක­යන් ට මැණික් විකු­ණන්න විදි­හක් නෑ. 2018 වසරේ විදේ­ශි­ක­යන් මිලි­යන දෙකක් ආවත් ඉන් දෙසී­ය­ක­ට­වත් මම මැණික් අලෙවි කර නෑ. රත්න­පුර සංචා­රක මාර්ග­යක් නෙවෙයි. මැණික් ගැනී­ම­ටත් ඒ අය එන්නෙ නෑ.

රත්න­පු­ර­යට ආවත් කීප දෙනෙකු පම­ණයි ඉන්නෙ. ඒ නිසා රත්න­පු­ර­යට ඩොලර් ගේන විධි­මත් ක්‍රම­වේ­ද­යක් හදන්න ඕන. අපි පටන් ගත්ත ජෙම් සිටි වැඩ­ස­ට­හන මගින් දැනට කරන්නෙ අන්ත­ර්ජා­ලය ඔස්සේ මැණික් ගැනුම් කරු­වන් හමු­වී­මයි.

අපි දැනට ගණු­දෙනු කරපු විදේ­ශි­ක­යන් පිළි­බ­ඳව තොර­තුරු අන්ත­ර්ජා­ලයෙ තියෙ­නවා. ඒ ඔස්සේ විශ්වා­සය ගොඩ­න­ගා­ගත් සම්බ­න්ධය මත ලංකා­වට එන විදේ­ශි­ක­යන්ට සබ­ර­ග­මුවේ සුන්දර ස්ථාන, පෞරා­ණික වටි­නා­කම්, පතල් කර්මා­න්තයේ විශේෂ අවස්ථා, තේ කර්මා­න්තය පිළි­බ­ඳ­වත් දැනුම ලබා­ගන්න අව­ස්ථාව සල­ස­නවා.

එත­කොට ඒ හැම තැන­ක­ටම විවිධ මට්ට­මින් ආදා­යම් ලැබෙ­නවා.

රත්න­පු­රයේ සිය­ලුම සංචා­රක ස්ථාන පිළි­බ­ඳව විදේ­ශි­ක­යන් රට තුළට එන්න කලින් හොඳ අව­බෝ­ධ­යක් ලබා දෙනවා. මැණික් ආශ්‍රි­තව ලැබෙන ආදා­ය­මට සමා­න්ත­රව පතල් කම්ක­රු­වන්ට තැඹිලි, පළ­තුරු, මෙන්ම රොටී, වඩේ විකු­ණන අය­ටත් වාසි­යක් සැල­සෙ­නවා.

මේ හරහා අප උත්සාහ කරන්නෙ රත්න­පුර සංචා­රක නග­ර­යක් බවට පත් කිරී­මයි. ජෙම් සිටි ව්‍යාපෘ­තිය සාර්ථක කර ගැනී­මට හැකි වුව­හොත් රත්න­පුර දියුණු වෙයි.

සංචා­රක මග­පෙ­න්ව­න්නන් නුවර වැනි සංචා­රක නගර පම­ණයි සංචා­ර­ක­යන්ට පෙන්වන්නෙ. එක අත­කින් එහි ඇති වැරැ­ද්දක් මම දකින්නේ නෑ. සංචා­ර­ක­යන් කැමති තැන් පෙන්වීම ඔවු­නට පැව­රුණු වග­කීම. අපේ උත්සා­හය රත්න­පුර පිළි­බ­ඳව සංචා­රක ආක­ර්ශ­නය ඇති­වන නව වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මයි . නව මාන­ය­න්ගෙන් අපි මැණික් ව්‍යාපා­රය දෙසත් බැලිය යුතුයි .

අපි ලංකා මැණික් ව්‍යාපා­රි­ක­යන්ගේ සහ පතල් කරු­වන්ගේ මහා සංග­මයේ ප්‍රධාන නිල­ධා­රීන් සම­ගත් මේ පිළි­බ­ඳව කතා කළා. ඔවුන් මෙම ක්‍රමය අනු­මත කළත් ඒකට තාම ප්‍රති­චා­ර­යක දැක්වුයේ නෑ. මැණික් ව්‍යාපා­රි­ක­යන් ගේ දෙවැනි පෙළක් අද නෑ. මැණික් කර්මා­න්තයේ අභි­වෘ­ද්ධි­යට මැණික් ව්‍යාපා­රයේ නියැලි ඉදි­රි­පෙළේ පිරිස වැඩ කර­නව ද කියන එක ගැට­ලු­වක්. ගොඩක් වෙලා­වට අපේ ඉහළ පෙළේ ව්‍යාපා­රික මහ­ත්ව­රුන් කරන්නෙ තමන්ගේ අතේ තියෙන මුදල් යොදා ජන­තා­වගේ සුබ­සා­ධ­නය වෙනු­වෙන් වැඩ කිරී­මයි. ඒක ඉතා හොඳ වැඩක්. දෙලො­ව­ටම පිං සිද්ධ වෙනවා. ඒත් එම­ගින් මැණික් කර්මා­න්ත­යට හෝ එහි අනා­ග­තය ට කිසි­වක් සිදු­වෙන්නේ නැහැ.

අපි ජෙම් සිටි ව්‍යාපෘ­තිය මගින් යෝජනා කරන්නෙ ඊට එහා ගිය දෙයක්. අද රත්න­පුරේ ලැබෙන රළු මැණික් කපා ඔප දැමී­මට බේරු­වල නැත්නම් කොළඹ ගෙනි­යන්න ඕන. අඩු තරමෙ ඒවට සුදුසු දැනු­මක් ඇති අය රත්න­පුරේ නෑ.

එවැනි නව තාක්ෂ­ණය දන්නා තරුණ පිරි­සක් රත්න­පු­ර­යට අව­ශ්‍යයි. දුප්පත් දරු­වන්ට ශිෂ්‍යත්ව දෙන එක හොඳ දෙයක්. ඒවා­යින් කොට­සක් රත්න විද්‍යාව වැනි විෂ­ය­යන් ඉගෙන ගන්නා දරු­වන්ට දුන්නොත් ඒක මැණික් කර්මා­න්ත­යට හොඳ ආයෝ­ජ­න­යක්. මැණික් කර්මා­න්තයේ නියැ­ලෙන පිරි­ස­කට විවිධ භාෂා­වන් කතා කරන්න පුලු­වන් නම් ව්‍යාපා­රික කට­යු­තු­ව­ලට ඉතා පහ­සුයි. ඒවාට මුල් තැනක් දිය යුතුයි.

එහෙම වුනොත් තමාට තනි­යම බිස්නස් කරන්න පුලු­වන්. මැණික් හඳුනා ගැනීමේ උප­ක­රණ, දේශීය හා විදේ­ශීය මුදල් ගණු­දෙනු මෙන්ම ප්‍රධාන කාර­ණා­වක් තමයි ලංකාවේ දී විදේශ මුදල් ලබා ගැනීමේ පහ­සු­කම් සැල­සීම. විදේ­ශි­ක­යන් අපිට මේ ගැන කියලා තියෙ­නවා. මේ දේවල් පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ­හොත් රට තව ගොඩක් දියු­ණු­වට පත් වෙයි.

අපේ තරුණ මැණික් ව්‍යාපා­රික සංග­මයේ දැනට සාමා­ජි­ක­යින් වෙලා ඉන්න උද­විය භාෂා­වන් ප්‍රගුණ කර­නවා. දැනට සංඛ්‍යා­ත්ම­කව හැත්තෑ පහක් ඉක්ම­වලා. තවත් වැඩි­ක­ර­ගැ­නී­මට බලා­පො­රොත්තු වෙනවා. පාසල් දරු­ව­න්ටත් සාමාන්‍ය පෙළට හෝ මැණික් පිළි­බ­ඳව සාමාන්‍ය දැනු­මක් ලබා දීම වැද­ගත්.

ලෝකයේ නව විලා­සිතා ප්‍රව­න­තාව තමා වර්ණ­වත් ගල් පැළ­ඳීම. නමුත් අපි ඒවා කරන්නෙ ඉතා අඩු­වෙන්. චීනයේ මැණික් ව්‍යාපා­රික ස්ථාන ඉතා දියු­ණුයි. ආර­ක්ෂාව ඉහ­ළයි.

එවැනි තැන්ව­ලට ව්‍යාපා­රි­ක­යන් ඇදෙ­නව. ඒ වගේම මැණික් ව්‍යාපා­රික කට­යු­තු­ව­ලට ඔවුන්ගේ අලුත් පර­ම්ප­රාව යොමු­වීම හොඳින් සිද්ධ වෙනවා.

රත්න­පුර පින්බිමේ ලැබෙන මැණි­ක්ව­ලින් නියම ආදා­යම් ලබන්නේ පිට පළා­ත්වල උද­විය. දැන් උඩ­ව­ල­වට එන සංචා­ර­ක­ය­න්අ­පිත් එක්ක ගනු­දෙනු කර­නවා. ඒ අයව සබ­ර­ග­මුවේ සුන්දර ස්ථාන පෙන්වන්න එක්ක යනවා. ඔවුන් එක්ක ගනු­දෙනු කරද්දී ඉතා හොඳ විශ්වා­ස­යක් යහ­පත් හැසි­රීම අත්‍ය­ව­ශ්‍ය­යයි.

ලෝකයේ මැණික් ව්‍යාපා­රික ආයෝ­ජ­ක­යින් මැණික් සඳ­හාම ලංකා­වට ගෙන්වා ගැනී­මයි අපේ ඉල­ක්කය. මැණික් ව්‍යාපා­ර­යෙන් මුදල් උප­යන විදිහ දන්නෙ කී දෙනාද..?. ඒ නිසා අපි රත්න­පුර කේන්ද්‍ර කර­ගෙන දැනට අපේ සංග­මයේ විශ්වා­සය ගොඩ­න­ගා­ගත් පිරිස අන්ත­ර්ජා­ලය හරහා මැණික් වෙළෙ­ඳාම ආරම්භ කරලා තියෙන්නේ. ඒ ඔස්සේ ලංකා­වට පැමි­ණෙන විදේ­ශි­ක­යන්ට උඩ­ව­ලව සහ කහ­වත්ත කේන්ද්‍ර කර­ගෙන පහ­සු­කම් සැල­සීම මේ වෙද්දී සිදු­වෙ­නවා. අනෙක් ප්‍රදේශ වල­ටත් මේ ජෙම් සිටි ව්‍යාපෘ­තිය ප්‍රච­ලිත කිරී­මට පුලු­වන්. එයා­ලගෙ භාෂා­වෙන් අපි කතා කරද්දී ඒ අය හරිම කැම­තියි. සංචා­රක හෝටල්, වාහන, ආහා­ර­පාන, මෙන්ම අපේ රටේ සංස්කෘ­තික උරු­ම­යන් පිළි­බ­ඳව වින්ද­නා­ත්මක අව­ස්ථා­වන් ද ඔවු­නට ලබා­දී­මට කට­යුතු කර­නවා. මේ වන විට මාස­ය­කට සැල­කිය යුතු පිරි­සක් අපේ රටට ගෙන්වන්න අපිට හැකි­යාව ලැබී තිබෙ­නවා .

සංචා­රක මග­පෙ­න්ව­න්නන්ට පවා හොඳ ට සල­කන ක්‍රම­වේ­ද­යක් තියෙන්න ඕන. එත­කොට රත්න­පු­රය ට සංචා­රක පිරිස් කැඳ­වා­ගෙන ඒමට ඔවුන් උනන්දු වේවී. එය සමාන්‍ය ජන ජීවි­තය නගා සිටු­ව­න්නට වැද­ගත්.

ඒ අතර ම මැණික් ගැනීම සඳහා රත්න­පු­ර­යට විදේ­ශි­ක­යන් ගෙන්වා ගැනී­මට අප­හසු වෙන්නෙ නෑ. එවිට රුපි­යල් වෙනු­වට මැණික් අළෙවි කරලා ඩොලර් උප­යන්නෙ පුලු­වන්. ඒ වටා­පි­ටාව ක්‍රම­යෙන් සකස් වෙමින් පව­ති­නවා. ඒ පහ­සු­කම් සැල­සීම පිළි­බ­ඳව රජ­යේත් වග­කි­ව­යුතු ආය­ත­න­ව­ලත් ව්‍යාපා­රයේ යෙදී සිටින ඉදි­රි­පෙළේ පිරි­සත් අව­ධා­නය යොමු කළ යුතුයි .

ලෝකයේ ප්‍රථම මැණික් සාරිය නිර්මා­ණය කළ තරුණ මැණික් ව්‍යාපා­රික කුමා­ර­සිරි රත්නා­යක මහතා අප සමග කතා­වට එක් විය.

ආශ්චර්යා රායි වෙත පිළි­ගැ­න්වී­මට මැණික් ගල් දහස් ගණ­නක් ඔබ්බවා මා විසින් නව­තම සාරි­යක් නිර්මා­ණය කළා. නමුත් එදා රටේ පැවති ආර­ක්ෂක තත්ත්වය මත ඇය ආවේ නෑ. පසුව ජාතික රූප­වා­හි­නිය මගින් මට මුදල් ගෙවා එය මිල දී ගත්තා. රත්න­පු­රයේ ඉප­දිච්ච අපි හැම­දාම මැණික් නිර්මා­ණ­යන් කරන්න වෙහෙස වෙනවා. සබ­ර­ග­මුව සංචා­ර­ක­යි­න්ගෙන් පිරෙන ආක­ර්ශ­නීය පළා­තක් කරන්න අපිට අලුත් යෝජනා තිබෙ­නවා

ජෙම් සිටි ව්‍යාපෘ­තිය හරහා මගේ මීලඟ බලා­පො­රො­ත්තුව භූගත පත­ල­යක් ඇතු­ළත සංචා­රක නවා­තැන් පොලක් සකස් කිරී­මයි. ගැමි පරි­ස­ර­යක සිට මැණික් පත­ල­යක් නැර­ඹීම, පරි­සර හිත­කාමී මැණික් කර්මා­න්තයේ සුවි­ශේ­ෂතා, දේශීය ආහාර ඇතුළු අපූර්ව අත්දැ­කී­මක් විදේ­ශි­ක­යන්ට ලබා දී රටේ ආර්ථික සවි­බ­ල­ක­ර­ණ­යට දායක වීම අපේ බලා⁣පොරො­ත්තු­වයි.

ග්‍රෑන්ඩ් උඩ­ව­ලව හෝට­ලයේ මෙහෙ­යුම් හා මූල්‍ය අධ්‍යක්ෂ චන්දන පත්ම­කු­මාර මහතා අන­තු­රුව කතා­වට එක් විය.

රත්න­පුර වගේම ඒ අවට ප්‍රදේශ ද ලෝකයේ ප්‍රසි­ද්ධි­යට පත්ව ඇත්තේ මැණික් වල­ටයි. මැණික් ගැනී­මට පැමි­ණෙන විදේ­ශි­ක­යන් විශාල පිරි­සක් අපේ හෝට­ලයේ නවා­තැන් ගන්නවා.

ඒ අය අපට කියන්නෙ රත්න­පු­රට ආවම ඔවුන් ට ලැබෙන පහ­සු­කම් ප්‍රමා­ණ­වත් නොවන බවයි. ඒ අනුව අපි කල්පනා කළා මැණික් කර්මා­න්තය හා බැදුණු සංචා­රක කර්මා­න්තය එක්ව මේ ගැට­ලු­වට පිළි­ය­මක් සොයා­ගත යුතුයි කියලා. මැණික් පතල් කැණීම්, මැණික් ගැරීම පිළි­බඳ ආශ්වා­ද­යක් ලබා දීමෙන් සංචා­රක ආක­ර්ශ­නය දිනා ගැනී­මට හැකියි.

එවිට ඔවුන් වැඩි දින ගණ­නක් රට තුළ රැඳී සිටී­මට කැම­තියි. මැණික් ව්‍යාපා­ර­යට සම්බන්ධ නැති කට­යුතු සඳහා රටට පැමි­ණෙන විදේ­ශි­ක­යන් ඒ වෙත යොමු කර ගැනී­මට වැඩ පිළි­වෙ­ලක් ජෙම්සිටි ව්‍යාපෘ­තිය ට ඇතු­ළත් ව තිබෙ­නවා. මේ කට­යුතු සාර්ථක වීමෙන් පාර­ම්ප­රික සංචා­රක සිති­යම වෙනස් කරන්න අපට පුලු­වන්. එවිට රට දියුණු කරන්න විදේශ විනි­මය ලැබීම වර්ධ­නය වේවි.

මැණික් ව්‍යාපා­රික රත්න­පුර නිරෝෂා අබේ­රත්න මිය මෙසේ කීවාය.

ඇත්ත­ටම අද රත්න­පු­රයේ මැණික් කර්මා­න්තය ගැන කිසිම සතු­ටක් නෑ. ලංකාවේ ලැබෙන මැණික් නිවැ­ර­දිව පරී­ක්ෂා­කර ඊට අදාළ ප්‍රමිති සහ­ති­ක­යක් ලබා ගැනී­මත් ගැට­ලු­වක්. රත්න­පුර ජෙම් සිටි ව්‍යාපෘ­තිය කරන්නෙ මේ තත්ත්වය වෙන­සක් දැකලා අලුත් විදි­යට හිතන දකින පසු­බි­මක් ගොඩ­නැ­ගී­ම­ටයි. අද ඇමෙ­රි­කාවේ තිබෙන තාක්ෂ­ණය තායි­ල­න්ත­යේත් තිබෙ­නවා. කොච්චර මැණික් ලැබු­න­ත්අපේ රට කර්මා­න්තය අතින් ඉදි­රි­යට ගමන් කර නැහැ. අපේ රටේ සම­හර මැණික් තත්ත්ව සහ­තික නිකුත් කරන ආය­තන ව්‍යාජ සහ­තික නිකුත් කරලා කර්මා­න්තයේ කීර්තිය විනාශ කර­නවා. මෙහෙ ලැබෙන පලුදු සහිත ගල් හොංකොං රටට ගෙන­ගොස් පලුදු මකලා ස්වභා­වික මැණික් හැටි­යට ප්‍රමිති සහ­තික දාලා විකු­ණ­නලා. ඒවා නිෂ්පා­දන කාර්ය­කට ගත්තාම මක­න­ලද පලු­දු­වීම් නැවත මතු­වෙ­නවා. එවිට අපේ රටේ මැණික් වෙළෙඳ පොළ තුළ අවි­ශ්වා­ස­යක් ගොඩ නැගෙ­නවා. ජෙම් සිටි ව්‍යාපෘ­තිය සාර්ථක කර ගැනී­මට නම් ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­ර­යේත් පහ­සු­කම් වැඩි දියුණු වෙන්න ඕන. හොඳ දැක්මක් දැනු­මක් සහිත නිල­ධා­රීන් ඉන්න ඕන.

රටේත් ජන­තා­ව­ගේත් වාස­නා­වට මේ පින්බර පොළ­වෙන් මතු­වන මැණික් සම්පත නිසි පරිදි පරි­භෝ­ජ­නය කොට රටට ආර්ථි­ක­යට යහ­පත් හෙට දව­සක් තැනීම ජෙම් සිටි ව්‍යාපෘ­තියේ අර­මු­ණයි .ඒ සදහා තරුණ මැණික් ව්‍යාපා­රික මහ­ත්ව­රුන් ගෙන යන මේ අලුත් උත්සා­හය හෙට දව­සට අනගි ආයෝ­ජ­න­යක් වනු ඇත.

Comments