මෙත් සවි­යට සවි­යක් වූ කැලණි සර­සවි සිසුහු | සිළුමිණ

මෙත් සවි­යට සවි­යක් වූ කැලණි සර­සවි සිසුහු

ර­සවි සිසුවා හුදෙක්ම අර­ග­ල­ක­රු­වෙකු පම­ණක්ම වන බව සමා­ජයේ බොහෝ දෙනාගේ මත­යයි. සර­සවි සිසු­වාගේ එයින් ඔබ්බට නිරූ­ප­ණය කරන කදිම සමා­ජ­මය භූමි­කා­වක් පසු­ගි­යදා කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ දකි­න්නට හැකි විය. මෙත් සේවා පද­නමේ පුංචි කැකුළු බල­න්නට සර­සවි සිසුහු ඉකුත් පොහොය දින නෑගම් ගියේ තෑගි භෝග ද රැගෙ­නය.

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­යන අංශයේ විශේ­ෂ­වේදි දෙවන වසර විද්‍යා­ර්ථින් විසින් මෙත් සේවා පද­න­මින් ක්‍රියා­ත්මක කළ මෙම වැඩ­ස­ට­හන යටතේ වැල්ල­වාය හඳ­පා­නා­ගල ප්‍රදේ­ශයේ පිහිටි මන්ද මාන­සික රෝගි තත්ව­ය­න්ගෙන් පෙළෙන අස­රණ දරු­වන් රැක බලා ගැනීමේ මධ්‍ය­ස්ථා­නය වෙත ගියේ උප­කාර කිරී­ම­ටය. දරු­වන්ට අවශ්‍ය ආහාර පාන, ළදරු කිරි­පිටි ඇතුළු ළදරු උප­ක­රණ, සනී­පා­ර­ක්ෂක ද්‍රව්‍ය, රෝද පුටු, ඇවි­දීමේ අත් ආධා­රක, ගෑස් ලිප්, විදුලි උප­ක­රණ ඇතුළු අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය රැස්කොට ඔවුන්ට ප්‍රදා­නය කළහ. ඒ සඳහා ද්‍රව්‍ය සප­යා­ගනු ලැබූයේ ෆේස්බුක් හරහා ලබා­දුන් දැනු­ම්වත් කිරී­මෙනි.

කැල­ණිය ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­යන අංශයේ ආචාර්ය මණ්ඩ­ලය, විශ්ව­වි­ද්‍යාල සිසුහු, කැල­ණිය විශ්ව­වි­ද්‍යාල පරි­ශ්‍රය අවට ගම්වා­සින් සහ තවත් බොහෝ පිරි­ස­කගේ සහය මේ මහඟු මෙහෙ­වර සඳහා හිමි විය. මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ වැල්ල­වාය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ හඳ­පා­නා­ගල ග්‍රාමයේ මෙම මධ්‍ය­ස්ථා­නය ක්‍රියා­ත්මක වන්නේ “මෙත් සේවා පද­නම” යට­තේය. 2012 වර්ෂයේ ජූලි මාසයේ ආරම්භ වූ මෙහි නේවා­සි­කව විශේෂ අව­ශ්‍යතා සහිත පිරිමි දරු­වන් පනස් දෙනෙකු සහ ගැහැනු දරු­වන් හත­ළිස් දෙනෙකු ජීවත් වෙති.

අධි­ක­රණ මඟින් පරි­වාස කාර්යාල මඟින් යොමු කරන ලද දරු දැරි­යන් මෙන්ම බණ්ඩා­ර­වෙල සුජාතා ළමා නිවා­සයේ නේවා­සි­කව සිටින මවු­පි­යන් හැර ගිය මාන­සික රෝගී තත්ත්වයේ පෙළෙන දරු­වන් ද මෙහි කල් ගෙවති.

මෙහි ජීවත් වන බොහෝ පිරි­ස­කට තම කට­යුතු කර ගැනී­මට අප­හ­සුය. එබැ­වින් ඔවුන්ව රැක බලා ගැනී­මට විශාල වෙහෙ­සක් දැරී­මට සිදු වෙයි. මෙම දරු­වන් දැනට රැක­බලා ගන්නේ ප්‍රදේ­ශයේ දාන­ප­ති­යන් විසින් දෙනු ලබන දාන­යන් හා වෙනත් ආධාර මතය.

Comments